දේවශර්මන්-6

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

වේදාධ්‍යයනයෙහි නිරත වීම, පවිත්‍ර ජීවනයක යෙදීම හා ආගමික ක්‍රියාවන්හි දී දැක්වූ චාතූර්ය වැනි කරුණු නිසා චතුර්වර්ණයටම අයත් ජනයාගේ මහත් ගෞරවයට පාත්‍ර වූ දේවශර්මන් නම් බ්‍රාහ්මණයා ප්‍රොෂ්ඨපද මාසයේ දී (භාද්‍ර පද මාසය) ශුකල පඤ්චමිය නො පැවැත් වූයේ එදිනට පිතෲන් වෙනුවෙන් ශ්‍රාද්ධය කිරීමට සිදුව තිබුණ නිසා ය. පෙර දින බමුණන්ට නිමන්ත්‍රණය කර ශ්‍රාද්ධ දිනයේ දී සිය භාර්යාව ලවා අස අට ආකාරයකට බත් පිසවා පීතෘන් පුදා අනතුරුව බමුණන්ට දන් පිළිගැන්වීමට හේ පුරුදුව සිටියේ ය. එක් දිනක් මේ චාරිත්‍ර විධිය පවත්වා සවස් කාලයේ පා දෙවීමේ නිරතව සිටිය දී සුනඛයෙකු හා ගවයෙකු අතර ඇති වූ සංවාදයක් ශ්‍රවණය කරන්නට දේවශර්මන්ට ඉඩ ලැබිණ. ඔවුන්ගේ කථා බහට අනුව ඒ මිය ගිය තම මා පියන් බව වටහා ගත් හේ වශිෂ්ඨ මහර්ෂිවරයාගෙන් “ඔවුන් එසේ ඉපදීමට හේතුව කුමක් දැයි” විමසී ය. ඔහුගේ පියා ශ්‍රාද්ධය යෙදී තිබුණු නිසා ප්‍රොෂ්ඨපද මාසයේ දී ශුකලපච්චමිය නොපැවැත් වූ නිසා ගව යෝනියෙහි උපන් බවත් මෑණියන් ශ්‍රාද්ධ දිනයෙහි දී ඍතුමත්ව අශුද්ධව සිට බමුණන්ට දන් පිළිගැන් වූ නිසා සුනඛව උපන් බවත් පැවසූ ඍෂිවරයා ප්‍රොෂ්ඨපද මාසයේ දී ‘ඍෂිපඤ්චමිය’ පැවැත්වීමෙන් ඔවුන් එම දුර්භාග්‍යයෙන් මුදාගත හැකි බව වැඩි දුරටත් පැවසී ය.

මූලාශ්‍රය

පද්ම පුරාණ 78 වන පරිච්ඡේදය (පද්ම පුරාණ නොකියවීම්) Vettam Mani; Puranic Encyclopaedia; Motilal Banarsidass. Delhi 1984 යන ග්‍රන්ථයේ 212-213 යන පිටුවලින් ලබා ගතිමි.

(කර්තෘ: අඥාතයි)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දේවශර්මන්-6&oldid=5048" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි