ධ්‍රැව

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ප්‍රතඃ සමයෙහි ස්මරණ කටයුතු රජකු හැටියට සලකනු ලබන ධ්‍රැව වූ කලී උත්තානපාද රජුගේ හා සුනීත බිසවගේ පුතෙකි. හෙතෙම මෙතරම් විශේෂ සැලකීමකට භාජනය වූයේ වයස අවුරුදු 5 වන්නටත් මත්තෙන් ඍෂිවරයන්ට පවා අප්‍රාප්‍ය වූ ශ්‍රී විෂ්ණු හා නක්‍ෂත්‍ර මණ්ඩලයෙහි ධ්‍රැව පද ප්‍රාප්තිය හේතු කොට ගෙන ය. අන්තිමේ දී හෙතෙම නක්‍ෂත්‍ර මණ්ඩලයෙහි සප්තර්‍ෂ තාරකාවලට නුදුරුව ධ්‍රැව තාරකා බවට පත්වෙයි.

උත්තාන පාද රජ හට සුරුචි, සුනීති යයි බිසෝවරු දෙදෙනෙක් වූහ. ඔවුන්තුරෙන් සුරුචි බිසවට පමණක් රජුගේ විශේෂ සැලකීම යොමු විය. සුරුචි බිසවගේ පුත්ත උත්තම කුමරුට නියම දරු ප්‍රේමය දැක්වූ අතර සුනීතිගේ පුත් ධ්‍රැවට හෙතෙම නොසලකා හැරියේ ය. ධ්‍රැවට නිතර ම අවමන් කරන සුරුචි බිසව තොමෝ දිනක් තම පුත් උත්තම කුමරුට ඒ රජු ඇවෑමෙන් රජකම දෙන බව ප්‍රකාශ කළා ය. එයින් ඛෙදයට පත් ධ්‍රැව මවගේ උපදෙස් පරිදි ඊශ්වරාරාධනය සඳහා නික්ම ගියේ ය. මේ බව දැන ගත් නාරද තෙමේ ධ්‍රැවගේ අභිමතාර්ථ සංසිද්ධිය සඳහා තම වරද හස්තය ඔහු හිස මත තබා ඔබගේ මවගේ උපදෙස් පරිදි ශ්‍රී හරිගේ කරුණාව ලබා ගැනීම පිණිස යමුනා නදී කූලයෙහි පිහිටි මධු වනය කරා ගොස් ඉන්ද්‍රිය දමනය කරවයි ක්‍රියා ද්වාශාකාරී ගුහා මන්ත්‍රයක් ද දී යන්ට ගියේ ය. මධු වනයට පිවිස ධ්‍රැව ද්වාදශාක්‍ෂරී මන්ත්‍ර ජපකරමින් ඵලාහාර, උදක පාන, වායු වක්‍ෂණ යන මෙයින් යැපෙමින් ශ්‍රී විෂ්ණු ආරාධනය කරන්ට වන. එකල ඔහුගේ වයස අවුරුදු පහක් පමණ විය. සමසකට පසු ශ්‍රී විෂ්ණු ගරුඬ වාහනයෙන් ඔහු ඉදිරිපිට දර්ශනය විය. එකල හෙතෙම නක්‍ෂත්‍ර මණ්ඩලයෙහි අචල සමාන ප්‍රාප්ත කරන ලෙස ශ්‍රී විෂ්ණුගෙන් අයැද සිටියේ ය. ඒ වරය ප්‍රදානය කළ ශ්‍රී විෂ්ණු ඔහු අමතා “උත්තානවාද රජ ඔහු සිංහාසනාරූඪ කර වනයට යන්නේ ය. ඔබ අවුරුදු 36,000ක් රාජ්‍ය කළ පසු නක්‍ෂත්‍ර මණ්ඩලයෙහි අචල ස්ථාන ප්‍රාප්ත කිරීම වන්නේ ය. ඔබ සොයුරු උත්තම වනයේ දී මරුමුවට පත් වන්නේ ය. දුකින් පෙළුණ ඔහුගේ මව වනයේ දේවාලයට ප්‍රවිෂ්ඨ වී නැසී යන්නේ ය. ඔබ නොයෙකුත් යාඥා පවත්වා සියල්ලගේ ගෞරවාදරයට ලක්ව සංසාර මුක්තයට පත්වනු ඇතිය කී ය. ඒ ඇසිල්ලෙහි පාත්‍රා පූජා පැවැත්වූ ධ්‍රැව ඉන් නික්ම සිය නගරය කරා ගියේ ය. එහි දී ශ්‍රී විෂ්ණු ප්‍රකාශ කළ සියල්ල එසේ ම සිදු විය. අවුරුදු 36,000ක් රාජ්‍ය කිරීමෙන් පසු ධ්‍රැව තම පුත් වත්සරට රාජ්‍ය පවරා ධදරිකාශ්‍රමයට ගියේ ය. එහි සැපත් වූ විධානයකින් ඔහු ධ්‍රැව පදය කරා ගියේ ධ්‍රැව තාරකාව නමින් ප්‍රසිද්ධ විය.

(කර්තෘ: ඩී.ආර්. සෙනෙවිරත්න)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ධ්‍රැව&oldid=5285" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි