ධුතාඞග

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ධුතාඞග

ඒ ඒ පාංශුකූලාදී අඞගයන්ගේ සමාදානයෙන් නසන ලද කෙලෙස් ඇති හෙයින් හෝ නැසූ කෙලෙසුන් ඇති භික්ෂුවගේ අඞගනුයි හෝ කෙලෙස් කම්පා කිරීමෙන් ‘ධුත’ යයි නම් ලද ඥාන, සධම්‍යාන අඞගය මොවුන්ට ඇත්නුයි ‘ධුතාඞග’ නම් වේ.

නොහොත්, ධුත වුන්නුන් ඔහු ම ය. ප්‍රතිපක්ෂයන් නසන ශීලාදී සම්පත් ප්‍රතිපත්තියට අඞග වූවානුත් ඔහුමනුයි ‘ධුතාඞග’ නම් වෙත්.

මේ සියලු ධුතාඞගයෝ ම සමාදාන චේතනාව ලක්ෂණ කොට ඇත්තාහ. සමාදාන චේතනාවම ‘ධුතාඞග’ නමැයි සේයි. මේ සියල්ල ම ලොල්බව නැසීම කෘත්‍ය කොට ඇත්තාහ.

ලොල්බවක් නැති බව වැටහීම කොට ඇත්තාහ. අල්පේච්ඡ භාවාදී පරිශුද්ධ ශීලාදී ධර්‍මයන් ආසන්න කාරණා කොට පවත්නාහ.

ධුතාඞග ප්‍රභේද - 1. පංසුකුලිකඞගය, 2. තෙපිවරිකඞගය, 3. පිණ්ඩපාතිකඞගය, 4. සපදාන වාරිකාඞගය, 5. එකාසනිකඞගය, 6. පන්තපිණ්ඩිකාඞගය, 7. බලු පවාරා භත්තිකාඞගය, 8. ආරඤඤිකඞගය, 9. රූකඩ මූලිකඞගය, 10. අබෙහාහකාසිකඞගය, 11. සොසානිකඞගය 12. යථාසතිථිකඞගය 13. නෙසජජිකඞග යි තොළොසෙක් වේ.

1. පංසුකුලිකඞගය - වීථි, සොහොන්, කසල ගොඩ ආදී තන්හි පස් මතුයෙහි සිටි හෙයින් හෝ උස්ව සිටිනා හෙයින් ඒ පාංශුවෙහි ඉවුරු බඳුනුයි ‘පාංශුකූල නම් වේ. නොහොත් පාංශුවක් මෙන් නැසෙන බවට සේනුයි’ පාංශුර්‍කල නම් - (ඉවත ලූ රෙදි කැබලි ආදියයි) එබඳු රෙදි කැබලිවලින් තනාගත් සිවුරක් දැරීම අඞගකොට ඇත්තේ ‘පාංශුකූලිකඞග’ නම් වේ.

2. තෙපිවරිකඞගය - සඟළ සිවුර, උතුරු සළුව හා අඳනය යන තුන් සිවුර පමණක් දැරීම අඞග කොට ඇත්තේ ‘තෙපිවරිකඞග’ නමි.

3. පිණ්ඩපාතිකඞගය - භික්‍ෂා සඞඛ්‍යාන ආමිෂ පිණ්ඩයන්ගේ පාතය ‘පිණ්ඩ පාත’ නමි. අනුන් විසින් දෙනු ලබන පිඬුව ඒ ඒ කැලයන් වෙත ගොස් සොයාගනුයි ‘පිණ්ඩපාතික’ නම් වෙයි. එයින් අඞග කොට ඇත්තේ ‘පිණ්ඩපාතිකඩන’ යයි කියනු ලැබේ.

4. සපදාන වාරිකාඞගය - ගෙ පිළිවෙළින් ගොස් පිඬු සිඟීම අඞග කොට ඇත්තේ ‘සපදාන වාරිකාඞගය’ නම් වෙයි.

5. එකාසනිකඞගය - එක් අස්නෙක හිඳ වැළඳීම ප්‍රකෘති ප්‍රකෘතියට කොට ඇත්තේ එකාසනිකයි. ඔහුගේ අඞගය ‘එකාසනිකඞගය’ නම් වෙයි.

6. පන්තපිණ්ඩිකාඞගය - දෙවැනි භාජනයක් නොගෙන එකම පාත්‍රයෙහි ලද පිණ්ඩය අනුභව කිරීම අඞග කොට ඇත්තේ ‘පන්තපිණ්ඩිකාඞගය’ නම් වෙයි.

7. බලු පවාරා භත්තිකාඞගය - ප්‍රථම පාවාරනය ලැබුවකු විසින් පසුව ලද බන ‘පවජානත්ත’ නම් වේ. ඒ පසුව ලද බත ‘පවජා නහත භොජන’ නමි. පවජනන්ත භොජනය ප්‍රකෘති කොට ඇත්තේ පවාරා භත්තිකාඞගය නම් වෙයි. ඕ පවාරා භත්තිකාඞගයභොජනය නොකරන සුළු වූයේ ‘බලු පවාරා භත්තිකාඞගය’ යයි කියනු ලැබේ. අතිරේක භෝජනයෙන් වැළකුණේ යයි සේයි. ‘බලු’ නම් එක් පක්‍ෂියෙකි. ඌ මුඛයෙන් ගත් ඵලයක් ගෙන එය වැටුණ කල්හි නැවත අනිකක් නොකන්නේ ය. මේ තැනැත්තන් එබඳු අයයි. ‘බලු පවාරා භත්තිකාඞගය’ නම් ඔහුගේ අඞගය ‘බලු පවාරා භත්තිකාඞගය’යි කියනු ලැබේ.

8. ආරඤඤිකඞග - අරණ්‍යයෙහිම වසන්නෝ අරණ්‍යකඞගය ය.

9. රූකඩ මූලිකඞගය - රුක්මුලකම වසන සුළු වූයේ රූකඩ මූලිකඞගය’

10. අමෙහාහකාසිකඞගය - අභ්‍යවකාශයෙහි - (රුක්මුල ද, සියලු හිදනයන් ද හැර) අහසම වියන් කොට වසන්නා සේ අඞගය ‘අමෙහාහකාසිකඞගය’ නම් වෙයි.

11. සොසානිකඞගය - සුසානයෙහි ම විසීම සොසානිකයි. ඔහුගේ අඞගය ‘සොසානිකඞගය’ කියනු ලැබේ.

12. යථාසතිථිකඞගය - පනවන ලද අයුරින් ම පැවති සෙනාසනය ‘යථාසන්ථති’ නම් වේ. පළමුව දක්වන ලද සෙනසුනට මේ නමෙකි. එබඳු සෙනසුනෙහි විසීම ස්වභාව කොට ඇත්තේ ‘යථාසතිථිකඞගය’ නම් වෙයි.

13. නෙසජජිකඞග - සයනය - (වැදහෙව නිදීම) ප්‍රතික්‍ෂේප කොට ඉතිරි ඉරියව්වලින් පමණක් විසීම ලක්ෂණ කොට ඇත්තේ ‘නෙසජ්ජික’ ය නම් වේ. ඔහුගේ අඞගය ‘නෙසජජිකඞග’ නමයි කියනු ලැබේ.

ධුතිධන පිළිබඳ විනිශ්චය ඉතා විශාල ය. විශුද්ධි මාර්‍ගයෙහි ඔවුන් - අර්‍ථ, ලක්ෂණ, සමාදාන, විධාන, විභාග, භෙද, ආනසංස, කුසල ස්ක, අතවාද, ධනධර්‍ම, ධුතාඞග, ඍක්ෂාව හා විස්තර වශයෙන් දත යුතු බව දක්වන ලද්දේ ය.

(විශුද්ධි මාර්‍ගයෙහි ධුතාඞග නිර්දේශය බලන්න).

(කර්තෘ: කෝදාගොඩ ඤාණා‍ලෝක හිමි: 1956)

(සංස්කරණය නොකළ)

ධුතාඞග

විශිෂ්ට ශීල පාරිශුද්ධිය සඳහා පිරිය යුතු බුද්ධාදි ආර්‍ය්‍යයන්ගේ ප්‍රවේණියට අයත් චීවර, පිණ්ඩපාත, සේනාසන යන විෂයයෙහි පවත්නා ඉතරීතර සනෙතාෂ, යථාලාභ සනෙනෂාදි ගුණ දහම් මුහුකුරුවන වස් විශෙෂයක් ‘ධුතාඞඟ නමින් හඳුන්වනු ලැබේ.

මේ වස් සමාදානයෙන් සනස ලද ප්‍රතිපක්‍ෂ කෙලෙස් ඇති හෝ නැසූ කෙලෙසුන් ඇති ආර්‍ය්‍ය පුද්ලගයකුගේ දිවි පැවැත්මට අයත් අධානුයි හෝ කෙළස් කම්පා කර ලන හෙයින් ‘ධ්‍යාන යන විශේෂ අන්වර්‍ථ නාමයකින් යුත් මොවූහු තෙළෙස් දෙනෙක් වෙත්.

මේ සියලු ධුතාඞගයන් සේම සමාදාන චේතනාව මෙන්ම පරිහරණ චේතනාවද ‘ධුතාඞග’ නම් වන්නේ ය.

භාග්‍යවතුන් වහන්සේ විසින් දරන ලද ලාභ සංකාරාදිය ඇති කාය - ජීවිත දෙකේහි නිරපේක්ෂ වූ, විදර්‍ශනා භාවනා සඞඛ්‍යාත පිළිවෙත් ම පුරනු කැමති වූ අචාරශීලී කුලපුත්‍රයන් සඳහාම මේ ධුතාඞගයෝ අනුදක්තා ලදහ.

ධුතාඞග ප්‍රභේද

1. පංසුකුලිකඞගය, 2. තෙපිවරිකඞගය, 3. පිණ්ඩපාතිකඞගය, 4. සපදාන වාරිකාඞගය, 5. එකාසනිකඞගය, 6. පන්තපිණ්ඩිකාඞගය, 7. බලු පවාරා භත්තිකාඞගය, 8. ආරඤඤිකඞගය, 9. රූකඩ මූලිකඞගය, 10. අබෙහාහකාසිකඞගය, 11. සොසානිකඞගය 12. යථාසතිථිකඞගය 13. නෙසජජිකඞග යි තොළොසෙක් වේ.

1. වීථි, සොහොන්, කසල ගොඩ ආදී තන්හි මිනිසුන් විසින් නිරපේක්ෂවැ ඉවත ලූ රෙදි කැබලි අවුෂද ගෙන එයින් තනාගත් සිවුර පාංශුකූල, චීවර නමි. එබදු සිවුරක් දැරීම අඞග කොට ඇත්තේ ‘පංසුකූලිකඞග’ නම් වේ.

2. සඟළ සිවුර තනපට සිවුර හා අඳනය යන තුන් සිවුර පමණක් දැරීම ලක්ෂණ කොට ඇත්තේ ‘තෙපිවරිකඞග’ නමි.

3. භික්‍ෂා සඞඛ්‍යාන ආමිෂ පිණ්ඩයන්ගේ පාතය ‘පිණ්ඩ පාත’ නමි. මෙසේ අනුන් විසින් දෙනු ලබන පිඬුව ඒ ඒ කැලයන් වෙත ගොස් සොයාගනුයි ‘පිණ්ඩපාතික’ නම් වෙයි. එයින් ලක්‍ෂිත වනුයේ ‘පිණ්ඩපාතිකඩන’ යයි කියනු ලැබේ.

4. ගෙ පිළිවෙළින් ගොස් පිඬු සිඟීම ලක්ෂණ කොට ඇත්තේ ‘සපදාන වාරිකාඞගය’ නම් වෙයි.

5. එක් අස්නෙක හිඳ වැළඳීම අඞගකොට ඇත්තේ ‘එකාසනිකඞගය’ නම් වේ.

6. දෙවැනි බඳුනක් නොගෙන එකම බඳුනෙහි ලද පිණ්ඩය අනුභව කිරීම ලක්ෂණ කොට ඇත්තේ ‘පන්තපිණ්ඩිකාඞගය’ නම් බවයි.

7. ප්‍රථම පැවරීම ලැබුවක් විසින් පසුව ලද බන ‘පවජානත්ත’ නම් වේ. ඒ බන වැළඳීම ‘පවජා නහත භොජන’ නම් වේ. ඒ පවජනන්ත භොජනය ප්‍රකෘති කොට ඇත්තේ පමණ, භාතික යාය, එබඳු භොජනයක් නොකරන සුළු වූයේ ‘බලු පවාරා භත්තිකාඞගය’ යයි කියනු ලැබේ. අතිරේක භෝජනයෙන් වැළකුණේ යයි සේයි. තව ද, ‘බලු’ නම් එක් පක්‍ෂියෙකි. ඌ මුඛයෙන් ගත් ඵලයක් වැටුණොත් නැවත අන් ඵලයක් නොගනී. මොහුන් එබඳු අයි. ‘බලු පවාරා භත්තිකාඞගය’ නම් ඔහුගේ අඞගය ‘බලු පවජා’ භගජ කම්පා නම් වේ.

8. අරජයෙන්ම විඩීම ලක්ෂණ කොට අන්නනු යේ අඞගය ‘ආරඤඤිකඞග’ නමි.

9.රුක්මුලකම වසන සුළුවූයේ රූකඩ මුලකය. ඔහුගේ අඞගය ‘රූකඩ මූලිකඞගය’ නමි.

10. අභ්‍යවකාශයෙහි - රුක්මුල ද සියලු සෙනසුන් හැර අහසම වියන් කොට වසන්නාගේ අඞගය ‘බෙහාහකාසිකඞගය’ නම් වෙයි.

11. සුසානයෙහි ම විසීම සොසානිකයි. ඔහුගේ අඞගය ‘සොසානිකඞගය’නම් වේ.

12. පනවන ලද අයුරින් ම පැවති සෙනාසනය ‘යථාසන්ථති’ නම් වේ. පළමුව දක්වන ලද සෙනසුනට මේ නමෙකි. එබඳු සෙනසුනෙහි විසීම ලක්ෂණ කොට ඇත්තේ ‘යථාසතිථිකඞගය’ නම් වෙයි.

13. ශයනය - වැදහෙව නිදීම, ප්‍රතික්‍ෂේප කොට ඉතිරි ඉරියව්වලින් පමණක් විසීම ලක්ෂණ කොට ඇත්තේ ‘නෙසජ්ජික’ ය. ඔහුගේ අඞගය ‘නෙසජජිකඞග’ කියනු ලැබේ.

මෙතැන් සිට, මේ එක් එක් අඞගයක් පිළිබඳ සමාදාන, විධාන, ප්‍රභේද, බෙද හා ආනිසංසයන් දෙක සැකෙවින් දක්වනු ලැබේ.

සමාදානය

මේ සියලු ධුතාංගයන් ම බුදුරදුන් ජීවමාන කල්හි උන්වහන්සේ සමීපයෙහිම සමාදන් විය යුතුය. උන්වහන්සේ පිරිනිවී කල්හි මහා ශ්‍රාවක නමකගේ ඉදිරියෙහි සමාදන් විය යුතුය. මේ වියතරය දෙනා දිගය, මේ සඳහා උඩන් පිරිසෙයින් බුදුරජාණන් වහන්සේ ද යටත් පිරිසෙයින් ධුතාඞගධරයාද ගත යුතු ය. එබඳු කෙනෙකුන් නැති කල්හි චෛ්‍ය අi නය හැමද උනකුටිකයෙන් හිඳ බුදුරදුන් ඉදිරියෙහි කියන්නාක් මෙන් තමන් විසින් ම සමාදන් විය යුත්තේ ය. මෙය හැම අඞගයකටම පොදු ය.

1. පංසුකුලිකඞගය සමාදන් වන්නහු විසින් “ගහපති චීවරං පටිකච්ඡාමි” ගෘහපති චීවරය ප්‍රතික්ෂේප කරමි” පංසුකුලිකඞගං සමාදියාමි” පාංශුකුලිකඞගය සමාදන් වෙමියි. මේ වැකි දෙකින් එක්තරා එකකින් සමාදන් විය යුතුය. අනතුරුව, ඔහු විසින් සොහොනෙහි දැමූ පිළිය පටන් මුහුදු රළින් හෙඩ දැමූ පිළිය අවසන් කොට ඇති තෙවිසි ක්‍රමයකින් ලබන ලද රෙදි කැබලිවලින් යමක් ගෙන පලා අම්ලකය හැර සවි ඇති තැන් ගෙන සෝදා එයින් සිවුරක් තනා ගෙන පරණ වූ ගෘහපති චීවරය ඉවත් කොට එය පරිභොගයට ගත යුතුය. වියාර දහමින් දතයුතු ය.

ප්‍රභේද

උක්කටඨය, මජක්‍ධිමය, මුදුක යයි පාංශූකුලිකයෝ තිදෙනෙක් වෙයි. සොහොනෙහි හැර දැමූ වියත්‍රය පමණක් ගන්නේ උතකංෂටයාය “පැවිද්දෝ මෙය ගනිත්වාය” මිනිසුන් විසින් නමන ලද වස්ත්‍ර ගන්නන් මධ්‍යමයාය. මහනක්හු විසින් පාද මුලයෙහි හෙළා ලන ලද වස්ත්‍ර ගන්නේ ‘මෘදුකයාය’.

භේදය

මේ තිදෙනාගේ ම ධුතාඞගය ගෘහපති විවරය ඉටුවිය කොණහිම බිදේ. එබදු විවරය අන් කෙනෙකුට දෙමියි ගන්නහුව ධුතාඞග භේදවක් නොවේ.

ආනිසංස

විවර පිළිබඳ ඉතරීතර පක්ෂාදිය වැඩීම. ශාසනලොමික පැවැතුම් අද මෙහි අනුසස්ය.

2. තෙචීවරිකඞගය - සමාදන් වන්නහු විසින් “චතුථ්ක චීවරං පටිකච්ඡාමි, සතර වන සිවුර ප්‍රතික්ෂේප කරමි. “තෙවීචරිකඞගං සමාදියාමි”, තෙවීවරිකඞගය සමාදන් වෙමියි. මෙයින් එක්තරා වැකියකින් සමාදන් විය යුතුය. විධානය

මොහු විසින් ඒ සිවුරු පිළිය, සිවුරක් කිරීමට ඇති යම්කිසි අපහසුවක් නිසා එය සකස් කරගන්නා තුරු තැනෙක බහා තැබීම වරදක් නොවේ. එහෙත්, සිවුර සකස් කොට රඤජනය කළ පසු බහා තැබීම නොකළ යතුය. එසේ කරන්නා ‘ධතඞග වොර’ නම් වෙයි.

ප්‍රභේද

මෙහිදු උක්කටඨ, මජක්‍ධිම, මුදුක වශයෙන් භෙදනුයක් වේ. උතකෘෂ්ට යා විසින් සිවුරු රඳනා කල්හි පළමුව අන්තර වාසකිය හෝ උත්තරාසඞගය රක්ෂණය කොට එය හැඳගෙන අනික රැඳිය යුතුය. එය පොරවා ගෙන සඟළ සිවුර රැදිය යුතුය. සඟල සිවුර හැඳීම නුසුදුසු වේ. (මේ ගමෙහි වසන්නාගේ වතයි.) ආරණ්‍යකයා විසින් දෙක එකවිටම දෙවා රඳන්නට වටනේය. එහෙත්, යම් කිසිවකු දැක, සිවුර ඇද පොරවා ගන්නට හැකිවන ලෙස ඒ ළඟම සිටිය යුතු ය. මධ්‍යමයා විසින් රඳන ගෙයි ඇති “රඳන සිවුරක්” හැඳගෙන පොරවා ගෙන රඳන් කර්‍මය කළ හැකි වෙයි. මෘදුකයා විසින් සහවාසී භික්ෂුවකගේ සිවුරු හැඳ හෝ පොරවා ගෙන රඳන් කර්‍ම කිරීමට හැකි වෙයි. නෙචීවරකයා විසින් පළලින් වියතක් වුද දිගින් තෙරියනක් වූ ද ‘අංශකඩයක්’ දැරිය හැකිය.

භෙදය

මේ තුන්දෙනාටම, දැරීම සඳහා භාරවන සිවුරක් ඉවසූ කෙණෙහි ධුතාදන භෙදය වන්නේ ය.

ආනිසංස

යථාලාභ යනෙනාෂය, සැහැල්ලු පැවත්ම හා අලෙවි වන්නා දිය අනුසස් වේ.

3. පිණ්ඩපාතිකඞගය පුරන්නකු විසින් “අතිරේක ලාභං පටිකච්ඡාමි, අතිරේක ලාභය ප්‍රතික්‍ෂේප කරමි, “පිණ්ඩ වානිකඞගං සමාදියාමි, පිණ්ඩපාතිකඞගය සමාදන් වෙමි යි. එක්තරා වැකියකින් සමාදන් විය යුතුය.

විධාන

ඔහු විසින් සඞඝ භනත, උදෙදස භන්තාදි තුදුස් අයුරකින් ලැබෙන බන අත්හැරිය යුතුය. මිනිසුන් විසින් ගෙයි සඞගයා භික්ෂාව ගනිත” ඔබත් එය ඉවසනු මැනවයි දෙන ලද බත් ද, සඞඝාගෙන් ලද නිරාමිෂ සලකා බන ද, උපාසකාදීන් විසින් විහාරයෙහි ම පිස දෙන ලද බත ද ඔහුට සුදුසුය.

ප්‍රභේද

මෙහිදු ත්‍රිවිධ භේදයෙක් ඇත. ඔවුන් අතුරෙන් උත්කෘෂටයා ඉදිරියෙන් ද, පස්සෙන් ද ගෙනා භික්ෂාව ගනී. එළඹියා වූ ගෙදර සිට පාත්‍රය ගන්නන්ට ද පාත්‍රය දේ. බොජුන් හලට පාත්‍රය ගෙන ගොස් දන් බතද ගනී. “ස්වාමීනි වෙහෙරෙහි වැඩ තිබුනු භාව ‘අපි අහර දෙමු” යයි කිවහොත් එය නොපිළිගනී. මධ්‍යමයා දවසක් සිට ද ආහාරය ගනී. එහෙත් පසුවදාට නොඉවසයි. මෘදුකයා සෙටද, විය ද, අනික් දවසක් පිණිස ද භික්ෂාව ඉවසයි.

භේදය

මේ තුන්දෙනාටම ද සඞඝ යනාදිය ඉවිසු කල්හි ධුතාඞඟය බිඳේ. අනිසංස ආදිය පෙරසේ මැයි.

4. සපදාන වාරිකඞගය රක්තහු විසින් “ලොලු ප්පවාරං පටිකච්ඡාමි” ලොලුප්පවාරය ප්‍රතික්‍ෂේප කරමි. “සපදාන වාරිකඞගං සමාදියාමි” සපාදන වාරිකඞගය සමාදන් වෙමියි, මෙයින් එක් ක්‍රමයකින් සමාදන් විය යුතු ය.

විධානය

මොහු විසින් පිඬු සිඟීම මට පළමුව ගමෙහි හෝ වීදියෙහි හෝ පවතිනා උවදුරු ආදිය සලකා බැලිය යුතුය. උවදුරු ඇතහොත් වෙනතක යා යුතු ය. යම් විදියෙක හෝ ගමෙක තැන් දවසක් සිඟා ගොස් යමක් නොලබන ලද නම් එහි ‘අගාම සංඥාවෙන් වෙන තැනකට යා යුතු ය. වෙන තැනෙකට යමක් ලබන්නෙමියි නොයා යුතු ය. යම් තැනෙක යම් කිසිවෙක් ලැබේ නම් එය නොහැරිය යුතුය. කල් ඇතිව ගම් වැදිය යුතුය. වෙහෙරෙහි දන් දෙන මිනිස්සු දැක පිණ්ඩපාතය දෙත්නම් එය ගැනුම වටී. පැමිණි ගම නොඉක්ම මදක් ලැබ හෝ නොලැබ ගම් පිළිවෙලින් හැසිරිය යුතු ය.

ප්‍රභේද

උනකංෂටයා වනාහි අවටින් ගෙනා මන් නොගෙන ඉදිරියෙහි හමු වූ ගෙදර දීම ලද ආහාරය ගනී. මධ්‍යම යම් අවධියේ ගෙනා අහර ගනී. භික්ෂාව බලාපොරොත්තුවෙන් නොහිදී. මෘදුකයා ආරාධිත දවස ගැන බලාපොරොත්තු හිදී.

භෙදය

ලොලුචාරය උපන් කෙණෙහි මේ තුන්දෙනාගේ ම ධුතාංගය බිඳේ. කලනවකත්වය කුලමසුරුකම් දුරලීම ද අනුසස් ය.

5. එකාසනිකඞගය සමාදන් වන්නනු විසින්, “නානාසන භොජනං පටිකාච්ඡාමි” වෙන වෙන අසුන්හි හිද කරනා භොජනය ප්‍රතික්‍ෂෙප කරමි. “එකාසනිකඞගං සමාදියාමි” එකාසන්කඞගය සමාදන් වෙමියි. මෙයින් එක්තරා වැකියකින් සමාදන් විය යුතු ය.

විධානය

ඔහු විසින් ආසන ශාලායෙහි හිඳගන්නා කල්හි ථෙරාසනයෙහි නොහිඳ මේ අස්න මට පැමිණෙන්නේ යයි සලකා සුදුසු අස්නෙක හිඳගත යුතු ය. එසේ නොවුවහොත් ගුරු වංධාදීන් පැමිණි කල්හි නැගිට වත් කළ යුතු වෙයි.

ප්‍රභේද

මෙහි දී තිදෙනෙක් වෙති. එයින් උනකෘෂටය මද වූ හෝ මහත් වූ හෝ යම් භොජනයෙක අත එබීනම් එපමණක් ම ගනී. එයින් බැහැරියක් නොගනී. මිනිස්සු ගිතෙල් ආදිය එළවත් නම් එය බෙහෙත් පිණිසම ගැනීම සුදුසුය. ආහාර පිණිස නොගෙත යුතු ය. මධ්‍යමයා පාත්‍රයෙහි ආහාර නිමවීමට පළමු අනිකක් ගන්නට සුදුස්සෙකි. මෘදුකයා ආසනයෙන් නැගිටීම තෙක් ලැබෙන ආහාර ගීන. ඔහු ‘ආසන පරියන්තික’ නමි.

භෙදය

නානාසන භොජනයක් වැළඳු කෙණෙහි ධුතඞග භෙදය වන්නේ ය. අලපාබාධත්වය. වාසුවිහරණය. රසනං ෂණාවි නොදය හා ශාහා ලො මික පැවැත්ම ආදිය අනුසස් ය.

6. පත්තපිණ්ඩිකඞගය පුරන්නකු විසින් “දුතියක භාජනං පටිකධිපාමි” දෙවන භාජනය ප්‍රතික්‍ෂේප කරමි - “පත්ත පිණ්ඩිකඞගං සමාදියාමි” -පත්තපිණ්ඩිකඞගය සමාදන් වෙමි යි, මෙයින් එක්තරා වැකියකින් සමාදන් විය යුතු ය.

විධානය

ඔහු විසින් කැඳ බොන කල්හි අමුළු ලද හොත් පළමුව අවුළු වැළදිය යුතුය. අවුළු සහිත බොජුන් නොපිළිගෙන කැඳ හෝ පළමුව පිය යුතුය. මිශ්‍ර ආහාරයක් ලද හොත් පිළිකුල් නොවන සේ වෙන් වෙන් වසයෙන් වැළඳිය යුතුය. දොවන බඳුන ප්‍රතිකේෂප කළ යෙහින් අතෙහි හෝ කොළ ගොටු ආදියක හෝ තබාගෙන වැළඳීම නුසුදුසු ය.

ප්‍රභේද

උතකෘෂ්ටයා උක්දඩු කැමෙහි හැර වෙන ආහාර පිළිබඳ කසලාදු ඉවත නොදමයි. බත් කැටි, මත්ස්‍ය, මාංශ අපුප යනාදිය දතින් බිඳ නොවළදයි. මධ්‍යමයාට එක් අතකින් බිඳ කෑම වටී. මෘදුකයාට පාත්‍රයෙහි බහාලිය හැකි හැමදෙයක් ම අතින් හෝ දතින් හෝ බිඳ කෑමට සුදුසු ය.

භෙදය

මේ තිදෙනාට ම දෙවැනි භාජනයක් ඉවසූ කල්හි අනුයස ආදිය පෙර සේ මැයි.

7. බලු පවාරා භත්තිකාඞගය රක්නහු විසින් “අතිරික්ත භොජනං පටිකච්ඡාමි” - අතිරික්ත භොජනය ප්‍රතිකේෂප කරමි. - “බලු පවාරා භත්තිකාඞගං සමාදියාමි” - බලු පවාරා භත්තිකාඞගය සමාදන් වෙමි යි මෙයින් එක්තරා වැකියකින් සමාදන් විය යුතුය.

විධානය

ඔහු විසින් පවාරණය කොට නැවත භොජනයක් කැප කරවා ගෙන නොවැළදිය යුතුය.

ප්‍රභෙද

උනකෘෂ්ටයා විසින් පළමු බත් පිඩෙහි පවාරණයක් නැති හෙයින් එය වළදන කල්හි අන්‍ය භොජනයක් ප්‍රතික්ෂේප කළහොත් පවාරණ වූවා නම් වේ. මෙසේ පවාරණය කොට පැමිණියේ පළමු පිඩ වළදා දෙවන පිඩුව නො වළදයි. මධ්‍යමයා යම් භොජනයක් ම පවරාණය කරන ලදද එය ම වළඳයි. මෘදුකයා ආසනයෙන් නැගීම දක්වාම වළඳයි.

භෙදය

පවාරණය කළ මේ තුන් දෙනාටම කැප කරන වැළද කෙණෙහි ධුතධාංග බිදේ. කැප නොකළ දැය වැළදීමෙන් වන ඇවනින් මිදීම. නැවත ආහාර සෙවීමක් නැති බවය. අලෙපචාර භාවයට අනුලෝම පැවතුම් ආදිය ඇති බවය පුද අනුසස් ය.

8. ආරඤඤි කඞගය රක්නාහු විසින් “ගාමන්‍ය සෙනාසනං පටිකධිපාමි - ග්‍රාමාන්ත සෙනාසනය ප්‍රතික්‍ෂෙප කරමි. - “ආරඤඤකඞගය සමාදියාමි ආරණ්‍යකඞගය සමාදන් වෙමි යි මෙයින් එක්තරා වැකියකින් සමාදන් විය යුතුය.

විධානය

ඔහු විසින් ග්‍රාමානත සෙනාසනය හැර අරණ්‍යයෙහි දරුණ තැනිය යුතුය. ග්‍රාමයම ග්‍රාමාන්ක සෙනසන නම් වේ. එය ගමෙහි පිහිටි බැවිනි. ගමත්. ග්‍රාම සීමාවන් පිළිබඳ විස්තරය විශාලය. එහෙයින් එය විස්තර නොකරනු ලැබේ. ආරණ්‍යකයා හෝ ගුරුවරයා හෝ උපාධ්‍යායයා හෝ ගිලන් වුවහොත් ග්‍රාමයට පමුණුවා උපස්ථාන කළ යුතුය. එහෙත් වනයෙන්ම දරුණ තැනිය යුතුය. ඉදින් දරුණ හැගෙන වේලෙහි ඒ ගිලනුන්ගේ රෝගය උනසන්ත වේ නම් ගිලන් උවටැන්ම කළ යුතු ය. ධුතාඞගය නොබැලිය යුතුය.

ප්‍රභෙද

උතකෘෂටයා විසින් හැම කල්හිම වනයෙහි දරුන තැනිය යුතු ය. මධ්‍යයමයාට වැස්සාර මස ග්‍රාමාන සෙනාසෙනයෙහි විසිය හැකිය. මෘදුකයාට හෙමනත ඍතුව ද ග්‍රාමනයෙහි වසන්නට පුළුවන.

භෙදය

මේ තිදෙනාට ම නියමිත කාලය ඉක්ම ගිය කල්හි ග්‍රාමාහකයෙහි අරුණ නැගීමක් වී නම් ධුතාඞගය බිදේ. උතුම් විවේකය, මරණ භය දුරලීමේ ආදිය අනුසස් වේ.

9. රුක්ඛ මුලිකඞගය රක්නහු විසින් “ජන්නං පටිකච්ඡාමි” සෙවිලි කළ තැන ප්‍රතිfක්‍ස්ප කරමි - “රුක්ඛමූලිකඞගං සමාදියාමි” වෘක්ෂ මූලිකඞගය සමාදන් වෙමි යි මෙයින් එක් වැකියකින් සමාදන් විය යුතුය.

විධානය

ඔහු විසින් රාජ්‍ය සීමායෙහි සිටි රුක, චෛත්‍ය වෘක්ෂය. ලාහටු ගන්නා වෘක්ෂය, ඵල ගන්නා වෘක්ෂය හා වෙහෙර මැද පිහිටි වෘක්ෂ ය යන මේ රුක් දුරු කොට විහාරය පසෙක සිටි වෘක්ෂයක් ගත යුතු ය.

ප්‍රභෙද

උත්කෘෂ්ටයා විසින් තමා කැමති වෘක්ෂයක් ගෙන එතන පිළිදැගුම් ආදියක් නොකළ යුතුය. පයින් රොඩු පරබලා ආදී කසල ඉවත් කොට විසිය යුතුය. මධ්‍යමයාට එතනට පැමිණිය වුන් ලවා පිළිදැගුම් කරවීම වටී. මෘදුකයා විසින් ආරාධික සාමණේරාදීන් ගෙන්වා ගෙන අවට පිරිසිඳු කරවා බිම සම කරවා වැලි විසුරවා පවුරක් තනවා එහි දොරක් යොදවා විසිය යුතුය. උත්සව දිනයන්හි වෘක්ෂ මාලයෙහි නොසිට වෙන සැඟවුණු තැනෙක වාසය කළ යුතු ය.

භෙදය

මේ තුන් දෙනාට ම සෙවෙනි කළ තැනෙක වසන්නට අදහස් කළ කල්හි ධුතාඞගය බිදේ. දැන දැන එබඳු නැගෙන දරුණ නැඟූ කල්හි යයි සේයි. අනිත්‍ය සංඥා පහළ වීම, භොජුන් පිළිබඳ මසුරුකම් දුරුවීම නව කර්‍මයෙහි ඇල්ම දුරුවීම හා දෙවියන් සහ වාසය යනාදිය අනුසස් නම් වේ.

10. අබෙභාකාසිකඞගය රක්නාහු විසින් ‘රන්නඤව රුක්ෂ මුලකඤව පටිකච්ඡාමි’ ජනත්ය ද වෘක්ෂ මූලය ද ප්‍රතික්‍ෂේප කරමි. “අබෙභාකාසිකඞගං සමාදියාමි” - අබෙභාකාසිකඞගය සමාදන් වෙමියි. මෙයින් එක් වැකියකින් සමාදන් විය යුතුය.

විධාන

ඔහු විසින් බණ ඇසීමට හෝ පොහොය සඳහා හෝ පොහොය ගෙට ඇතුළු වීම වමි. එකල්හි වැස්සක් ඇති වුවහොත් එහි සිට වැස්ස නිම වූ කල්හි යා යුතුය. භොජන ශාලාදියෙහි වස් සඳහා වැදීමද යොග්‍යය ය. එබඳු හේතුවක් නොමැති කල්හි එහි ඇතුළුව හිඳීමය ඉක්මන්ව නොයා යුතුය.

ප්‍රභේද

උත්කෘෂටයාට ගසක් හෝ පර්‍වතයක් හෝ ගෙයක් හෝ ඇසුරු කොට වසන්නට නොවටී. අබභ්‍යවකාශයෙහි ම සිවුරු කුටියක් කොට විසිය යුතු ය. මධ්‍යමයාට ගස්, පව්, ගෙවල් ඇසුරු කොට ඇතුළට නොවැද විසිය හැකිය. මෘදුකයාට දිය කටාරම් නොකෙටූ ලෙන්ද කොළ මඩු ද, ඉටි කැවූ රෙද්ද, කෙත් රක්නන් විසින් හැරදැමූ පැල් ද වටින්නේ ය.

භෙදය

මේ තුන්දෙනාටම වාසය සඳහා සෙවෙනියකට හෝ වෘක්ෂ මූලයකට පිවිසි කල්හි ධුතාඞගය බිඳේ. දැන දැන දරුණු නැගූ කල්හිය යනු භාණක මතයි. සංග රක්න බව, අලෙවිණ හා දියට අනුලොම් පැවතුම් ඇති බව ආදිය අනුසස් වේ.

11. සොසානිකඞගය රක්නාහු විසින් “න සුසානං පටිකච්ඡාමි” නොංසාහොත් ප්‍රතික්‍ෂේප කරමි.” සොසානිකඞගං සමාදියාමි’ - සොසානිකඞගය සමාදන් වෙමියි. මෙයින් එක් වැකියකින් සමාදන් විය යුතුය.

විධාන

සොහොයයි සම්මත කළ පමණකින් සොහොනක් නොවේ. මිනි දවන තැනම සොහොනක් වෙයි. එක්වරෙක මිනී දවා දොළොස් වසක් පමණ එය හැරදැමූවත් එය සොහොනක්ම වෙයි. මෙය ගරු වතකි. විස්තර බෙහෙවි.

ප්‍රභේද

උතකෘෂටයා විසින් නිතරම මිනීදවන, කුණපයන් දමන, නිත්‍ය විලාප ඇති සොහානකම විසිය යුතුය. මධ්‍යමයා විසින් මෙයින් එකක් ඇති තැනක විසිය යුතුය. මෘදුකයා විසින් යම්තම් සොහොන් ලකුණු ඇති තැනෙක විසීම ප්‍රමාණවත් වේ.

භෙදය

සොහොන් වාසය අත් හැරිය බව ධුතාඞගය බිදේ. අසුබ නිම්න ලැබීම, කුමන විහාදනය, අනුලොම් පැවතුම් අද අනුසස් නම් වේ.

12. යථාස්ථතිකඞගය රක්නාහු විසින් “සෙනාසන ලොලු්‍යං පටිකච්ඡාමි” සෙනාසන ලොලුපය ප්‍රතික්‍ෂේප කරමි” - යථාස්ථතිකඞගය සමාදියාමි” යථාස්ථතිකඞගය සමාදන් වෙමියි. මෙයින් එකකින් සමාදන් විය යුතුය.

විධාන

යමෙකු විසින් “මේ සෙනසුන ඔබට පැමිණියේ යයි. ඔහු ලවා ගන්වනු ලැබේ ද? ඔහු විසින් ම සතුටු විය යුතුය.” අන් කෙනෙකු නැගිටුවා සෙනාසනයක් නොගත යුතු ය.

ප්‍රභෙද

උතකෘෂටයා විසින් තමාට පැමිණි සෙනාසනය අරය, ළඟය, දෙනා ළඟය, අමනුෂ්‍යාදීන්ගෙන් උපද්‍රව ඇත. ඌෂ්ණය, ශීතලය කියා හෝ යමක් නොඇසිය යුතුය. මධ්‍යමයාට විචාරන්නට වටී. එහි ගොස් බලන්නට නොවටී. මෘදුකයාට ගොස් බලා ඉදන් ඔහුව රුචි නොවේ නම් වෙන එකක් ගත හැකිය. සෙනසුන් ලොලැබිය උපන් කල්හි ධුතඞගය බිඳේ. පබුම්සරුනට භගවත් බව, අනුරොධ විරොධ දුරලීම හා අවිස් ගනි ඇතිවීම් ආදිය අනුසස් වේ.

13. පොසජ්ජිකඞගය රක්නාහු විසින් “සෙය්‍යං පටිකච්ඡාමි” - ශයනය ප්‍රතික්‍ෂේප කරමි. - “නෙසජ්ජිකඞගය සමාදියම්” - නෙසජ්ජිඞගය සමාදන් වෙමි යි මෙයින් එක් වැකියකින් සමාදන් විය යුතුය.

විධාන

ඔහු විසින් රත්‍රියෙහි යාම තුනෙන් එක් යාමයක් නැගී සම් සක්මන් කළ යුතුය. මෘදුකයාට පළමු කී සියල්ලක් පඤඤාඞග සපනාධින දෙකන් වටී., මෙහි විහාර බෙහෙවි.

භෙදය

ශය්‍යාව කළ කෙණෙහි ම ධුතාඞගය බිදේ. කමටහන් වැඩි මෙහි පහසු බව, ප්‍රිය එළවන ඉරියවු ඇති බව, හා මනා පිළිවෙත්හි වසන බව ඈ අනුසස් ය.

ධුතාඞග පිළිබඳ තවත් විස්තරයක්

මේ ධුතාඞගයෙන් ශෛක්‍ෂ පෘථඞජනයන්ගේ වසයෙන් කුසල් වෙත්. ක්‍ෂීණශ්‍රවයන් ගේ වසයෙන් ‘අව්‍යාකෘත’ වෙති. ශෛක්‍ෂ හා පෘථඞජනයන්ගේ ප්‍රතිපත්ති පූරණය පිණිස ද, ක්‍ෂීණශ්‍රවයෙන් සුනඛ විහරණය පිණිස ද ධුතාඞග සෙවනය කරත්.

අභය ගිරිකයෝ ධුතාඞග, ප්‍රඥප්ති විශේෂය කැපී කියත්. ධුත ගුණ සමාදන් වීම, ධුත ගුණ පිරීම්, ආදිය ඔවුන්ගේ මතයට විරුද්ධ ය. නැති දෙයක් සමාදන් වන්නට හෝ පුරන්නට නොහැකි වන හෙයිනි. මෙසේ හෙයින් එය හිස් මතයක් පමණෙකි.

ධුත, ධුතවාද ආදිය ඉතා විහාර සහිත හෙයින් ද මෙහි නොදක්නා ලැබේ.

සියලු ම ආර්‍ය්‍ය මාර්‍ගය ධ්‍යාන ධර්‍ම වශයෙන් ගත හැකි ය. එහෙත් මෙහි ගත යුත්තේ විදර්‍ශන චේතනාව හා ධුතාඞග චේතනා සම්ප්‍රයුක්ති ඥානයයි.

අක්‍ෂිවහිනා, සතුටඨිනා, සලෙලමතා, පව්වෙකතා හා ඉදමඨීතා යන ධර්‍ම පස ධුතාඞග චේතනාවට පිරිවර වේ.

මෙයින්, කාම සුඛල්ලිකානු යොගයත් අත්ථකිලමථානු යොගයන් නසන්නට කරුණු සැලසේ.

රාග චරිත මොහ චරිත දෙකට ධුතාඞග සෙවනය සතප්‍රාය වේ. අරඤඤිකඞග, රූකඩමූලිකඞග යන දෙක දෙවෂචරිතයාට ද යොග්‍ය වන හෙයින් රාග - දෙවෂ - මෙහි යන චරිත තුනටම ධුතාඞග සෙවනය සුදුසු ය.

සංක්‍ෂෙප - විස්තර දෙක

මේ සියලු ධුතාඞග යෝම සංක්‍ෂේප වසයෙන් අටදෙනෙක් වෙති. ඔවුහු නැවත, ශිර්‍ෂාඞග වසයෙන් තුනකට ද, අසමනිතන අඞගවසයෙන් පසකට ද බෙදන ලදහ එයින් සපදාන වාරිකඞගය, එකාසනිකඞගය හා අබෙභාකාසිකඞගය යන තුන ශිර්‍ෂාධනයි. සපදාන වාරිකඞගයට පිණ්ඩපාතිකඞගය ද, එකාසනිකඞගයාට පත්තපිණ්ඩිකඞග, බලු පවරා භාතතකඞගද, අබෙහාකාසිකඞගයා හට රුක්ඛ මූලිකඞග, යථාසත්ථනිකඞග ද, රැකිය හැකිය.

ආරඤඤිකඞගය, පංසුකුලිකඞගය, තෙපිවරිකඞගය, නෙසජජිකඞග හා සොසානිකඞගය දැයි මෙසේ අසම්හිනත අඞග පසක් වේ.

නැවත, දෙකක් සිවුරු පිළිබඳවය, පසක් පිඩෙවනා පිළිබඳවය. පසක් සෙනාසන පිළිබඳවය, එකක් වීයඥා පිළිබඳවයි. මෙසේ සතරෙක් වේ.

නෙසජජිකඞගය විසින් ය පිළිබඳවයි. සෙස්ස ඉතා පැහැදිලිය. තව ද හිශ්‍රය වසයෙන් දෙකක් වේ. පුණ්‍ය පිළිබඳ දොළසක් ද විර්‍ය්‍යය පිළිබඳ එකක් දැයි කියා ය.

සෙවිය යුතු නොසෙවිය යුතු වසයෙන් ද දෙකක් වේ.

යමෙකුට ධුතාඞග සෙවනය නිසා කමටහන් වැඩේ නම්, සෙවිය යුතුය. කමටහන් නොවැඩේ නම් නොසෙවිය යුතු ය.

එයින් බාධකයක් හෝ පහසුවක් නොවේ නම් පශ්චිම ජනනාවට දැනගනු පිණිස සෙවනයකට යුතු ය.

නැතහොත් මතු පුරුද්ද සඳහා සෙවනය කටයුතු ය.

මේ සියල්ලම සමාදාන චේතනා වසයෙන් එකවිධයි.

විස්තර වසයෙන්

භික්ෂූන්ට 13ක් ද, භික්ෂූනීන්ට 8ක් ද සාමණේරයන්ට 12ක් ද, සික්වමානා සාමණේරීන්ට 7ක් ද, උපාසක - උපාසිකාවනට 2ක් දැයි ධූතාඞගයෝ 42ක් වෙත්. භික්ෂුනීන්ට ආරඤඤිකඞගය හා බලු පවාරා භත්තිකාඞගය ශික්ෂාපදයෙන් ම ප්‍රතික්‍ෂේපිතයි.

අබෙහාහකාසිකඞගය, රූකඩ මූලිකඞගය හා සොසානිකඞගය යන තුන සෙවනය අටකින් ය. භික්ෂුණියට දෙවැන්නක ඇතුව වසන්නට සුදුසු වන හෙයිනි. එහෙයින්, මේ තුනක් ඉවත් කොට භික්ෂුණියට 8 ක් සුදුසු බව දක්වන ලදි.

සාමණේරයන්ට තෙවීවරිකඞගය හැර සෙසු දොළස සුදුසු ය. සිගඝමනා, සාමණෙරීනට භික්‍ෂූනීන්ට සුදුසු වන 8 න් තෙවීවරිකඞගය හැර සෙසු 7 ක් ම සුදුසු ය. උපාසක - උපාසිකාවන්ට එකාසනිකඞගය හා පනතපිණ්ඩිකඞගය යන දෙක පමණක් සුදුසු ය. මෙසේ විස්තර වසයෙන් ධුතාඞගයෝ 42ක් වෙති.

(විස්තර විභාගය - විශුද්ධි මාර්‍ගයෙන් - ධුතාංඝ නිද්දේශය බලන්න.)

(කර්තෘ: කුරුප්පුමුල්ලේ චන්දවිමල හිමි)

(සංස්කරණය නොකළ)

ධුතාඞග

ධුතාංග නම් ප්‍රතිපත්ති ශාසනයෙහි එන ව්‍රත විශේෂයෙකි. ‘ධුත’ ශබ්දයෙන් ඒ ඒ ව්‍රත සමාදානයෙන් කෙලෙස් පලවාහරින යොගාවචරයා දක්වනු ලැබේ. ඔහු කළ දක්නා ලැබෙන ගුණාඞගය ගුණ වශයෙන් සිටනා කාරණය අඞග ශබ්දයෙන් කියනු ලැබේ. ‘ධුත්‍ර නම් ලද යොගියා දක්වන කරුණ වචනයෙන් ධුත අඞග ධුතඞග යි ශාසන ව්‍යවහාර වෙයි. නොහොත් ‘ධුත’ යනු කෙලශයන්ගේ ධුතතය කම්පනය කරන ඥානයට ද නමෙකි. මේ ව්‍රතවිෂයෙහි ලා ඒ ඥානය අඞග වශයෙන් කාරණාවශයෙන් ඇත්නුයි ධුතඞග යයි කියනු ලැබේ. මේ ව්‍රත සමාදානය අල්පේච්ඡ භාවය, සන්තුෂ්ටිභාවය, කෙලශයන් හා පරිෂකාරයන් පිළිබඳ තුනුබව යැයි කියන ලද සලෙලඛ ගුණය, ප්‍රවිවෙකය, විය හාරම්හය, සුභරතාය වහල් වෙයි. පිහිටා සිටුනා ශීලය ද සුපරිශුද්ධ වීමට හේතු වෙයි. භාවනා රාමතා සඞඛ්‍යාත ආර්‍ය්‍යවංශයෙහි අධිගමයට ද හේතු වෙයි. ලොකාමිෂය ඇරලූ, කාය ජීවිත නිරපේක්ෂක වැ අනුලෝමප්‍රතිපදාව මැ පුරන්නට කැමති කුලපුත්‍රයන්ට වැඩ පිණිසැ ‘ධුතාඞග’ යෝ තෙළොස් දෙනෙක් දක්වන ලදහ.

1. පංශුකුලිකඞගය, 2. තෙචීචරිකඞගය, 3. පිණ්ඩපාතිකඞගය, 4. සපදාන වාරිකාඞගය, 5. එකාසනිකඞගය, 6. පන්තපිණ්ඩිකාඞගය, 7. බලු පවාරා භත්තිකාඞගය, 8. ආරඤඤිකඞගය, 9. රූකඩ මූලිකඞගය, 10. අබෙහාහකාසිකඞගය, 11. සොසානිකඞගය 12. යථාසතිථිකඞගය 13. නෙසජජිකඞග යි යන තෙළොස් දුහඟයි.

1. මෙහි ‘පංසුකුලිකඞගය’ නම්, පහුල් වස්ත්‍රය ධැරීම සිල්කොට ඇති බවයි. වීථිසුසාන භූමි ආදි තැනෙක, පස්මතුයෙහි අස්වාමික වැ වැටී තිබූ වස්ත්‍රයක් මැ ධැරීම ශිල වශයෙන් ඇත්නු යි ‘පංශුකුලිකඞගය’ නම් වේ. ඒ යොගියා වෙන් කොට ගන්නා කාරණය ද ඒ ගුණය මැවේනුයි ‘පංශුකුලිකඞගය’ යැයි කියනු ලැබේ.

2. සඞඝාමි යැ උත්තරාසඞගයැ, අන්තරවාසකයි යන තුන්සිවුරු මැ ධැරීම (අනෙකක් නො ධැරීම) සිල් කොට ඇත්තේ ‘තෙචීචරිකඞගය’ නම් වේ.

3. භික්ෂාසඞඛ්‍යාත ආමිෂ පිණ්ඩයන් ගෙන් ගෙට ගොස් සපයාගෙනැ එයින් මැ යැපෙනු යේ පිණ්ඩපාතික’ නම් වේ.

4. ‘දාන’ නම් මෙහි ඛණ්ඩනයට නමෙකි. ඛණ්ඩනය නැත්නම් ‘අපදාන’ නමි. එනම් : අනවඛණ්ඩනයයි. අනවඛණ්ඩන සහිත වුයේ ‘සපදාන’ නම් වේ. (- ගෙපිළිවෙළින් ගොස් අහර සිඟීමයි.) එය සිල් කොට ඇත්තේ ‘සපදාන වාරිකාඞගය’ නමින් කියති.

5. දෙවන ආසනයක් (හිඳගැන්මක්) නොගෙන එක් මැ ආසනයෙකැ දී අහරකිය නිම කරනුයේ ‘එකාසනික’ නම් වේ.

6. දෙවන භාජනයක් නොගෙනැ එක් මැ භාජනයෙකැ ලා පිඬු වළදනුයේ ‘පන්තපිණ්ඩිකාඞගය’ නම් වේ.

7. ‘බලු පවාරා භත්තික’ යන මෙහි ‘බලු’ යනු ප්‍රතිෂෙධාෂියෙහි නිපාතයෙකි. පසුබත ප්‍රතික්‍ෂේප කරනුයේ බලු පවාරා භත්තික’ නම් වේ. වළදා නිමකොට දෙවනුවට දබත වැළැඳීම ප්‍රතික්ෂේප කිරීමශිලය කොට සිටුනා යොගියා මෙයින් දක්වනු ලැබේ.

8. ආරඤඤිකඞගය

9. රූකඩ මූලිකඞගය,

10. අබෙහාහකාසිකඞගය,

11. සොසානිකඞගය, යන ධුතඞගයන් ගැනැ ප්‍රසිද්ධියෙක් ඇත. අක්‍ෂිමය ශවයන් සුඟමය.

12. මේ හයනාසන තොපට යැ’ යි අතුරු දක්වාදුන් ශයනාසන මියැ අන් ශයනාසනයක් නොගැන්නේ ‘යථාසත්ථතික’ නම් වේ.

13. ඇඟ දිගහැරීමේ විසින් ශයනය නොකොට හිඳ ගැනුමින් මැ (වැඩි වී හිඳීමෙන් මැ) දවස් ගළවනුයේ ‘නොසජ්ජික’ නම් වේ. සතර ඉරියව්වෙන් ශයනය හැරපී යොගියා මෙයින් දක්වනු ලැබේ. ‘අත්ථතො ලක්ණාදීහි - සමාදාන විධානතො, පභේදතො භෙදතොච - තස්සතස්සානිසංසතො කුසලත්තිකනොචෙව - ධුතාදීනං විභාංගතො, සමාසවව්‍යාසතොචාපි - විඤ්ඤතබෙබා විනිචඡධො” අක්‍ෂි වශයෙනුදු, ලක්‍ෂණාදි වශයෙනුදු, සමාදාන විධාන වශයෙනුදු, ප්‍රභේද වශයෙනුදු, භෙද වශයෙනුදු ආනිසංස වශයෙන්දු, කුශලත්‍රිකා වශයෙනුදු, ධුතාදීන් ගේ විභාගව ශයෙනුදු මෙහි විභාග දත යුතු සේ ‘විශුද්ධිමාර්‍ග’ යෙහි දී කියන ලදී. මේ හැම ‘විශුද්ධි මාර්‍ග’ යෙහි එන ‘ධුතාංග නිර්දේශය’ නම් පරිච්ඡෙදයෙන් දැනැගත හැකි වෙයි.

මේ හැම ‘ධුතාඞඟ ධැරිය යුතු මැ යැයි නියමයෙක් නැත. දෙවදත්ත තෙරුන් ඉල්ලා සිටි වරපස බුදුන් ප්‍රතික්‍ෂේප කිරීමෙන් එය පෙනේ. තමන් කැමැති නම්, ධුතසඞධාරී වීම ඉතා වටනේ යැ අතීත ශාසනයෙහි ධුතාඞගධාරී තෙරවරු බොහෝ වූහ. චක්ඛු්‍යාල ස්ථවිරාදීන්ගේ කථාවස්තුවලින් එය පෙනේ. මෑත කාලයේ වැලිවිට පිණ්ඩපාතික සරණඞකර සඞඝ රාජ උතුමෝ ධුතාඞගධර වූහ.

(කර්තෘ: අඥාතයි)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ධුතාඞග&oldid=5543" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි