ධූලි

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Dust). මෙයින් හැඳින්වෙන්නේ රොන්මඩ හා මැටි අංශු තරම් කුඩා වූ (1/16 මිලිමීටර් ට කුඩා) වාතයේ පාවෙන වියලි ඝන ද්‍රව්‍ය වේ. මෙම ඝන අංශු කලිල (colloid) අංශුවලට වඩා ප්‍රමාණයෙන් විශාල වන නමුත් තාවකාලිකව වාතයේ පාවේ.

වායු දූෂණයෙන් (air pollution) සැලකිය යුතු භාරයක් ධූලිවලට හිමි වේ. ධූලි කුණාටු මගින් හෝ සුළඟ හේතුවෙන් එකතුවන ධූලි උල්කාපාත ධූලි වාහන ධාවනයේ දී පෘථිවි පෘෂ්ඨයෙන් එකතු වන ධූලි ආදී ලෙසින් මේවා වර්ග කළ හැක. කෙටි කාලයක් පවතින සුළි සුළඟක් මගින් වුව ද සැලකිය යුතු ධූලි හා වැලි ප්‍රමාණයක් මීටර් 3 සිට 30 දක්වා විෂ්කම්භය ඇති භූමි ප්‍රදේශයකින් වාතයට එකතු වී මීටර් 180 තරම් උසට ගමන් කරමින් ධූලි කුණාටු (Dust devil) ඇති විය හැකිය.

(කර්තෘ: ඩබ්.එම්.ජී.වී. ගිරාගම)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ධූලි&oldid=5510" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි