ධූලි කුණාටු
(Dust storm). ප්‍රබල වාසුලි (strong turbulent wind) මගින් විශාල ධූලි වලාවක් ගෙන යයි. වැලි කුණාටු සාමාන්‍යයෙන් මීටර් 1 සිට 2 දක්වා උසකට ගමන් කර තරමක් දුරින් ඇති ස්ථානයකට වැටේ. ධූලි කුණාටු මඟින් විශාල වශයෙන් පාංශු ඛාදනය සිදු වේ. 1933 සිට 1937 කාලය තුල එක්සත් ජනපදයේ විශාල තැනිතලාවල (Great plains) ධූලි කුණාටු මඟින් ප්‍රබල හානියක් සිදු කරන ලදී. මේවායේ දී ඇති වන භෞතික අපහසුතාවට අමතරව පෙනෙන (දෘශ්‍ය) දුර ඉතා අඩුවීමෙන් (reducing the visibility to very low range) ප්‍රවාහන දුෂ්කරතා ඇති වී අතිමහත් විනාශයක් සිදු වේ. ප්‍රමාණවත් තරම් තුනී ධූලි හෝ ලිහිල් පස් ඇති විට සාමාන්‍ය සුළඟ මඟින් ද ධූලි කැලඹීම සිදු වන අතර වායුගෝලයේ සැලකිය යුතු අස්ථාවර බවක් ඇති විට සිරස් වාසුළි ද ඇති වේ.
ධූලි හෝ වැලි ඉහළ නැඟීම සිදු වන්නේ වායු ගති විද්‍යාත්මක ආතති (aerodynamic stress) ප්‍රබල සුළඟට නිරාවරණය වූ අංශු මත ක්‍රියා කිරීමෙනි. විශාල සැලකිය යුතු අංශු තිරස් ප්‍රවේගයන් ලබා ආනතව වැටී තවත් භූමිය මත ඇති අංශුවල ගැටේ. එමගින් ගැටීමට ලක්වන අංශු ද පොළොවෙන් වෙන් වෙමින් යළි එම ක්‍රියාව වේගකරයි කරයි.
ආර්.ඒ. බැග්නෝල්ඩ් (R.A. Bagnold) වර්ගීකරණය කර ඇති අන්දමට විෂ්කම්භය 10-3 සිට 10-2 මිලිමීටර් වන අංශු වාතයේ නිදහසේ වැටීම තත්පරයට සෙන්ටිමීටර 10-2 සිට 02 වේගයෙන් ද විෂ්කම්භය මිලිමීටර් 0.01 සිට 0.1 වූ වැලි අංශුවල නිදහසේ වැටීමේ වේගය තත්පරයට මීටර 0.4-6 දක්වා වේ. ධූවිලි අංශු ඉහළට ගෙන යාම සඳහා සාමාන්‍ය වායු භ්‍රමණය වීමක් හෝ වායු ස්තරය අස්ථායී වීමත් ප්‍රමාණවත් වන නමුත් වැලි අංශු ඉතා සුළු උසක් ඉහළ නැඟ යළි වැටීම පමණක් සිදු වේ.
(කර්තෘ: ඩබ්.එම්.ජී.වී. ගිරාගම)
(සංස්කරණය නොකළ)