ධොතෝදන

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

කිඹුල්වත් පුර අගනුවර කොට ගෙන ශාක්‍ය රාජධානිය පාලනය කළ සීහහනු නම් රජුගේ පුත්‍රයෙකි. මව කච්චානා නම් වූවා ය. ශුද්ධෝදන රජු ස්වකීය වැඩිමහල් සොහොයුරා ය. එහෙයින් බුදුන් වහන්සේට ද ඥාතිත්වයෙන් සුළුපියා විය. මහාංශයට අනුව ඔහුට ශුක්ලෝදන නමින් තමත් වැඩිමහල් සොහොයුරෙක් සහ සුක්කෝදන, සක්කෝදන හා අමිතෝදන යනුවෙන් බාල සොහොයුරන් තිදෙනෙක් ද අමිතා හා සමිතා නම් සොහොයුරියන් දෙදෙනෙක් ද වූහ. (මහාවංශය 12-24)

(කර්තෘ: උණුවතුරබුබුලේ මහින්ද හිමි)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ධොතෝදන&oldid=5540" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි