නවපටල සංග්‍රහව

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

උපනිෂ්ක්‍රමණ, නාම කරණ, අන්තප්‍රාශ්න, කණිවෙධනංදිය හා කෘෂිකර්‍ම, ගෘහ කැනීම් ආදිය සඳහා යෙදිය යුතු මුහුර්‍ත ගැන ද ග්‍රහ ගොචරය හා සංක්‍රාන්ති ඵල ගැන ද කරුණු ඇතුළත් පොතකි. මුද්‍රිත පිටු 43කින් යුත් මෙම පොතෙහි ශ්ලොක 245ක් පමණ ද ඊට ලියන ලද සන්නයක් ද ඇත. මෙහි කර්‍තෘ කවරෙක් දැයි අවිනිශ්චිත ය. ශ්‍රී මහෙන්ද්‍ර පාදයන් විසින් රචනා කරන ලද හෝරාභරණයේ ඇතුළත් ශ්ලෝක බොහෝ ගණනක් මෙහි ද වෙනසක් නොමැතිව යොදා ඇත්තේ ය. වෙනත් ග්‍රන්ථවලින් උපුටා ගත් ශේලොක ද ඇතුළත් ය. ජ්‍යොතිෂය හදාරන්නන්ට මේ ග්‍රන්ථය ප්‍රයෝජනවත් ය. ජී.පී. ඩේවිඩ් සිල්වා නමැති මහතකු විසින් 1925 දී මෙය මුද්‍රණයට පමුණුවන ලදි.

(කර්තෘ: ඩී.ආර්. සෙනෙවිරත්න)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=නවපටල_සංග්‍රහව&oldid=4871" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි