නාග දඟය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

නයි දෙදෙනා වෙළාගත් නාග පූට්ටුව වෘත්තාකාරයෙන් පිත්තල තැටිවල යොදා ඇත. එහි දී 'නාග පෝරුව' කියා එම කැටයමට භාවිත වේ.

ලී කැටයම් අතර ද නයි දෙන්නාගේ පූට්ටුව දක්නට ලැබේ. නාග දඟය යොදා සේසත් මධ්‍යයේ තල් කොළ හා තලාතුමිණිරන් පතුරුවලින් අලංකාර සැරසිලි ද නිර්මාණය කරනු ලැබේ.

මෙහි දී නාගයින් දෙන්නා එකිනෙක වෙළාගෙන සිටින ආකාරයෙන් මෝස්තරය නිර්මාණය කරනු ලැබේ. එය හතරැස් ලෙසත් වෘත්තාකාර ලෙසත් පෙනේ.

මේවායේ දී නාග පෙණය අතිශයින් විශාල ව නොයෙදීම සිරිත ය. නයි පෙණය ඉහළටත් වල්ගය පහළටත් එන සේ කැටයම් කරනු ලැබේ. (පෙණය)

(කර්තෘ: ඇස්.පී. චාර්ල්ස්)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=නාග_දඟය&oldid=4839" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි