පීටර් ඩැනියල් ඇන්තනීස්
ග්‍රෙගරි ආණ්ඩුකාරතුමාට වැලඳී තුබුණු රෝගයක් සුව කිරීම හේතු කොට ගෙන ඔහුගේ කීර්තිය තවත් වැඩි විය. 1887 දී බ්‍රිතාන්‍ය වෛද්‍ය සංගමයේ ලංකා ශාඛාව පිහිටුවීමත් සමඟ එහි ප්‍රථම සභාපති වශයෙන් හේ තෝරාගනු ලැබීය.
රජයේ සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ඇන්තනීස් දේශපාලන කටයුතුවල නිරත විය. 1886 දී ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ බර්ගර් ආසනය හිස් වූයෙන් සර් ආතර් ගෝඩන් ආණ්ඩුකාරතුමා විසින් ඔහු බර්ගර් ජාතිකයන්ගේ නියෝජිතයා (1886-1895) වශයෙන් පත් කරන ලදි. මේ කාලය තුළ දී ඔහු දකුණු මුහුදු බඩ දුම්රිය මාර්ගය තැනවීම සම්බන්ධයෙන් මුල්ව ක්‍රියා කෙළේය. 1895 දී ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවෙන් අස් වූ ඇන්තනීස් ගාලු නගර සභාවේ සාමාජිකයකු වී මහත් උද්යෝගයෙන් කටයුතු කෙළේය. ඔහු කෙතරම් ජනාදරයට පත්ව සිටියේ ද යත් 1903 දී ගාලු නගරයේ දී පරලෝ සැපත් වීමෙන් පසු ඔහු සිහිවනු වස් මහජන මුදලින් ගාල්ලේ කොටුවෙහි ඔර්ලෝසු කණුවක් පිහිටුවන ලදි.
(සංස්කරණය: 1967)
