මිලින්ද පඤෙහා
බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ සූත්රාභිධර්ම, විනය යන පිටකත්‍රයෙහි ඉතා සියුම් කොට ප්‍රකාශ කළ ධර්ම විනයාර්තථයන් පිළිබඳ ව ගැඹුරු වූ විවිධ ස්ථානයන් අළලා මිලිඳු මහරජු විසින් විචාළ ප්රශ්නයන් සඳහා විවිධ යුක්ති හා උපමා දක්වමින් ක්ෂීණශ්රව නාගසේන ස්ථවිරයන් වහන්සේ වදාළ පිළිතුරු ද සඞග්‍රහ කොට මාගධ භාෂාවන් රචනා කළ ශ්‍රේෂ්ඨ වූ ධර්මප්රකරණයෙකි. ස්ථවිර වංශයෙහි භික්ෂූන් විසින් බුධභාෂිතයක් මෙන් ගුරුත්වයෙන් සලකා පාල්යර්තථකථා සෙයින් කලක් මුඛ පාඨ වසයෙන් ම ධරන ලද්දේය. එහෙත් ශ්රැතධරයන්ගේ පරිහාණිය දුටු කිසියම් ආචාර්‍ය්‍යවරයකු විසින් යථොක්ත ප්‍රශ්නොත්තර කථා සඞග්‍රහ කොට මගද බසින් ‘මිලින්ද පඤහ’ නම් මේ ප්‍රකරණය රචනා කරන ලද්දේ ය. මෙය කවර කලෙක කොතැනෙක විසූ කිනම් ආචාර්ය්යවරයෙකු විසින් කරන ලද ද යනු විමසීමට කිසිම සාධකයෙක් නැත.
මිලිඳු නාගසේන දෙදෙනාගේ ජීවන කාලය පිළිබඳව ද මතභේද ඇත. මිලිඳු රජු රාජ්‍යයට පැමිණි සමයෙහි දඹදිව සඞඝ ස්ථවිර වූවෝ වත්තනිය සේනාසනයෙහි වැඩ විසූ දෘස්සගුත්ත තෙරණුවෝ ය. මේ තෙරණුවෝ වූ කලී චූලසකුලුදායී සුත්තඨ කථායෙහි දැක්වෙන මහත් අනුභාසම්පන්න විදර්ශනාචාර්ය්ය වූ අස්සගුත්ත තෙරණුවෝ ම ය. මේ තෙරණුවන් දැක ගැනීම සඳහා අශෝක ධර්මරාජයා උත්සාහ කළ බව ද එහෙත් එය සඵල නොවූ බව ද ඒ අටුවායෙහි ම දැක්වෙයි. මිලින්ද නාගසේන වාදාරම්භයෙහි අස්සගුත්ත තෙරුන් වැඩ සිටි බව නොපෙනේ. එවකට, සඞඝ ස්ථවිර වූවෝ ආයුපාල තෙරණුවෝ ය. මේ අනුව අශෝක, මිලින්ද රජුන්ගේ අතර කාලය එක් පුරුෂා යුෂයකැ’යි සිතාගත හැකි ය. මෙයින් මිලිඳු රජුගේ රාජ්‍යය ක්රිිස්තු පූර්ව දෙවැනි සියවසේ අවසාන භාගය'යැ යන නිගමනය සිධයි. ‘මිලින්ද පඤහයෙහි’ එන බුදුන් පිරිනිවි අවුරුදු පන්සියයකින් පසුවැනි දැක්වුණේ ග්රන්ථ රචනා කාලය සැලැකීමෙනැයි සිතිය හැකිය.
මේ ප්‍රකරණය වනාහි ‘පුබ්බයොග, මිලින්ද පඤහ, ලක්ඛණ පඤහ, මෙණ්ඩක පඤහ, අනුමාන පඤහ, ඔපම්ම කථා පඤහ යයි කාණ්ඩ සයකින් යුක්ත ය. එහිදු මිලින්ද පඤහ නම් දෙවැනි කාණ්ඩය, ලක්ඛණ පඤහ, විමති මෙඡදන පඤහ යයි දෙවැදෑරුම් වෙයි. සතර වැනි වූ මෙණ්ඩක ප්‍රශ්නයත් මහාවග්ග, යොගී කථා යයි දෙවැදෑරුම් වේ. මේ පරිච්ඡේද සයෙහි වර්ග දෙවිස්සෙකි. මේ දෙවිසි වර්ගයෙහි 262ක් මිලින්ද ප්‍රශ්නයෝ සඞග්‍රහ කරන ලද්දාහු ය. මෙහි සංග්‍රහ නොකළ ප්‍රශ්න 42ක් ඇති බව සඞග්‍රහ කාරක ආචාර්‍ය්‍යයෝ ම පවසති. මෙසේ නාගසේන තෙරණුවන් විසින් විසඳන ලද මිලින්ද ප්‍රශ්න 304ක් වේ. ග්‍රන්ථය ඩිමයි ප්‍රමාණයේ මුද්‍රිත පිටු 335කි.
1. ග්‍රන්ථය ආරම්භ කරන ලද්දේ සගල්පුර මිලිදු නම් රජ නාගසෙන තෙරුන් කරා පැමිණියේ යැ’යි වස්තුනිදෙශයෙනි. ඉක්බිති යවනයන්ගේ සාගලපුරය වර්ණනා කොට ග්රන්ථ ප්‍රමාණය දක්වන ලද්දේ ය. එහි ‘පුබ්බයොග නම් ප්‍රථම කාණ්ඩයෙහි මිලින්ද නාගසෙන දෙදෙනාගේ පූර්වකර්මය හා උත්පත්ති කථාව විස්තර කරන ලද්දේ ය. කසුප් බුදුන්ගේ ශාසනය පවත්නා කල්හි ගඟක් සමීපයෙහි වූ විහාරයක විසූ භික්ෂු කෙනකුන් වහන්සේ හා සාමණේර නමක් ක්ෂය තෙවන ප්‍රතිභාන සම්පත්තිය ලැබීමට ප්‍රාර්ථනා කොට එයින් සැම දෙව් මිනිස් දෙගතියෙහි සැරිසැරූහ. ඔවුනතුරෙන් සාමණේර නම යොන් රට සාගල නුවර මිලින්ද නම් රජ විය. හෙතෙම පණ්ඩිත යැ, ව්‍යාක්ත යැ, තෙජස් සම්පන්න යැ, ශ්රැති සමෘති සාඛඛ්ය ශාස්ත්‍රයක නිපුණ විය. මහාවාදී ය. මිලිදු රජ දිනක් යොන් ඇමැතියන් සමඟ පූරණ කාශ්‍යපාදි ෂට්ශාස්ත්රෘන් කරා ගොස් ප්‍රශ්න විචාරා ඔවුන් පරාජය කොට දඹදිව සිටියැ, මා සමඟ කථා කරන්නට සමර්තථ වූවකු නැතැයි කී ය. බෙහෙවින් මහණ බමුණෝ ඔහුගේ නුවර හැර පියා ගියහ. එවකට හිමවත වැඩ විසූ දස්සගුත්ත තෙරණුවෝ මිලිඳු රජුගේ බස් දිව කනින් අසා ඔහු හා සාකච්ඡා කොට සැක සිදීමට සමර්තථ වූවකු සොයනුවෝ යථොක්ත භික්ෂුව තවුතිසායෙහි කෙතුමතී නම් විමානයෙහි මහසෙන් නම් දෙව්රජු වැ සිටියහු දැක මිනිස් ලොව ඉපද සසුන් රැකීමට උපස්තම්භ වන ලෙස ඔහුට ආරාධනා කළහ. හෙතෙම කජඞගල නම් බමුණු ගම නාගසෙන නම් බමුණු කුමරක් වැ උපන. ‘රොහාණ’ නම් තෙර කෙනෙක් එකුමරු පහදවා මහණ කොට පළමුව අභිධර්ම පිටකය ඉගැන්වූහ. විසිවයස් පිරුණහු උපසපන් කර වූ පසු අශොකාරාමයෙහි ධර්මරක්ෂිත තෙරුන් වෙත සූත්‍ර හා විනය ද ඉගෙන විදසුන් වඩා රහත් විය. එවකට හිමවත විසූ රහත් භික්ෂූහු නාගසෙන තෙරුන් ගෙන්වා “ඇවැත්නි මිලිඳු රජ වාදකිරීමෙන් භික්ෂු සඞඝයා වෙහෙසයි. එහි ගොස් ඔහු දමනය කරවයි කීහ. එය පිළිගත් නාගසෙන තෙරණුවෝ අසූදහසක් භික්ෂූන් සමඟ සාගල නුවර ‘සඛෙඛය්ය’ පිරිවෙනට ගියහ.
‘නාගසෙන’ යන නම ඇසීමෙන්ම තැතිගත් මිලිඳුරජ එතෙක් කල් පරාජයක අමිහිර නොදත් නමුදු ‘නිසැකයෙන්ම අද මට පරාජය වේ යැ’යි සිතා ප්‍රශ්න ඇසීම සඳහා නාගසෙන තෙරුන් කරා ගියේ ය.
2. මිලිඳු රජ නාගසෙන තෙරුන් සමඟ පිළිසදර කොට පළමු වැ පුද්ගල ප්රශ්නය ඇසී ය. ඒ ප්රශ්නය විසඳීමෙන් ම සතුටු වූ රජ පසු දින නාගසේන තෙරුන් සිය මාළිගයට වැඩමවා දන් දී අන්තයෙහි ප්‍රශ්න සාකච්ඡාව ආරම්භ කළේ ය. එහි වර්ග සතකින් සඞග්‍රහ වූ ප්‍රශ්න රැසක් විසඳන ලද්දේ ය. මේ කාණ්ඩයෙහි ඵස්සාදි අරූපී ධර්මයන්ගේ ලක්ෂණාදිය පිළිබඳ ප්‍රශ්න ඇතුළත් කොටස 'ලක්ඛණ පඤහ’ නම් වෙයි. එය තැන්වැනි වර්ගයෙන් අවසාන වේ. එතැන් සිට සත්වැනි වර්ගය අවසන් කොට ඇති විවිධ විෂයයන්හි උපන් විමතීන් පිළිබඳ ප්‍රශ්න විසඳුම් සඞග්‍රහ කළ කොටස විමතිච්ඡෙදන පඤහ නම් වේ.
4. මේ ග්රන්ථයෙහි විශාල වූ කාණ්ඩය මෙණ්ඩක ප්රශ්නයයි. එය මහාවර්ගය යොගි කථා ප්රශ්නයයි විවිධ වෙයි. මහාවර්ගයට අයත් ප්‍රශ්න උභතෝකොටික යැ ධුතඞගාදිය පිළිබඳ වූ යොගී කථා ප්‍රශ්නයි.
5. අනුමිතියෙන් විවිධ බුධ බලයන් දක්වා විසඳු ප්‍රශ්න සඞග්‍රහ කළ පරිච්ඡෙදය අනුමාන ප්‍රශ්න නම් විය.
6. රහත් ඵලය ප්රත්යක්ෂ කරන භික්ෂුවගේ විවිධ අඞගයන් උපමා ගෙන හැර දක්වමින් විසඳූ ප්‍රශ්න සඞග්‍රහ කළ කාණ්ඩය උපමා කථා ප්‍රශ්න නම් විය. එද අතිරෙක ප්‍රශ්න පහක් සහිත වූ වර්ග සයකින් සඞග්‍රහ කරන ලද්දේ ය.
ස්ථවිර වංශයෙහි භික්ෂූන් විසින් මිලින්ද පඤයෙහි එන ගැඹුරු වූ ධර්මාර්තථයන් සඳහා නාගසෙන තෙරුන් ප්‍රකාශ කළ විනිශ්චය බුධභාෂිත සෙයින් ආදරයෙන් පිළිගන්නා ලද්දේ ය. අර්තථකථාචාර්ය්ය බුද්ධඝොෂාදි ස්ථවිරවරුන් හා ටීකාචාර්ය්යවරයන් විසින් විසුද්ධි මග්ගාදි අටුවා-ටීකා ග්රන්ථවලට ද නාගසෙන තෙරුන්ගේ විසඳුම් ප්‍රමාණ පාඨ වසයෙන් ඇතුළත් කරන ලද්දේ එහෙයිනි. නවාඞග ශාසනයෙහි දුර්බොධ වූ විවාදයන්ට හේතුවන ග්රන්ථස්ථාන මිලිඳු රජු විසින් විචාරන ලදුයේ වෙයි. මෙහි එන බොහෝ ප්‍රශ්නයෝ බුද්ධිමතුන්ට පවා සන්ත්‍රාස උපදවන ලොමුදහ ගන්වන උභතොකොටික (දෙකෙළ නොපෙනෙන) වූවාහු ය. ඒ සියල්ල නාගසෙන තෙරුන් විසින් අනාගතයෙහි සුගතසමයවාදීන්ට මාර්ගය හෙළිකරමින් නොයෙක් උපමා යුක්ති දක්වා නිරවුල් කොට විසඳන ලද්දේ ය. ග්රන්ථස්වරූපය දක්වන සඞග්රාහක ආචාරර්ය්යවරයා විසින් මෙසේ දක්වන ලද්දේ ය.
“ප්රච්ඡා විස්සජ්ජනා මෙම ගම්භීරත්ථූප නිස්සිතා
හදඞගමා කණ්ණසුඛා අබභුතා ලොමහංසනා
අභිධම්ම විනයොගාළහා සුතෙජා ලසමත්ථතා
නාගසෙන කථා මිත්‍රා ඔපම්මෙහි නයෙහි ච”
(මිලිඳු රජුගේ ප්‍රශ්න හා නාගසෙන තෙරුන්ගේ විසඳීමේ ද ඇති ගම්භීරාර්තථයන්ගෙන් යුක්ත වූ හෘදයාඞගම වූ කර්ණරසායන වූ අද්භූත වූ රොමහර්ෂ උපදවන්නා වූ අභිධර්ම විනය දෙක්හි බැසගන්නා වූ සූත්‍ර සමූහයේ සමර්තථනය කරන ලද්දා වූ නාගසෙන කථාවෝ ඖපම්යයෙන් ද න්‍යයයෙන් ද ඉතා විසිතුරු වූවාහු ය.)
මෙසේ පරවාදීන්ගේ මතඛණ්ධනයට ද උපකාරවන මිලින්ද පඤහය පාලියෙහි එන ශ්‍රේෂ්ඨ වූ න්‍යායානුගත ග්රන්ථයෙක් ද වේ.
මිලින්ද පඤහය ස්ථවිර වංශයෙහි භික්ෂූන්ගේ මුදුන් මල් කඩක් වැනි ග්රන්ථයෙකි. පෙළ බසින් ධර්මප්රකරණයන් නිපදවීම ස්ථවිර වංශිකයන්ගේ ආවේණික ධර්මතාවකි. මෙසේ හෙයින් සංස්කෘතයෙන් මිලින්ද ප්රශ්නය නිපදිණැයි යන මතය ප්‍රතිෂ්ඨා රහිතයි.
ලඞකා, සියම, බුරුම ආදී රටවල ථෙරීය නිකායික බෞද්ධයන් විසින් සම්භාවිත වූ මිලින්ද පඤහය ඒ ඒ රටවල මුද්‍රණයෙන් ප්‍රචාරය වූ අතර බොහෝ කලකට පෙර මිලින්ද පඤහයෙහි කොටසක් ලක්දිව මුද්‍රණය විය. 1927 දී කිතුල්වෙල පියරතන, කඹුරුපිටියේ ගුණරතන යන ස්ථවිරයන් දෙදෙනා වහන්සේ විසින් සංශොධනය කරන ලදුව සම්පූර්ණ මිලින්ද පඤහය මුද්‍රණය වී ඇත්තේ ය.
(කර්තෘ: ලබුගම ලංකානන්ද හිමි)
(සංස්කරණය නොකළ)