රෝස් මැකන්සි

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

1838 සැප්තැම්බර් මස 7 වෙනි දා ආරම්භ කරන ලද 'සිලෝන් හැරල්ඩ්' පත්‍රයේ කතුවරයා වූයේ මොහු ය. ඒ කාලයේ ලංකාවේ ආණ්ඩුකාරයා වූ ස්ටුවට් මැකන්සිතුමාගේ ක්‍රියා කලාපය දෝෂ දර්‍ශනයට ලක් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් රෝස් මහතාට විරුද්ධ ව ශ්‍රේෂ්ඨාධිකරණයෙහි නඩුවක් පවරණ ලදි. එම නඩුව විනිශ්චය කළේ ඇන්තනි ඩිලිපන්ට් විනිශ්චයකාරතුමා විසිනි. ඉංග්‍රීසි ජූරි සභාවක් ඉදිරියේ ඇසූ මේ නඩුවෙන් විත්තිකරු නිදහස් විය. ඉන්පසු ඔහු පත්‍රයේ කර්‍තෘ ධුරයෙන් අස්විය.

(කර්තෘ: හපුගොඩ සුමනතිස්ස ස්ථවිර)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=රෝස්_මැකන්සි&oldid=5571" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි