ව්ලඩිමීර් ඇලෙක්සැන්ඩ්රොවිච් එංගල්ගාට්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(1894 -). රුසියානු ජාතික ශ්‍රේෂ්ඨ ජෛවරසායන විද්‍යාඥයෙකි; ගත්කරුවෙකි. මොස්කව්හි දී උපත ලද මෙතෙමේ මොස්කව් විශ්වවිද්‍යාලයෙහි උගෙන 1919 දී උපාධි ලබා මාර්සෙයි විශ්වවිද්‍යාලයයෙන් 1935 දී සම්මාන ආචාර්ය උපාධිය ද ලබා ගත්තේය. ජෛවරසායන විද්‍යාව හා කායිකවිද්‍යාව පිළිබඳ ආයතන කීපයක ම උසස් තනතුරු කීපයක් දැරූ මෙතෙමේ ලෙනින් සම්මානය ද විද්‍යාව පිළිබඳ ස්ටාලින් ත්‍යාගය ද දිනා ගත්තේය. මොහු විසින් ජෛවරසායන විද්‍යාව හා අණුක ජීව විද්‍යාව පිළිබඳව ග්‍රන්ථ දෙසියකටත් අධික සංඛ්‍යාවක් සම්පාදනය කරනු ලැබීය. මොහු අණුකජීවවිද්‍යාව සහ ජෛවරසායන විද්‍යාව සඳහා වෙන් වූ සඟරා දෙකක සංස්කාරකත්වය ද ඉසුලුවේය. මෙතෙමේ සෛල පරිවෘත්තිය පිළිබඳ ක්‍රියාවලියෙහිලා කාබනික පොස්පරස් සංයෝග පරිවර්තනය වන ක්‍රමානුකූලතාව පිළිබඳවත් පේශි තන්තුවල රසායනික සංසිද්ධීන් හා එහි ක්‍රියාකාරිත්වය අතර සම්බන්ධය පිළිබඳවත් පර්යේෂණ පැවැත්වූයේය.

(සංස්කරණය: 1974)