විලියම් ග්රැහැම් සම්නර්
(William Graham Sumner) (1840.10.30-1910.04.12). ඇමරිකානු ජාතික සමාජ හා ආර්ථික විද්‍යාඥයෙකි. එක්සත් ජනපදයේ නිව් ජර්සි ප්‍රාන්තයේ පැටර්සන්හි (Paterson) දී උපත ලද සම්නර් ජර්මනියේ හා ඔක්ස්ෆර්ඩි අධ්‍යාපනය ලබා 1872-1909 සමයෙහි යේල් විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව හා සමාජවිද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා වශයෙන් සේවය කළේ ය.
ආර්ථික විද්‍යාඥයකු වශයෙන් ඔහු රාජ්‍ය නිර්බාධවාදී ප්‍රතිපත්තිය ඉතා තදින් ම පිළිගත්තේ ය. මිනිසුන්ට පෞද්ගලික නිදහස ලැබිය යුතුවාක් මෙන් ම ඔවුන් අතර සමාජ අසමානතාවක් පවතින බව ඔහු විශ්වාස කළේ ය.
මධ්‍යම පාන්තික ප්රොතෙස්තන්තවාදීන්ගේ ආචාරධර්ම වූ කය වෙහෙසා වැඩ කිරීම, අරපරිස්සම හා තැන්පත්බව ආදිය සමාජයේ මනා සදාචාරසම්පන්න බවක් ඇති කිරීමටත් පවුල් ජීවිතය සැපදායක කිරීමටත් උපකාරී වන බව ඔහු පෙන්නා දුන්නේ ය. ක්‍රමක්‍රමයෙන් සුභසාධක රාජ්‍යයන් බිහිවන බව දුටු සම්නර්, මිනිසාගේ සහජ පහත්බවේ ස්වාභාවික ප්‍රතිඵලයක් වශයෙන් දුගී බව ඇති වන බව දක්වා, මධ්‍යම පන්තිය මත ආර්ථික පීඩනයක් ඇති කරවන්නේ යයි ඔහු සිතූ සියලු ම ප්‍රතිසංස්කරණ යෝජනාවලට විරුද්ධ විය.
සමාජ විද්‍යාඥයකු වශයෙන් ඔහුගෙන් ඉටු වූ වැදගත් ම සේවය වූයේ මනුෂ්යයන්අතර පවතින සිරිත් පාලනය කරන ජනවහර හා ගුණාචාර (Folkways & Morels) පිළිබඳ සංකල්පය ඉදිරිපත් කිරීම ය. එම අදහස ඉදිරිපත් කළේ 1907 දී පළ කරන ලද Folkways ‘ජනවහර’ නම් ග්රන්ථයෙනි.
එහි ඔහු දැක්වූ ආකාරයට කුසගින්න, බිය, මැනය වැනි උත්තේජනවලට මිනිසා දක්වන සහජ ප්‍රතිචාර නිසා සිිත්විරිත් හා සදාචාරය ඇති වේ. මෙම ස්වාභාවික බලවේගයන්ගේ ආකර්ෂණික බව හා ඒවා සමාජ ප්‍රතිසංස්කරණවලට බාධා පමුණුවන ආකාරය ද සම්බර් පෙන්වා දුන්නේ ය.
සම්නර් විසින් රචිත තවත් ග්රන්ථ හා ලිපි කිහිපයක් ම වේ. What Social Classes owe Each Other (1883) යනු ඉන් එක් ග්රන්ථයකි. ඔහුගේ ශිෂ්‍යයකු වූ ඒ.ජී. කෙලර් සම්නර් විසින් රචිත ලිපි සංස්කරණය කළේ ය. 'The Forgotten Man and Other Essays' – 1918 ('අමතක වූ මිනිසා හා වෙනත් රචනා') ඉන් එකකි.
අවුරුදු 69ක් ජීවත් වූ සම්නර් එන්ගල්වුඩ්හි දී මිය ගියේ ය.
(කර්තෘ: දේවිකා ප්‍රියදර්ශනී එදිරිවීර: 1978)
(සංස්කරණය නොකළ)