විලියම් මොරිස්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
William Morris.jpg
(1834-1896). (William Morris). ගෘහ භාණ්ඩ සඳහා ආකෘති පිළියෙළ කරන්නෙකි. චිත්‍ර ශිල්පියෙකි. කවියෙකි. මුද්‍රණ ශිල්පියෙහි ද දක්ෂව සිටියේ ය. ගෘහභාණ්ඩ ගැන බලවත් රුචියක් ඇති කළ මහජනයා ඔහු විසින් නිපදවන ලද 'මොරිස්' ප්‍රමුඛ නිසා 'මොරිස්' යන නාමය මහජනයාට කිසිවිටක අමතක නොවේ. 1834 මාර්තු 24 වන එංගලන්තයේ දී උපන් විලියම් මොරිස් ඔක්ස්පර්ඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබී ය. ඔහු කුඩා වියෙහි සිට ම කවි තැනීමට සහ ගෘහ නිර්මාණ ශිල්පයට රුචියක් දැක්වී ය. පසුව ඔක්ස්පර්ඩ්හි කාව්‍ය ශාස්ත්‍රය පිළිබඳ ආචාර්ය ධුරයක් ලැබුණ ද ඔහු එය ප්‍රතික්ෂේප කළේ ය. 1859 දී විලියම් මොරිස්, ජේන් බර්ඩන් නමැති ඔක්ස්පර්ඩ් අඟනක හා විවාපත් විය. මොරිස් තමාගේ ප්‍රයෝජනය සඳහා සාදා ගත් නිවාසය වූ කලී ගෘහනිර්මාණ ශිල්පය පිළිබඳ හැම අංගයකින් ම පරිපූර්‍ණ වූ කලා පුඤ්ජයක් බඳු විය. 1861 දී කලාත්මක ගෘහ භාණ්ඩ සැරසිලි භාණ්ඩ නිෂ්පාදනය කරන වෙළෙඳ සමාගමක් පිහිටුවීමට ඔහු තමන් සම්පූර්‍ණ සහයෝගය දුන්නේ ය. ඒ සඳහා ඔහු කාලයත් ධනයත් වැය කළේ ය. විලියම් 1885 සිට තම අවසාන මොහොත දක්වා සමාජවාදී පත්පොත් සම්පාදනය කිරීමෙහි යෙදුණේ ය.

(කර්තෘ: හපුගොඩ සුමනතිස්ස ස්ථවිර)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=විලියම්_මොරිස්&oldid=5936" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි