අකීතා

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

මෙය ජපානයේ හොන්ෂු දූපතේ වයඹ දිග වෙරළ අසල ඕමෝනෝ ගඟබඩ අසල පිහිටි නගරයකි. ඒ අවට කෝරළය ද මෙනමින් ම හැඳින්වෙයි. නගරයට සැතැපුම් හතක් ඊශාන දිගින් තායිගේ ශිඛරය (අඩි 3837) පිහිටා තිබේ. අයිනු ආක්‍රමණ ඇති වූ කාලයේ දී (733) හේවා මධ්‍යස්ථානයක් වශයෙන් ඉදිකරන ලද අකීතා පසු කාලයේ දී පටපිළී, රන්, රිදී සහ ලෝකඩ කර්මාන්ත මධ්‍ය ස්ථානයක් වශයෙන් දියුණු විය. අකීතා අවට පිහිටි කඳුකර ප්‍රදේශයෙන් ලැබෙන ඛනිජ තෙල් පිරිසිදු කිරීම පිණිස නගරයෙහි තෙල් ශෝධනාගාරයක් ද තනා තිබේ. තොටමුණ ෂුචිඝාකි ය. මෙහිජනගහනය (1954) 1,67,532කි.

අකීතා කෝරළයෙහි ප්‍රමාණය වර්ග සැතැපුම් 4,500කි. ජනගහනය (1945) 12,12,000කි.මෙහි ඛනිජතෙල් සහ තඹ භාරගනු ලැබේ. දැව කර්මාන්තය ද කරනු ලැබේ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අකීතා&oldid=1684" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි