ෂට්කෝණශෝධන චක්‍රය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

මෙය යම්කිසි මන්ත්‍රයකින් එය ජප කරන්නාට ඇතිවන ඉෂ්ටා'නිෂ්ට ඵල දැන ගැනීමට ඉවහල් වන චක්‍රයකි. චක්‍ර නිර්මාණය මෙසේ ය. ෂට්කෝණ චක්‍රයක් ඇඳ අකාරයේ පටන් හකාරාන්ත කොට ඇති වර්ණ නපුංසක ස්වර රහිත ව පිළිවෙළින් ලිවිය යුතු ය. ඉන්පසු මන්ත්‍රය ජප කරන්නාගේ නමෙහි මුල'කුර පිහිටි කෝණයෙොහි පටන් කවර සංඛ්‍යාවකට වැටෙන කෝණයක මන්ත්‍රයාගේ මූලාක‍්ෂරය තිබේදැ'යි බලා ඒ අනුව ශුභා'ශුභ නිශ්චය කළ යුතුයි. ජප කරන්නාගේ නාමයෙහි මුල'කුර තිබෙන කොනේ ම මන්ත්‍රාක්ෂරය වී නම් සම්පත් ලාභය වේ. දෙවන කොනේ නම් වස්තු විනාශය වේ. තුන්වන කොනෙහි නම් වස්තු ලාභය වේ. සතර වන කොන‍ෙහි නම් නෑයන් හා විරුද්ධ වේ. පස්වන කොනෙහි නම් ව්‍යසන වන්නේ ය. සවන කොනෙහි නම් සියල්ලගේ හානිය වන්නේය.

නිදර්ශනයක් 'සෞමස්‍ය නමඃ' යන මන්ත්‍රයේ මුල'කුර වූ සකාරය දෙවන කොනෙහි බව චක්‍රයෙන් පැහැදිලි වේ. 'ගයාදස' යන නම‍ෙහි මුල'කුර වූ 'ග' කාරය ඊට දෙවැනි කොටුවෙහි බැවින් මේ මන්ත්‍රය ජප කිරීමෙන් වස්තු විනාශය වේ.


1 එ අ ජ ම ෂ ක ධ ඩ

               ඌ ච ඨ අඃ භ ද ශ		        2  න ආ ස ඓ  

ය ජ ඛ ඪ 6 ෂට්කෝණ ශෝධන චක්‍රය

5 3 ථ උ ට බ ඩ ග ඣ ර ව ඞ අං ණ ප හ ඉ

ඊ ඖ ඝ ඤ ත ඵ ල 4


ආශ්‍රිත ග්‍රන්ථ

චක්‍ර සංග්‍රහව

තන්ත්‍ර සඟිය

රුද්‍රයාමලය

වාරාහි තන්ත්‍ර

(කර්තෘ: ඩී.ආර්. සෙනෙවිරත්න: 1956)

(සංස්කරණය නොකළ)