සැගනේ

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Saguenay). මෙය කැනඩාවේ ක්විබෙක් (Quebec)හි ප්‍රධාන ගංගාවකි. සෙන්ට් ලෝරන්ස් නදියේ අතු ගංගාවක් වූ මෙය සැන්ට් ජෝන් විලෙන් පටන් ගනී. දිය ඇළි මාලාවකින් ද යුක්ත වූ සැගනේ ගංගාව ජල විදුලිය නිපදවීමට ද බෙහෙවින් උපකාරී වේ. 1600 දී ප්‍රංශ යටත් විජිත වෙ‍ෙළඳ මධ්‍යස්ථානයක් ලෙස ආරම්භ කරන ලද යුරෝපීයයන්ගේ පැරණි වෙ‍ෙළඳ තොටක් වන ටැඩුසැක් (Tadoussac) පිහිටා ඇත්තේ ද මෙම ගංගාවේ ඊසාන මෝය අසළ ය.

කැනඩාවේ ක්විබෙක් (Quebec) නගරයේ සිට කි.මී. 200ක් පමණ උතුරින් ගොඩබිම් මාර්ගයෙන් සැගනේ (Saguenay) ගඟේ පිහිටි නගරය ද සැගනේ (Saguenay) නමින් හැඳින්වේ. එය ශාන්ත ලෝරන්ස් ගංගාව හා එක්වන ස්ථානයේ පිහිටා ඇති Tadoussac සිට ඉහළට සහ වයඹ දෙසින් කිලෝමීටර් 126ක් පමණ දුරින් වේ.

(කර්තෘ: ජයන්ත විමලසේන: 1957)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=සැගනේ&oldid=4189" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි