සිංහල තරුණ සමිතිය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

පරමාර්ථය

සෛංහලීය සාමාග්‍යය හා සිංහල භාෂෝද්ග්‍රහණය වර්ධනය කිරීම ද සිංහල තරුණයන් තුළ ජාත්‍යාලය දියුණු කිරීම ද සමිතියේ අදහස වේ.

රුස්වීම්

සභා රැස්වීම් සති දෙකකට වරක් සෑම බදාදා ම 5.15ට. මෙම රැස්වීම්වලදී සිංහල ඉතිහාසය හා වෙනත් වැදගත් කරුණු සම්බන්ධ ලියැවිලි කියැවීම් සහ කථා පැවැත්වීම් ද කරනු ලැබේ.

සාමාජිකත්වය

සිංහල ජාතික සියලු දෙනාට ම ඇතුළත් විය හැකි ය. ක්‍රියාකාරී සාමාජිකයන්ගෙන් ඇතුළත් වීම වශයෙන් රු.1.00ක සාමාජික මුදල ............ 50 ආධාරකාරී මුළු වර්ෂයට රු.2.50 සාමාජික මුදල.

සිංහල සහෝදරත්වය

සාමජිකයන් සිංහල ස‍හෝදරත්වය නම් පොරොන්දු පත්‍රයට අත්සන් තැබිය යුතුයි.

පොත්පත්

සාමාජිකයන්ට සමිති‍යේ ලකුණ දරන පදක්කම හා සමිතිය මඟින් ප්‍රසිද්ධ කරනු ලබන සියලු ම සඟරා සහ පොත්පත් ද නොමිලයේ ම යවනු ලැබේ.

සමිතිය මඟින් කරන කටයුතු

1. 'සිංහල තරුණයා' නම් මාසිකය ප්‍රසිද්ධ කිරීම

2. The Sinhalese නම් ඉංග්‍රීසි ත්‍රෛමාසිකයක් පළකිරීම

3. ප්‍රාචීන භාෂෝපකාර සමිතියෙන් පවත්වන විභාගයෙන් සිංහල ඉතිහාසය හා පුරාවිද්‍යාව සම්බන්ධ ඉතා හොඳ දැනීම ඇති ශිෂ්‍යයාට අවුරුදු පතා ත්‍යාගයක් දීම

4. උගත් මහතුන් ලවා ප්‍රසිද්ධ කථා පැවැත්වීම

5. සනීපාරක්ෂාව, ගොවිකම් ශාස්ත්‍රය, සිහල ඉතිහාසය හා වෙනත් ප්‍රයෝජනවත් කරුණු සම්බන්ධ ව ප්‍රසිද්ධ කථාවන් පැවැත්වීමට සිංහල .......... සමිති සාමාජික මහතුන් සංචාරය කිරීම

6. ශාඛා සමිති පිහිටුවීම

7. සිංහල ජාතික උත්සවය පැවැත්වීම

අනුශාසක

ලක්දිව සිවිල් නිලධාරී පෝල් ඊ. පීරිස් ශාස්ත්‍රඥ මන්ත්‍රීවරයාණෝ

උපඅනුශාසක

ශාස්ත්‍රාචාර්ය ඩී.බී. ජයතිලක

සභාපති

ජෝන් ඇම්. සෙනෙවිරත්න

ලේකම්

ඊ.ඒ. අබේසේකර

සභික මහත්වරු

ශ්‍රීමත් සොලමන් දියස් බණ්ඩාරනායක මහමුදලිතුමා

ශ්‍රීමත් ඇස්.ඩී. ඔබේසේකර මැතිතුමා

වංශාධිපති ඒ.ජේ.ආර්. ද සොයිසා මැතිතුමා

වංශාධිපති ටී.බී.ඇල්. මුහමලේ මැතිතුමා

සී.ඊ.‍ කොරයා නීතිඥතුමා

සී.ඊ. වික්ටර් ඇස්. කොරයා අද්වකාත්තුමා

ඒ. මැන්දිස් ගුණසේකර මුදලිතුමා

ඩබ්ලිව්.ඇස්. ගුණවර්ධන මුදලිතුමා

ටියුඩර් රාජපක්ෂ වාසලමුදලිතුමා

ඒ. දිසානායක මුදලිතුමා

ඩොනල්ඩ් ඔබේසේකර අධිනීතිඥතුමා

ජේම්ස් පීරිස් අධිනීතිඥතුමා

සී. බටුවන්තුඩාවේ

ඊ.ඩබ්ලිව්. ප්‍රේරා අද්වකාත්තුමා

සී.ඒ. හේවා විතාරණ වෛද්‍යාචාර්යතුමා

ඩබ්ලිව්. ආතර් ද සිල්වා සාමදාන විනිශ්චයකාරතුමා

හැන්රි අමරසූරිය සාමදාන විනිශ්චයකාරතුමා

ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය මහ‍ගොඩ ශ්‍රී ඥානේශ්වර නායක ස්ථවිරයාණෝ

ගෞරව ජේ.ඇස්. ද සිල්වා දේවගැතිතුමා

ගෞරව ඩබ්ලිව්.ඊ. බොතේජු දේවගැතිතුමා

ගෞරව ඩබ්ලිව්.ඒ. විජේසිංහල දේවගැතිතුමා

එච්.ඇල්. ද මැල් නිතිඥතුමා

............. ජයවර්ධන නිතිඥතුමා

ඩී.ඇස්. සේනානායක මහතා

(1913 ජනවාරි 'සිංහල තරුණයා' සවැනි කාණ්ඩයේ 1 වැනි කලාපයෙන්)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=සිංහල_තරුණ_සමිතිය&oldid=4221" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි