අම්හාරා
සිංහල විශ්වකෝෂය වෙතින්
මෙනමින් හැඳින්වෙනුයේ ඇබිසීනියාවේ (ඉතියෝපියාවේ) මධ්‍යම පළාතයි. මේ පළාතේ අගනුවර ගොන්දර් නමින් ප්‍රකටය. මධ්‍ය යුගයේ සිට ක්‍රි.ව.1854 පමණ දක්වා ඇබිසීනියාවේ අගරජුගේ මාලිගය පිහිටා තුබුණේ මේ නගරයේය. අම්හාරා පළාතෙහි භූමි ප්‍රමාණය වර්ග සැතැපුම් 76,235ක් පමණ වෙයි. 1939 දී ජනගහනය විසි ලක්ෂයකට අධික විය. එයින් වැඩි දෙනෙක් ක්‍රිස්තු භක්තිකයෝය. මේ ප්‍රදේශවාසීන්ගේ භාෂාව අම්හාරික (අම්හාරික භාෂාව (බ.)) යන නමින් හැඳින්වේ. සෙමිටික් භාෂාවක් වූ එය ඇබිසීනියාවේ රාජ්‍ය භාෂාව ද වෙයි.
(සංස්කරණය:1963)