උපාසකජනාලඞ්කාර
කාලිංග මාඝයන් ලංකාව පෙළුැ සමයෙහි (ක්‍රි.ව. 1225) මෙරට හැර විදේශගත වූ ඇතැම් භික්ෂූහු පඬි රට පෙරම්පල්ලි නම් විහාරයක විසූහ. ඒ සිංහල භික්ෂු ගණයා අතුරෙහි ආගමධර වූ ශීලශ්‍රැතාදි ගුණසම්පන්න ආනන්ද නම් තෙර කෙනෙක් වූහ. එතුමෝ “සිහළාචරිය භදන්ත ආනන්ද” තෙරණුවෝ යයි එහි වැසියන් විසින් හඳුන්වන ලදහ. මේ ආනන්ද තෙරුන් විසින් එරට උපාසක ජනයාගේ ප්‍රයෝජනය සඳහා උපාසකජනාලඞ්කාරය පාලි භාෂාවෙන් රචනා කරන ලද්දේය. මෙහි රවනා කාලය තෙළෙස්වැනි ශතවර්ෂයේ මධ්‍යභාගය පමණ බව පෙනේ.
ගෘහස්ථ බෞද්ධ ජනයාට ආගමානුකූල පිරිසිදු ජීවිතයක් සකස් කරගැනීමට මේ ග්‍රන්ථය අතිශයින් උපකාර වෙයි. විශේෂයෙන් විසුද්ධිමග්ගය ඇසුරු කොට වෙනත් පෙළ අටුවා පොත්වලින් සුදුසු තැන් නඟාගෙන උපාසකජනාලඞ්කාරය රචනා කොට තිබේ. පාලි ප්රකරණ ග්රන්ථ ගණයෙහි ලා ගැණෙන මෙය ව්‍යක්ත රචනාවකි. පරිච්ඡේදාවසාන ගාථාවලින් හා ඝටනා ක්‍රමයෙන් ද කතුවරයාගේ ව්‍යක්තභාවය විශදව දක්නට ලැබේ.
මොරතොට ධම්මක්ඛන්ධ මහානායක තෙරණුවන් විසින් උපාසකජනාලඞ්කාරය (බ.) සිංහල භාෂාවට නඟන ලදි.
(සංස්කරණය: 1970)