ඒසව්
සිංහල විශ්වකෝෂය වෙතින්
ඊසාක්ගේ වැඩිමහල් පුත්රයාය. ඔහු රොටි හා කොල්ලු ව්යඤ්ජනයකට තමාගේ කුලුඳුල්කම විකුණූ බව බයිබලයේ උත්පත්ති කථාවේ (25.33) සඳහන් වේ. ඔහුගෙන් කුලුඳුල්කම ලබාගත් ඔහුගේ නිඹුල් සොහොයුරු යාකොබ් උපායකින් තම පියාගේ ආශිර්වාදය ද ලබාගත්තේය. මේ නිසා තම අයිතිවාසිකම් අහිමි වී ගිය ඒසව් ජන්මභූමියෙන් ඉවත්ව සේයිරී කන්ද හාත්පස ප්රදේශය වාසභූමිය කරගත්තේය. ඒසව් ඒදොම් යන නමින් ද හැඳින්වේ.
(සංස්කරණය: 1974)