ඔටාගෝ
සිංහල විශ්වකෝෂය වෙතින්
(Otago). නිව්සීලන්තයේ සවුත් අයිලන්ඩ් නම් දූපතෙහි පිහිටි දිස්ත්‍රික්කයකි. මේ ප්‍රදේශයේ ඇති කඳුවැටි නිසා ගොවිතැන් කළ හැකි බිම් ප්‍රමාණය අඩුය. මෙහි මැද ප්‍රදේශයෙහි රන් ලැබේ. කෛටන්ගට (Kaitangata) ප්‍රදේශයෙහි ගල් අඟුරු ද දකුණු වෙරළබඩ දැව ද සුලභය. බැටළුවන් ඇති කිරීම හා ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය මෙහි ප්‍රධාන රැකීරක්ෂාය. ජනගහනය (1961) 176,375කි.
(සංස්කරණය: 1974)