"ඔකාපි" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(ඔකාපියා ජොන්ස්ටෝනි - Okapia johnstoni). ජිරාෆ්ට කිට්ටු නෑ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
1 පේළිය: 1 පේළිය:
−
(ඔකාපියා ජොන්ස්ටෝනි - Okapia johnstoni). ජිරාෆ්ට කිට්ටු නෑකම් දක්වන, වමාරා කන හෙවත් රෝමන්ථක, ක්ෂීරපායි සතෙකි. උගන්ඩා සහ කොංගෝ ප්‍රදේශවල දේශ සීමාවෙහි සෙම්ලිකි වනාන්තරයේ ඔකාපි ජීවත් වෙයි. පළමුවෙන් ඌ සොයා ගනු ලැබුයේ ක්‍රි.ව. 1900 දී සර් එච්.එච්. ජොන්ස්ටන් විසිනි.  
+
[[ගොනුව:5-432.jpg|400px|right]](ඔකාපියා ජොන්ස්ටෝනි - Okapia johnstoni). ජිරාෆ්ට කිට්ටු නෑකම් දක්වන, වමාරා කන හෙවත් රෝමන්ථක, ක්ෂීරපායි සතෙකි. උගන්ඩා සහ කොංගෝ ප්‍රදේශවල දේශ සීමාවෙහි සෙම්ලිකි වනාන්තරයේ ඔකාපි ජීවත් වෙයි. පළමුවෙන් ඌ සොයා ගනු ලැබුයේ ක්‍රි.ව. 1900 දී සර් එච්.එච්. ජොන්ස්ටන් විසිනි.  
  
ප්‍රමාණයෙන් ඔකාපියා ගොනකුට වඩා තරමක් කුඩාය. ඌ අඩි 5ක් පමණ උසය. උගේ කන් ජිරාෆ්ගේ කන්වලට වඩා ලොකුය; බෙල්ල හා ගාත් ජිරාෆ්ගේ බෙල්ල හා ගාත්වලට වඩා කෙටිය. ඔකාපියාගේ ශරීරය දම්පාටය; කම්මුල් කහපාටට හුරු සුදුපාටය. සීබ්‍රාගේ ශරීරයේ තිබෙන වයිරම්වල ආකාරයට උගේ ගාත්වල හා ශරීරයේ පස්සා කොටස්වල ළා කහපාට වයිරම් හා දම්පාටට හුරු කළුපාට වයිරම් ද පිහිටා ඇත. අං ඇත්තේ පිරිමි සතාට පමණි. අං දෙකේ කුඩා තුඩු පමණක් අං වසා තිබෙන සම පසාරු කරගෙන පිටතට නෙරා සිටී. ඉහළ රදනක දත් හා පාර්ශ්වික පා ඇඟිලි මේ සතාගේ විකසනය නොවේ.  
 
15:13, 13 ඔක්තෝබර් 2026 වන විට නවතම සංශෝධනය

5-432.jpg
(ඔකාපියා ජොන්ස්ටෝනි - Okapia johnstoni). ජිරාෆ්ට කිට්ටු නෑකම් දක්වන, වමාරා කන හෙවත් රෝමන්ථක, ක්ෂීරපායි සතෙකි. උගන්ඩා සහ කොංගෝ ප්‍රදේශවල දේශ සීමාවෙහි සෙම්ලිකි වනාන්තරයේ ඔකාපි ජීවත් වෙයි. පළමුවෙන් ඌ සොයා ගනු ලැබුයේ ක්‍රි.ව. 1900 දී සර් එච්.එච්. ජොන්ස්ටන් විසිනි.

ප්‍රමාණයෙන් ඔකාපියා ගොනකුට වඩා තරමක් කුඩාය. ඌ අඩි 5ක් පමණ උසය. උගේ කන් ජිරාෆ්ගේ කන්වලට වඩා ලොකුය; බෙල්ල හා ගාත් ජිරාෆ්ගේ බෙල්ල හා ගාත්වලට වඩා කෙටිය. ඔකාපියාගේ ශරීරය දම්පාටය; කම්මුල් කහපාටට හුරු සුදුපාටය. සීබ්‍රාගේ ශරීරයේ තිබෙන වයිරම්වල ආකාරයට උගේ ගාත්වල හා ශරීරයේ පස්සා කොටස්වල ළා කහපාට වයිරම් හා දම්පාටට හුරු කළුපාට වයිරම් ද පිහිටා ඇත. අං ඇත්තේ පිරිමි සතාට පමණි. අං දෙකේ කුඩා තුඩු පමණක් අං වසා තිබෙන සම පසාරු කරගෙන පිටතට නෙරා සිටී. ඉහළ රදනක දත් හා පාර්ශ්වික පා ඇඟිලි මේ සතාගේ විකසනය නොවේ.

පඳුරුවල හා අපිශාකවල (epiphytes) කොළ ඔකාපියාගේ ප්‍රධාන ආහාරය වේ. වනාන්තරයේ ගස් කොළන් ආදිය අතර ඌ එහා මෙහා ගමන් කරන විට උගේ ආරක්ෂක වර්ණය නිසා ඌ පහසුවෙන් දක්නට නොලැබේ. පිරිමි සතා ද ගෑනු සතා ද එකට ජීවත් වෙති. තනි තනිව හෝ ජෝඩු වශයෙන් ජීවත් වන ඔකාපි සාමාන්‍යයෙන් නිශාචරය.

මමාලියා වර්ගයෙහි ආටියොඩක්ටිලා (බ.) ගෝත්‍රයෙහි ගිරාෆිඩෙ (Giraffidae) කුලයට ඔකාපි අයත්ය.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඔකාපි&oldid=11834" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි