"අමාත්‍යයා" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('වර්තමානයේ බොහෝ රටවල අමාත්‍යයා වශයෙන් හඳුන්වන...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
11 පේළිය: | 11 පේළිය: | ||
ජාතක කථාවලින් ලැබෙන තොරතුරුවලට අනුවව සෑම රජකුට ම අමාත්‍යවරුන් විශාල සංඛ්‍යාවක් සිටි බව පෙනේ. ඒ ඒ කාර්යංශයන් භාරව විශේෂ ඇමතිවරුන් සිටි බව ද තවදුරටත් හෙළිවේ. බෝධිසත්වයන්වහන්සේ බ්‍රහ්මදත්ත නම් රජකුගේ අධිකරණ ඇමතිව සිටි බව කූටවාණිජ ජාතකයෙහි සඳහන් වේ. යටුවම් (ඉඩම් මැනීම) කරන ඇමතියකු ගැන ද ජාතක කථාවක තොරතුරු එයි. | ජාතක කථාවලින් ලැබෙන තොරතුරුවලට අනුවව සෑම රජකුට ම අමාත්‍යවරුන් විශාල සංඛ්‍යාවක් සිටි බව පෙනේ. ඒ ඒ කාර්යංශයන් භාරව විශේෂ ඇමතිවරුන් සිටි බව ද තවදුරටත් හෙළිවේ. බෝධිසත්වයන්වහන්සේ බ්‍රහ්මදත්ත නම් රජකුගේ අධිකරණ ඇමතිව සිටි බව කූටවාණිජ ජාතකයෙහි සඳහන් වේ. යටුවම් (ඉඩම් මැනීම) කරන ඇමතියකු ගැන ද ජාතක කථාවක තොරතුරු එයි. | ||
මුදල් පාලනය, අධිකරණය, යුදකටයුතු ආදිය භාර වූ ඇමතිවරුන් ද සිටි අතර ඇතැම් යුගවල රජවරුන් විසින් ඇතැම් යුගවල රජවරුන් විසින් ඇතැම් අවස්ථාවල දී විශේෂ ඇමතිධූර ද ආරම්භ කොට තිබුණු බව පෙනේ. අශෝක රජු තමාගේ ධර්මප්‍රචාරය සඳහා "ධම්ම මහාමාත්‍ර" යන නමින් විශේෂ අමාත්‍යවරුන් පිරිසක් ඇතිකළ බව ඔහුගේ සෙල්ලිපිවලින් ඔප්පු වේ. ගුප්ත රාජ්‍ය සමයේ දී කුමාරාමත්‍ය නමින් හැඳින්වුණු අමාත්‍යවරුන් කොටසක් ද සිටි බව ඉතිහාසයේ සඳහන් වේ. | මුදල් පාලනය, අධිකරණය, යුදකටයුතු ආදිය භාර වූ ඇමතිවරුන් ද සිටි අතර ඇතැම් යුගවල රජවරුන් විසින් ඇතැම් යුගවල රජවරුන් විසින් ඇතැම් අවස්ථාවල දී විශේෂ ඇමතිධූර ද ආරම්භ කොට තිබුණු බව පෙනේ. අශෝක රජු තමාගේ ධර්මප්‍රචාරය සඳහා "ධම්ම මහාමාත්‍ර" යන නමින් විශේෂ අමාත්‍යවරුන් පිරිසක් ඇතිකළ බව ඔහුගේ සෙල්ලිපිවලින් ඔප්පු වේ. ගුප්ත රාජ්‍ය සමයේ දී කුමාරාමත්‍ය නමින් හැඳින්වුණු අමාත්‍යවරුන් කොටසක් ද සිටි බව ඉතිහාසයේ සඳහන් වේ. | ||
+ | |||
+ | '''අමාත්‍යමණ්ඩල:'''රජකුගේ සෑම ඇමතියකු ම ඇතුළත් අමත්‍ය මණ්ඩලයක් ගැන ද සෙල්ලිපිවල හා පැරණි ග්‍රන්ථවල සඳහන්ය. ඔහු, යාඥවල්ක්‍ය ආදී නීතිවිශාරදයෝ ද රටපාලනය සඳහා රජකුට ඇමති මඬුල්ලක අනුශාසනය අවශ්‍ය බව පවසති. මෙවැනි අමාත්‍යමණ්ඩලයක් (මන්ත්‍රි පර්ෂද්) ගැන කෞටිල්‍යයන්ගේ අර්ථශාස්ත්‍රයෙහි හා අශෝක සෙල්ලිපි කිහිපයක ද සඳහන් වේ. ඇතැම් අවස්ථාවල දී රජුට ඇමති මඬුල්ලේ තීරණයන්ට පටහැණිව ක්‍රියාකිරීමට නුපුළුවන් වූ බව රුද්‍රදාමන් රජුගේ ජුනාසර් සෙල්ලිපියෙන් ඔප්පු වේ. ගිරිනගරයෙහි සුදර්ශන තඩාගය අලුත්වැඩියා කරවීම ගැන අමාත්‍ය මණ්ඩලය සාකච්ඡා කළ අවස්ථාවේ දී එක් ඇමතියකු හැර අනෙක් ඇමතියන් සියලුදෙන ම ඊට විරුද්ධත්වය ප්‍රකාශ කළ බවත් රජුට ඔවුන්ගේ තීරණයට එකඟවීමට සිදුවු බවත් එම සෙල්ලිපිවලිනුත් පොළොන්නරු යුගයේ ඇමති මඬුල්ලක් වූ බව පෙනේ. ලංකාවේ විජය රජු සුමිත්‍ර කුමරුට හසුන් යැවීමට පෙර ඇමති මඬුල්ල හා සාකච්ඡා කළ බව මහාවංසයෙහි සඳහන්ය. එහෙත් අනුරාධපුරයෙහි එවැන්නක් තිබූ බවට සෙල්ලිපි සාක්ෂ්‍ය නොදරයි. ලීලාවතී රැජින විසින් ප්‍රඥාවික්‍රම ශක්ති සම්පන්න අමාත්‍ය මණ්ඩලයක් ඇති කළ බව ඇයගේ අනුරාධපුර සෙල්ලිපියෙන් හෙළි වේ. මේ පෞරාණික ඇමති මඬුල්ල හා වර්තමාන කැබිනට් මණ්ඩලය අතර සාම්‍යයක් නොමැත. | ||
+ | |||
+ | යටකී ලෙස ලංකාවේ ප්‍රථම ක්ෂත්‍රීය පාලකයා වශයෙන් සැලකෙන විජය රජු තමාගෙන් පසු රජකම භාරදීමට සුමිත්‍ර කුමාරයාට හසුන්පත් යැවීමට පෙර තම ඇමතියන් හා මන්ත්‍රණය කළ බව මහාවංසයේ සඳහන් වීමෙන් පෙනී යන්නේ ලංකා ඉතිහාසයේ ආරම්භයේ සිට ම අමාත්‍ය ධූරය පැවැති බවය. දඹදිව අශෝක රජු වෙත ලංකාවෙ දේවානම්පියතිස්ස රජු විසින් පළමුවෙන් ම යවන ලද දූත පිරිසට මහා අරිට්ඨ නම් ඇමතියකු ද මල්ල නම් තවත් ඇමතියකු ද ඇතුළත් වූ බව මහාවංසටිකාවෙහි සඳහන් වෙයි. ලෙන්ලිපි හා සෙල්ලිපි බොහොමයක ද අමාත්‍යයන් ගැන සඳහන්ය. | ||
+ | |||
+ | මුල් යුගයේ දී අමාත්‍යයන්ගේ කාර්‍ය්‍ය මේ මේ වී යයි නිශ්චය වශයෙන් කිව නොහේ. ඔවුනට යම් යම් කාර්‍ය්‍ය මේ මේ වී යයි නිශ්චය වශයෙන් කිව නොහේ. ඔවුනට යම් යම් කාර්‍ය්‍යන් පවරනු ලැබුයේ රජු විසිනි. බොහෝ විට ඒ ඒ පළාත් පාලනය කිරීමටත් රට වැසියා රජුට ගෙවිය යුතුව තිබූ අයබදු එකතු කිරීමටත් ඔවුහු යවනු ලැබූහ. රාජුකුමාරයෙකු විසින් පාලනය කරනු ලැබූ නාගදීපය වසභ රජුගේ රාජ්‍ය සමයේ ඇමතියකු විසින් පාලනය කරන ලද බව බල්ලිපුරම් සෙල්ිපියෙන් දැක්වේ. වැසියන් තළාපෙළා තමන්ගේ පෞද්ගලික ධනය තරකර ගැනීමට එවැනි තත්වයන්හි සිටි අමාත්‍යන්ට අවස්ථ පැදුණ බව රසවාහිනියෙහි ඇතුළත් කථාවලින් හෙළිවේ. එවැනි අයථා ක්‍රම ගැන අසා උදහස් වූ රජුන්ට බියෙන් සහරුන් පලා ගිය බව ද ඇතැම් වැදගත් පවුල්වලට අමාත්‍ය පදවිය පරම්පරාගත උරුමයයෙන් හිමිවූ බව සඳහන් වේ. | ||
+ | |||
+ | පොළොන්නරු යුගය වන විට ඉන්දියාවේ මෙන් ලංකාවේ ද ඒ ඒ කාර්යාංශයන් භාරව අමාත්‍යයන් සිටි බව පෙනේ. අනුරාධපුර යුගය ගැන එවැන්නක් විශේෂයෙන් සඳහන් වී නොමැත. එහෙත් භාණ්ඩාගාරය, අධිකරණය, යුදකටයුතු ආදිය භාරව අමාත්‍යවරුන් සිටි බව සිතිය හැකිය. පොළොන්නරු යුගයේ සිටි එවැනි අමා්‍යයන් කිහිප දෙනෙකු ගැන චුලවංසයෙහි දැක්වෙයි. මහා පරාක්‍රමබාහු රජු යටතේ සිටි ආදිච්ච නම් ගණක අමාත්‍යයා යයි චූලවංසයේ එන විස්තරය අනුව නිගමනය කළ හැකි ය. ආර්ථික හා යුද්ධ කටයුතු භාරව මූලාමත්‍ය නමින් හැඳින්වුණු ඇමතිවරුන් දෙදෙනෙකු ද වූ බව චූළවංසයෙන් පෙනේ. මහා පරාක්‍රමබාහු මායාරට රජවීමෙන් පසු [[අන්තරඬ්ගධූරය]] (බ.) නමින් අලුත් ඇමති ධූරයක් ඇති කළ බව තවදුරටත් සඳහන්ය. කෝට්ටේ යුගයේ දී ද අමාත්‍යයන් වශයෙන් හැඳින්වූහ. මේ යුගයට අයත් කෘතීන්හි සන්නස් ඇමතියකු ගැන සඳහන් වේ. | ||
+ | |||
+ | සිංහල රජවරුන්ට ද ප්‍රධාන අමාත්‍යයකු සිටි බව පැරණි සෙල්ලිපිවලින් හා සාහිත්‍යයෙන් ද ඔප්පු වේ. දේවප්‍රතිරාජ නම් අගමැති කෙනෙකු ගැන ඉතිහාසයේ සඳහන්ය. හංස සන්දේශයෙහි වික්‍රමසිංහ නම් අගමැති කෙනකු ගැන කියෙව්. ([[අග්‍රාමාත්‍යයා]] බ.) | ||
(සංස්කරණය:1963) | (සංස්කරණය:1963) | ||
[[ප්‍රවර්ගය:අ]] | [[ප්‍රවර්ගය:අ]] |
11:16, 5 ජූලි 2023 වන විට නවතම සංශෝධනය
වර්තමානයේ බොහෝ රටවල අමාත්‍යයා වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ අමාත්‍යාංශයක් හෝ මාත්‍යාංශ කිහිපයක් භාරව සිටින තැනැත්තාය.
අද පවතින පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රම සම්ප්‍රදාය අනුව සෑම අමාත්‍යෙයක් ම අමාත්‍ය මණ්ඩලයේ හෙවත් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයකු වන අතර පාර්ලිමෙන්තු සභිකයෙක් ද වේ. (එහෙත් බ්‍රිතාන්‍යය් ක්‍රමය තරමක් වෙනස්ය. බ්‍රිතාන්‍යයේ සෑම අමාත්‍යෙයක් ම කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙක් නොවේ.) අමාත්‍යවරු ආණ්ඩුපක්ෂයේ සාමාජිකයෝ වෙත්. අගමැතිගේ උපදෙස් පිට අග්‍රාණ්ඩුකාර තුමා විසින් දෙපාර්තමේන්තු කිහිපයක් එක්කොට කරන ලද අමාත්‍යාංශ භාරව මොවුහු පත් කරනු ලැබෙත්. වැදගත් පනත් ආදිය පාර්ලිමේන්තුවෙහි ඉදිරිපත් කිරීමට බලය ඇත්තේ සියලූ ම විධායක කටයුතු පාලනය කරනු ලබන මොවුනටය. අමාත්‍යවරු රජයේ ප්‍රතිපත්තියට පෞද්ගලික වශයෙන් නොව සාමුහිකව වගකිව යුත්තාහ.
ලංකාවේ දෙපාර්තමේන්තු භාරව පළමුවෙන් අමාත්‍යවරුන් පත් කරනු ලැබූවේ ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය (බග) යටතේ ය. ස්වදේශපාලන කටයුතු, කෘෂිකර්මය, පළාත්පාලනය, සෞඛ්‍යය, අධ්‍යාපනය, වෙළඳ කටයුතු හා කර්මාන්ත, ගමනා ගමන, මංමාවත් යන කාර්‍ය්‍ය මේ අමාත්‍යවරුන් භාරයට පත්විය. විධායක කටයුතු පාලනය කළෝ මොවුහුය. පනත් ඉදිරිපත් කිරීමේ බලය ඔවුන්ට තිබිණ. එහෙත් ආණ්ඩුකාරතැනගේ බලතල නිසාත් රාජ්‍ය නිලධාරීන්ගේ පැවැත්ම නිසාත් මොවුන්ගේ බලය සීමාවිය. අද මෙන් එම අමාත්‍යවරුන් සාමූහික වගකීමක් උඩ බැඳී සිටියේ ද නැත.
ලංකාවේ වර්‍තමාන අමාත්‍ය තනතුර බ්‍රිතාන්‍ය පාර්ලිමේනතු ක්‍රමය අනුව මෑතක දී ඇති කරනු ලැබුව ද ඈත අතීතයේ සිට ම ඉන්දියාවේත් ලංකාවේත් අමාත්‍ය තනතුර පැවති බවට සාක්ෂ්‍ය ඇත. එකල අමාත්‍යයා වර්තමාන අමාත්‍යයාට හාත්පසින් ම වෙනස් විය. ඔහු වූ කලී රාජසේවකයෙකි. ඔහුගේ රාජකාර්‍ය්‍යයන් මේ යයි නිශ්චය වශයන් වෙන් කොට නොතිබිණ. රාජසභාවන් අමාත්‍යයන්ගෙන් ද සමන්විත වූ අතර ඇතැම් අවස්ථාවල දී ඔවුන් රජුට අවවාද අනුශාසනා කළ බව පෙනේ. ඇතැම් කාලවල දී යම් යම් කටයුතු භාරව අමාත්‍යවරු පත් කරන ලදහ. ඔවුහු පළාත් පාලනය කරනු සඳහාත් බදු එකතු කිරිම සඳහාත් යවනු ලැබූහ.
ධර්මශාස්ත්‍ර හා නීති ශාස්ත්‍ර ඉන්දියාවේ අමාත්‍ය තනතුර ගැන සඳහන් වන පැරණිම ග්‍රන්ථ හැටියට සැලකිය හැකිය. නඩු විභාග කිරීමේ දී රජුට උපදෙස් දුන්නවුන් අතර අමාත්‍යයන්ද සිටි බව කාත්‍යායන සඳහන් කරයි. ඇමතිවරුන් පත්කර ගන්නා ලද්දේ රජු විසිනි. අමාත්‍ය තනතුරට පත්කරගනු ලැබූවන් අයත් වූ පවුල් සමාජයේ වෙන ම පංන්තියකට ගැනුණු බව මෙගැස්තීනිස් පවසයි. ඔවුන් තෝරා ගනු ලැබුවේ ද සුදුසුකම් අනුවය. සෑම රජකු විසින් ම රට පාලනය සඳහයා ඇමතියන් සංඛ්‍යාවක් පත් කරගත යුතු බවත් ඔවුන්ගේ අනුශාසනා අනුව ක්‍රියා කළ යුතු බවත් කෞටිල්‍යයන්ගේ අර්ථශාස්ත්‍රයෙහි හා මනුසංහිතාවෙහි සඳහන් වේ. කෞටිල්‍යාචාරීන්ගේ අදහස වූයේ ඇමතිවරුන් සංඛ්‍යාව අඩු වූ විට රජය වඩ වඩාත් ක්‍රියාශීලී වන බවය. ශුක්‍රනීතිසාරයට අනුව ඉන්දියාවේ රජකුට ප්‍රධාන අමාත්‍යවරුන් දසදෙනකු සිටිය යුතු විය. පුරෝධා, ප්‍රතිනිධි, ප්‍රධාන, සවිව, මන්ත්‍රි, ප්‍රාඩ්විවාක පණ්ඩිත, සුමන්ත්‍රක ආදීහු ඉන් කිහිප දෙනෙකි. එහෙත් රජවරුන් අමාත්‍යයන්ගේ අනුශාසනා සියල්ලක් ම සෑම විට ම පිළිගත් බවක් නොපෙනේ. අග්‍රාමාත්‍යයා (බ.) හෙවත් මහාමාත්‍යයා රජුගේ ඇමති ගණයා අතර ප්‍රධානියා විය.
ජාතක කථාවලින් ලැබෙන තොරතුරුවලට අනුවව සෑම රජකුට ම අමාත්‍යවරුන් විශාල සංඛ්‍යාවක් සිටි බව පෙනේ. ඒ ඒ කාර්යංශයන් භාරව විශේෂ ඇමතිවරුන් සිටි බව ද තවදුරටත් හෙළිවේ. බෝධිසත්වයන්වහන්සේ බ්‍රහ්මදත්ත නම් රජකුගේ අධිකරණ ඇමතිව සිටි බව කූටවාණිජ ජාතකයෙහි සඳහන් වේ. යටුවම් (ඉඩම් මැනීම) කරන ඇමතියකු ගැන ද ජාතක කථාවක තොරතුරු එයි. මුදල් පාලනය, අධිකරණය, යුදකටයුතු ආදිය භාර වූ ඇමතිවරුන් ද සිටි අතර ඇතැම් යුගවල රජවරුන් විසින් ඇතැම් යුගවල රජවරුන් විසින් ඇතැම් අවස්ථාවල දී විශේෂ ඇමතිධූර ද ආරම්භ කොට තිබුණු බව පෙනේ. අශෝක රජු තමාගේ ධර්මප්‍රචාරය සඳහා "ධම්ම මහාමාත්‍ර" යන නමින් විශේෂ අමාත්‍යවරුන් පිරිසක් ඇතිකළ බව ඔහුගේ සෙල්ලිපිවලින් ඔප්පු වේ. ගුප්ත රාජ්‍ය සමයේ දී කුමාරාමත්‍ය නමින් හැඳින්වුණු අමාත්‍යවරුන් කොටසක් ද සිටි බව ඉතිහාසයේ සඳහන් වේ.
අමාත්‍යමණ්ඩල:රජකුගේ සෑම ඇමතියකු ම ඇතුළත් අමත්‍ය මණ්ඩලයක් ගැන ද සෙල්ලිපිවල හා පැරණි ග්‍රන්ථවල සඳහන්ය. ඔහු, යාඥවල්ක්‍ය ආදී නීතිවිශාරදයෝ ද රටපාලනය සඳහා රජකුට ඇමති මඬුල්ලක අනුශාසනය අවශ්‍ය බව පවසති. මෙවැනි අමාත්‍යමණ්ඩලයක් (මන්ත්‍රි පර්ෂද්) ගැන කෞටිල්‍යයන්ගේ අර්ථශාස්ත්‍රයෙහි හා අශෝක සෙල්ලිපි කිහිපයක ද සඳහන් වේ. ඇතැම් අවස්ථාවල දී රජුට ඇමති මඬුල්ලේ තීරණයන්ට පටහැණිව ක්‍රියාකිරීමට නුපුළුවන් වූ බව රුද්‍රදාමන් රජුගේ ජුනාසර් සෙල්ලිපියෙන් ඔප්පු වේ. ගිරිනගරයෙහි සුදර්ශන තඩාගය අලුත්වැඩියා කරවීම ගැන අමාත්‍ය මණ්ඩලය සාකච්ඡා කළ අවස්ථාවේ දී එක් ඇමතියකු හැර අනෙක් ඇමතියන් සියලුදෙන ම ඊට විරුද්ධත්වය ප්‍රකාශ කළ බවත් රජුට ඔවුන්ගේ තීරණයට එකඟවීමට සිදුවු බවත් එම සෙල්ලිපිවලිනුත් පොළොන්නරු යුගයේ ඇමති මඬුල්ලක් වූ බව පෙනේ. ලංකාවේ විජය රජු සුමිත්‍ර කුමරුට හසුන් යැවීමට පෙර ඇමති මඬුල්ල හා සාකච්ඡා කළ බව මහාවංසයෙහි සඳහන්ය. එහෙත් අනුරාධපුරයෙහි එවැන්නක් තිබූ බවට සෙල්ලිපි සාක්ෂ්‍ය නොදරයි. ලීලාවතී රැජින විසින් ප්‍රඥාවික්‍රම ශක්ති සම්පන්න අමාත්‍ය මණ්ඩලයක් ඇති කළ බව ඇයගේ අනුරාධපුර සෙල්ලිපියෙන් හෙළි වේ. මේ පෞරාණික ඇමති මඬුල්ල හා වර්තමාන කැබිනට් මණ්ඩලය අතර සාම්‍යයක් නොමැත.
යටකී ලෙස ලංකාවේ ප්‍රථම ක්ෂත්‍රීය පාලකයා වශයෙන් සැලකෙන විජය රජු තමාගෙන් පසු රජකම භාරදීමට සුමිත්‍ර කුමාරයාට හසුන්පත් යැවීමට පෙර තම ඇමතියන් හා මන්ත්‍රණය කළ බව මහාවංසයේ සඳහන් වීමෙන් පෙනී යන්නේ ලංකා ඉතිහාසයේ ආරම්භයේ සිට ම අමාත්‍ය ධූරය පැවැති බවය. දඹදිව අශෝක රජු වෙත ලංකාවෙ දේවානම්පියතිස්ස රජු විසින් පළමුවෙන් ම යවන ලද දූත පිරිසට මහා අරිට්ඨ නම් ඇමතියකු ද මල්ල නම් තවත් ඇමතියකු ද ඇතුළත් වූ බව මහාවංසටිකාවෙහි සඳහන් වෙයි. ලෙන්ලිපි හා සෙල්ලිපි බොහොමයක ද අමාත්‍යයන් ගැන සඳහන්ය.
මුල් යුගයේ දී අමාත්‍යයන්ගේ කාර්‍ය්‍ය මේ මේ වී යයි නිශ්චය වශයෙන් කිව නොහේ. ඔවුනට යම් යම් කාර්‍ය්‍ය මේ මේ වී යයි නිශ්චය වශයෙන් කිව නොහේ. ඔවුනට යම් යම් කාර්‍ය්‍යන් පවරනු ලැබුයේ රජු විසිනි. බොහෝ විට ඒ ඒ පළාත් පාලනය කිරීමටත් රට වැසියා රජුට ගෙවිය යුතුව තිබූ අයබදු එකතු කිරීමටත් ඔවුහු යවනු ලැබූහ. රාජුකුමාරයෙකු විසින් පාලනය කරනු ලැබූ නාගදීපය වසභ රජුගේ රාජ්‍ය සමයේ ඇමතියකු විසින් පාලනය කරන ලද බව බල්ලිපුරම් සෙල්ිපියෙන් දැක්වේ. වැසියන් තළාපෙළා තමන්ගේ පෞද්ගලික ධනය තරකර ගැනීමට එවැනි තත්වයන්හි සිටි අමාත්‍යන්ට අවස්ථ පැදුණ බව රසවාහිනියෙහි ඇතුළත් කථාවලින් හෙළිවේ. එවැනි අයථා ක්‍රම ගැන අසා උදහස් වූ රජුන්ට බියෙන් සහරුන් පලා ගිය බව ද ඇතැම් වැදගත් පවුල්වලට අමාත්‍ය පදවිය පරම්පරාගත උරුමයයෙන් හිමිවූ බව සඳහන් වේ.
පොළොන්නරු යුගය වන විට ඉන්දියාවේ මෙන් ලංකාවේ ද ඒ ඒ කාර්යාංශයන් භාරව අමාත්‍යයන් සිටි බව පෙනේ. අනුරාධපුර යුගය ගැන එවැන්නක් විශේෂයෙන් සඳහන් වී නොමැත. එහෙත් භාණ්ඩාගාරය, අධිකරණය, යුදකටයුතු ආදිය භාරව අමාත්‍යවරුන් සිටි බව සිතිය හැකිය. පොළොන්නරු යුගයේ සිටි එවැනි අමා්‍යයන් කිහිප දෙනෙකු ගැන චුලවංසයෙහි දැක්වෙයි. මහා පරාක්‍රමබාහු රජු යටතේ සිටි ආදිච්ච නම් ගණක අමාත්‍යයා යයි චූලවංසයේ එන විස්තරය අනුව නිගමනය කළ හැකි ය. ආර්ථික හා යුද්ධ කටයුතු භාරව මූලාමත්‍ය නමින් හැඳින්වුණු ඇමතිවරුන් දෙදෙනෙකු ද වූ බව චූළවංසයෙන් පෙනේ. මහා පරාක්‍රමබාහු මායාරට රජවීමෙන් පසු අන්තරඬ්ගධූරය (බ.) නමින් අලුත් ඇමති ධූරයක් ඇති කළ බව තවදුරටත් සඳහන්ය. කෝට්ටේ යුගයේ දී ද අමාත්‍යයන් වශයෙන් හැඳින්වූහ. මේ යුගයට අයත් කෘතීන්හි සන්නස් ඇමතියකු ගැන සඳහන් වේ.
සිංහල රජවරුන්ට ද ප්‍රධාන අමාත්‍යයකු සිටි බව පැරණි සෙල්ලිපිවලින් හා සාහිත්‍යයෙන් ද ඔප්පු වේ. දේවප්‍රතිරාජ නම් අගමැති කෙනෙකු ගැන ඉතිහාසයේ සඳහන්ය. හංස සන්දේශයෙහි වික්‍රමසිංහ නම් අගමැති කෙනකු ගැන කියෙව්. (අග්‍රාමාත්‍යයා බ.)
(සංස්කරණය:1963)