"අම්බන-2" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('මාතලේ දිස්ත්‍රික්කයේ අඹන්ගඟ කෝරළේ ගම්පහ සිය...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
15:06, 6 ජූලි 2023 වන විට නවතම සංශෝධනය
මාතලේ දිස්ත්‍රික්කයේ අඹන්ගඟ කෝරළේ ගම්පහ සිය පන්තුවට අයත් පැරණි කුඩා ගමකි. අම්බන කන්ද නමැති උස් භූමියකින් යුත් මේ ගම අසලින් අඹන්ගඟ (බ.) ගලා බසී. මීගමු යුද්ධයේ දී දක්ෂ ලෙස සටන් කළ මීගමු මුදියන්සේ නමැති ද්‍රවිඩ ජාතික මස්මරන්නකුට සිංහල රජකු විසින් මේ ගම සන්නසකින් පවරා දෙන ලදැයි සඳහන් වේ. පැරණි ධාන්‍යාගාරයක් නෂ්ටාවශෙෂ මෙහි දක්නට ලැබේ.
(සංස්කරණය:1963)