"අනකාඩියාසේ" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
1 පේළිය: 1 පේළිය:
[[ගොනුව:F-2.jpg|400px|left]][Anacardiaceae (අඹ කුලය)]. මෙය ද්විබීජපත්‍ර (dicotyledonous) ශාක කුලයකි. මේ කුලයට අයත් ශාක සාමාන්‍යයෙන් ගස් හෝ පඳුරු (shrubs) ය. කඳේ පොත්තෙහි නොයෙක් දුම්මල (resin) වර්ග තිබේ. කොළ සරල හෝ ත්‍රිපත්‍රි (trifoliate) හෝ අසම පක්ෂ (imparipinnate) හෝ විය හැකිය. ඒකාන්තර (alternate) ය. උපපත්‍ර (stipules) නැත. සංයුක්ත ඒකාක්ෂවල (panicles) කුඩා මල් රාශි වශයෙන් තිබේ. මල් ද්විලිංගිකය, ක්‍රමවත් (regular) ය, සාමාන්‍යයෙන් පංචාංක (pentamerous) ය. අධෝජායාංග (hypogynous) තත්ත්වයේ සිට අපිජායාංග (epigynous) තත්ත්වය දක්වා වෙනස්ව පවතී. සාමාන්‍යයෙන් මල්වල රේණු 10 සිට 5 දක්වා වේ. ඩිම්බකෝෂයේ (ovary) අණ්ඩප (carpels) බද්ධය. ඒවා 3 සිට 1 දක්වා ඇත. කලාතුරකින් අණ්ඩප පහක් තිබෙන්නට ද පුළුවන. ඵලය සාමාන්‍යයෙන් අෂ්ටිලයකි (drupe). ඇටේ බීජපත්‍ර මාංසලය.
+
[[ගොනුව:F-2.jpg|200px|left]][Anacardiaceae (අඹ කුලය)]. මෙය ද්විබීජපත්‍ර (dicotyledonous) ශාක කුලයකි. මේ කුලයට අයත් ශාක සාමාන්‍යයෙන් ගස් හෝ පඳුරු (shrubs) ය. කඳේ පොත්තෙහි නොයෙක් දුම්මල (resin) වර්ග තිබේ. කොළ සරල හෝ ත්‍රිපත්‍රි (trifoliate) හෝ අසම පක්ෂ (imparipinnate) හෝ විය හැකිය. ඒකාන්තර (alternate) ය. උපපත්‍ර (stipules) නැත. සංයුක්ත ඒකාක්ෂවල (panicles) කුඩා මල් රාශි වශයෙන් තිබේ. මල් ද්විලිංගිකය, ක්‍රමවත් (regular) ය, සාමාන්‍යයෙන් පංචාංක (pentamerous) ය. අධෝජායාංග (hypogynous) තත්ත්වයේ සිට අපිජායාංග (epigynous) තත්ත්වය දක්වා වෙනස්ව පවතී. සාමාන්‍යයෙන් මල්වල රේණු 10 සිට 5 දක්වා වේ. ඩිම්බකෝෂයේ (ovary) අණ්ඩප (carpels) බද්ධය. ඒවා 3 සිට 1 දක්වා ඇත. කලාතුරකින් අණ්ඩප පහක් තිබෙන්නට ද පුළුවන. ඵලය සාමාන්‍යයෙන් අෂ්ටිලයකි (drupe). ඇටේ බීජපත්‍ර මාංසලය.
  
 
මේ කුලයට අයත් ශාක සාමාන්‍යයෙන් වැවෙන්නේ නිවර්තන ප්‍රදේශවලය. එහෙත් සමහරක් සෞම්‍ය දේශගුණය ඇති ප්‍රදේශවල ද වැවේ. ගණ 60 ක්ද විශේෂ 500 ක් ද පමණ මේ කුලයෙහි ඇතුළත් වේ. ගණ 8 ක් ද විශේෂ 23 ක් ද පමණ ලංකාවේ වැවේ. මේ කුලයට අයත් වැදගත් ගණ අතර සෙමෙකාපුස්, මන්ගි ෆෙරා, අනකාඩියුම්, රුස්, ලනෙයා සහ ස්පොන්ඩියස් යනාදිය ගැනේ.
 
මේ කුලයට අයත් ශාක සාමාන්‍යයෙන් වැවෙන්නේ නිවර්තන ප්‍රදේශවලය. එහෙත් සමහරක් සෞම්‍ය දේශගුණය ඇති ප්‍රදේශවල ද වැවේ. ගණ 60 ක්ද විශේෂ 500 ක් ද පමණ මේ කුලයෙහි ඇතුළත් වේ. ගණ 8 ක් ද විශේෂ 23 ක් ද පමණ ලංකාවේ වැවේ. මේ කුලයට අයත් වැදගත් ගණ අතර සෙමෙකාපුස්, මන්ගි ෆෙරා, අනකාඩියුම්, රුස්, ලනෙයා සහ ස්පොන්ඩියස් යනාදිය ගැනේ.

15:54, 20 සැප්තැම්බර් 2023 තෙක් සංශෝධනය

F-2.jpg
[Anacardiaceae (අඹ කුලය)]. මෙය ද්විබීජපත්‍ර (dicotyledonous) ශාක කුලයකි. මේ කුලයට අයත් ශාක සාමාන්‍යයෙන් ගස් හෝ පඳුරු (shrubs) ය. කඳේ පොත්තෙහි නොයෙක් දුම්මල (resin) වර්ග තිබේ. කොළ සරල හෝ ත්‍රිපත්‍රි (trifoliate) හෝ අසම පක්ෂ (imparipinnate) හෝ විය හැකිය. ඒකාන්තර (alternate) ය. උපපත්‍ර (stipules) නැත. සංයුක්ත ඒකාක්ෂවල (panicles) කුඩා මල් රාශි වශයෙන් තිබේ. මල් ද්විලිංගිකය, ක්‍රමවත් (regular) ය, සාමාන්‍යයෙන් පංචාංක (pentamerous) ය. අධෝජායාංග (hypogynous) තත්ත්වයේ සිට අපිජායාංග (epigynous) තත්ත්වය දක්වා වෙනස්ව පවතී. සාමාන්‍යයෙන් මල්වල රේණු 10 සිට 5 දක්වා වේ. ඩිම්බකෝෂයේ (ovary) අණ්ඩප (carpels) බද්ධය. ඒවා 3 සිට 1 දක්වා ඇත. කලාතුරකින් අණ්ඩප පහක් තිබෙන්නට ද පුළුවන. ඵලය සාමාන්‍යයෙන් අෂ්ටිලයකි (drupe). ඇටේ බීජපත්‍ර මාංසලය.

මේ කුලයට අයත් ශාක සාමාන්‍යයෙන් වැවෙන්නේ නිවර්තන ප්‍රදේශවලය. එහෙත් සමහරක් සෞම්‍ය දේශගුණය ඇති ප්‍රදේශවල ද වැවේ. ගණ 60 ක්ද විශේෂ 500 ක් ද පමණ මේ කුලයෙහි ඇතුළත් වේ. ගණ 8 ක් ද විශේෂ 23 ක් ද පමණ ලංකාවේ වැවේ. මේ කුලයට අයත් වැදගත් ගණ අතර සෙමෙකාපුස්, මන්ගි ෆෙරා, අනකාඩියුම්, රුස්, ලනෙයා සහ ස්පොන්ඩියස් යනාදිය ගැනේ. මේ කුලයෙහි ප්‍රයෝජනවත් ශාක රාශියක් ද අඩංගු වේ. අඹ (මන්ගිෆෙරා ඉන්ඩිකා) (බ.) රසවත් ඵල දරන නිසා බහුල ලෙස වවනු ලැබේ. එහි කඳ ලෑලි ඉරීමට යෝග්‍යය. ඇඹරෙල්ලා (ස්පොන්ඩියස් පිනාටා) (බ.) ගෙඩි උදෙසා ඉන්දියාවෙහි සහ ලංකාවෙහි වවනු ලැබේ. කජු (අනකාඩියුම් ඔකිඩෙන්ටාලෙ) (බ.) ඇමෙරිකානු ශාකයකි. කජු ලෙල්ලෙන් කටුක ක්ෂාර තෙලක් ලැබේ. රුස් විශේෂවල ටැනින් (බ.) තිබේ. රුස් ව’නිසිෆෙරාවලින් ජපන් ලාකිරි ලැබේ. බොහෝ කල් පවතින ලීයක් ඇති පිස්ටාෂියා ඉන්ටෙගරීමා හිමාලය ප්‍රදේශයෙහි කැළෑවල වැවේ. පංජාබයෙහි එය වවනු ලැබේ. එම ලීය ගෘහභාණ්ඩ සෑදීමට ඉතා යෝග්‍යය. ප්‍රයෝජනවත් මැලියම් වර්ගයක් හික් (ලනෙයා කොරොමන්ඩෙලිකා) ගසින් ලැබේ. අරිද්ද (කම්ප්නොස්පෙර්මා සෙලනිකුම්) (බ.) ලීය තේ පෙට්ටි සෑදීමට පාවිච්චි කරනු ලැබේ. පිෂ්ටාෂියා ටෙර බින්තුස්වලින් ටර්පන්ටයින් (බ.) වර්ගයක් සාදනු ලැබේ. බදුල්ල (සෙමෙකාපුස් ගාඩ්නේරි, සෙ. කොරියාසෙයා, සෙ. ඔබ්ස්කුරා) ලංකාවේ තෙත් වනාන්තරවල බහුලය. මේ ගස්වල ලීයෙහි තිබෙන කිරි ඉතා විෂය.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අනකාඩියාසේ&oldid=3197" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි