"සමස්ත ලංකා බෞද්ධ කාන්තා සමිතිය" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('ලංකාවේ කාන්තාවන්ට අවශ්‍ය ආගමික, ආර්ථික හා සාම...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

12:03, 19 දෙසැම්බර් 2023 තෙක් සංශෝධනය

ලංකාවේ කාන්තාවන්ට අවශ්‍ය ආගමික, ආර්ථික හා සාමාජීය උපකාර සලසාදීමේ අරමුණින් හා ඒ සඳහා කාන්තාවන්ට වඩාත් දිරිදීමේ අරමුණින් 1949 යේ ජුලි මස 12 වැනි දින ආරම්භ කරන ලද බෞද්ධ සංවිධානයකි. ඇස්. ජයවර්ධන මහත්මිය ස්වකීය අදහස මුදුන්පත් කර ගැනීමට උද්යෝගීමත් කාන්තාවන් සමුහයකගේ සහයෝගයෙන් පහත සඳහන් පරමාර්ථ ඇති ව මෙම සංගමයේ පළමු රැස්වීම ඇල්බට් ත්‍රෙසන්හි පිහිටි පාම්කෝට් මන්දිරයේ දී පවත්වන ලදී.

පරමාර්ථ

01. ආගමික හා සමාජ සේවා කටයුතු සඳහා පන්ති පැවැත්වීම

02. කාන්තාවන්ට මැහුම් පන්ති පැවැත්වීම

03. ඉරිදා දහම් පාසල් පැවැත්වීම

04. සිල් ව්‍යාපාර ඇති කිරීම

05. පැවිදි භික්ෂුණීන්ට අවශ්‍ය දෑ, වාසස්ථාන හා ඉගෙනීමට උවමනා දෑ සපයා දීම

06. ධර්මය ප්‍රචාරය කිරීම හා පිළිපැදීම

07. අංග විකලවූන්ට ආධාර ලබා දීම

08. අපරාධ මර්ධනය කිරීම

09. දිවි පෙවෙත ගෙන යාමට නොහැකි වනිතාවන්ට රක්‍ෂාවල් ලබා දීමට උත්සාහ කිරීම, රැකීරක්‍ෂාවල යෙදී සිටින වනිතාවන්ගේ දියුණුව සඳහා උසස් අධ්‍යාපනය ලබා දීමට උදව් වීම

10. ආරෝග්‍යශාලාවලට ගොස් රෝගීන්ගේ සැප පහසුකම් හා අවශ්‍ය දෑ හැකි පමණින් ලබාදීම

පහත සඳහන් කටයුතු සඳහා සංගමයේ මධ්‍යස්ථාන කොළඹ පිහිටුවා ගැනීම

01. පොදු සමාන්‍ය ගාස්තුවක් ඇතිව ඉඳුම්හිටුම් උවමනා කරන කාන්තාවන්ට නේවාසික පහසුකම් සලසා දීම

02. බුද්ධාගම කෙරෙහි ලැදියාවක් දක්වන විදේශිකයන්ට එ් සම්බන්ධ ඉගැන්වීම් කටයුතුවලට ස්ථාන පහසුකම් සලසා දීම

03. බෞද්ධ ධර්ම සාහිත්‍ය පුස්තකාලයක් පිළියෙළ කිරීම

04. ලෝකයේ කාන්තාවන්ගේ බෞද්ධ කටයුතු සඳහා ඇති මධ්‍යස්ථාන දියුණු කිරීම

05. ඒ්කාබද්ධ ව හෝ පෞද්ගලික බෞද්ධ සමිති සමාගම් සමඟ එක්සත් ව ක්‍රියා කිරීම

අප සංගමය පළමු වර්ෂ කිහිපය තුළ ආගමික කථා සහ ධර්ම දේශනා නගරයේ නොයෙකුත් ශාලාවල පවත්වන ලදී. තවද වෙනත් බාහිර සියලු සමාජ සේවා කටයුතුවල ද යෙදුණෙමු. ආණ්ඩුවෙන් බද්දට ගත් කොළඹ බුලර්ස් පාරේ පිහිටි අක්කර දෙකහාමාරක භූමි භාගය අප සංගමයේ මධ්‍යස්ථානයේ ගොඩනැගිලි ඉදි කෙරුවෙමු. ඊට පසු ධර්ම දේශනාව ද අටසිල් ව්‍යාපාරය ද නොකඩවා පවත්වා ගෙන යනු ලැබේ. ධර්ම ප්‍රචාරය සදහා පන්ති ද ආරම්භ කරන ලදී. සංගමයේ මධ්‍යස්ථානය අවට සිටින වනිතාවන්ගේ ප්‍රයෝජනය සඳහා මැහුම් පන්තියක් ද පවත්වාගෙන යනු ලැබේ. වනිතාවන් 14 දෙනෙකුට සියලු උපකරණ සහිත ව සම්පුර්ණ සැපපහසු ඇති ව කාමර හතක නිවාසයක් රැකීරක‍්ෂාවල්වල යෙදෙන කාන්තාවන් උදෙසා 1955 මැයි මස උත්සවශ්‍රීයෙන් විවෘත කරන ලදී. බුද්ධාගම ඉගෙනීම සඳහා ලංකාවට පැමිණෙන විදේශිය කාන්තාවන් සඳහා මනා සැප පහසුකම්වලින් යුත් කාමරයක් මෙම මන්දිරයෙ සකස් කර තිබේ. ටික දිනකට සමාජ සේවා වැඩ කටයුතු සඳහා කොළඹට පැමිණෙන පිටපළාත්වල වනිතාවන්ට ද මෙය ලබාගත හැකි ය. දැනට අප සංගමයේ සාමාජීක සංඛ්‍යාව 470 කි. මෙය වැඩිකර ගැනීමට පුළුවන් සියලු උත්සාහ දරන්නෙමු.

පහත සඳහන් මහත්මියන් සංගමයේ නිලධාරීහු වෙති.

අනුශාසක: ඉවැඩ්නි ද සිල්වා ආර්යාව

සභාපති: සෙනෙට් සභිකා සී.සී. කුරේ මැතිණිය

ගරු සමලේකම්වරු: ත්‍රිසොබෙල් රාජපක්‍ෂ ආර්යාව සහ එන්.එස්.සී. පෙරේරා මැතිණිය

ගරු භාණ්ඩාගාරික: නෙල්සන් සේනානායක මැතිණිය

'අනාගතයේ දී අප සංගමය සාරවත් වටිනා පොත් සහිත පුස්තකාලයක් ඇති අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීමට අපි බලාපොරෙත්තු වෙමු'යි ඔවුන් සඳහන් කොට තිබේ. තව තවත් බාහිර සමාජ සේවා කටයුතු වැඩි දියුණු කර අප සංගමයේ පරමාර්ථ මුදුන්පත් කරලීමට සංගමයේ නොමසුරු දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු ඉදිරියටත් ගෙන යන ලදි.

(කර්තෘ: විනී පෙරේරා: 1955)

(සංස්කරණය නොකළ)