"අස්සපුර" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('මෙය බුද්ධකාලයෙහි පැවැති සොළොස් මහජනපදයන්ගෙන...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
14:36, 29 පෙබරවාරි 2024 තෙක් සංශෝධනය
මෙය බුද්ධකාලයෙහි පැවැති සොළොස් මහජනපදයන්ගෙන් එකක් වූ අංග රාජ්‍යයට අයත් නගරයකි. චේතිය ජාතකයෙහි දැක්වෙන පරිදි, චේතිය රටේ උපචර රජතුමාගේ පුතුන් පස්දෙනා අතුරින් දෙවැන්නා ඉදිකළ නගරය අස්සපුර නම් විය. සුදු මංගල අශ්වයකු සිටිනු දුටු තැන මේ නගරය කරවන ලද හෙයින් එයට මේ නම ලැබීල. අස්සපුරය උපවර රජතුමාගේ රාජධානියේ අගනුවර වූ සොත්ථිවතී පුරයට දකුණු දෙසින් පිහිටා තුබුණු බැව් ද කියැවේ. එහෙත් එය මේ වනතුරු හඳුනා ගෙන නැත.
බුදුරදුන් විසින් මහා අස්සපුර සූත්‍රය හා චූල අස්සපුර සූත්‍රය ද දේශනා කරන ලද්දේ මේ නගරයේ දී බව මජ්ඣිම නිකායෙහි සඳහන් වෙයි.
(සංස්කරණය: 1965)
[[ප්‍රවර්ගය:]]