"නිවත්තක චේතිය" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('මිහිඳු හිමියෝ ක්‍රි.පූ.307 පොසොන් පුර පසළොස්වක්...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
සුළු (Senasinghe විසින් නිවන්තක චේතිය සිට නිවත්තක චේතිය වෙත පිටුව ගෙන යන ලදී)
 
(නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්)
1 පේළිය: 1 පේළිය:
මිහිඳු හිමියෝ ක්‍රි.පූ.307 පොසොන් පුර පසළොස්වක් පොහෝ දින මිහින්තලේට වැඩම කළ අවස්ථාවෙහි රජුගෙන් ලැබුණු ආරාධනාව පරිදි පසුදා අනුරාධපුරයට වැඩ පස්වරුවේදී නන්දන වනයෙහි දී දහම් දෙසා සැන්දෑවෙහි රාත්‍රිය ගතකිරීමට මිහින්තලේට යෑමට පිටත්වූහ. ඒ බව ඇසූ රජු වහා පැමිණ නන්දනවනයෙහි වසන ලෙස තෙරුන්ගෙන් ඉල්ලීය. එය නගරයට ආසන්න නිසා නුසුදුසු බව දැන්වූ කල මහා මේඝවනයෙහි නැවතීමට කළා ආරාධනාව පිළිගනු ලැබීය. ඒ අනුව, මිහිඳු හිමියන් මිහින්තලේ යාමට පිටත් වූ ගමන නතර කොට මහාමේඝවනයට යනු පිණිස ආපසු හැරුණු තැන පසුව පසුව ඉදිකරන ලද චේතිය නිවන්ත චේතිය නමින් හඳුන්වනු ලබන බව මහාවංසය කියයි.  
+
මිහිඳු හිමියෝ ක්‍රි.පූ.307 පොසොන් පුර පසළොස්වක් පොහෝ දින මිහින්තලේට වැඩම කළ අවස්ථාවෙහි රජුගෙන් ලැබුණු ආරාධනාව පරිදි පසුදා අනුරාධපුරයට වැඩ පස්වරුවේ දී නන්දන වනයෙහි දී දහම් දෙසා සැන්දෑවෙහි රාත්‍රිය ගතකිරීමට මිහින්තලේට යෑමට පිටත්වූහ. ඒ බව ඇසූ රජු වහා පැමිණ නන්දන වනයෙහි වසන ලෙස තෙරුන්ගෙන් ඉල්ලී ය. එය නගරයට ආසන්න නිසා නුසුදුසු බව දැන්වූ කල මහා මේඝවනයෙහි නැවතීමට කළ ආරාධනාව පිළිගනු ලැබී ය. ඒ අනුව, මිහිඳු හිමියන් මිහින්තලේ යාමට පිටත් වූ ගමන නතර කොට මහාමේඝවනයට යනු පිණිස ආපසු හැරුණු තැන පසුව ඉදිකරන ලද චේතිය නිවන්තක චේතිය නමින් හඳුන්වනු ලබන බව මහාවංසය කියයි.  
  
නන්දන වනයේදී දහම් දෙසා සැන්දෑවේ මිහින්තලේ බලා යමින් සිටි මිහිඳු හිමියන් රජුගේ ඉල්ලීම පිළිගෙන මහාමේඝවනය වෙත යාමට සිතා ආපසු හැරුණ තැන කදම්බනදී තීරයෙහි වූ බව මහාවංසය ද වංසත්තප්පකාසිනී ද පවසයි. එහෙත් ඒ තැන නදියෙහි කවර ඉවුරක පිහිටියේ දැයි ඒ එකකවත් සඳහන් නොවේ.  
+
නන්දන වනයේ දී දහම් දෙසා සැන්දෑවේ මිහින්තලේ බලා යමින් සිටි මිහිඳු හිමියන් රජුගේ ඉල්ලීම පිළිගෙන මහාමේඝවනය වෙත යාමට සිතා ආපසු හැරුණ තැන කදම්බනදී තීරයෙහි වූ බව මහාවංසය ද වංසත්තප්පකාසිනිය ද පවසයි. එහෙත් ඒ තැන නදියෙහි කවර ඉවුරක පිහිටියේ දැයි ඒ එකකවත් සඳහන් නොවේ.  
  
එය පඨවක චේතියට දුර නොවීමට ඉඩ ඇතැයි ද පඨවක චේතිය නිසැකව ම නගරයේ නැගෙනහිර දොරටුවෙන් පිටත වී යැයි ද ගියගර් කියයි. එහෙත් පඨවක චේතිය අනුරාධපුරයේ නටබුන් අතර මෙතෙක් හමුවී නැති බැවින් නිවත්ක චේතිය පිහිටි තැන සොයා ගැනීමට එම ප්‍රකාශයෙන් පිහිටක් නොලැබේ. එය පිහිටියේ නන්දන උයන තුළ බව ද මල්වතු ඔයට බස්නාහිර දිසාවේ බව ද වලිසිංහ හරශ්චන්ද්‍ර මහතා කියයි.  
+
එය පඨවක චේතියට දුර නොවීමට ඉඩ ඇතැයි ද පඨවක චේතිය නිසැකව ම නගරයේ නැගෙනහිර දොරටුවෙන් පිටත වී යැයි ද ගයිගර් කියයි. එහෙත් පඨවක චේතිය අනුරාධපුරයේ නටබුන් අතර මෙතෙක් හමුවී නැති බැවින් නිවන්තක චේතිය පිහිටි තැන සොයා ගැනීමට එම ප්‍රකාශයෙන් පිහිටක් නොලැබේ. එය පිහිටියේ නන්දන උයන තුළ බව ද මල්වතු ඔයට බස්නාහිර දිසාවේ බව ද වලිසිංහ හරිශ්චන්ද්‍ර මහතා කියයි.  
  
අනුරාධපුර දුම්රිය ස්ථානය අසල වූ තොලුවිල නටබුන් සහති භූමිය නිවත්තක චේතිය නමින් මහජනයා අතර ප්‍රකටය. ඒ අසල නිවත්තක චේතිය නමින් පන්සලක් ද පාරක් ද පාසලක් ද දැන තිබේ. එහෙත් තොලුවිල නටබුන් සහිත භූමිය නිවත්තක චේතිය වශයෙන් මහජනයා අතර පවතින විශ්වාසය නොපිළිගන්නා කඹුරුපිටියේ වනරතන නාහිමියෝ එය කිරිබත් වෙහෙර විය යුතු යැයි කියති. මෑතදී අනුරාධපුර සීමාව ගැන පර්යේෂණාත්මක ලිපියක් පළ කළ ඒ.ඇස්.හෙට්ටිආරච්චි මහතා පවසන පරිදි නම් තොලුවිල නටබුන් සහිත භූමිය නිවත්ක චේතිය විය හැකි බව පෙනී යයි.  
+
අනුරාධපුර දුම්රිය ස්ථානය අසල වූ තොලුවිල නටබුන් සහිත භූමිය නිවන්තක චේතිය නමින් මහජනයා අතර ප්‍රකට ය. ඒ අසල නිවන්තක චේතිය නමින් පන්සලක් ද පාරක් ද පාසලක් ද දැන් තිබේ. එහෙත් තොලුවිල නටබුන් සහිත භූමිය නිවන්තක චේතිය වශයෙන් මහජනයා අතර පවතින විශ්වාසය නොපිළිගන්නා කඹුරුපිටියේ වනරතන නාහිමියෝ එය කිරිබත් වෙහෙර විය යුතු යැයි කියති. මෑත දී අනුරාධපුර සීමාව ගැන පර්යේෂණාත්මක ලිපියක් පළ කළ ඒ.ඇස්. හෙට්ටිආරච්චි මහතා පවසන පරිදි නම් තොලුවිල නටබුන් සහිත භූමිය නිවන්තක චේතිය විය හැකි බව පෙනී යයි.  
  
 
(කර්තෘ: [[සෝමපාල ජයවර්ධන]])
 
(කර්තෘ: [[සෝමපාල ජයවර්ධන]])

15:40, 15 මාර්තු 2024 වන විට නවතම සංශෝධනය

මිහිඳු හිමියෝ ක්‍රි.පූ.307 පොසොන් පුර පසළොස්වක් පොහෝ දින මිහින්තලේට වැඩම කළ අවස්ථාවෙහි රජුගෙන් ලැබුණු ආරාධනාව පරිදි පසුදා අනුරාධපුරයට වැඩ පස්වරුවේ දී නන්දන වනයෙහි දී දහම් දෙසා සැන්දෑවෙහි රාත්‍රිය ගතකිරීමට මිහින්තලේට යෑමට පිටත්වූහ. ඒ බව ඇසූ රජු වහා පැමිණ නන්දන වනයෙහි වසන ලෙස තෙරුන්ගෙන් ඉල්ලී ය. එය නගරයට ආසන්න නිසා නුසුදුසු බව දැන්වූ කල මහා මේඝවනයෙහි නැවතීමට කළ ආරාධනාව පිළිගනු ලැබී ය. ඒ අනුව, මිහිඳු හිමියන් මිහින්තලේ යාමට පිටත් වූ ගමන නතර කොට මහාමේඝවනයට යනු පිණිස ආපසු හැරුණු තැන පසුව ඉදිකරන ලද චේතිය නිවන්තක චේතිය නමින් හඳුන්වනු ලබන බව මහාවංසය කියයි.

නන්දන වනයේ දී දහම් දෙසා සැන්දෑවේ මිහින්තලේ බලා යමින් සිටි මිහිඳු හිමියන් රජුගේ ඉල්ලීම පිළිගෙන මහාමේඝවනය වෙත යාමට සිතා ආපසු හැරුණ තැන කදම්බනදී තීරයෙහි වූ බව මහාවංසය ද වංසත්තප්පකාසිනිය ද පවසයි. එහෙත් ඒ තැන නදියෙහි කවර ඉවුරක පිහිටියේ දැයි ඒ එකකවත් සඳහන් නොවේ.

එය පඨවක චේතියට දුර නොවීමට ඉඩ ඇතැයි ද පඨවක චේතිය නිසැකව ම නගරයේ නැගෙනහිර දොරටුවෙන් පිටත වී යැයි ද ගයිගර් කියයි. එහෙත් පඨවක චේතිය අනුරාධපුරයේ නටබුන් අතර මෙතෙක් හමුවී නැති බැවින් නිවන්තක චේතිය පිහිටි තැන සොයා ගැනීමට එම ප්‍රකාශයෙන් පිහිටක් නොලැබේ. එය පිහිටියේ නන්දන උයන තුළ බව ද මල්වතු ඔයට බස්නාහිර දිසාවේ බව ද වලිසිංහ හරිශ්චන්ද්‍ර මහතා කියයි.

අනුරාධපුර දුම්රිය ස්ථානය අසල වූ තොලුවිල නටබුන් සහිත භූමිය නිවන්තක චේතිය නමින් මහජනයා අතර ප්‍රකට ය. ඒ අසල නිවන්තක චේතිය නමින් පන්සලක් ද පාරක් ද පාසලක් ද දැන් තිබේ. එහෙත් තොලුවිල නටබුන් සහිත භූමිය නිවන්තක චේතිය වශයෙන් මහජනයා අතර පවතින විශ්වාසය නොපිළිගන්නා කඹුරුපිටියේ වනරතන නාහිමියෝ එය කිරිබත් වෙහෙර විය යුතු යැයි කියති. මෑත දී අනුරාධපුර සීමාව ගැන පර්යේෂණාත්මක ලිපියක් පළ කළ ඒ.ඇස්. හෙට්ටිආරච්චි මහතා පවසන පරිදි නම් තොලුවිල නටබුන් සහිත භූමිය නිවන්තක චේතිය විය හැකි බව පෙනී යයි.

(කර්තෘ: සෝමපාල ජයවර්ධන)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=නිවත්තක_චේතිය&oldid=5223" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි