"දාදු කෙළිය" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('මෙය බොහෝ පුරාණ කාලයෙහි සිට පවත්නා ක්‍රීඩාවකි....' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
11:14, 9 අප්‍රේල් 2024 තෙක් සංශෝධනය
මෙය බොහෝ පුරාණ කාලයෙහි සිට පවත්නා ක්‍රීඩාවකි. ජාතක කථාවල සහ බෞද්ධ සාහිත්‍යයෙහි වෙනත් නොයෙක් තැන්වල අක්ෂ ක්‍රීඩාව, අක්ඛ ඛීලං, පසැට කෙළිය, ගොඩකෙළිය ආදී නම්වලින් හැඳින්වෙන්නේ මේ ක්‍රීඩාවයි. වර්තමානයෙහි කැට ගැසීම නොහොත් දාදු දැමීම නමින් කෙරෙන්නේ ද මේ ක්‍රීඩාව ම ය. මේ සූදුවකි. ඔට්ටු අල්ලා කරණ මුබන්නකි. සපැති සතරැස් අඟලක් පමණ වූ ලී හෝ මී අං කැබලිවල එක එක පැත්තේ එක, දෙක, තුන ආදී වශයෙන් තිත් තබා, එය හරස් අතට තැබූ පුවරුවක හැපෙන සේ විසිකර උඩු අතට පෙරළෙන පැත්තේ ඇති තිත් ගණන එකතුකොට ජය පරාජය විසඳනු ලැබේ.
(කර්තෘ: ඩී.සී. දිසානායක: 1957)
(සංස්කරණය නොකළ)