"ආමලසය" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(Chyme). මුඛ මාර්ගයෙන් ගන්නා ආහාර අන්නස්‍රෝතස (æsophagus)...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
09:44, 11 ජූලි 2024 වන විට නවතම සංශෝධනය
(Chyme). මුඛ මාර්ගයෙන් ගන්නා ආහාර අන්නස්‍රෝතස (æsophagus) ඔස්සේ ගොස් ආමාශයට පැමිණේ. ආමාශයට ආහාර ඇතුළු වූ විට ජඨරීය යුෂය (gastric juice) මේ ආහාර කෙරෙහි ක්‍රියා කරයි. එවිට ආහාර ද්‍රව්‍ය අර්ධ-තරලයක් බවට පරිවර්තනය වෙයි. ඉක්බිති මේ අර්ධ-තරල පිණ්ඩය ආමාශයෙන් ග්‍රහණියට (duodenum) පිට කැරෙයි. ආමාශයෙහි ජීරණය කරන ලද මේ අර්ධ-තරල ආහාර පිණ්ඩයට ආමලස යන නාමය ව්‍යවහාර කරනු ලැබේ. ආමලසය ආමාශයෙන් පිට වූ විට එය කෙරෙහි පිත හා අග්න්‍යාශයික යුෂය (pancreatic juice) ක්‍රියාකරයි. (ජීරණ පද්ධතිය බ.)
(සංස්කරණය: 1965)