"ආමාල්ෆි" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('ඉතාලියේ සාලෙර්නෝ බොක්කේ උතුරු වෙරළෙහි සෝරෙන්...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

09:52, 11 ජූලි 2024 වන විට නවතම සංශෝධනය

ඉතාලියේ සාලෙර්නෝ බොක්කේ උතුරු වෙරළෙහි සෝරෙන්ටෝ අර්ධද්වීපයට අයත් වරායක් සහිත දර්ශනීය නගරයකි. මෙහි දොඩම් වර්ගයේ පලතුරු, මාළු, සබන් සහ කඩදාසි ප්‍රධාන වෙළෙඳ ද්‍රව්‍යය. ආමාල්ෆි පිළිබදව පළමුවෙන් ම අසන්නට ලැබෙනුයේ හය වැනි ශත වර්ෂයේ දීය. නව වැනි ශතවර්ෂයේ දී ඉතාලියේ පෙරදිග වෙළෙඳාම පිළිබඳව මුල් තැනක් ගත් මේ නගරය නැගෙනහිර මධ්‍යධරණී වරායවල් අතරින් ද උසස් තැනක් ඉසිලීය. ආමාල්ෆි කාසි මධ්‍යධරණී රටවල පිළිගනු ලැබීය. එසේ ම මෙහි සංග්‍රහ කරන ලද 'ටබුලා ආමාල්ෆි ටානා' නමැති මුහුදු නීති මාලාව ද 1750 දක්වා බොහෝ රටවල් විසින් පිළිපදින ලදි. 1135 දී පීසානුවරුන් මේ නගරය විනාශ කළ පසු එය වැදගත් කමින් අඩු වී ගියේය. ආමාල්ෆිහි ජනගහනය (1951) 6,146ක් විය.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආමාල්ෆි&oldid=5812" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි