"අල්බා ලොංගා" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('ඉතාලියේ ලේෂියම් කෝරළයෙහි ආල්බානෝ විල අසල පිහ...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
10:21, 18 ජූලි 2024 වන විට නවතම සංශෝධනය
ඉතාලියේ ලේෂියම් කෝරළයෙහි ආල්බානෝ විල අසල පිහිටි පුරාණ නගරයකි. ජනප්‍රවාදයට අනුව ක්‍රි.පූ. 1100ටත් පෙර ඊනියස්ගේ පුත්‍ර ඇස්කානියස් විසින් ඉදිකරන ලද මෙය රෝමය ගොඩ නැඟූ රොමියුලස්ගේ ද ඔහුගේ සොහොයුරු රීමස්ගේ ද මව්බිමය. රෝමයේ ටලස් හොස්ටිලියස් රජු මේ නගරය විනාශ කළ බව (ක්‍රි.පූ. 665) ද පැවසේ. මේ ප්‍රදේශයෙන් සොයා ගෙන ඇති සෙල්ලිපි හා පුරාණ සොහොන් බිමකින් ලත් පුරාවස්තු අනුව අල්බා ටොංගා පශ්චාත්කාලීන නගරයක ස්වරූපයෙන් නොව වඩා නොදියුණු සමාජ මධ්‍යස්ථානයක් වශයෙන් සැලකිය යුතු බව පෙනේ.
(සංස්කරණය: 1965)