"ආන්ත්සියෝ" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('පුරාණයේ දී ඇන්ෂියම් නමින් හැඳින්වුණු ආන්ත්සි...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
09:18, 3 ඔක්තෝබර් 2024 තෙක් සංශෝධනය
පුරාණයේ දී ඇන්ෂියම් නමින් හැඳින්වුණු ආන්ත්සියෝ රෝමයට සැතැපුම් 30ක් දකුණින් ඉතාලියේ මුහුදුබඩ පිහිටි කුඩා නගරයකි. වොල්සියානු ජාතිකයන් සතුව පැවති කාලයේ දී මුහුදු කොල්ලකාරයන්ගේ බලගතු මධ්‍යස්ථානයක් ද විය. පසුකාලයේ දී නීරෝ රජු විසින් මෙහි වරාය දියුණු කරන ලදි. 9 වැනි 10 වැනි ශත වර්ෂවල දී සැරසන්වරුන් විසින් විනාශ කරනු ලැබූ ආන්ත්සියෝ නගරය නැවත දියුණු වූයේ 17 වැනි ශත වර්ෂයේ දීය. නීරෝ රජුගේ ජන්ම භූමිය වූ ද පැරැණි ජනාවාසයක් වූ ද මෙය පුරාවිද්‍යාව අතින් වැදගත් නගරයකි. දෙවැනි ලෝකයුද්ධ සමයේ දී කැසීනෝහි ජර්මන් බලය බිඳීමට බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකානු හමුදාවෝ මෙහි ගොඩබටහ. වර්තමාන ආන්ත්සියෝ වරාය මාළුතොටකි. එහි වෙරළ විනෝදකාමීන් අතිශයින් ප්‍රිය කරන ස්ථානයකි.
(සංස්කරණය: 1965)
[[ප්‍රවර්ගය:]]
[[ප්‍රවර්ගය:]]