"ආන්ත්සියෝ" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('පුරාණයේ දී ඇන්ෂියම් නමින් හැඳින්වුණු ආන්ත්සි...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
(නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්) | |||
1 පේළිය: | 1 පේළිය: | ||
− | පුරාණයේ දී ඇන්ෂියම් නමින් හැඳින්වුණු ආන්ත්සියෝ රෝමයට සැතැපුම් 30ක් දකුණින් ඉතාලියේ මුහුදුබඩ පිහිටි කුඩා නගරයකි. වොල්සියානු ජාතිකයන් සතුව පැවති කාලයේ දී | + | පුරාණයේ දී ඇන්ෂියම් නමින් හැඳින්වුණු ආන්ත්සියෝ රෝමයට සැතැපුම් 30ක් දකුණින් ඉතාලියේ මුහුදුබඩ පිහිටි කුඩා නගරයකි. වොල්සියානු ජාතිකයන් සතුව පැවති කාලයේ දී මුහුදුකොල්ලකාරයන්ගේ බලගතු මධ්‍යස්ථානයක් ද විය. පසුකාලයේ දී නීරෝ රජු විසින් මෙහි වරාය දියුණු කරන ලදි. 9 වැනි 10 වැනි ශත වර්ෂවල දී සැරසන්වරුන් විසින් විනාශ කරනු ලැබූ ආන්ත්සියෝ නගරය නැවත දියුණු වූයේ 17 වැනි ශත වර්ෂයේ දීය. නීරෝ රජුගේ ජන්ම භූමිය වූ ද පැරැණි ජනාවාසයක් වූ ද මෙය පුරාවිද්‍යාව අතින් වැදගත් නගරයකි. දෙවැනි ලෝකයුද්ධ සමයේ දී කැසීනෝහි ජර්මන් බලය බිඳීමට බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකානු හමුදාවෝ මෙහි ගොඩබටහ. වර්තමාන ආන්ත්සියෝ වරාය මාළුතොටකි. එහි වෙරළ විනෝදකාමීන් අතිශයින් ප්‍රියකරන ස්ථානයකි. |
(සංස්කරණය: 1965) | (සංස්කරණය: 1965) | ||
− | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: භූගෝල විද්‍යාව]] |
− | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: ආ]] |
13:08, 10 ඔක්තෝබර් 2024 වන විට නවතම සංශෝධනය
පුරාණයේ දී ඇන්ෂියම් නමින් හැඳින්වුණු ආන්ත්සියෝ රෝමයට සැතැපුම් 30ක් දකුණින් ඉතාලියේ මුහුදුබඩ පිහිටි කුඩා නගරයකි. වොල්සියානු ජාතිකයන් සතුව පැවති කාලයේ දී මුහුදුකොල්ලකාරයන්ගේ බලගතු මධ්‍යස්ථානයක් ද විය. පසුකාලයේ දී නීරෝ රජු විසින් මෙහි වරාය දියුණු කරන ලදි. 9 වැනි 10 වැනි ශත වර්ෂවල දී සැරසන්වරුන් විසින් විනාශ කරනු ලැබූ ආන්ත්සියෝ නගරය නැවත දියුණු වූයේ 17 වැනි ශත වර්ෂයේ දීය. නීරෝ රජුගේ ජන්ම භූමිය වූ ද පැරැණි ජනාවාසයක් වූ ද මෙය පුරාවිද්‍යාව අතින් වැදගත් නගරයකි. දෙවැනි ලෝකයුද්ධ සමයේ දී කැසීනෝහි ජර්මන් බලය බිඳීමට බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකානු හමුදාවෝ මෙහි ගොඩබටහ. වර්තමාන ආන්ත්සියෝ වරාය මාළුතොටකි. එහි වෙරළ විනෝදකාමීන් අතිශයින් ප්‍රියකරන ස්ථානයකි.
(සංස්කරණය: 1965)