"අස්ගිරිය-1" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('කොළඹ දිස්ත්‍රික්කයේ උතුරු අලුකූරු කෝරළයේ දාස...' යොදමින් නව පිටුවක් තනන ලදි)
(වෙනසක් නොමැත)

13:56, 27 දෙසැම්බර් 2024 තෙක් සංශෝධනය

කොළඹ දිස්ත්‍රික්කයේ උතුරු අලුකූරු කෝරළයේ දාසිය පත්තුවේ පිහිටි නියම් ගමකි. ගම්පහට සැතපුම් 11/2 ක් පමණ වයඹ දෙස අඩි 228ක් පමණ උස් වූ ප්‍රදේශයෙක අස්ගිරිය නම් කොකන්දක් ඇත. අස්ගිරි ග්‍රාමය පිහිටා ඇත්තේ එහි පාමුලය. හෙනරත්ගොඩ (ගම්පහ) උද්භිද උද්‍යානය පිහිටියේ මීට දකුණෙනි.

අස්ගිරි කොත්කන්ද මුදුනෙහි විහාරයක් ඇති හෙයින් ඊට නැගෙනහිරින් වූ ග්‍රාමය විහාරකන්ද යන නමින් හඳුන්වති. ගම්පහ නගරයට නුදුරු හෙයින් අස්ගිරිය ජනාකීර්ණ ප්‍රදේශයක්ව තිබේ.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අස්ගිරිය-1&oldid=6717" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි