"අස්ගිරිය-2" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('මධ්‍යම පළාතෙහි, දකුණු මාතලේ දිස්ත්‍රික්කයට අ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
 
1 පේළිය: 1 පේළිය:
මධ්‍යම පළාතෙහි, දකුණු මාතලේ දිස්ත්‍රික්කයට අයත් කොට්ඨාසයකි. මාතලේ-දඹුලු පාරටත් මාතලේ දිස්ත්‍රික්කයෙහි බටහිර සීමාවටත් අතර පිහිටි අස්ගිරි ප්‍රදේශය අස්ගිරි පල්ලේසිය පත්තුව හා අස්ගිරි උඩසිය පත්තුව යන කොටස් දෙකට බෙදා තිබේ. නාලන්දා ඔයේ ඉහළ නිම්නය ආශ්‍රිතව පිහිටි අස්ගිරි පත්තු පෙදෙස දකුණු දෙසින් ඇටපොළ කන්ද දෙසටත් බටහිර දෙසින් කල්ලුමදුර හා කළාකොඩියාහේන කඳු දෙසටත් නැගෙනහිරින් මකුලුස්ස අස්ගිරි කන්ද හා රිළාගල දෙසටත් ක්‍රමයෙන් උස්වී යයි. මුළු ප්‍රදේශය ම මුහුදු මට්ටමේ සිට අඩි 1500 කට වඩා උසය. දුල්ලෑව, දොරකුඹුර, ඇඹිටියාව, එරමුදුගොල්ල, මාතලාපිටිය, පමුණුව හා ඕවිටිපාන අස්ගිරි උඩසිය පත්තුවේ ප්‍රධාන ගම් වන අතර නවගල, උරුලෑවත්ත, කහවත්ත, නිකගොල්ල, දිවිල්ල, දික්කුඹුර හා මහවෙල අස්ගිරි පල්ලේසිය පත්තුවේ ප්‍රධාන ගම් වේ.
+
මධ්‍යම පළාතෙහි, දකුණු මාතලේ දිස්ත්‍රික්කයට අයත් කොට්ඨාසයකි. මාතලේ-දඹුලු පාරටත් මාතලේ දිස්ත්‍රික්කයෙහි බටහිර සීමාවටත් අතර පිහිටි අස්ගිරි ප්‍රදේශය අස්ගිරි පල්ලේසිය පත්තුව හා අස්ගිරි උඩසිය පත්තුව යන කොටස් දෙකට බෙදා තිබේ. නාලන්දා ඔයේ ඉහළ නිම්නය ආශ්‍රිතව පිහිටි අස්ගිරි පත්තු පෙදෙස දකුණු දෙසින් ඇටපොළ කන්ද දෙසටත් බටහිර දෙසින් කල්ලුමදුර හා කළාකොඩියාහේන කඳු දෙසටත් නැගෙනහිරින් මකුලුස්ස අස්ගිරිකන්ද හා රිළාගල දෙසටත් ක්‍රමයෙන් උස්වී යයි. මුළු ප්‍රදේශය ම මුහුදු මට්ටමේ සිට අඩි 1,500කට වඩා උසය. දුල්ලෑව, දොරකුඹුර, ඇඹිටියාව, එරමුදුගොල්ල, මාතලාපිටිය, පමුණුව හා ඕවිටිපාන අස්ගිරි උඩසිය පත්තුවේ ප්‍රධාන ගම් වන අතර නවගල, උරුලෑවත්ත, කහවත්ත, නිකගොල්ල, දිවිල්ල, දික්කුඹුර හා මහවෙල අස්ගිරි පල්ලේසිය පත්තුවේ ප්‍රධාන ගම් වේ.
  
ඊශාන දිග මෝසම් සුළඟින් පමණක් වර්ෂාව ලබන මෙහි දේශගුණය සාමාන්‍යයෙන් වියළිය. එහෙත් දිවිල්ල ඔය හා නාලන්දා ඔය අසබඩ පෙදෙස්වල බහුලව වී වගා කරනු ලැබේ. සමහර හෙල් බෑවුම් වල රබර් වගා කර ඇති අතර ඇතැම් කඳු සහිත පෙදෙස් වනයෙන් වැසී ඇත.
+
ඊශානදිග මෝසම් සුළඟින් පමණක් වර්ෂාව ලබන මෙහි දේශගුණය සාමාන්‍යයෙන් වියළිය. එහෙත් දිවිල්ල ඔය හා නාලන්දා ඔය අසබඩ පෙදෙස්වල බහුලව වී වගා කරනු ලැබේ. සමහර හෙල් බෑවුම්වල රබර් වගා කර ඇති අතර ඇතැම් කඳු සහිත පෙදෙස් වනයෙන් වැසී ඇත.
  
දොඩම්ගස්ලන්දේ සිට ගොලහෙන්වත්ත දක්වා වූ මාර්ගය අස්ගිරි පල්ලේසිය පත්තුව හරහා වැටී ඇති නමුත් අස්ගිරි ප්‍රදේශයේ පාරවල් එතරම් දියුණු නැත. දිවිල්ලේ සිට අලකොළාංග හරහා ගල උඩහේන දක්වාත් යටවත්තේ සිට උඩඅස්ගිරිය දක්වාත් වැටී ඇති කුඩා පාරවල් හැර වැදගත් මාර්ග මෙහි නැත.
+
දොඩම්ගස්ලන්දේ සිට ගොලහේන්වත්ත දක්වා වූ මාර්ගය අස්ගිරි පල්ලේසිය පත්තුව හරහා වැටී ඇති නමුත් අස්ගිරි ප්‍රදේශයේ පාරවල් එතරම් දියුණු නැත. දිවිල්ලේ සිට අලකොළාංග හරහා ගලඋඩහේන දක්වාත් යටවත්තේ සිට උඩඅස්ගිරිය දක්වාත් වැටී ඇති කුඩා පාරවල් හැර වැදගත් මාර්ග මෙහි නැත.
  
මෙම ප්‍රදේශය අස්ගිරි නාමයෙන් හැඳින්වීම පිළිබඳව බොහෝ මුඛපරම්පරාගත කථා පවතී. අච්ඡගිරි යන පාලි ශබ්දයට සමාන අර්ථ ඇති අස්ගිරි නාමය මේ ස්ථානයට ව්‍යවහාර වූයේ එය බොහෝ සෙයින් වලසුන් (අච්ඡ) විසූ ගිරිදුර්ගයක් වූ හෙයින් බව පිළිගත හැක. අස් යනු අශ්ව පර්යාය යි සැලකූ ඇතැම්හු අස්ගිරි යනු හයගිරි යි ද වහරට නඟාලූහ. පළමුවන වික්‍රමබාහු රජුහට අස්ගිරි නම් දේවියක් වූහයි ද ඇය මේ ප්‍රපාතයෙහි වාසය කළ හෙයින් එය අස්ගිරි නම් වී යයි ද ඇතැමෙක් කියති.
+
මෙම ප්‍රදේශය අස්ගිරි නාමයෙන් හැඳින්වීම පිළිබඳව බොහෝ මුඛපරම්පරාගත කථා පවතී. අච්ඡගිරි යන පාලි ශබ්දයට සමාන අර්ථ ඇති අස්ගිරි නාමය මේ ස්ථානයට ව්‍යවහාර වූයේ එය බොහෝ සෙයින් වලසුන් (අච්ඡ) විසූ ගිරිදුර්ගයක් වූ හෙයින් බව පිළිගත හැක. අස් යනු අශ්ව පර්යාය යි සැලකූ ඇතැම්හු අස්ගිරි යනු හයගිරි යී ද වහරට නඟාලූහ. පළමුවන වික්‍රමබාහු රජුහට අස්ගිරි නම් දේවියක් වූහයි ද ඇය මේ ප්‍රපාතයෙහි වාසය කළ හෙයින් එය අස්ගිරි නම් වී යයි ද ඇතැමෙක් කියති.
  
ගිරිදුර්ගයන්ගෙන් ගැවැසි අස්ගිරි ප්‍රදේශය පුරාණයේ සිට ම වනවාසික භික්ෂූන්ගේ සෙනසුනක් වූ බව පෙනේ. දැනට තලගහගොඩ නම් ග්‍රාමයෙහි පිහිටි අස්ගිරි විහරය එබඳු තැනකි.යෝගාවචර භික්ෂුන්ට වාසස්ථානව තුබුණු මේ විහාරස්ථානයෙහි කුඩා ලෙන් විහාරයක් සහ වෙනත් නෂ්ටාවශේෂ ද වෙයි. එහි වූ පැරණි ශිලාලේඛනයෙකින් ස්ථානයේ පෞරාණිකත්වය හෙළි වෙයි. විහාරස්ථානයෙහි ආරම්භය හෝ ආරම්භකයා අප්‍රකටය. මෙම පුරාණ අස්ගිරි විහාරයෙහි විසූ ආරණ්‍යක භික්ෂූන් යම්කිසි කලෙක මහනුවර සමීපයෙහි වාසයට පැමිණි හෙයින් එතැන් සිට ඒ ස්ථානය ද අස්ගිරි නමින් ප්‍රසිද්ධ වී යයි කියති. ([[අස්ගිරි මහාවිහාරය]] බ.)
+
ගිරිදුර්ගයන්ගෙන් ගැවැසි අස්ගිරි ප්‍රදේශය පුරාණයේ සිට ම වනවාසික භික්ෂූන්ගේ සෙනසුනක් වූ බව පෙනේ. දැනට තලගහගොඩ නම් ග්‍රාමයෙහි පිහිටි අස්ගිරි විහාරය එබඳු තැනකි. යෝගාවචර භික්ෂූන්ට වාසස්ථානව තුබුණු මේ විහාරස්ථානයෙහි කුඩා ලෙන් විහාරයක් සහ වෙනත් නෂ්ටාවශේෂ ද වෙයි. එහි වූ පැරණි ශිලාලේඛනයෙකින් ස්ථානයේ පෞරාණිකත්වය හෙළි වෙයි. විහාරස්ථානයෙහි ආරම්භය හෝ ආරම්භකයා අප්‍රකටය. මෙම පුරාණ අස්ගිරි විහාරයෙහි විසූ ආරණ්‍යක භික්ෂූන් යම්කිසි කලෙක මහනුවර සමීපයෙහි වාසයට පැමිණි හෙයින් එතැන් සිට ඒ ස්ථානය ද අස්ගිරි නමින් ප්‍රසිද්ධ වී යයි කියති. ([[අස්ගිරි මහාවිහාරය]] බ.)
  
 
(සංස්කරණය: 1965)
 
(සංස්කරණය: 1965)

09:27, 30 දෙසැම්බර් 2024 වන විට නවතම සංශෝධනය

මධ්‍යම පළාතෙහි, දකුණු මාතලේ දිස්ත්‍රික්කයට අයත් කොට්ඨාසයකි. මාතලේ-දඹුලු පාරටත් මාතලේ දිස්ත්‍රික්කයෙහි බටහිර සීමාවටත් අතර පිහිටි අස්ගිරි ප්‍රදේශය අස්ගිරි පල්ලේසිය පත්තුව හා අස්ගිරි උඩසිය පත්තුව යන කොටස් දෙකට බෙදා තිබේ. නාලන්දා ඔයේ ඉහළ නිම්නය ආශ්‍රිතව පිහිටි අස්ගිරි පත්තු පෙදෙස දකුණු දෙසින් ඇටපොළ කන්ද දෙසටත් බටහිර දෙසින් කල්ලුමදුර හා කළාකොඩියාහේන කඳු දෙසටත් නැගෙනහිරින් මකුලුස්ස අස්ගිරිකන්ද හා රිළාගල දෙසටත් ක්‍රමයෙන් උස්වී යයි. මුළු ප්‍රදේශය ම මුහුදු මට්ටමේ සිට අඩි 1,500කට වඩා උසය. දුල්ලෑව, දොරකුඹුර, ඇඹිටියාව, එරමුදුගොල්ල, මාතලාපිටිය, පමුණුව හා ඕවිටිපාන අස්ගිරි උඩසිය පත්තුවේ ප්‍රධාන ගම් වන අතර නවගල, උරුලෑවත්ත, කහවත්ත, නිකගොල්ල, දිවිල්ල, දික්කුඹුර හා මහවෙල අස්ගිරි පල්ලේසිය පත්තුවේ ප්‍රධාන ගම් වේ.

ඊශානදිග මෝසම් සුළඟින් පමණක් වර්ෂාව ලබන මෙහි දේශගුණය සාමාන්‍යයෙන් වියළිය. එහෙත් දිවිල්ල ඔය හා නාලන්දා ඔය අසබඩ පෙදෙස්වල බහුලව වී වගා කරනු ලැබේ. සමහර හෙල් බෑවුම්වල රබර් වගා කර ඇති අතර ඇතැම් කඳු සහිත පෙදෙස් වනයෙන් වැසී ඇත.

දොඩම්ගස්ලන්දේ සිට ගොලහේන්වත්ත දක්වා වූ මාර්ගය අස්ගිරි පල්ලේසිය පත්තුව හරහා වැටී ඇති නමුත් අස්ගිරි ප්‍රදේශයේ පාරවල් එතරම් දියුණු නැත. දිවිල්ලේ සිට අලකොළාංග හරහා ගලඋඩහේන දක්වාත් යටවත්තේ සිට උඩඅස්ගිරිය දක්වාත් වැටී ඇති කුඩා පාරවල් හැර වැදගත් මාර්ග මෙහි නැත.

මෙම ප්‍රදේශය අස්ගිරි නාමයෙන් හැඳින්වීම පිළිබඳව බොහෝ මුඛපරම්පරාගත කථා පවතී. අච්ඡගිරි යන පාලි ශබ්දයට සමාන අර්ථ ඇති අස්ගිරි නාමය මේ ස්ථානයට ව්‍යවහාර වූයේ එය බොහෝ සෙයින් වලසුන් (අච්ඡ) විසූ ගිරිදුර්ගයක් වූ හෙයින් බව පිළිගත හැක. අස් යනු අශ්ව පර්යාය යි සැලකූ ඇතැම්හු අස්ගිරි යනු හයගිරි යී ද වහරට නඟාලූහ. පළමුවන වික්‍රමබාහු රජුහට අස්ගිරි නම් දේවියක් වූහයි ද ඇය මේ ප්‍රපාතයෙහි වාසය කළ හෙයින් එය අස්ගිරි නම් වී යයි ද ඇතැමෙක් කියති.

ගිරිදුර්ගයන්ගෙන් ගැවැසි අස්ගිරි ප්‍රදේශය පුරාණයේ සිට ම වනවාසික භික්ෂූන්ගේ සෙනසුනක් වූ බව පෙනේ. දැනට තලගහගොඩ නම් ග්‍රාමයෙහි පිහිටි අස්ගිරි විහාරය එබඳු තැනකි. යෝගාවචර භික්ෂූන්ට වාසස්ථානව තුබුණු මේ විහාරස්ථානයෙහි කුඩා ලෙන් විහාරයක් සහ වෙනත් නෂ්ටාවශේෂ ද වෙයි. එහි වූ පැරණි ශිලාලේඛනයෙකින් ස්ථානයේ පෞරාණිකත්වය හෙළි වෙයි. විහාරස්ථානයෙහි ආරම්භය හෝ ආරම්භකයා අප්‍රකටය. මෙම පුරාණ අස්ගිරි විහාරයෙහි විසූ ආරණ්‍යක භික්ෂූන් යම්කිසි කලෙක මහනුවර සමීපයෙහි වාසයට පැමිණි හෙයින් එතැන් සිට ඒ ස්ථානය ද අස්ගිරි නමින් ප්‍රසිද්ධ වී යයි කියති. (අස්ගිරි මහාවිහාරය බ.)

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අස්ගිරිය-2&oldid=6764" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි