"ආර්ද්‍රතාමානය" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(Hygrometer). වාතයෙහි ඇති තෙතමනයේ ප්‍රමාණයට ආර්ද්‍රත...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
1 පේළිය: | 1 පේළිය: | ||
− | (Hygrometer). වාතයෙහි ඇති තෙතමනයේ ප්‍රමාණයට [[ආර්ද්‍රතාව]] (බ.) යයි කියති. සාමාන්‍යයෙන් වායුගෝලයෙහි ඇති ඒ ආර්ද්‍රතාව නිරපේක්ෂ ලෙස හෝ සාපේක්ෂ ලෙස හෝ මැනීමට ගන්නා උපකරණය ආර්ද්‍රතාමානයයි | + | (Hygrometer). වාතයෙහි ඇති තෙතමනයේ ප්‍රමාණයට [[ආර්ද්‍රතාව]] (බ.) යයි කියති. සාමාන්‍යයෙන් වායුගෝලයෙහි ඇති ඒ ආර්ද්‍රතාව නිරපේක්ෂ ලෙස හෝ සාපේක්ෂ ලෙස හෝ මැනීමට ගන්නා උපකරණය ආර්ද්‍රතාමානයයි. |
− | + | නිරපේක්ෂ ආර්ද්‍රතාව මනිනු ලබන්නේ රසායන ආර්ද්‍රතාමානය මඟිනි. මේ උපකරණය ක්‍රියාවේ යොදවන විට මනිනු ලැබූ වාත ප්‍රමාණයක් සුදුසු ජලාකර්ෂක ද්‍රව්‍යයක් අඩංගු නළ කිහිපයක් තුළින් යවනු ලැබේ. වාතය යැවීමට පෙරත් පසුත් මේ නළවල බර දැන ගැනීමෙන් ඒ වේලාවේ වායුගෝලයෙහි නිරපේක්ෂ ආර්ද්‍රතාව නිර්ණය කළ හැකිය. | |
− | තුෂාර අංක (dew | + | සාපේක්ෂ ආර්ද්‍රතාව සාමාන්‍යයෙන් මනිනු ලබන්නේ මේසන්ගේ තෙත්-වියළි බල්බ ආර්ද්‍රතාමානයෙනි. සුදුසු රාමුවක ළඟ ළඟ සවි කළ එක සමාන රසදිය උෂ්ණත්වමාන දෙකක් මේ උපකරණයෙහි තිබේ. ජලය සහිත කුඩා භාජනයක ගිල්වා තැබූ කපු නූල් කැබලිවලින් එක් උෂ්ණත්වමානයක බල්බය දවටා තිබේ. කේශාකර්ෂණ බලය නිසා ජලය කපු නූල් දිගේ ඉහළට නැඟීමෙන් බල්බය තෙත් ව පවතියි. අවට තිබෙන වාතය වියළි වූ විට නූල්වලින් ජලය ශීඝ්‍ර ලෙස වාෂ්ප වේ. මේ වාෂ්පීභවනය නිසා තෙත් බල්බය සිසිල් වේ. එවිට තෙත් බල්බයෙන් යුත් උෂ්ණත්වමානය වියළි බල්බයෙන් යුත් උෂ්ණත්වමානයට වඩා අඩු උෂ්ණත්වයක් දක්වයි. වාතයෙහි ජල වාෂ්ප සැලකිය යුතු ප්‍රමාණයක් තිබේ නම් වාෂ්පීභවනය ඇති වන්නේ ස්වල්ප වශයෙනි. එමෙන් ම තෙත් බල්බයේ සිසිල්වීමත් අඩුය. වාතය ජල වාෂ්පවලින් සන්තෘප්ත වී ඇත්නම් උෂ්ණත්වමාන දෙකේ පාඨාංකවල වෙනසක් නැත. මේ උපකරණයට අයිති චක්‍රයක් සම්පාදනය කොට තිබේ. උෂ්ණත්ව දෙක අතර ඇති අන්තරයත් වියළි බල්බයෙන් යුත් උෂ්ණත්වමානය දක්වන වාතයේ උෂ්ණත්වයත් අනුව වාතයේ ආර්ද්‍රතාව මේ චක්‍රයෙහි දැක්වෙයි. |
+ | |||
+ | තුෂාර අංක (dew point) ආර්ද්‍රතාමානය තවත් ආර්ද්‍රතාමාන විශේෂයකි. මේ උපකරණය මගින් තුෂාර අංකයේ අගය සොයා ගෙන එයින් වාතයේ සාපේක්ෂ ආර්ද්‍රතාව මැනිය හැකි යි. රේනෝල්ට් ආර්ද්‍රතා මානයත් ඩැනියල් ආර්ද්‍රතාමානයත් ප්‍රසිද්ධ තුෂාර අංක ආර්ද්‍රතාමාන දෙකකි. තුෂාර අංක ආර්ද්‍රතාමානය මඟින් වාතයේ සාපේක්ෂ ආර්ද්‍රතාව ඉක්මනින් සොයා ගත නොහැකියි. | ||
අවශෝෂණ ආර්ද්‍රතාමාන නමින් හැඳින්වෙන ආර්ද්‍රතාමාන වර්ග කිහිපයක් ද ඇත. මේ උපකරණ ජලය අවශෝෂණය කරන කෙඳි හෝ කේශර සහිතය. වාතයේ ජල වාෂ්ප වැඩි වන විට මේ කෙඳි හෝ කේශර ඇකිළේ. ඒවා ඇකිළෙන ප්‍රමාණයෙන් වාතයේ ආර්ද්‍රතාව මනිනු ලැබේ. එහෙත් ඒවා කෙරෙහි වැඩි විශ්වාසයක් තබන්නට නුපුළුවන. | අවශෝෂණ ආර්ද්‍රතාමාන නමින් හැඳින්වෙන ආර්ද්‍රතාමාන වර්ග කිහිපයක් ද ඇත. මේ උපකරණ ජලය අවශෝෂණය කරන කෙඳි හෝ කේශර සහිතය. වාතයේ ජල වාෂ්ප වැඩි වන විට මේ කෙඳි හෝ කේශර ඇකිළේ. ඒවා ඇකිළෙන ප්‍රමාණයෙන් වාතයේ ආර්ද්‍රතාව මනිනු ලැබේ. එහෙත් ඒවා කෙරෙහි වැඩි විශ්වාසයක් තබන්නට නුපුළුවන. |
14:52, 30 දෙසැම්බර් 2024 වන විට නවතම සංශෝධනය
(Hygrometer). වාතයෙහි ඇති තෙතමනයේ ප්‍රමාණයට ආර්ද්‍රතාව (බ.) යයි කියති. සාමාන්‍යයෙන් වායුගෝලයෙහි ඇති ඒ ආර්ද්‍රතාව නිරපේක්ෂ ලෙස හෝ සාපේක්ෂ ලෙස හෝ මැනීමට ගන්නා උපකරණය ආර්ද්‍රතාමානයයි.
නිරපේක්ෂ ආර්ද්‍රතාව මනිනු ලබන්නේ රසායන ආර්ද්‍රතාමානය මඟිනි. මේ උපකරණය ක්‍රියාවේ යොදවන විට මනිනු ලැබූ වාත ප්‍රමාණයක් සුදුසු ජලාකර්ෂක ද්‍රව්‍යයක් අඩංගු නළ කිහිපයක් තුළින් යවනු ලැබේ. වාතය යැවීමට පෙරත් පසුත් මේ නළවල බර දැන ගැනීමෙන් ඒ වේලාවේ වායුගෝලයෙහි නිරපේක්ෂ ආර්ද්‍රතාව නිර්ණය කළ හැකිය.
සාපේක්ෂ ආර්ද්‍රතාව සාමාන්‍යයෙන් මනිනු ලබන්නේ මේසන්ගේ තෙත්-වියළි බල්බ ආර්ද්‍රතාමානයෙනි. සුදුසු රාමුවක ළඟ ළඟ සවි කළ එක සමාන රසදිය උෂ්ණත්වමාන දෙකක් මේ උපකරණයෙහි තිබේ. ජලය සහිත කුඩා භාජනයක ගිල්වා තැබූ කපු නූල් කැබලිවලින් එක් උෂ්ණත්වමානයක බල්බය දවටා තිබේ. කේශාකර්ෂණ බලය නිසා ජලය කපු නූල් දිගේ ඉහළට නැඟීමෙන් බල්බය තෙත් ව පවතියි. අවට තිබෙන වාතය වියළි වූ විට නූල්වලින් ජලය ශීඝ්‍ර ලෙස වාෂ්ප වේ. මේ වාෂ්පීභවනය නිසා තෙත් බල්බය සිසිල් වේ. එවිට තෙත් බල්බයෙන් යුත් උෂ්ණත්වමානය වියළි බල්බයෙන් යුත් උෂ්ණත්වමානයට වඩා අඩු උෂ්ණත්වයක් දක්වයි. වාතයෙහි ජල වාෂ්ප සැලකිය යුතු ප්‍රමාණයක් තිබේ නම් වාෂ්පීභවනය ඇති වන්නේ ස්වල්ප වශයෙනි. එමෙන් ම තෙත් බල්බයේ සිසිල්වීමත් අඩුය. වාතය ජල වාෂ්පවලින් සන්තෘප්ත වී ඇත්නම් උෂ්ණත්වමාන දෙකේ පාඨාංකවල වෙනසක් නැත. මේ උපකරණයට අයිති චක්‍රයක් සම්පාදනය කොට තිබේ. උෂ්ණත්ව දෙක අතර ඇති අන්තරයත් වියළි බල්බයෙන් යුත් උෂ්ණත්වමානය දක්වන වාතයේ උෂ්ණත්වයත් අනුව වාතයේ ආර්ද්‍රතාව මේ චක්‍රයෙහි දැක්වෙයි.
තුෂාර අංක (dew point) ආර්ද්‍රතාමානය තවත් ආර්ද්‍රතාමාන විශේෂයකි. මේ උපකරණය මගින් තුෂාර අංකයේ අගය සොයා ගෙන එයින් වාතයේ සාපේක්ෂ ආර්ද්‍රතාව මැනිය හැකි යි. රේනෝල්ට් ආර්ද්‍රතා මානයත් ඩැනියල් ආර්ද්‍රතාමානයත් ප්‍රසිද්ධ තුෂාර අංක ආර්ද්‍රතාමාන දෙකකි. තුෂාර අංක ආර්ද්‍රතාමානය මඟින් වාතයේ සාපේක්ෂ ආර්ද්‍රතාව ඉක්මනින් සොයා ගත නොහැකියි.
අවශෝෂණ ආර්ද්‍රතාමාන නමින් හැඳින්වෙන ආර්ද්‍රතාමාන වර්ග කිහිපයක් ද ඇත. මේ උපකරණ ජලය අවශෝෂණය කරන කෙඳි හෝ කේශර සහිතය. වාතයේ ජල වාෂ්ප වැඩි වන විට මේ කෙඳි හෝ කේශර ඇකිළේ. ඒවා ඇකිළෙන ප්‍රමාණයෙන් වාතයේ ආර්ද්‍රතාව මනිනු ලැබේ. එහෙත් ඒවා කෙරෙහි වැඩි විශ්වාසයක් තබන්නට නුපුළුවන.
(සංස්කරණය: 1965)