"ඉලංගම" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('සිංහල රාජ්‍ය සමයේ පසුභාගයෙහි අංගම් පොර (බ.), කඩු...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
1 පේළිය: 1 පේළිය:
සිංහල රාජ්‍ය සමයේ පසුභාගයෙහි අංගම් පොර (බ.), කඩුහරඹ හා අවිසිප් පුරුදු පුහුණු කළ ස්ථානය ඉලංගම හෙවත් ඉලංගම් මඩුව නම් විය. රජකුමරුවනට හස්ති, අශ්ව, ධනු ආදි ශිල්ප හා අවිසරඹ, මල්ල පොර ආදිය ඉගැන්වීම් සඳහා වෙන් වූ වාසල ඉලංගම් මඩු නම් වූ ආයතන විශේෂයක් ද එවක රජවාසල හා සම්බන්ධව පැවති බව පෙනේ. ඒ හැර කෝට්ටේ හා මහනුවර යුගයන්හි නැටුම් ගැයුම් පුරුදු කැරවූ තැන් ද රජතුමාට කවි දැක්වූ කවිකාර මඩු ද ඉලංගම් නමින් හැඳින්වුණු බව තත්කාලීන ග්‍රන්ථාශ්‍රයෙන් දත හැකිය.
+
සිංහල රාජ්‍ය සමයේ පසුභාගයෙහි [[අංගම් පොර]] (බ.), කඩුහරඹ හා අවිසිප් පුරුදු පුහුණු කළ ස්ථානය ඉලංගම හෙවත් ඉලංගම් මඩුව නම් විය. රජකුමරුවනට හස්ති, අශ්ව, ධනු ආදි ශිල්ප හා අවිසරඹ, මල්ල පොර ආදිය ඉගැන්වීම් සඳහා වෙන් වූ වාසල ඉලංගම් මඩු නම් වූ ආයතන විශේෂයක් ද එවක රජවාසල හා සම්බන්ධව පැවති බව පෙනේ. ඒ හැර කෝට්ටේ හා මහනුවර යුගයන්හි නැටුම් ගැයුම් පුරුදු කැරවූ තැන් ද රජතුමාට කවි දැක්වූ කවිකාර මඩු ද ඉලංගම් නමින් හැඳින්වුණු බව තත්කාලීන ග්‍රන්ථාශ්‍රයෙන් දත හැකිය.
  
දකුණු ඉන්දියානු බලපෑම : ඉලංගම් යන වචනය ලඞ්ඝනවාවී ද්‍රවිඩ " ඉලඞ්කණම් " යන්න ප්‍රභව කොට ඇති බව පෙනේ. ඉලංගම හා ඒවායේ පුරුදු පුහුණු කරන ලද ඇතැම් අවිසරඹ ආදිය දකුණු ඉන්දියානු බලපෑම් මෙරට රජවාසල කෙරෙහි අධික ලෙස පැවති කාලයේ ලැබුණු දායාද යයි සිතිය හැකියි. ඉලංගම්වල ඉගැන්නූ ශිල්ප අතර ප්‍රධාන තැන ගත්තේ අංගම් කෙටීම හෙවත් කඩුපලිස් හරඹය. අංගම් යනු කඩුපලිස් සරඹයට කියන මලයාලම් වචනයයි. ඉලංගම්වල පුහුණුව ලත් ප්‍රවීණයන් පණික්කි (අංගම් පොරය බ.) යන ද්‍රවිඩ නාමයෙන් හැඳින්වුණු බව පෙනේ. දකුණු ඉන්දියානු අංගම් සටන් සම්ප්‍රදායත් මෙරට 15, 16 වන සියවස්වල පැවති කඩු හරඹ සම්ප්‍රදායත් එක ම බව හඟුරන්කෙත දේවාලයේ 16 වන සියවසට අයත් දේව අංගම් රෙදි සිතුවම් අතර වූ දකුණු ඉන්දියානු සෙබළකු හා සිංහල සෙබළකු අතර වූ සටනක් දැක්වෙන චිත්‍රයෙන් දැකිය හැකිය. පිනුම් කරණම් ගසා හෝ එසේ නැතිව හෝ අහසට පැන ප්‍රතිමල්ලයාට එල්ල කරන මරුපහරවල් සටන් ක්‍රම දෙකට ම පොදු වූවක් බව ද සටන් විස්තර වලින් දැනගත හැකිය. තවද ශිල්ප පුහුණු වෙද්දී කඩුවේ ප්‍රධාන චලනයන්ට හෙවත් පහරවලට කියන නම් - එනම් '' ඔම්මට්ට '' (පහතට කැපීම), ''උම්මට්ට '' (ඉහළට කැපීම), '' වේමට්ට '' (ඇනීම), පම්මට්ට " (ඉහත තුන්පහරේ සම්මිශ්‍රණයකි) යන මේවා ද්‍රවිඩ වචන බව ද පෙනේ.
+
== දකුණු ඉන්දියානු බලපෑම ==
 +
ඉලංගම් යන වචනය ලඞ්ඝනවාවී ද්‍රවිඩ 'ඉලඞ්කණම්' යන්න ප්‍රභව කොට ඇති බව පෙනේ. ඉලංගම හා ඒවායේ පුරුදු පුහුණු කරන ලද ඇතැම් අවිසරඹ ආදිය දකුණු ඉන්දියානු බලපෑම් මෙරට රජවාසල කෙරෙහි අධික ලෙස පැවති කාලයේ ලැබුණු දායාද යයි සිතිය හැකියි. ඉලංගම්වල ඉගැන්නූ ශිල්ප අතර ප්‍රධාන තැන ගත්තේ අංගම් කෙටීම හෙවත් කඩුපලිස් හරඹය. අංගම් යනු කඩුපලිස් සරඹයට කියන මලයාලම් වචනයයි. ඉලංගම්වල පුහුණුව ලත් ප්‍රවීණයන් පණික්කි ([[අංගම් පොර]]ය බ.) යන ද්‍රවිඩ නාමයෙන් හැඳින්වුණු බව පෙනේ. දකුණු ඉන්දියානු අංගම් සටන් සම්ප්‍රදායත් මෙරට 15, 16 වන සියවස්වල පැවති කඩුහරඹ සම්ප්‍රදායත් එක ම බව හඟුරන්කෙත දේවාලයේ 16 වන සියවසට අයත් දේව අංගම් රෙදි සිතුවම් අතර වූ දකුණු ඉන්දියානු සෙබළකු හා සිංහල සෙබළකු අතර වූ සටනක් දැක්වෙන චිත්‍රයෙන් දැකිය හැකිය. පිනුම් කරණම් ගසා හෝ එසේ නැතිව හෝ අහසට පැන ප්‍රතිමල්ලයාට එල්ල කරන මරුපහරවල් සටන් ක්‍රම දෙකට ම පොදු වූවක් බව ද සටන් විස්තරවලින් දැනගත හැකිය. තවද ශිල්ප පුහුණු වෙද්දී කඩුවේ ප්‍රධාන චලනයන්ට හෙවත් පහරවලට කියන නම් - එනම් 'ඔම්මට්ට' (පහතට කැපීම), 'උම්මට්ට' (ඉහළට කැපීම), 'වේමට්ට' (ඇනීම), 'පම්මට්ට' (ඉහත තුන්පහරේ සම්මිශ්‍රණයකි) යන මේවා ද්‍රවිඩ වචන බව ද පෙනේ.
  
අංගම් යන වචනය 14 වන සියවසට අයත් සේ සැලකෙන තිසර සන්දේශයෙහි සඳහන් වන නමුත් ඉලංගම් යන පදය 16 වන සියවසට වඩා පැරණි යුගයක යෙදී ඇති බවක් සිංහල සාහිත්‍ය ඉතිහාසාදි කෘතිවලින් (අලකේශ්වර යුද්ධය හා රාජාවලිය හැර) පෙනෙන්නට නැත. ඇත්, අස්, කඩු, දුනු ඈ ශිල්පයන්හි පුහුණු වූවන් හා ඔවුන්ගේ ශිල්ප දැක්වීම් ආදිය ගැන ඉතා ඈත කාලයේ පටන් කොතෙකුත් සඳහන් තිබෙද්දී ඉලංගම් (හා අංගම්) යන්න යට දැක්වූ සේ වඩා පැරණි පොතපතෙහි නොයෙදී තිබීමෙන් මෙරට ආදියේ පටන් ම විවිධ අවිසිප්, මල්ලපොර, හස්ති අශ්ව ශිල්ප ආදිය පැවති නමුත් ඒවා ඉලංගම් සරඹ සම්ප්‍රදායට අයත් නොවූ බවත් ඉලංගම් මඩුවල ඉගැන්නු සටන් සම්ප්‍රදාය පසුභාගයේ දකුණු ඉන්දියාවෙන් මෙහි ප්‍රවිෂ්ට වූ සම්ප්‍රදායයක් විය හැකි බවත් කෙනකුට සිතාගත හැකිය.
+
අංගම් යන වචනය 14 වන සියවසට අයත් සේ සැලකෙන තිසර සන්දේශයෙහි සඳහන් වන නමුත් ඉලංගම් යන පදය 16 වන සියවසට වඩා පැරණි යුගයක යෙදී ඇති බවක් සිංහල සාහිත්‍ය ඉතිහාසාදි කෘතිවලින් (අලකේශ්වර යුද්ධය හා රාජාවලිය හැර) පෙනෙන්නට නැත. ඇත්, අස්, කඩු, දුනු ඈ ශිල්පයන්හි පුහුණු වූවන් හා ඔවුන්ගේ ශිල්ප දැක්වීම් ආදිය ගැන ඉතා ඈත කාලයේ පටන් කොතෙකුත් සඳහන් තිබෙද්දී ඉලංගම් (හා අංගම්) යන්න යට දැක්වූ සේ වඩා පැරණි පොතපතෙහි නොයෙදී තිබීමෙන් මෙරට ආදියේ පටන් ම විවිධ අවිසිප්, මල්ලපොර, හස්ති අශ්ව ශිල්ප ආදිය පැවති නමුත් ඒවා ඉලංගම් සරඹ සම්ප්‍රදායට අයත් නොවූ බවත් ඉලංගම් මඩුවල ඉගැන්නූ සටන් සම්ප්‍රදාය පසුභාගයේ දකුණු ඉන්දියාවෙන් මෙහි ප්‍රවිෂ්ටවූ සම්ප්‍රදායයක් විය හැකි බවත් කෙනකුට සිතාගත හැකිය.
  
රාජානුග්‍රහය : පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි මිනිසුන් සමඟ යුද වියවුල් පැවති සමයේ සිංහල කඩුව නිතර ම මුවහත්ව තිබිය යුතු විය. එකී සතුරු වර්ගයා විවිධ වූ අලුත් අලුත් තුවක්කු, අහස් වෙඩි ආදි බිහිසුණු අවිආයුධ විශාල වශයෙන් මෙහි ගෙනැවිත් යුද වැදුණු අතර සිංහලයනට තිබුණේ ඒවා අනුකරණයෙන් කළ අත්තුවක්කු හා පාතුවක්කු සුළු ප්‍රමාණයක් පමණක් බැවින් හීය, ලන්සය, කඩුව ආදි පැරණි ආයුධ හා එම අවි හරඹ පුහුණුව ඔවුනට නැතිව ම බැරි විය. එහෙයින් මේ අවධියේ දී කලින් පැවතියාට වැඩි ඕනෑකමකින් යුද්ධභටයන්ට විවිධ ආයුධ පුහුණුව ලබා දීමට රජුන්ගේත් වෙනත් පාලකයන්ගේත් අවධානය යොමුවන්නට විය.
+
== රාජානුග්‍රහය ==
 +
පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි මිනිසුන් සමඟ යුද වියවුල් පැවති සමයේ සිංහල කඩුව නිතර ම මුවහත්ව තිබිය යුතු විය. එකී සතුරු වර්ගයා විවිධ වූ අලුත් අලුත් තුවක්කු, අහස් වෙඩි ආදි බිහිසුණු අවිආයුධ විශාල වශයෙන් මෙහි ගෙනැවිත් යුද වැදුණු අතර සිංහලයනට තිබුණේ ඒවා අනුකරණයෙන් කළ අත්තුවක්කු හා පාතුවක්කු සුළු ප්‍රමාණයක් පමණක් බැවින් හීය, ලන්සය, කඩුව ආදි පැරණි ආයුධ හා එම අවි හරඹ පුහුණුව ඔවුනට නැතිව ම බැරි විය. එහෙයින් මේ අවධියේ දී කලින් පැවතියාට වැඩි ඕනෑකමකින් යුද්ධභටයන්ට විවිධ ආයුධ පුහුණුව ලබා දීමට රජුන්ගේත් වෙනත් පාලකයන්ගේත් අවධානය යොමුවන්නට විය.
  
ඉලංගම් පැවැත්වීම රජයේ අනුග්‍රහයෙන් කරන ලද බවත් ඒවායේ නඩත්තුවට ගම්බිම් ප්‍රදානය කරන ලද බවත් පෙනෙන්නට තිබේ. ඉලංගම් ගැන බලවත් ඕනෑකමක් දැක්වූ සීතාවක රාජසිංහයන්ගේ ඇවෑමෙන් කීරවැලි පත්තුවේ අඹගල හා ගාර්දේ පුරය පලිහක්කරුන්ගේ ප්‍රවේණිගම් වශයෙන් දෙන ලද බවත් ඔවුන් පලිස් හා කඩුසරඹ සඳහා දැවකඩු සැපයිය යුතු වූ බවත් පෝල් පීරිස් මහතා පෙන්වා දෙයි (Sinhale and the Patriots, 1815 – 1818, කෘතිය බ.) රජයෙන් ඉලංගම් මඩු නඩත්තු කිරීම ඉංග්‍රීසීන් උඩරට අල්ලාගැනීමෙන් පසු ද පැවති බව පෙනේ. ඉංග්‍රීසීන්ගේ මුල් අවධියේ දී ඉලංගම් මඩුවලට දිසාපතිවරුන් විසින් නඩත්තු මුදල් ගෙවන ලදි. 1818 සැප්තැම්බර් 4 දින දරන, සපරගමු ඒජන්ත තැන්පත් එච්. රයිට් මහතාගේ ලේඛනයක සපරගමු දිසාවේ මසකට රිදී 121/2 බැගින් වසකට රිදී 150ක් ඉලංගම් මඩුවට ගෙවන ලද බව ලැයිස්තු කොට ඇත (උඩරට මහකැරැල්ල I, 324 පිට). වාසල ඉලංගම හෙවත් මාළිගාවේ නැටුම් මඩුවට මසකට රිදී 161/2 බැගින් වසකට රිදී 198 ක් ගෙවූ බව ද එහි ම සඳහන්ය.
+
ඉලංගම් පැවැත්වීම රජයේ අනුග්‍රහයෙන් කරන ලද බවත් ඒවායේ නඩත්තුවට ගම්බිම් ප්‍රදානය කරන ලද බවත් පෙනෙන්නට තිබේ. ඉලංගම් ගැන බලවත් ඕනෑකමක් දැක්වූ සීතාවක රාජසිංහයන්ගේ ඇවෑමෙන් කීරවැලි පත්තුවේ අඹගල හා ගාර්දේ පුරය පලිහක්කරුන්ගේ ප්‍රවේණිගම් වශයෙන් දෙන ලද බවත් ඔවුන් පලිස් හා කඩුසරඹ සඳහා දැවකඩු සැපයිය යුතු වූ බවත් පෝල් පීරිස් මහතා පෙන්වා දෙයි (Sinhale and the Patriots, 1815–1818, කෘතිය බ.) රජයෙන් ඉලංගම් මඩු නඩත්තු කිරීම ඉංග්‍රීසීන් උඩරට අල්ලාගැනීමෙන් පසු ද පැවති බව පෙනේ. ඉංග්‍රීසීන්ගේ මුල් අවධියේ දී ඉලංගම් මඩුවලට දිසාපතිවරුන් විසින් නඩත්තු මුදල් ගෙවන ලදි. 1818 සැප්තැම්බර් 4 දින දරන, සපරගමු ඒජන්ත තැන්පත් එච්. රයිට් මහතාගේ ලේඛනයක සපරගමු දිසාවේ මසකට රිදී 12,1/2 බැගින් වසකට රිදී 150ක් ඉලංගම් මඩුවට ගෙවන ලද බව ලැයිස්තු කොට ඇත (උඩරට මහකැරැල්ල I, 324 පිට). වාසල ඉලංගම හෙවත් මාළිගාවේ නැටුම් මඩුවට මසකට රිදී 16,1/2 බැගින් වසකට රිදී 198ක් ගෙවූ බව ද එහි ම සඳහන්ය.
  
විමලධර්ම I රජු ඉලංගම්වල පුහුණුව ලබා දස්කම් කළ විශිෂ්ට කඩුසරඹකරුවකු වශයෙන් ඒවායේ දියුණුවට කටයුතු කරන්නට ඇති බව සිතිය හැකිය. සෙනරත් රජ ද ඉලංගම් මඩුවලට දිරි දුන් රජෙක් විය. " ඉලංගම් සතරත් - දියුණු කරවා නොයෙක් වීදිත් '' (පරංගි හටන 52; රාජසිහ හටන 47) යන කව් පදවලින් ඒ බව ඔප්පු වේ. (මෙහි සඳහන් ඉලංගම් සතර මෙහි මුලින් සඳහන් වූ ඉලංගම් මඩුව, වාසල ඉලංගම, නැටුම් ඉලංගම හා කවිකාර මඩුව යන සතර දෝයි විමසිය යුතුය.) සෙනරත් රජු දියුණු කළ ඉලංගම්වලින් ඉතා උසස් අවිපුහුණුව ලද්දෙක් විය, රාජසිංහ II රජ. සුදලිය හා මාරුවලිය යන සුප්‍රසිද්ධ ඉලංගම් දෙපරපුර ගැන මුලින් ම සඳහන් වනුයේ මෙරජුගේ සමයේ දීය. "ත්‍රි සිංහලාධීශ්වර වූ රාජසිංහ දෙවිස්වාමි - දරුවන්ට දැක්කුවාය .............. කළුගැටයා කවුද කියා දිවස්ලා වදාළාය. ගොන්දිවෙල පොන්නා සුදලිය මාරුවලිය යන ඉලංගං දෙකේ හරම කරනවා දිවස්ලා වදාළාය" යනාදීන් ලියැවී ඇති පැරණි ලිපියෙන් ඒ පෙනේ (උඩරට විත්ති 116 පිට). සුදලිය හා මාරුවලිය ගුරුකුල දෙක ඉංග්‍රීසි සමයේ දී ද පැවති බව ඩොයිලිගේ කෘතියෙන් (1815) පෙනේ. ඉංග්‍රීසීන් උඩරට අයත් කරගැනීමට ප්‍රථම උඩපළාත හා හේවාහැට ආදි ප්‍රදේශවල මාරුවලිය පරපුරට අයත් වූවන් ද විසූ බව ඔහු පවසයි.
+
විමලධර්ම I රජු ඉලංගම්වල පුහුණුව ලබා දස්කම් කළ විශිෂ්ට කඩුසරඹකරුවකු වශයෙන් ඒවායේ දියුණුවට කටයුතු කරන්නට ඇති බව සිතිය හැකිය. සෙනරත් රජ ද ඉලංගම් මඩුවලට දිරි දුන් රජෙක් විය. "ඉලංගම් සතරත්-දියුණු කරවා නොයෙක් වීදිත්" (පරංගි හටන 52; රාජසිහ හටන 47) යන කව් පදවලින් ඒ බව ඔප්පු වේ. (මෙහි සඳහන් ඉලංගම් සතර මෙහි මුලින් සඳහන් වූ ඉලංගම් මඩුව, වාසල ඉලංගම, නැටුම් ඉලංගම හා කවිකාර මඩුව යන සතර දෝයි විමසිය යුතුය.) සෙනරත් රජු දියුණු කළ ඉලංගම්වලින් ඉතා උසස් අවිපුහුණුව ලද්දෙක් විය, රාජසිංහ II රජ. සුදලිය හා මාරුවලිය යන සුප්‍රසිද්ධ ඉලංගම් දෙපරපුර ගැන මුලින් ම සඳහන් වනුයේ මෙරජුගේ සමයේ දීය. "ත්‍රි සිංහලාධීශ්වර වූ රාජසිංහ දෙවිස්වාමිදරුවන්ට දැක්කුවාය... කළුගැටයා කවුද කියා දිවස්ලා වදාළාය. ගොන්දිවෙල පොන්නා සුදලිය මාරුවලිය යන ඉලංගං දෙකේ හරම කරනවා දිවස්ලා වදාළාය" යනාදීන් ලියැවී ඇති පැරණි ලිපියෙන් ඒ පෙනේ (උඩරට විත්ති 116 පිට). සුදලිය හා මාරුවලිය ගුරුකුල දෙක ඉංග්‍රීසි සමයේ දී ද පැවති බව ඩොයිලිගේ කෘතියෙන් (1815) පෙනේ. ඉංග්‍රීසීන් උඩරට අයත් කරගැනීමට ප්‍රථම උඩපළාත හා හේවාහැට ආදි ප්‍රදේශවල මාරුවලිය පරපුරට අයත් වූවන් ද විසූ බව ඔහු පවසයි.
  
මුහන්දිරම් : මෙම අංගම් දෙපරපුරේ මුහන්දිරම් පදවි ඉතා උසස් කොට සලකනු ලැබිණි. සාමාන්‍යයෙන් සිංහල රාජ්‍යයේ අවසන් කාලයේ එම පදවි හෙබවූණේ මහ ඇමති හෝ දෙවන අදිකාරම් හෝ විසින් බව පෙනේ. කීර්ති ශ්‍රී රාජසිංහයන්ගේ උඩගම්පහේ මහ අදිකාරම් නිලමේ කරවූ මුංවත්තේ අදිකාරම්තුමා දැරූ තනතුරු අතර වාහල ඉලංගමේ මුහන්දිරම් පදවිය ද විය. 1815 දී තමන් ඉංග්‍රීසීන්ට කළ උපකාරවලට කෘතෝපකාර වශයෙන් මොල්ලිගොඩ හා පලිපාන දෙදෙනා සුදලිය හා මාරුවලිය ඉලංගම් දෙකේ මුහන්දිරම් පදවි ඉල්ලා ලැබගත්හ.
+
== මුහන්දිරම් ==
 +
මෙම අංගම් දෙපරපුරේ මුහන්දිරම් පදවි ඉතා උසස් කොට සලකනු ලැබිණි. සාමාන්‍යයෙන් සිංහල රාජ්‍යයේ අවසන් කාලයේ එම පදවි හෙබවුණේ මහ ඇමති හෝ දෙවන අදිකාරම් හෝ විසින් බව පෙනේ. කීර්ති ශ්‍රී රාජසිංහයන්ගේ උඩගම්පහේ මහ අදිකාරම් නිලමේ කරවූ මුංවත්තේ අදිකාරම්තුමා දැරූ තනතුරු අතර වාහල ඉලංගමේ මුහන්දිරම් පදවිය ද විය. 1815 දී තමන් ඉංග්‍රීසීන්ට කළ උපකාරවලට කෘතෝපකාර වශයෙන් මොල්ලිගොඩ හා පලිපාන දෙදෙනා සුදලිය හා මාරුවලිය ඉලංගම් දෙකේ මුහන්දිරම් පදවි ඉල්ලා ලැබගත්හ.
  
දස්කම්: ඉලංගම්වල පුහුණුව ලත් පණික්කිවරුන්ගේ සපන්කම කෙබඳු වී ද යන්න එවක ලොව සිටි ඉතා ම බලගතු විජිත හාරකයන් වූ ද යුද පුහුණුව අතින් අගතැන්පත්ව සිටියා වූ ද මෙරැටියන් නොදත් විධියේ මාරක ආයුධ සන්නද්ධව සිටියා වූ ද පෘතුගීසි වර්ගයාගේ මහ බලසෙනඟක් මැදට රාජසිංහ I ඉලංගම්වල පුහුණුව ලත් දහසක් පණික්කිවරුන් හා පලිහක්කාරයන් ද අතුරුගිරි කෝරළේ හා කොරතොට අභීත හේවාභටයන් ද සමගින් කඩාවැදී මුල්ලේරියා වෙලේ දී කළ මහා විනාශයෙන් දත හැකිය. පැරදී පලා ගිය ප්‍රතිකාල්වරුන්ගෙන් රණබිම පතිත වූවන්ගේ සංඛ්‍යාව 1,600ක් විය. එසේ ම මහනුවර සමයේ දී ඉලංගම් මඩුවල අවිසිප් හැදෑරුවන් අසන්නවුන් මවිත කරවන දස්කම් කිරීමෙහි සමත්ව සිටි බව ජනප්‍රවාදවලින් මෙන් ම නොයෙකුත් වාර්තාවලින් ද හෙළි වේ. වෙස්වළා කොළඹ පෘතුගීසි කොටුවට ඇතුළු වූවකු නාඹ කිතුලක්, ගස කෙළින් තිබිය දී ම පෙති ගසා පිටව ගොස් තිබුණු බවත් පසුදින උදෑසන ඒ දුටු ප්‍රතිකාලුන් එය රාජසිංහ II ගේ වැඩක් බව දැනගත් බවත් ජනප්‍රවාදයේ කියැවේ. විමලධර්ම I, රාජසිංහ II, ලෙව්කේ, රත්වත්තේ ( ශ්‍රී වික්‍රමයන් කල) සහ ගලගොඩ රටේ මහතා (1820 පමණ) මෙබඳු විකුම් දැක්වීමෙහි සමත්ව සිටි කඩු සරඹකරුවන්ගෙන් කීප දෙනෙකි. 17 වන සියවසේ දී මෙහි සිටි ලන්දේසි ආණ්ඩුකාරයකු වෙත සිටියා වූ, එකිනෙකාගේ හිසට උඩින් පිනුම් ගසමින් සටන් වැද ප්‍රතිමල්ලයාගේ පලිහට තම කඩුවේ පැතලි පසින් පහර දෙමින් කඩු පලිස් හරඹ දැක්වූ සිංහල භටයන් ගැන ජූර්ගෙන් ඇන්ඩර්සන් නම් ස්වීඩිෂ් ජාතික සෙබළා ලියා ඇත. කඩිසර වූ ද කුශලතාවෙන් යුත් වූ ද බිය චකිතයක් නැත්තා වූ ද ඔවුන් එහෙයින් ම මුළු මහත් ඉන්දියා ප්‍රදේශයේ හොඳ ම භටයන් හැටියට සලකනු ලැබූ බව ද දකින්නවුන් විස්මයපත් කරවන අයුරු එකිනෙකාගේ හිසට උඩින් පැන ‘ඉගිළීමෙහි’ පුදුම සමත්කමක් ඔවුනට තිබුණු බව ද හේ පවසයි.
+
== දස්කම් ==
 +
ඉලංගම්වල පුහුණුව ලත් පණික්කිවරුන්ගේ සපන්කම කෙබඳු වී ද යන්න එවක ලොව සිටි ඉතා ම බලගතු විජිත හාරකයන් වූ ද යුද පුහුණුව අතින් අගතැන්පත්ව සිටියා වූ ද මෙරැටියන් නොදත් විධියේ මාරක ආයුධ සන්නද්ධව සිටියා වූ ද පෘතුගීසි වර්ගයාගේ මහ බලසෙනඟක් මැදට රාජසිංහ I ඉලංගම්වල පුහුණුව ලත් දහසක් පණික්කිවරුන් හා පලිහක්කාරයන් ද අතුරුගිරි කෝරළේ හා කොරතොට අභීත හේවාභටයන් ද සමගින් කඩාවැදී මුල්ලේරියා වෙලේ දී කළ මහා විනාශයෙන් දත හැකිය. පැරදී පලා ගිය ප්‍රතිකාල්වරුන්ගෙන් රණබිම පතිත වූවන්ගේ සංඛ්‍යාව 1,600ක් විය. එසේ ම මහනුවර සමයේ දී ඉලංගම් මඩුවල අවිසිප් හැදෑරුවන් අසන්නවුන් මවිත කරවන දස්කම් කිරීමෙහි සමත්ව සිටි බව ජනප්‍රවාදවලින් මෙන් ම නොයෙකුත් වාර්තාවලින් ද හෙළි වේ. වෙස්වළා කොළඹ පෘතුගීසි කොටුවට ඇතුළු වූවකු නාඹ කිතුලක්, ගස කෙළින් තිබිය දී ම පෙති ගසා පිටව ගොස් තිබුණු බවත් පසුදින උදෑසන ඒ දුටු ප්‍රතිකාලුන් එය රාජසිංහ IIගේ වැඩක් බව දැනගත් බවත් ජනප්‍රවාදයේ කියැවේ. විමලධර්ම I, රාජසිංහ II, ලෙව්කේ, රත්වත්තේ (ශ්‍රී වික්‍රමයන් කල) සහ ගලගොඩ රටේ මහතා (1820 පමණ) මෙබඳු විකුම් දැක්වීමෙහි සමත්ව සිටි කඩු සරඹකරුවන්ගෙන් කීප දෙනෙකි. 17 වන සියවසේ දී මෙහි සිටි ලන්දේසි ආණ්ඩුකාරයකු වෙත සිටියා වූ, එකිනෙකාගේ හිසට උඩින් පිනුම් ගසමින් සටන් වැද ප්‍රතිමල්ලයාගේ පලිහට තම කඩුවේ පැතලි පසින් පහර දෙමින් කඩු පලිස් හරඹ දැක්වූ සිංහල භටයන් ගැන ජූර්ගෙන් ඇන්ඩර්සන් නම් ස්වීඩිෂ් ජාතික සෙබළා ලියා ඇත. කඩිසර වූ ද කුශලතාවෙන් යුත් වූ ද බිය චකිතයක් නැත්තා වූ ද ඔවුන් එහෙයින් ම මුළු මහත් ඉන්දියා ප්‍රදේශයේ හොඳ ම භටයන් හැටියට සලකනු ලැබූ බව ද දකින්නවුන් විස්මයපත් කරවන අයුරු එකිනෙකාගේ හිසට උඩින් පැන ‘ඉගිළීමෙහි’ පුදුම සමත්කමක් ඔවුනට තිබුණු බව ද හේ පවසයි.
  
හරඹකරුවෝ : 16, 17, 18 වන සියවස්වලට අයත් කලාකෘතීන්හි - විශේෂයෙන් හඟුරන්කෙත මහා දේවාලයේ දේව අංගම් රෙදිවල, ඇම්බැක්කේ දැවකුලුනුවල හා රිදී විහාරයේ බිතුසිතුවම්වල නිරූපිත චිත්‍ර, කැටයම් ආදියෙන් ඒ කාලයන්හි මෙරට කඩුපලිස් හරඹ හා මල්ලපොර ඉතා දියුණුව පැවති බව සිතාගත හැකි අතර ම එදා සිටි අවිසිප් දැක්වූවන් ගැන තොරතුරු රැසක් ද හෙළි වේ. සාමාන්‍යයෙන් සිංහල කඩුහරඹකරුවන් තම අත්පා නිදහස් ලෙස ක්‍රියා කරවීමට හැකි වන පරිදි ඉණ කඩක් පමණක් හැඳ, කෙස්වැටිය වැසීයන සේ ඉස්පයියක් හිස ලා, වැළමිටෙහි හා වළලුකරෙහි වළලු පැලඳ, එක් උරහිසකින් හෝ දෙකින් ම උඩුකය හරහා වැටුණු දාමයන් ඇතිව අවි හරඹයෙහි යෙදුණු බැව් මෙම රූපයන්ගෙන් පෙනේ. ඉදිරිකය, උරතලය, උරහිස, ඌර්ධ්ව බාහු, නළල හා හිස ද ලෝහ දාමයන්ගෙන් රක්ෂිත කොටගෙන සතරවටින් වැටුණු පොට සහිත වස්ත්‍ර හැඳි කඩු හරඹකරුවන් සිටි බව ද මේ චිත්‍ර මගින් දැකගත හැකිය. එක් අතකින් කඩුවත් අනික් අතින් පලිසත් ගෙන මොවුන් සටනෙහි යෙදුණු අතර ද්වන්ද්ව සටන්වල දී පිළිමලුන් දෙදෙනා වෙනුවෙන් විනිසකරුවෝ නොහොත් මගපෙන්වන්නහු දෙදෙනෙක් ද වූහ.
+
== හරඹකරුවෝ ==
 +
16, 17, 18 වන සියවස්වලට අයත් කලාකෘතීන්හි - විශේෂයෙන් හඟුරන්කෙත මහා දේවාලයේ දේව අංගම් රෙදිවල, ඇම්බැක්කේ දැවකුලුනුවල හා රිදී විහාරයේ බිතුසිතුවම්වල නිරූපිත චිත්‍ර, කැටයම් ආදියෙන් ඒ කාලයන්හි මෙරට කඩුපලිස් හරඹ හා මල්ලපොර ඉතා දියුණුව පැවති බව සිතාගත හැකි අතර ම එදා සිටි අවිසිප් දැක්වූවන් ගැන තොරතුරු රැසක් ද හෙළි වේ. සාමාන්‍යයෙන් සිංහල කඩුහරඹකරුවන් තම අත්පා නිදහස් ලෙස ක්‍රියා කරවීමට හැකි වන පරිදි ඉණකඩක් පමණක් හැඳ, කෙස්වැටිය වැසීයන සේ ඉස්පයියක් හිස ලා, වැළමිටෙහි හා වළලුකරෙහි වළලු පැලඳ, එක් උරහිසකින් හෝ දෙකින් ම උඩුකය හරහා වැටුණු දාමයන් ඇතිව අවි හරඹයෙහි යෙදුණු බැව් මෙම රූපයන්ගෙන් පෙනේ. ඉදිරිකය, උරතලය, උරහිස, ඌර්ධ්ව බාහු, නළල හා හිස ද ලෝහ දාමයන්ගෙන් රක්ෂිත කොටගෙන සතරවටින් වැටුණු පොට සහිත වස්ත්‍ර හැඳි කඩු හරඹකරුවන් සිටි බව ද මේ චිත්‍ර මගින් දැකගත හැකිය. එක් අතකින් කඩුවත් අනික් අතින් පලිසත් ගෙන මොවුන් සටනෙහි යෙදුණු අතර ද්වන්ද්ව සටන්වල දී පිළිමලුන් දෙදෙනා වෙනුවෙන් විනිසකරුවෝ නොහොත් මගපෙන්වන්නහු දෙදෙනෙක් ද වූහ.
  
16 සියවසේ දී සිහින් දික් සෘජු කඩුවත් සිහින් දික් වක්‍ර කඩුවත් භාවිත වූ බව තත්කාලීන චිත්‍රවලින් පෙනීයන අතර වඩා පසු කාලයේ දී පුළුල් වූ කොට කඩු ද භාවිතයට ගැනිණි. පලිස බොහෝ විට වට හැඩය ගත් අතර හතරැස් වූත් හෘදයාකාර වූත් පලිස් ද විය. ඒවා මීහරක් සමින් හා පට්ටා ආදියෙන් තනනු ලැබිණ. විටෙක හම මත ඊයම් තට්ටුවක් ද එළා තිබිණ.
 
21 පේළිය: 26 පේළිය:
 
ඉලංගම්වල පුහුණු වූවන් ඇතැම් විට අසුන් අරා කඩු හරඹයෙහි යෙදුණු බව ද එපමණක් නොව දිවියන්, අනින බැටළුවන් වැනි සතුන් සමග ද සටන් පැවැත්වීම සිංහල රජුන් දවස සිරිතව පැවති බව ද පෙනේ.
 
ඉලංගම්වල පුහුණු වූවන් ඇතැම් විට අසුන් අරා කඩු හරඹයෙහි යෙදුණු බව ද එපමණක් නොව දිවියන්, අනින බැටළුවන් වැනි සතුන් සමග ද සටන් පැවැත්වීම සිංහල රජුන් දවස සිරිතව පැවති බව ද පෙනේ.
  
රාජකීය විනෝදය සඳහාත් ද්වන්ද්ව සටන් වශයෙනුත් සටනකින් ආරාවුලක් විසඳාගැනීම අරහයාත් උසස් තත්වාපේක්ෂාවෙනුත් ඉලංගම්හි පුහුණුව ලත් කඩුසරඹකරුවන් අතර සටන් පැවති බව පී. ඊ. පී. දැරණියගල මහතා පවසයි. හරඹසාලාවක පුහුණුව ලැබූවන් දෙදෙනකු අතරින් පණික්කිරාළ වැනි උසස් තත්වය දීමට කෙනෙකු තේරීම පිණිස ඉලංගම් මුහන්දිරම් විසින් ඌරාළිඳ නම් වූ වළක පිළිමලුන් දෙදෙනා අතර සිංහල පැයක සටනක් ඇති කරවා ජයග්‍රාහකයා තෝරාගන්නා ලද බවත් ඒ මහතා පෙන්වාදෙයි. මෙම ඌරාළිඳ රියන් 30ක් දිග හා 7ක් ගැඹුර වළක් හැටියට හඳුන්වා දී ඇත. දිනූ අයට පදවි නමත් ගම්බිම් තෑගිබෝගත් ලැබුණු අතර පැරදුණු තැනැත්තාට ද තෑගිබෝග දෙන ලද බව පෙනේ. මුල් අවධියේ දී එකකුගේ මරණය දක්වා ද්වන්ද්ව සටන් පැවැත්වීම සිරිත විය. මෙය දෙපක්ෂයේ අය අතර බද්ධ වෛරයක් ඇති වීමට තුඩු දුන්නෙන් පසු භාගයේ දී මාරාන්තික සටන් රාජනියෝගයෙන් අත්හැර දමන ලදි.
+
රාජකීය විනෝදය සඳහාත් ද්වන්ද්ව සටන් වශයෙනුත් සටනකින් ආරාවුලක් විසඳාගැනීම අරහයාත් උසස් තත්වාපේක්ෂාවෙනුත් ඉලංගම්හි පුහුණුව ලත් කඩුසරඹකරුවන් අතර සටන් පැවති බව පී.ඊ.පී. දැරණියගල මහතා පවසයි. හරඹසාලාවක පුහුණුව ලැබූවන් දෙදෙනකු අතරින් පණික්කිරාළ වැනි උසස් තත්වය දීමට කෙනෙකු තේරීම පිණිස ඉලංගම් මුහන්දිරම් විසින් ඌරාළිඳ නම් වූ වළක පිළිමලුන් දෙදෙනා අතර සිංහල පැයක සටනක් ඇති කරවා ජයග්‍රාහකයා තෝරාගන්නා ලද බවත් ඒ මහතා පෙන්වාදෙයි. මෙම ඌරාළිඳ රියන් 30ක් දිග හා 7ක් ගැඹුර වළක් හැටියට හඳුන්වා දී ඇත. දිනූ අයට පදවි නමත් ගම්බිම් තෑගිබෝගත් ලැබුණු අතර පැරදුණු තැනැත්තාට ද තෑගිබෝග දෙන ලද බව පෙනේ. මුල් අවධියේ දී එකකුගේ මරණය දක්වා ද්වන්ද්ව සටන් පැවැත්වීම සිරිත විය. මෙය දෙපක්ෂයේ අය අතර බද්ධ වෛරයක් ඇති වීමට තුඩු දුන්නෙන් පසු භාගයේ දී මාරාන්තික සටන් රාජනියෝගයෙන් අත්හැර දමන ලදි.
  
පුහුණුව : ඉලංගම් මඩු, අංගම් මඩු, හරඹ සාලා ඈ නම්වලින් හැඳින්වුණු සටන් පුරුදු කරන ස්ථානයෙහි කඩුහරඹ පුහුණු වීමේ දී මුලින් ම භාවිතා කරනුයේ බොරු (ලී) කඩුය. මිටෙහි ඇත්දත් ආදි දැයින් කළ කාදුවකින් පිටිඅත්ල ආරක්ෂා වේ. ආධුනිකයෝ වේවැල්, බටපොතු ආදියෙන් වියූ පලිස් භාවිතා කළහ. මඳ කලක් ලී කඩුවෙන් පුරුදු වූ පසු නියම ලෝහ කඩුව පාවිච්චියට ගනු ලැබේ. ඒ අවස්ථාවේ දී කෙසෙල් කඳන්, පඹයන් වැනි දේ කපා කොටා පෙති ගසා හොඳින් අත්හුරුව ලබාගනිති ( අංගම් පොරය බ.).
+
== පුහුණුව ==
 +
ඉලංගම් මඩු, අංගම් මඩු, හරඹ සාලා ඈ නම්වලින් හැඳින්වුණු සටන් පුරුදු කරන ස්ථානයෙහි කඩුහරඹ පුහුණු වීමේ දී මුලින් ම භාවිතා කරනුයේ බොරු (ලී) කඩුය. මිටෙහි ඇත්දත් ආදි දැයින් කළ කාදුවකින් පිටිඅත්ල ආරක්ෂා වේ. ආධුනිකයෝ වේවැල්, බටපොතු ආදියෙන් වියූ පලිස් භාවිතා කළහ. මඳ කලක් ලී කඩුවෙන් පුරුදු වූ පසු නියම ලෝහ කඩුව පාවිච්චියට ගනු ලැබේ. ඒ අවස්ථාවේ දී කෙසෙල් කඳන්, පඹයන් වැනි දේ කපා කොටා පෙති ගසා හොඳින් අත්හුරුව ලබාගනිති ([[අංගම් පොරය]] බ.).
  
සුදලිය හා මාරුවලිය ඉලංගම් දෙපරපුරට අයත් වූ, කඩු සරඹ පුරුදු පුහුණු කිරීමේ ශිල්පායතන දහයක් මෙරට නොයෙක් පළාත්වල වී යයි රැල්ෆ් පීරිස් මහතා සිය '' සිංහල සමාජ සංවිධානය " නමැති කෘතියෙහි පවසයි. මහනුවර යුගයේ දී මුළු රට ම මෙම දෙපරපුරෙන් එකකට අයත් වූවන්ගෙන් සැදුණේ විය. එක් ගණයකට දසදෙනා බැගින් හරඹ ක්‍රම ඉගැන්නූ ගුරුවරු විසිදෙනෙක් වූහයි තෙන්නකෝන් විමලානන්ද මහතා '' උඩරට මහ කැරැල්ල '' කෘතියෙහි දක්වයි. කඩු හරඹයට අවශ්‍ය කෙටිලි, රැකිලි, ඇනුම්, පිනුම් මෙන් ම ඌරාළිඳේ කෙටීම, කදලි ක්‍රීඩාව හෙවත් කෙසෙල් කඳක් බිම සිටුවා එය නොවැටෙන සේ පෙති ගැසීම වැනි හරඹ ද ඉලංගම් මඩුවල ඉගැන්විණි.
+
සුදලිය හා මාරුවලිය ඉලංගම් දෙපරපුරට අයත් වූ, කඩු සරඹ පුරුදු පුහුණු කිරීමේ ශිල්පායතන දහයක් මෙරට නොයෙක් පළාත්වල වී යයි රැල්ෆ් පීරිස් මහතා සිය 'සිංහල සමාජ සංවිධානය' නමැති කෘතියෙහි පවසයි. මහනුවර යුගයේ දී මුළු රට ම මෙම දෙපරපුරෙන් එකකට අයත් වූවන්ගෙන් සැදුණේ විය. එක් ගණයකට දසදෙනා බැගින් හරඹ ක්‍රම ඉගැන්නූ ගුරුවරු විසිදෙනෙක් වූහයි තෙන්නකෝන් විමලානන්ද මහතා 'උඩරට මහ කැරැල්ල' කෘතියෙහි දක්වයි. කඩු හරඹයට අවශ්‍ය කෙටිලි, රැකිලි, ඇනුම්, පිනුම් මෙන් ම ඌරාළිඳේ කෙටීම, කදලි ක්‍රීඩාව හෙවත් කෙසෙල් කඳක් බිම සිටුවා එය නොවැටෙන සේ පෙති ගැසීම වැනි හරඹ ද ඉලංගම් මඩුවල ඉගැන්විණි.
  
(සංස්කරණය: 1965)
+
(සංස්කරණය: 1970)
  
[[ප්‍රවර්ගය:]]  
+
[[ප්‍රවර්ගය: දේශීය සටන් කලාව]]  
  
[[ප්‍රවර්ගය:]]
+
[[ප්‍රවර්ගය: ]]

15:45, 29 අප්‍රේල් 2025 තෙක් සංශෝධනය

සිංහල රාජ්‍ය සමයේ පසුභාගයෙහි අංගම් පොර (බ.), කඩුහරඹ හා අවිසිප් පුරුදු පුහුණු කළ ස්ථානය ඉලංගම හෙවත් ඉලංගම් මඩුව නම් විය. රජකුමරුවනට හස්ති, අශ්ව, ධනු ආදි ශිල්ප හා අවිසරඹ, මල්ල පොර ආදිය ඉගැන්වීම් සඳහා වෙන් වූ වාසල ඉලංගම් මඩු නම් වූ ආයතන විශේෂයක් ද එවක රජවාසල හා සම්බන්ධව පැවති බව පෙනේ. ඒ හැර කෝට්ටේ හා මහනුවර යුගයන්හි නැටුම් ගැයුම් පුරුදු කැරවූ තැන් ද රජතුමාට කවි දැක්වූ කවිකාර මඩු ද ඉලංගම් නමින් හැඳින්වුණු බව තත්කාලීන ග්‍රන්ථාශ්‍රයෙන් දත හැකිය.

දකුණු ඉන්දියානු බලපෑම

ඉලංගම් යන වචනය ලඞ්ඝනවාවී ද්‍රවිඩ 'ඉලඞ්කණම්' යන්න ප්‍රභව කොට ඇති බව පෙනේ. ඉලංගම හා ඒවායේ පුරුදු පුහුණු කරන ලද ඇතැම් අවිසරඹ ආදිය දකුණු ඉන්දියානු බලපෑම් මෙරට රජවාසල කෙරෙහි අධික ලෙස පැවති කාලයේ ලැබුණු දායාද යයි සිතිය හැකියි. ඉලංගම්වල ඉගැන්නූ ශිල්ප අතර ප්‍රධාන තැන ගත්තේ අංගම් කෙටීම හෙවත් කඩුපලිස් හරඹය. අංගම් යනු කඩුපලිස් සරඹයට කියන මලයාලම් වචනයයි. ඉලංගම්වල පුහුණුව ලත් ප්‍රවීණයන් පණික්කි (අංගම් පොරය බ.) යන ද්‍රවිඩ නාමයෙන් හැඳින්වුණු බව පෙනේ. දකුණු ඉන්දියානු අංගම් සටන් සම්ප්‍රදායත් මෙරට 15, 16 වන සියවස්වල පැවති කඩුහරඹ සම්ප්‍රදායත් එක ම බව හඟුරන්කෙත දේවාලයේ 16 වන සියවසට අයත් දේව අංගම් රෙදි සිතුවම් අතර වූ දකුණු ඉන්දියානු සෙබළකු හා සිංහල සෙබළකු අතර වූ සටනක් දැක්වෙන චිත්‍රයෙන් දැකිය හැකිය. පිනුම් කරණම් ගසා හෝ එසේ නැතිව හෝ අහසට පැන ප්‍රතිමල්ලයාට එල්ල කරන මරුපහරවල් සටන් ක්‍රම දෙකට ම පොදු වූවක් බව ද සටන් විස්තරවලින් දැනගත හැකිය. තවද ශිල්ප පුහුණු වෙද්දී කඩුවේ ප්‍රධාන චලනයන්ට හෙවත් පහරවලට කියන නම් - එනම් 'ඔම්මට්ට' (පහතට කැපීම), 'උම්මට්ට' (ඉහළට කැපීම), 'වේමට්ට' (ඇනීම), 'පම්මට්ට' (ඉහත තුන්පහරේ සම්මිශ්‍රණයකි) යන මේවා ද්‍රවිඩ වචන බව ද පෙනේ.

අංගම් යන වචනය 14 වන සියවසට අයත් සේ සැලකෙන තිසර සන්දේශයෙහි සඳහන් වන නමුත් ඉලංගම් යන පදය 16 වන සියවසට වඩා පැරණි යුගයක යෙදී ඇති බවක් සිංහල සාහිත්‍ය ඉතිහාසාදි කෘතිවලින් (අලකේශ්වර යුද්ධය හා රාජාවලිය හැර) පෙනෙන්නට නැත. ඇත්, අස්, කඩු, දුනු ඈ ශිල්පයන්හි පුහුණු වූවන් හා ඔවුන්ගේ ශිල්ප දැක්වීම් ආදිය ගැන ඉතා ඈත කාලයේ පටන් කොතෙකුත් සඳහන් තිබෙද්දී ඉලංගම් (හා අංගම්) යන්න යට දැක්වූ සේ වඩා පැරණි පොතපතෙහි නොයෙදී තිබීමෙන් මෙරට ආදියේ පටන් ම විවිධ අවිසිප්, මල්ලපොර, හස්ති අශ්ව ශිල්ප ආදිය පැවති නමුත් ඒවා ඉලංගම් සරඹ සම්ප්‍රදායට අයත් නොවූ බවත් ඉලංගම් මඩුවල ඉගැන්නූ සටන් සම්ප්‍රදාය පසුභාගයේ දකුණු ඉන්දියාවෙන් මෙහි ප්‍රවිෂ්ටවූ සම්ප්‍රදායයක් විය හැකි බවත් කෙනකුට සිතාගත හැකිය.

රාජානුග්‍රහය

පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි මිනිසුන් සමඟ යුද වියවුල් පැවති සමයේ සිංහල කඩුව නිතර ම මුවහත්ව තිබිය යුතු විය. එකී සතුරු වර්ගයා විවිධ වූ අලුත් අලුත් තුවක්කු, අහස් වෙඩි ආදි බිහිසුණු අවිආයුධ විශාල වශයෙන් මෙහි ගෙනැවිත් යුද වැදුණු අතර සිංහලයනට තිබුණේ ඒවා අනුකරණයෙන් කළ අත්තුවක්කු හා පාතුවක්කු සුළු ප්‍රමාණයක් පමණක් බැවින් හීය, ලන්සය, කඩුව ආදි පැරණි ආයුධ හා එම අවි හරඹ පුහුණුව ඔවුනට නැතිව ම බැරි විය. එහෙයින් මේ අවධියේ දී කලින් පැවතියාට වැඩි ඕනෑකමකින් යුද්ධභටයන්ට විවිධ ආයුධ පුහුණුව ලබා දීමට රජුන්ගේත් වෙනත් පාලකයන්ගේත් අවධානය යොමුවන්නට විය.

ඉලංගම් පැවැත්වීම රජයේ අනුග්‍රහයෙන් කරන ලද බවත් ඒවායේ නඩත්තුවට ගම්බිම් ප්‍රදානය කරන ලද බවත් පෙනෙන්නට තිබේ. ඉලංගම් ගැන බලවත් ඕනෑකමක් දැක්වූ සීතාවක රාජසිංහයන්ගේ ඇවෑමෙන් කීරවැලි පත්තුවේ අඹගල හා ගාර්දේ පුරය පලිහක්කරුන්ගේ ප්‍රවේණිගම් වශයෙන් දෙන ලද බවත් ඔවුන් පලිස් හා කඩුසරඹ සඳහා දැවකඩු සැපයිය යුතු වූ බවත් පෝල් පීරිස් මහතා පෙන්වා දෙයි (Sinhale and the Patriots, 1815–1818, කෘතිය බ.) රජයෙන් ඉලංගම් මඩු නඩත්තු කිරීම ඉංග්‍රීසීන් උඩරට අල්ලාගැනීමෙන් පසු ද පැවති බව පෙනේ. ඉංග්‍රීසීන්ගේ මුල් අවධියේ දී ඉලංගම් මඩුවලට දිසාපතිවරුන් විසින් නඩත්තු මුදල් ගෙවන ලදි. 1818 සැප්තැම්බර් 4 දින දරන, සපරගමු ඒජන්ත තැන්පත් එච්. රයිට් මහතාගේ ලේඛනයක සපරගමු දිසාවේ මසකට රිදී 12,1/2 බැගින් වසකට රිදී 150ක් ඉලංගම් මඩුවට ගෙවන ලද බව ලැයිස්තු කොට ඇත (උඩරට මහකැරැල්ල I, 324 පිට). වාසල ඉලංගම හෙවත් මාළිගාවේ නැටුම් මඩුවට මසකට රිදී 16,1/2 බැගින් වසකට රිදී 198ක් ගෙවූ බව ද එහි ම සඳහන්ය.

විමලධර්ම I රජු ඉලංගම්වල පුහුණුව ලබා දස්කම් කළ විශිෂ්ට කඩුසරඹකරුවකු වශයෙන් ඒවායේ දියුණුවට කටයුතු කරන්නට ඇති බව සිතිය හැකිය. සෙනරත් රජ ද ඉලංගම් මඩුවලට දිරි දුන් රජෙක් විය. "ඉලංගම් සතරත්-දියුණු කරවා නොයෙක් වීදිත්" (පරංගි හටන 52; රාජසිහ හටන 47) යන කව් පදවලින් ඒ බව ඔප්පු වේ. (මෙහි සඳහන් ඉලංගම් සතර මෙහි මුලින් සඳහන් වූ ඉලංගම් මඩුව, වාසල ඉලංගම, නැටුම් ඉලංගම හා කවිකාර මඩුව යන සතර දෝයි විමසිය යුතුය.) සෙනරත් රජු දියුණු කළ ඉලංගම්වලින් ඉතා උසස් අවිපුහුණුව ලද්දෙක් විය, රාජසිංහ II රජ. සුදලිය හා මාරුවලිය යන සුප්‍රසිද්ධ ඉලංගම් දෙපරපුර ගැන මුලින් ම සඳහන් වනුයේ මෙරජුගේ සමයේ දීය. "ත්‍රි සිංහලාධීශ්වර වූ රාජසිංහ දෙවිස්වාමිදරුවන්ට දැක්කුවාය... කළුගැටයා කවුද කියා දිවස්ලා වදාළාය. ගොන්දිවෙල පොන්නා සුදලිය මාරුවලිය යන ඉලංගං දෙකේ හරම කරනවා දිවස්ලා වදාළාය" යනාදීන් ලියැවී ඇති පැරණි ලිපියෙන් ඒ පෙනේ (උඩරට විත්ති 116 පිට). සුදලිය හා මාරුවලිය ගුරුකුල දෙක ඉංග්‍රීසි සමයේ දී ද පැවති බව ඩොයිලිගේ කෘතියෙන් (1815) පෙනේ. ඉංග්‍රීසීන් උඩරට අයත් කරගැනීමට ප්‍රථම උඩපළාත හා හේවාහැට ආදි ප්‍රදේශවල මාරුවලිය පරපුරට අයත් වූවන් ද විසූ බව ඔහු පවසයි.

මුහන්දිරම්

මෙම අංගම් දෙපරපුරේ මුහන්දිරම් පදවි ඉතා උසස් කොට සලකනු ලැබිණි. සාමාන්‍යයෙන් සිංහල රාජ්‍යයේ අවසන් කාලයේ එම පදවි හෙබවුණේ මහ ඇමති හෝ දෙවන අදිකාරම් හෝ විසින් බව පෙනේ. කීර්ති ශ්‍රී රාජසිංහයන්ගේ උඩගම්පහේ මහ අදිකාරම් නිලමේ කරවූ මුංවත්තේ අදිකාරම්තුමා දැරූ තනතුරු අතර වාහල ඉලංගමේ මුහන්දිරම් පදවිය ද විය. 1815 දී තමන් ඉංග්‍රීසීන්ට කළ උපකාරවලට කෘතෝපකාර වශයෙන් මොල්ලිගොඩ හා පලිපාන දෙදෙනා සුදලිය හා මාරුවලිය ඉලංගම් දෙකේ මුහන්දිරම් පදවි ඉල්ලා ලැබගත්හ.

දස්කම්

ඉලංගම්වල පුහුණුව ලත් පණික්කිවරුන්ගේ සපන්කම කෙබඳු වී ද යන්න එවක ලොව සිටි ඉතා ම බලගතු විජිත හාරකයන් වූ ද යුද පුහුණුව අතින් අගතැන්පත්ව සිටියා වූ ද මෙරැටියන් නොදත් විධියේ මාරක ආයුධ සන්නද්ධව සිටියා වූ ද පෘතුගීසි වර්ගයාගේ මහ බලසෙනඟක් මැදට රාජසිංහ I ඉලංගම්වල පුහුණුව ලත් දහසක් පණික්කිවරුන් හා පලිහක්කාරයන් ද අතුරුගිරි කෝරළේ හා කොරතොට අභීත හේවාභටයන් ද සමගින් කඩාවැදී මුල්ලේරියා වෙලේ දී කළ මහා විනාශයෙන් දත හැකිය. පැරදී පලා ගිය ප්‍රතිකාල්වරුන්ගෙන් රණබිම පතිත වූවන්ගේ සංඛ්‍යාව 1,600ක් විය. එසේ ම මහනුවර සමයේ දී ඉලංගම් මඩුවල අවිසිප් හැදෑරුවන් අසන්නවුන් මවිත කරවන දස්කම් කිරීමෙහි සමත්ව සිටි බව ජනප්‍රවාදවලින් මෙන් ම නොයෙකුත් වාර්තාවලින් ද හෙළි වේ. වෙස්වළා කොළඹ පෘතුගීසි කොටුවට ඇතුළු වූවකු නාඹ කිතුලක්, ගස කෙළින් තිබිය දී ම පෙති ගසා පිටව ගොස් තිබුණු බවත් පසුදින උදෑසන ඒ දුටු ප්‍රතිකාලුන් එය රාජසිංහ IIගේ වැඩක් බව දැනගත් බවත් ජනප්‍රවාදයේ කියැවේ. විමලධර්ම I, රාජසිංහ II, ලෙව්කේ, රත්වත්තේ (ශ්‍රී වික්‍රමයන් කල) සහ ගලගොඩ රටේ මහතා (1820 පමණ) මෙබඳු විකුම් දැක්වීමෙහි සමත්ව සිටි කඩු සරඹකරුවන්ගෙන් කීප දෙනෙකි. 17 වන සියවසේ දී මෙහි සිටි ලන්දේසි ආණ්ඩුකාරයකු වෙත සිටියා වූ, එකිනෙකාගේ හිසට උඩින් පිනුම් ගසමින් සටන් වැද ප්‍රතිමල්ලයාගේ පලිහට තම කඩුවේ පැතලි පසින් පහර දෙමින් කඩු පලිස් හරඹ දැක්වූ සිංහල භටයන් ගැන ජූර්ගෙන් ඇන්ඩර්සන් නම් ස්වීඩිෂ් ජාතික සෙබළා ලියා ඇත. කඩිසර වූ ද කුශලතාවෙන් යුත් වූ ද බිය චකිතයක් නැත්තා වූ ද ඔවුන් එහෙයින් ම මුළු මහත් ඉන්දියා ප්‍රදේශයේ හොඳ ම භටයන් හැටියට සලකනු ලැබූ බව ද දකින්නවුන් විස්මයපත් කරවන අයුරු එකිනෙකාගේ හිසට උඩින් පැන ‘ඉගිළීමෙහි’ පුදුම සමත්කමක් ඔවුනට තිබුණු බව ද හේ පවසයි.

හරඹකරුවෝ

16, 17, 18 වන සියවස්වලට අයත් කලාකෘතීන්හි - විශේෂයෙන් හඟුරන්කෙත මහා දේවාලයේ දේව අංගම් රෙදිවල, ඇම්බැක්කේ දැවකුලුනුවල හා රිදී විහාරයේ බිතුසිතුවම්වල නිරූපිත චිත්‍ර, කැටයම් ආදියෙන් ඒ කාලයන්හි මෙරට කඩුපලිස් හරඹ හා මල්ලපොර ඉතා දියුණුව පැවති බව සිතාගත හැකි අතර ම එදා සිටි අවිසිප් දැක්වූවන් ගැන තොරතුරු රැසක් ද හෙළි වේ. සාමාන්‍යයෙන් සිංහල කඩුහරඹකරුවන් තම අත්පා නිදහස් ලෙස ක්‍රියා කරවීමට හැකි වන පරිදි ඉණකඩක් පමණක් හැඳ, කෙස්වැටිය වැසීයන සේ ඉස්පයියක් හිස ලා, වැළමිටෙහි හා වළලුකරෙහි වළලු පැලඳ, එක් උරහිසකින් හෝ දෙකින් ම උඩුකය හරහා වැටුණු දාමයන් ඇතිව අවි හරඹයෙහි යෙදුණු බැව් මෙම රූපයන්ගෙන් පෙනේ. ඉදිරිකය, උරතලය, උරහිස, ඌර්ධ්ව බාහු, නළල හා හිස ද ලෝහ දාමයන්ගෙන් රක්ෂිත කොටගෙන සතරවටින් වැටුණු පොට සහිත වස්ත්‍ර හැඳි කඩු හරඹකරුවන් සිටි බව ද මේ චිත්‍ර මගින් දැකගත හැකිය. එක් අතකින් කඩුවත් අනික් අතින් පලිසත් ගෙන මොවුන් සටනෙහි යෙදුණු අතර ද්වන්ද්ව සටන්වල දී පිළිමලුන් දෙදෙනා වෙනුවෙන් විනිසකරුවෝ නොහොත් මගපෙන්වන්නහු දෙදෙනෙක් ද වූහ.

16 සියවසේ දී සිහින් දික් සෘජු කඩුවත් සිහින් දික් වක්‍ර කඩුවත් භාවිත වූ බව තත්කාලීන චිත්‍රවලින් පෙනීයන අතර වඩා පසු කාලයේ දී පුළුල් වූ කොට කඩු ද භාවිතයට ගැනිණි. පලිස බොහෝ විට වට හැඩය ගත් අතර හතරැස් වූත් හෘදයාකාර වූත් පලිස් ද විය. ඒවා මීහරක් සමින් හා පට්ටා ආදියෙන් තනනු ලැබිණ. විටෙක හම මත ඊයම් තට්ටුවක් ද එළා තිබිණ.

ඉලංගම්වල පුහුණු වූවන් ඇතැම් විට අසුන් අරා කඩු හරඹයෙහි යෙදුණු බව ද එපමණක් නොව දිවියන්, අනින බැටළුවන් වැනි සතුන් සමග ද සටන් පැවැත්වීම සිංහල රජුන් දවස සිරිතව පැවති බව ද පෙනේ.

රාජකීය විනෝදය සඳහාත් ද්වන්ද්ව සටන් වශයෙනුත් සටනකින් ආරාවුලක් විසඳාගැනීම අරහයාත් උසස් තත්වාපේක්ෂාවෙනුත් ඉලංගම්හි පුහුණුව ලත් කඩුසරඹකරුවන් අතර සටන් පැවති බව පී.ඊ.පී. දැරණියගල මහතා පවසයි. හරඹසාලාවක පුහුණුව ලැබූවන් දෙදෙනකු අතරින් පණික්කිරාළ වැනි උසස් තත්වය දීමට කෙනෙකු තේරීම පිණිස ඉලංගම් මුහන්දිරම් විසින් ඌරාළිඳ නම් වූ වළක පිළිමලුන් දෙදෙනා අතර සිංහල පැයක සටනක් ඇති කරවා ජයග්‍රාහකයා තෝරාගන්නා ලද බවත් ඒ මහතා පෙන්වාදෙයි. මෙම ඌරාළිඳ රියන් 30ක් දිග හා 7ක් ගැඹුර වළක් හැටියට හඳුන්වා දී ඇත. දිනූ අයට පදවි නමත් ගම්බිම් තෑගිබෝගත් ලැබුණු අතර පැරදුණු තැනැත්තාට ද තෑගිබෝග දෙන ලද බව පෙනේ. මුල් අවධියේ දී එකකුගේ මරණය දක්වා ද්වන්ද්ව සටන් පැවැත්වීම සිරිත විය. මෙය දෙපක්ෂයේ අය අතර බද්ධ වෛරයක් ඇති වීමට තුඩු දුන්නෙන් පසු භාගයේ දී මාරාන්තික සටන් රාජනියෝගයෙන් අත්හැර දමන ලදි.

පුහුණුව

ඉලංගම් මඩු, අංගම් මඩු, හරඹ සාලා ඈ නම්වලින් හැඳින්වුණු සටන් පුරුදු කරන ස්ථානයෙහි කඩුහරඹ පුහුණු වීමේ දී මුලින් ම භාවිතා කරනුයේ බොරු (ලී) කඩුය. මිටෙහි ඇත්දත් ආදි දැයින් කළ කාදුවකින් පිටිඅත්ල ආරක්ෂා වේ. ආධුනිකයෝ වේවැල්, බටපොතු ආදියෙන් වියූ පලිස් භාවිතා කළහ. මඳ කලක් ලී කඩුවෙන් පුරුදු වූ පසු නියම ලෝහ කඩුව පාවිච්චියට ගනු ලැබේ. ඒ අවස්ථාවේ දී කෙසෙල් කඳන්, පඹයන් වැනි දේ කපා කොටා පෙති ගසා හොඳින් අත්හුරුව ලබාගනිති (අංගම් පොරය බ.).

සුදලිය හා මාරුවලිය ඉලංගම් දෙපරපුරට අයත් වූ, කඩු සරඹ පුරුදු පුහුණු කිරීමේ ශිල්පායතන දහයක් මෙරට නොයෙක් පළාත්වල වී යයි රැල්ෆ් පීරිස් මහතා සිය 'සිංහල සමාජ සංවිධානය' නමැති කෘතියෙහි පවසයි. මහනුවර යුගයේ දී මුළු රට ම මෙම දෙපරපුරෙන් එකකට අයත් වූවන්ගෙන් සැදුණේ විය. එක් ගණයකට දසදෙනා බැගින් හරඹ ක්‍රම ඉගැන්නූ ගුරුවරු විසිදෙනෙක් වූහයි තෙන්නකෝන් විමලානන්ද මහතා 'උඩරට මහ කැරැල්ල' කෘතියෙහි දක්වයි. කඩු හරඹයට අවශ්‍ය කෙටිලි, රැකිලි, ඇනුම්, පිනුම් මෙන් ම ඌරාළිඳේ කෙටීම, කදලි ක්‍රීඩාව හෙවත් කෙසෙල් කඳක් බිම සිටුවා එය නොවැටෙන සේ පෙති ගැසීම වැනි හරඹ ද ඉලංගම් මඩුවල ඉගැන්විණි.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉලංගම&oldid=7930" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි