"ඉබ්න් දුරයිද්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(837 - 934). අරාබි කවියකු වූ මොහු පිළිගත් වාග්විද්‍ය...' යොදමින් නව පිටුවක් තනන ලදි)
(වෙනසක් නොමැත)

08:51, 5 මැයි 2025 තෙක් සංශෝධනය

(837 - 934). අරාබි කවියකු වූ මොහු පිළිගත් වාග්විද්‍යාඥයෙක් ද විය.

බස්රාවේ උපන්, දකුණු අරාබි ගෝත්‍රයකට අයත් වූ මොහු 871 දී ඕමන් වෙත පලා ගියේය. ක්‍රි. ව. 883 දී ඉන් පර්සියාවට ගිය ඉබ්න් දුරයිද් 920 වන තුරු ම එහි ජීවත් වූයේය.

ඉබ්න් දුරයිද්ගේ " නිරුක්ති ග්‍රන්ථය " (කිතාබ් අල් ඉෂ්තිකාක්) නම් කෘතිය වූකලි අරාබි ගෝත්‍ර නාමයන්ගේ නිරුක්ති පිළිබඳව ලියැවුණකි.

විශාල අරාබි ශබ්දකෝෂයක් ද මොහු විසින් කරන ලදි.

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉබ්න්_දුරයිද්&oldid=7960" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි