"ඇක්සොලොට්ල්" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(Axolotl). බටහිර එක්සත් ජනපදයෙහිත් මෙක්සිකෝවෙහිත්...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | (Axolotl). බටහිර එක්සත් ජනපදයෙහිත් මෙක්සිකෝවෙහිත් කඳුකර විල් හා පොකුණු ආදියෙහි ජීවත් වන අම්පිබියා (බ.) වර්ගයට අයත් ඇතැම් සැලමැන්ඩරයන්ගේ කීටයෝ (larvae) ඇක්සොලොට්ල් යන නමින් හැඳින්වෙති. සාමාන්‍යයෙන් මේ සැලමැන්ඩර කීටයෝ පරිණත අවස්ථාවට පරිවර්තනය නොවී, ප්‍රජනන කටයුතු ආදිය ද ඉටු කරමින් මුළු ජීවිතය කීට අවස්ථාවෙහි ම ගත කරති. මේ සංසිද්ධියට චිරශිශුකතාව (neoteny) (බ.) යයි කියනු ලැබේ. මෙක්සිකෝවේ කඳුකර විල්වල වෙසෙමින් මුළු ජීවිතය කීට අවස්ථාවෙහි ම ගතකරන සිරෙඩොන් මෙක්සිකානුම් (Siredon mexicanum) නමැති සැලමැන්ඩර කීටයාට ඇක්සොලොට්ල් යන නාමය මුලින් භාවිත කරන ලදි. ඇක්සොලොට්ල්, චිරක්ලෝමී (perennibranchiate)ය. ඌ උභය ජීවියෙකැයි (amphibian) බොහෝ කලක් ම පිළිගෙන තිබිණ. එහෙත් 1865 දී පැරිස්හි ජලාශයක ඇති කර සිටි ඇක්සොලොටලයන් කිහිප දෙනෙක් කරමල් නැති පෙණහලු සහිත සාමාන්‍ය සැලමැන්ඩරයන් බවට පරිවර්තනය වූහ. මෙබඳු පරිවර්තනයකට රූපාන්තරණය (metamorphosis) යයි කියනු ලැබේ. මේ සැලමැන්ඩරයන් සාමාන්‍ය පෙනීමෙන් අම්බිස්ටෝමා ටිග්රිනුම් (Ambystoma tigrinum) නමැති කොටි සැලමැන්ඩරයාට බෙහෙවින් ම සමාන වූ හෙයින් ඇක්සොලොට්ල් චිරශිශුක කොටි සැලමැන්ඩරයකු යයි බොහෝ දෙනා පිළිගත්හ. ඇක්සොලොට්ල් යන නාමය දැන් ඕනෑ ම චිරශිශුක සැලමැන්ඩරයකුට භාවිත කරනු ලැබේ. | + | (Axolotl). බටහිර එක්සත් ජනපදයෙහිත් මෙක්සිකෝවෙහිත් කඳුකර විල් හා පොකුණු ආදියෙහි ජීවත් වන [[අම්පිබියා]] (බ.) වර්ගයට අයත් ඇතැම් සැලමැන්ඩරයන්ගේ කීටයෝ (larvae) ඇක්සොලොට්ල් යන නමින් හැඳින්වෙති. සාමාන්‍යයෙන් මේ සැලමැන්ඩර කීටයෝ පරිණත අවස්ථාවට පරිවර්තනය නොවී, ප්‍රජනන කටයුතු ආදිය ද ඉටු කරමින් මුළු ජීවිතය කීට අවස්ථාවෙහි ම ගත කරති. මේ සංසිද්ධියට [[චිරශිශුකතාව]] (neoteny) (බ.) යයි කියනු ලැබේ. මෙක්සිකෝවේ කඳුකර විල්වල වෙසෙමින් මුළු ජීවිතය කීට අවස්ථාවෙහි ම ගතකරන සිරෙඩොන් මෙක්සිකානුම් (Siredon mexicanum) නමැති සැලමැන්ඩර කීටයාට ඇක්සොලොට්ල් යන නාමය මුලින් භාවිත කරන ලදි. ඇක්සොලොට්ල්, චිරක්ලෝමී (perennibranchiate)ය. ඌ උභය ජීවියෙකැයි (amphibian) බොහෝ කලක් ම පිළිගෙන තිබිණ. එහෙත් 1865 දී පැරිස්හි ජලාශයක ඇති කර සිටි ඇක්සොලොටලයන් කිහිප දෙනෙක් කරමල් නැති පෙණහලු සහිත සාමාන්‍ය සැලමැන්ඩරයන් බවට පරිවර්තනය වූහ. මෙබඳු පරිවර්තනයකට රූපාන්තරණය (metamorphosis) යයි කියනු ලැබේ. මේ සැලමැන්ඩරයන් සාමාන්‍ය පෙනීමෙන් අම්බිස්ටෝමා ටිග්රිනුම් (Ambystoma tigrinum) නමැති කොටි සැලමැන්ඩරයාට බෙහෙවින් ම සමාන වූ හෙයින් ඇක්සොලොට්ල් චිරශිශුක කොටි සැලමැන්ඩරයකු යයි බොහෝ දෙනා පිළිගත්හ. ඇක්සොලොට්ල් යන නාමය දැන් ඕනෑ ම චිරශිශුක සැලමැන්ඩරයකුට භාවිත කරනු ලැබේ. |
වැඩුණු ඇක්සොලොට්ල් දිගින් අඟල් 8ක් පමණ වේ. ඉන් අඟල් 4ක් පමණ වලිගයය. ඌ අළුපාටට හුරු හෝ සුදට හුරු සතෙකි. රූපාන්තරණයේ දී උගේ බාහිර කරමල් ද කරමල් විවර ද නැති වී ගොස් පෙණහලු ඇති වෙයි. වලිගයෙහි වරල් මැකී එය කෙටි, වට එකක් වෙයි. මෙයින් ලැබෙන සැලමැන්ඩරයා පාටින් තදය; කුඩා කහ පුල්ලි සහිතය. | වැඩුණු ඇක්සොලොට්ල් දිගින් අඟල් 8ක් පමණ වේ. ඉන් අඟල් 4ක් පමණ වලිගයය. ඌ අළුපාටට හුරු හෝ සුදට හුරු සතෙකි. රූපාන්තරණයේ දී උගේ බාහිර කරමල් ද කරමල් විවර ද නැති වී ගොස් පෙණහලු ඇති වෙයි. වලිගයෙහි වරල් මැකී එය කෙටි, වට එකක් වෙයි. මෙයින් ලැබෙන සැලමැන්ඩරයා පාටින් තදය; කුඩා කහ පුල්ලි සහිතය. | ||
16:06, 6 මැයි 2025 තෙක් සංශෝධනය
(Axolotl). බටහිර එක්සත් ජනපදයෙහිත් මෙක්සිකෝවෙහිත් කඳුකර විල් හා පොකුණු ආදියෙහි ජීවත් වන අම්පිබියා (බ.) වර්ගයට අයත් ඇතැම් සැලමැන්ඩරයන්ගේ කීටයෝ (larvae) ඇක්සොලොට්ල් යන නමින් හැඳින්වෙති. සාමාන්‍යයෙන් මේ සැලමැන්ඩර කීටයෝ පරිණත අවස්ථාවට පරිවර්තනය නොවී, ප්‍රජනන කටයුතු ආදිය ද ඉටු කරමින් මුළු ජීවිතය කීට අවස්ථාවෙහි ම ගත කරති. මේ සංසිද්ධියට චිරශිශුකතාව (neoteny) (බ.) යයි කියනු ලැබේ. මෙක්සිකෝවේ කඳුකර විල්වල වෙසෙමින් මුළු ජීවිතය කීට අවස්ථාවෙහි ම ගතකරන සිරෙඩොන් මෙක්සිකානුම් (Siredon mexicanum) නමැති සැලමැන්ඩර කීටයාට ඇක්සොලොට්ල් යන නාමය මුලින් භාවිත කරන ලදි. ඇක්සොලොට්ල්, චිරක්ලෝමී (perennibranchiate)ය. ඌ උභය ජීවියෙකැයි (amphibian) බොහෝ කලක් ම පිළිගෙන තිබිණ. එහෙත් 1865 දී පැරිස්හි ජලාශයක ඇති කර සිටි ඇක්සොලොටලයන් කිහිප දෙනෙක් කරමල් නැති පෙණහලු සහිත සාමාන්‍ය සැලමැන්ඩරයන් බවට පරිවර්තනය වූහ. මෙබඳු පරිවර්තනයකට රූපාන්තරණය (metamorphosis) යයි කියනු ලැබේ. මේ සැලමැන්ඩරයන් සාමාන්‍ය පෙනීමෙන් අම්බිස්ටෝමා ටිග්රිනුම් (Ambystoma tigrinum) නමැති කොටි සැලමැන්ඩරයාට බෙහෙවින් ම සමාන වූ හෙයින් ඇක්සොලොට්ල් චිරශිශුක කොටි සැලමැන්ඩරයකු යයි බොහෝ දෙනා පිළිගත්හ. ඇක්සොලොට්ල් යන නාමය දැන් ඕනෑ ම චිරශිශුක සැලමැන්ඩරයකුට භාවිත කරනු ලැබේ.
වැඩුණු ඇක්සොලොට්ල් දිගින් අඟල් 8ක් පමණ වේ. ඉන් අඟල් 4ක් පමණ වලිගයය. ඌ අළුපාටට හුරු හෝ සුදට හුරු සතෙකි. රූපාන්තරණයේ දී උගේ බාහිර කරමල් ද කරමල් විවර ද නැති වී ගොස් පෙණහලු ඇති වෙයි. වලිගයෙහි වරල් මැකී එය කෙටි, වට එකක් වෙයි. මෙයින් ලැබෙන සැලමැන්ඩරයා පාටින් තදය; කුඩා කහ පුල්ලි සහිතය.
සැලමැන්ඩරයන්ගේ විරශිශුකතාවට හේතුව තව ම නියම වශයෙන් පහදාගෙන නැත. එහෙත් ඔවුන් වැඩෙන ජලය ක්‍රමයෙන් අඩු කරනු ලැබීමෙන් රූපාන්තරණය සිදු වන බව පෙනේ. මෙක්සිකෝවේ කඳුකර විල්, පොකුණු ආදියෙහි ජලය සිඳී ඒවා වියළී යන විට ඇක්සොලොටලයන්ගේ කරමල් හා වරල් ක්‍රමයෙන් නැති වී පෙණහලු විකසනය වී වායුගෝලයෙන් වාතය ආශ්වාස ප්‍රශ්වාස කිරීමට පටන් ගැනෙයි. එසේම තයිරොයිඩ් ග්‍රන්ථියෙහි ස්‍රාවණය ද අයඩීන් ද චිරශිශුකතාව කෙරෙහි බලපාන බැව් පෙනේ. මේ දෙක කෙරෙහි ශීතල දේශගුණය බලපාන බැව් සොයාගෙන තිබේ. මූදු මට්ටමෙන් අඩි 6,000-7,000 අතර වූ පොකුණුවල ඇක්සොලොටලයන් වසන හෙයින් එහි ශීතය නිසා රූපාන්තරණය අතපසු වෙතැයි ද ඇතැම්මු කියති. එහෙත් රූපාන්තරණය වූ ද නොවූ ද ඇක්සොලොටලයන් මෙක්සිකෝවේ එක ම පොකුණෙහි එකට වසන බව පෙනේ.
මෙක්සිකානු ඇක්සොලොට්ල් හා අම්බිස්ටෝමා ටිග්රිනුම් නමැති කොටි සැලමැන්ඩරයා අතර ඇති සාම්‍යය බොහෝ විට පිළිගෙන තිබෙන නමුත් සිරෙඩොන් මෙක්සිකානුම් හා අම්බිස්ටෝමා ටිග්රිනුම් අතර ඇති සම්බන්ධතා තවමත් සම්පූර්ණ ලෙස පැහැදිලි කොට නැත.
(සංස්කරණය: 1967)