"ඇටඹ" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('[මංගිෆෙරා සේලනිකා - Mangifera zeylanica (Bl.) Hook f.]. අනකාඩියාසේ (...' යොදමින් නව පිටුවක් තනන ලදි)
(වෙනසක් නොමැත)

15:54, 7 මැයි 2025 තෙක් සංශෝධනය

[මංගිෆෙරා සේලනිකා - Mangifera zeylanica (Bl.) Hook f.]. අනකාඩියාසේ (බ.) හෙවත් අඹ කුලයට අයත් මෙය සාමාන්‍ය අඹ ගසට වඩා ලොකු ගසකි. එය වැඩි කොට වැවෙන්නේ පාතරට තෙත් ප්‍රදේශවල හා වියළි ප්‍රදේශවල මූකළාන්වලය. මෙය ලංකාවට දේශික (endemic) වූ ශාකයකි.

ගසේ පොත්ත තරමක් රළුය; දුඹුරු පාටය; ළපටි කොටස් සිනිඳුය. කොළ අඟල් 2-6 දක්වා දිගය; සරලය. ඒවායේ හැඩය ලන්සාකාර (lanceolate)ය. නැතහොත් දිගටි අණ්ඩාකාරය. අග්‍රස්ථ සංයුක්ත ඒකාක්ෂවල (panicles) පුරුක් සහිත, තරමක් දිග වෘන්තයන්හි කුඩා මල් හටගනී. මල ළා කහපාටය. ඵලය අඟල් දෙකක් පමණ දිග අෂ්ඨිලයකි (drupe). මෙය අඹ ගෙඩිය මෙන් මාංසල ඵලයක් නොවේ. එහි වැඩි කොටස පිරී තිබෙන්නේ විශාල ඇටයකිනි. ඇටඹ ලීය සුදු පාටය, සැහැල්ලුය, මෘදුය. ප්‍රයෝජන අඩු හෙයින් මේ ගස බහුල වශයෙන් නොවවනු ලැබේ. (අඹ ද බලන්න.)

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇටඹ&oldid=8039" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි