"ආත්‍රොපොඩා" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| (නොපෙන්වන එම පරිශීලකයා මගින් අතරමැදි සංස්කරණ 10ක්) | |||
| 1 පේළිය: | 1 පේළිය: | ||
[(සන්ධිපාදිකයෝ) Arthropoda] සන්ධි වූ පාද ඇති හෙයින් සන්ධිපාදික නමින් දන්නා වූ ද 740,000ක් පමණ විශේෂ ඇති හෙයින් විශාලතම වූ ද ඉතා විවිධ වූ ද සත්ව වංශයයි. එය ඉස්සන්, මැස්සන්, මකුළුවන්, කකුළුවන්, පත්තෑයින් ආදි දිය ගොඩ දෙකෙහි ම වෙසෙන විවිධ අපෘෂ්ඨවංශීන්ගෙන් ([[අපෘෂ්ඨවංශීහු]] බ.) සමන්විත ය. මීට අයත් ඇතැම් සත්තු නිදහස්ව හෝ යමකට ඇලී අචලව හෝ පරපෝෂිතයන් වශයෙන් හෝ එසේ නැතහොත් සහභෝජීන් වශයෙන් හෝ වසති. සමහරුන්ට පියෑඹීමට පිළිවන. සමහරුන් තනිතනිව වසන අතර සමහරු සංකීර්ණ සමාජ බවට සංවිධානය වී සිටිති ([[සමාජ කෘමී]] බ.). කුඩා ම සන්ධිපාදිකයෝ අඟලෙන් 1/250ට වඩා අඩු දිගක් ඇති කිඩෑවෝය. විශාල ම සන්ධිපාදිකයා වන මක්‍රොකයිරා (macrocheira) නමැති යෝධ ජපන් කකුළුවා දිගින් අඩි 11ක් පමණ වේ. සාගර පතල්වල පටන් උස් කඳු මුදුන් දක්වා ද උත්තර ධ්‍රැවයේ පටන් දක්ෂිණ ධ්‍රැවය දක්වා ද වූ ලෝකයේ සෑම තැනක දී ම මේ වංශයට අයත් සත්තු මුණ ගැසෙති. මොවුන්ගේ පාෂාණීභූත අවශිෂ්ට අවුරුදු කෝටි පනහක් පමණ කලින් පැවතුණු කේම්බ්‍රිය පාෂාණවල පටන් දක්නට ලැබේ ([[ට්‍රිලොබිටා]] බ.). | [(සන්ධිපාදිකයෝ) Arthropoda] සන්ධි වූ පාද ඇති හෙයින් සන්ධිපාදික නමින් දන්නා වූ ද 740,000ක් පමණ විශේෂ ඇති හෙයින් විශාලතම වූ ද ඉතා විවිධ වූ ද සත්ව වංශයයි. එය ඉස්සන්, මැස්සන්, මකුළුවන්, කකුළුවන්, පත්තෑයින් ආදි දිය ගොඩ දෙකෙහි ම වෙසෙන විවිධ අපෘෂ්ඨවංශීන්ගෙන් ([[අපෘෂ්ඨවංශීහු]] බ.) සමන්විත ය. මීට අයත් ඇතැම් සත්තු නිදහස්ව හෝ යමකට ඇලී අචලව හෝ පරපෝෂිතයන් වශයෙන් හෝ එසේ නැතහොත් සහභෝජීන් වශයෙන් හෝ වසති. සමහරුන්ට පියෑඹීමට පිළිවන. සමහරුන් තනිතනිව වසන අතර සමහරු සංකීර්ණ සමාජ බවට සංවිධානය වී සිටිති ([[සමාජ කෘමී]] බ.). කුඩා ම සන්ධිපාදිකයෝ අඟලෙන් 1/250ට වඩා අඩු දිගක් ඇති කිඩෑවෝය. විශාල ම සන්ධිපාදිකයා වන මක්‍රොකයිරා (macrocheira) නමැති යෝධ ජපන් කකුළුවා දිගින් අඩි 11ක් පමණ වේ. සාගර පතල්වල පටන් උස් කඳු මුදුන් දක්වා ද උත්තර ධ්‍රැවයේ පටන් දක්ෂිණ ධ්‍රැවය දක්වා ද වූ ලෝකයේ සෑම තැනක දී ම මේ වංශයට අයත් සත්තු මුණ ගැසෙති. මොවුන්ගේ පාෂාණීභූත අවශිෂ්ට අවුරුදු කෝටි පනහක් පමණ කලින් පැවතුණු කේම්බ්‍රිය පාෂාණවල පටන් දක්නට ලැබේ ([[ට්‍රිලොබිටා]] බ.). | ||
[[ගොනුව:2-489-1.jpg|800px|centre]] | [[ගොනුව:2-489-1.jpg|800px|centre]] | ||
| − | [[ගොනුව:2-489-2.jpg| | + | [[ගොනුව:2-489-2.jpg|400px|left]][[ගොනුව:2-490-1.jpg|400px|right]]පාදවල සන්ධි ඇති හෙයින් මේ වංශයට ආත්‍රොපොඩා යන නාමය දී තිබේ. සන්ධිපාදිකයකුගේ ශරීරය උපරිම වශයෙන් ශීර්ෂය. උරස සහ උදරය යන කොටස් තුනින් සමන්විතය. මේ තුන් කොටස විවිධ ක්‍රමවලින් බද්ධ වී හෝ නොවී හෝ තිබිය හැකිය. මේ හැම කොටසක් ම විවිධ ක්‍රමවලින් බද්ධ වන්නා වූ ඛණ්ඩ බවට බෙදී තිබේ. හැම ඛණ්ඩයකම හෝ කිහිපයක පමණක් හෝ සන්ධි සහිත උපාංග යුවළ බැගින් ඇත. හනු තිබේ නම් ඒවා විකරණ වූ උපාංග වේ. සෙසු උපාංග, ජීවත්වන පරිසරයට අනුව මුඛ උපාංග, පාද, පිහිනීමේ උපාංග ආදිය ලෙස නොයෙක් කාර්යයන් ඉටු කරනු පිණිස අනුවර්තනය වී තිබිය හැකිය. පලාගිරවුන්ගේ ([[පලාගිරවා]] බ.) පාද පැනීම පිණිස ද [[ඉස්සා]]ගේ (බ.) පාද පිහිනීම පිණිස ද හැඩ ගැසී තිබේ. සන්ධිපාදිකයන්ගේ ශරීර දැඩි කයිටින්මය වැස්මකින් වැසී තිබේ. ශරීරයේ වැඩීමට ඉඩ දෙනු පිණිස මෙය වරින්වර සහමුලින් ම හළනු ලැබේ. මේ වැස්ම වැස්මක් පමණක් නොව මාංස පේශීන් ඇමිණී තිබෙන පිට සැකිල්ලක් ද වේ. පිට සැකිල්ල නොනැමෙනසුලු හෙයින් ශරීරය පහසුවෙන් නැමිය හැකි වන පරිදි මේ පිට සැකිල්ලෙහි නැමෙනසුලු සන්ධි ඇත. මොවුන්ගේ ආහාර මාර්ගය පූර්ව, මධ්‍ය සහ අපර යන [[ගොනුව:2-490-2.jpg|400px|left]]තුන් කොටසකින් සමන්විතය. හෘදයෙහි කපාට තිබේ. රුධිර සංසරණ පද්ධතිය නළවලින් සහ ලේ පිරි හිදැස්වලින් සෑදී තිබේ. හිදැස් සමහන් වීමෙන් රුධිර හෙබ (heamocoele) සෑදේ. එබැවින් සීලෝම පිරිහී ඇත්තේය. මොව්හු ශ්වසනය පිණිස ජලක්ලෝම, ශ්වාස නාල, පත්‍ර පෙණහැලි සහ ශරීර පෘෂ්ඨය උපයෝගී කොට ගනිති. සමහර සන්ධිපාදිකයන්ට විශේෂ ශ්වසන ඉන්ද්‍රිය නොමැත. බහිස්‍රාවය පිණිස මැල්පීගීය නාලිකා සහ කක්ෂාංග (coxal) ග්‍රන්ථි තිබේ. සාමාන්‍යයෙන් වෘක්කිකා (nephridia) දුර්ලභය. මොළය පෘෂ්ඨීයය. සුෂුම්නාව උදරීයය. ඇස්වල ආකාරය මේ වංශයට විශේෂ වූවකි. ඇස් සරල හෝ සංයුක්ත හෝ විය හැකිය. ස්පර්ශක ද සංවේදිත කෙඳි ද ඇතැම් සන්ධිපාදීන්ට තිබේ. එහෙත් කිසි විටෙකත් පක්ෂ්ම නැත. සාමාන්‍යයෙන් ලිංග භේදය තිබේ. සංසේචනය සාමාන්‍යයෙන් ආභ්‍යන්තරිකය. බොහෝ සන්ධිපාදිකයෝ කීට අවස්ථාවන් සහ [[රූපාන්තරණය]] (බ.) පෙන්වති. |
ආත්‍රොපොඩා වංශය පහත සඳහන් ආකාරයට වර්ග කරනු ලැබේ: | ආත්‍රොපොඩා වංශය පහත සඳහන් ආකාරයට වර්ග කරනු ලැබේ: | ||
| 10 පේළිය: | 10 පේළිය: | ||
උපවංශය - චෙලිසෙරාටා (සන්දංශ ශෘංග සහිතය, ස්පර්ශක නොමැත.) | උපවංශය - චෙලිසෙරාටා (සන්දංශ ශෘංග සහිතය, ස්පර්ශක නොමැත.) | ||
| − | + | [[ගොනුව:2-491-1.jpg|400px|right]] | |
වර්ගය - සිෆොසුරා (රාජ කකුළුවා මේ වර්ගයට අයත්ය). | වර්ගය - සිෆොසුරා (රාජ කකුළුවා මේ වර්ගයට අයත්ය). | ||
| 20 පේළිය: | 20 පේළිය: | ||
උපවංශය - මන්ඩිබුලාටා (අධෝහනු සහිත සන්ධිපාදිකයෝ) | උපවංශය - මන්ඩිබුලාටා (අධෝහනු සහිත සන්ධිපාදිකයෝ) | ||
| − | + | [[ගොනුව:2-491-2.jpg|400px|right]] | |
වර්ගය—ක්රුස්ටාසෙයා [සාමාන්‍යයෙන් ජලචරය, ස්පර්ශක යුවළ දෙකක් සහ ශීර්ෂ ෂෞරසක් ඇත. ඇස් සංයුක්තය. ශ්වසනය සාමාන්‍යයෙන් ජලක්ලෝමවලිනි. නි. [[පොකිරිස්සා]] (බ.), [[ඉස්සා]] (බ.) [[කකුළුවා]] (බ.), [[ඉඳුගොව්වා]] (බ.)] | වර්ගය—ක්රුස්ටාසෙයා [සාමාන්‍යයෙන් ජලචරය, ස්පර්ශක යුවළ දෙකක් සහ ශීර්ෂ ෂෞරසක් ඇත. ඇස් සංයුක්තය. ශ්වසනය සාමාන්‍යයෙන් ජලක්ලෝමවලිනි. නි. [[පොකිරිස්සා]] (බ.), [[ඉස්සා]] (බ.) [[කකුළුවා]] (බ.), [[ඉඳුගොව්වා]] (බ.)] | ||
වර්ගය — කිලොපොඩා [ඛණ්ඩන රාශියකි. ඉන් බොහොමයක උපාංග යුවළ බැගින් ඇත. පළමුවැනි යුවළ විෂ දළ ලෙස වෙනස් වී තිබේ. නි. [[පත්තෑයා]] (බ.)] | වර්ගය — කිලොපොඩා [ඛණ්ඩන රාශියකි. ඉන් බොහොමයක උපාංග යුවළ බැගින් ඇත. පළමුවැනි යුවළ විෂ දළ ලෙස වෙනස් වී තිබේ. නි. [[පත්තෑයා]] (බ.)] | ||
| − | + | [[ගොනුව:2-492.jpg|800px|centre]] | |
වර්ගය - ඩිප්ලොපොඩා [යුවළ බැගින් බද්ධ වූ ඛණ්ඩන සහිතය. ඛණ්ඩනයක පාද ජෝඩු දෙකකි. ස්පර්ශක ද තිබේ. නි. [[හැකරැල්ලා]] (බ.)] | වර්ගය - ඩිප්ලොපොඩා [යුවළ බැගින් බද්ධ වූ ඛණ්ඩන සහිතය. ඛණ්ඩනයක පාද ජෝඩු දෙකකි. ස්පර්ශක ද තිබේ. නි. [[හැකරැල්ලා]] (බ.)] | ||
14:48, 3 ජූලි 2025 වන විට නවතම සංශෝධනය
[(සන්ධිපාදිකයෝ) Arthropoda] සන්ධි වූ පාද ඇති හෙයින් සන්ධිපාදික නමින් දන්නා වූ ද 740,000ක් පමණ විශේෂ ඇති හෙයින් විශාලතම වූ ද ඉතා විවිධ වූ ද සත්ව වංශයයි. එය ඉස්සන්, මැස්සන්, මකුළුවන්, කකුළුවන්, පත්තෑයින් ආදි දිය ගොඩ දෙකෙහි ම වෙසෙන විවිධ අපෘෂ්ඨවංශීන්ගෙන් (අපෘෂ්ඨවංශීහු බ.) සමන්විත ය. මීට අයත් ඇතැම් සත්තු නිදහස්ව හෝ යමකට ඇලී අචලව හෝ පරපෝෂිතයන් වශයෙන් හෝ එසේ නැතහොත් සහභෝජීන් වශයෙන් හෝ වසති. සමහරුන්ට පියෑඹීමට පිළිවන. සමහරුන් තනිතනිව වසන අතර සමහරු සංකීර්ණ සමාජ බවට සංවිධානය වී සිටිති (සමාජ කෘමී බ.). කුඩා ම සන්ධිපාදිකයෝ අඟලෙන් 1/250ට වඩා අඩු දිගක් ඇති කිඩෑවෝය. විශාල ම සන්ධිපාදිකයා වන මක්‍රොකයිරා (macrocheira) නමැති යෝධ ජපන් කකුළුවා දිගින් අඩි 11ක් පමණ වේ. සාගර පතල්වල පටන් උස් කඳු මුදුන් දක්වා ද උත්තර ධ්‍රැවයේ පටන් දක්ෂිණ ධ්‍රැවය දක්වා ද වූ ලෝකයේ සෑම තැනක දී ම මේ වංශයට අයත් සත්තු මුණ ගැසෙති. මොවුන්ගේ පාෂාණීභූත අවශිෂ්ට අවුරුදු කෝටි පනහක් පමණ කලින් පැවතුණු කේම්බ්‍රිය පාෂාණවල පටන් දක්නට ලැබේ (ට්‍රිලොබිටා බ.).
පාදවල සන්ධි ඇති හෙයින් මේ වංශයට ආත්‍රොපොඩා යන නාමය දී තිබේ. සන්ධිපාදිකයකුගේ ශරීරය උපරිම වශයෙන් ශීර්ෂය. උරස සහ උදරය යන කොටස් තුනින් සමන්විතය. මේ තුන් කොටස විවිධ ක්‍රමවලින් බද්ධ වී හෝ නොවී හෝ තිබිය හැකිය. මේ හැම කොටසක් ම විවිධ ක්‍රමවලින් බද්ධ වන්නා වූ ඛණ්ඩ බවට බෙදී තිබේ. හැම ඛණ්ඩයකම හෝ කිහිපයක පමණක් හෝ සන්ධි සහිත උපාංග යුවළ බැගින් ඇත. හනු තිබේ නම් ඒවා විකරණ වූ උපාංග වේ. සෙසු උපාංග, ජීවත්වන පරිසරයට අනුව මුඛ උපාංග, පාද, පිහිනීමේ උපාංග ආදිය ලෙස නොයෙක් කාර්යයන් ඉටු කරනු පිණිස අනුවර්තනය වී තිබිය හැකිය. පලාගිරවුන්ගේ (පලාගිරවා බ.) පාද පැනීම පිණිස ද ඉස්සාගේ (බ.) පාද පිහිනීම පිණිස ද හැඩ ගැසී තිබේ. සන්ධිපාදිකයන්ගේ ශරීර දැඩි කයිටින්මය වැස්මකින් වැසී තිබේ. ශරීරයේ වැඩීමට ඉඩ දෙනු පිණිස මෙය වරින්වර සහමුලින් ම හළනු ලැබේ. මේ වැස්ම වැස්මක් පමණක් නොව මාංස පේශීන් ඇමිණී තිබෙන පිට සැකිල්ලක් ද වේ. පිට සැකිල්ල නොනැමෙනසුලු හෙයින් ශරීරය පහසුවෙන් නැමිය හැකි වන පරිදි මේ පිට සැකිල්ලෙහි නැමෙනසුලු සන්ධි ඇත. මොවුන්ගේ ආහාර මාර්ගය පූර්ව, මධ්‍ය සහ අපර යන තුන් කොටසකින් සමන්විතය. හෘදයෙහි කපාට තිබේ. රුධිර සංසරණ පද්ධතිය නළවලින් සහ ලේ පිරි හිදැස්වලින් සෑදී තිබේ. හිදැස් සමහන් වීමෙන් රුධිර හෙබ (heamocoele) සෑදේ. එබැවින් සීලෝම පිරිහී ඇත්තේය. මොව්හු ශ්වසනය පිණිස ජලක්ලෝම, ශ්වාස නාල, පත්‍ර පෙණහැලි සහ ශරීර පෘෂ්ඨය උපයෝගී කොට ගනිති. සමහර සන්ධිපාදිකයන්ට විශේෂ ශ්වසන ඉන්ද්‍රිය නොමැත. බහිස්‍රාවය පිණිස මැල්පීගීය නාලිකා සහ කක්ෂාංග (coxal) ග්‍රන්ථි තිබේ. සාමාන්‍යයෙන් වෘක්කිකා (nephridia) දුර්ලභය. මොළය පෘෂ්ඨීයය. සුෂුම්නාව උදරීයය. ඇස්වල ආකාරය මේ වංශයට විශේෂ වූවකි. ඇස් සරල හෝ සංයුක්ත හෝ විය හැකිය. ස්පර්ශක ද සංවේදිත කෙඳි ද ඇතැම් සන්ධිපාදීන්ට තිබේ. එහෙත් කිසි විටෙකත් පක්ෂ්ම නැත. සාමාන්‍යයෙන් ලිංග භේදය තිබේ. සංසේචනය සාමාන්‍යයෙන් ආභ්‍යන්තරිකය. බොහෝ සන්ධිපාදිකයෝ කීට අවස්ථාවන් සහ රූපාන්තරණය (බ.) පෙන්වති.ආත්‍රොපොඩා වංශය පහත සඳහන් ආකාරයට වර්ග කරනු ලැබේ:
වංශය - ආත්‍රොපොඩා
උපවංශය - ට්‍රිලොබිටා (පේලියොසොයික මුහුදු සන්ධිපාදිකයෝ)
උපවංශය - චෙලිසෙරාටා (සන්දංශ ශෘංග සහිතය, ස්පර්ශක නොමැත.)
වර්ගය - සිෆොසුරා (රාජ කකුළුවා මේ වර්ගයට අයත්ය).
වර්ගය - යුරිප්ටෙරිඩා (පේලියොසොයික ජලජ සන්ධිපාදිකයෝ)
වර්ගය - පික්නොගොනිඩා (කුඩා ශරීරයක් ද ඉතා දිග පාද ද ඇති මුහුදු මකුළුවෝ)
වර්ගය - අරක්නිඩා [ශීර්ෂෞරසක් තිබේ. ඇස් සරලය. උරසෙහි පාද යුවළ සතරකි. නි. ගෝනුස්සා (බ.), මකුළුවා (බ.)]
උපවංශය - මන්ඩිබුලාටා (අධෝහනු සහිත සන්ධිපාදිකයෝ)
වර්ගය—ක්රුස්ටාසෙයා [සාමාන්‍යයෙන් ජලචරය, ස්පර්ශක යුවළ දෙකක් සහ ශීර්ෂ ෂෞරසක් ඇත. ඇස් සංයුක්තය. ශ්වසනය සාමාන්‍යයෙන් ජලක්ලෝමවලිනි. නි. පොකිරිස්සා (බ.), ඉස්සා (බ.) කකුළුවා (බ.), ඉඳුගොව්වා (බ.)]
වර්ගය — කිලොපොඩා [ඛණ්ඩන රාශියකි. ඉන් බොහොමයක උපාංග යුවළ බැගින් ඇත. පළමුවැනි යුවළ විෂ දළ ලෙස වෙනස් වී තිබේ. නි. පත්තෑයා (බ.)]
වර්ගය - ඩිප්ලොපොඩා [යුවළ බැගින් බද්ධ වූ ඛණ්ඩන සහිතය. ඛණ්ඩනයක පාද ජෝඩු දෙකකි. ස්පර්ශක ද තිබේ. නි. හැකරැල්ලා (බ.)]
වර්ගය - පවුරොපොඩා (හැකරැලි ශරීරය මෙන් ශරීර ඛණ්ඩන යුවල බැගින් බද්ධ වී ඇත. ඒහෙත් පාද ජෝඩු දෙක බැගින් නැත. හිස සහ ශරීරය පැහැදිලිය. ස්පර්ශක ශාඛා සහිතය. ශ්වාස නාල නොමැත. දුර්ලභ වර්ගයකි.)
වර්ගය - සිම්ෆයිලා (කෘමීන්ට ද පත්තෑයින්ට ද නෑකම් ඇති, භෞමික දුර්ලභ කුඩා සත්තුය. ස්පර්ශක යුවළක් ඇත. ඛණ්ඩනය පැහැදිලි ය).
වර්ගය — හෙක්සපොඩා (ඉන්සෙක්ටා හෙවත් කෘමීහු) [ශීර්ෂය, උරස සහ උදරය වශයෙන් ශරීරය පැහැදිලි ලෙස බෙදී තිබේ. ස්පර්ශක යුවළක් සහිතය. බොහෝ විට පියාපත් සහිතයි. උරසෙහි පාද ජෝඩු තුනකි. නි. මීමැස්සා (බ.), සමනළයා (බ.), කුරුමිණියා (බ.)]
සන්ධිපාදිකයෝ මනුෂ්‍යයන් අතර රෝග පතුරුවා හැරීමේ ප්‍රධාන මාර්ගයකි. අවුරුද්දක් පාසා මැලේරියාවෙන් පමණක් මිනිසුන් කෝටි 35ක් පමණ පීඩා විඳිති. ශාකයන්ට හා සත්වයන්ට පවා සන්ධිපාදිකයන්ගෙන් පැමිණෙන හානි අති විශාලය. මිනිසාගේ සම වැඩුණු සන්ධිපාදිකයන්ට හෝ ඔවුන්ගේ කීටයන්ට සුදුසු පරිසරයක් වේ (නි. හොරි කිඩෑවා). සන්ධිපාදිකයන්ගෙන් ස්වල්ප දෙනෙක් මිනිසාගේ රුධිරය ආහාරයක් වශයෙන් සලකති (නි. මදුරුවා, ඇඳ මකුණා). ඇතැම් විට මොවුන් දෂ්ට කිරීමෙන් උග්‍ර වූ අසාත්ම්‍ය (allergic) ප්‍රතික්‍රියාවක් ඉපදිය හැකිය. නොයෙක් සන්ධිපාදිකයන්ගේ ස්පර්ශයෙන් චර්මදාහය (dermatitis) ඇති වීමට පුළුවන (නි. ඇතැම් දළඹුවෝ). ආන්ත්‍රික ජ්වරය, කොලරාව, අතීසාරය හා ඇමීබා රෝගය මැස්සන් හා කැරපොත්තන් මගින් පැතිර යා හැකිය. මැලේරියාව, කහ උණ, නිද්‍රා රෝගය හා බරවා රෝගය නොයෙක් වර්ගයේ මදුරුවන් මගින් බෝවිය හැකිය. මහමාරිය පතුරුවා හරින්නේ සාමාන්‍යයෙන් මැක්කන්ය.
(සංස්කරණය: 1965)






