"ඇල්පකා" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(Alpaca). ඇන්ඩීස් කඳුකරයෙහි ජීවත් වන ඔටු කුලයට අයත්...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
 
7 පේළිය: 7 පේළිය:
 
ලාමා නම් සතාට ඇල්පකා කිට්ටු නෑසබඳකම් දක්වන බැවින් මේ සතුන් දෙදෙනා අතර දෙමුහුන් අභිජනනය (cross breeding) ඇති විය හැකිය. යුරෝපයේ හා ඕස්ට්‍රේලියාවේ ඇල්පකාවුන් බෝ කරන්නට ගත් තැත සාර්ථක නොවීය.  
 
ලාමා නම් සතාට ඇල්පකා කිට්ටු නෑසබඳකම් දක්වන බැවින් මේ සතුන් දෙදෙනා අතර දෙමුහුන් අභිජනනය (cross breeding) ඇති විය හැකිය. යුරෝපයේ හා ඕස්ට්‍රේලියාවේ ඇල්පකාවුන් බෝ කරන්නට ගත් තැත සාර්ථක නොවීය.  
  
−
ඇල්පකා [[මාමලියා]] (බ.) වර්ගයෙහි [[ආටියොඩක්ටීලා]] (බ.) ගෝත්‍රයෙහි ටිලොපොඩා කුලයට අයත්ය.
+
ඇල්පකා [[මාමලියා]] (බ.) වර්ගයෙහි [[ආටියොඩක්ටිලා]] (බ.) ගෝත්‍රයෙහි ටිලොපොඩා කුලයට අයත්ය.
  
 
(සංස්කරණය: 1967)
 
(සංස්කරණය: 1967)

13:54, 21 ඔක්තෝබර් 2026 වන විට නවතම සංශෝධනය

(Alpaca). ඇන්ඩීස් කඳුකරයෙහි ජීවත් වන ඔටු කුලයට අයත් දකුණු ඇමෙරිකානු ක්‍ෂීරපායී සතෙකි. චිලි, පීරූ සහ බොලීවියා යන රටවල කඳුකරයෙහි අඩි 6,000ක් පමණ උස් ප්‍රදේශවල මේ සතා ලොම් පිණිස ඇති කරනු ලැබේ. ඇල්පකා, ලාමා, ග්වානාකො (guanaco) හා වික්‍යුනා (vicuna) යන සතුන් සතරදෙනා දකුණු ඇමෙරිකාවට දේශජ වූ ලොම් සහිත සත්තුය. මොවුන් අතුරෙන් ඇල්පකා ඉතා වැදගත්ය. ඇල්පකා හා ලාමා හීලෑ කරන ලද ග්වානාකො ප්‍රභේදයෝයි.

ඇල්පකාගේ උරහිස දක්වා උස අඩි 4ක් පමණ වේ. ඔටුවකුගේ වැනි දිග බෙල්ලක් ඌට ඇත. හැඩය අතින් උගේ හිස ඔටුවාගේ හිසට සමානය. ඇල්පකාගේ ලොම් කළුය, දිගය; නොකැපුවහොත් අඩි 2ක් පමණ දිගට වැඩේ. බැටළු ලොම් මෙන් නොව මෘදුය, ඍජුය, සේද වැනිය, ශක්තිමත්ය.

ඇල්පකා වටිනා සතකු සේ සලකනු ලබන්නේ උගේ ලොම් නිසාය. මේ ලොම්වලින් ඇල්පකා නම් රෙදි විශේෂයක් වියනු ලැබේ. එහෙත් අද එනමින් ම ඇති රෙදි වියනු ලබන්නේ වැඩි කොට බැටළු ලොම් සහ කපුනූල් මිශ්‍රණයකිනි. ඒවායේ ඇල්පකා ලොම් ඇත්තේ ඉතා ස්වල්ප වශයෙනි. සම් සහ වෙනත් රෙදිපිළී සෑදීමටත් මේ ලො‍ම් යොදනු ලැබේ. ඇල්පකාගේ මස් කෑමට ගනු ලැබේ.

ලාමා නම් සතාට ඇල්පකා කිට්ටු නෑසබඳකම් දක්වන බැවින් මේ සතුන් දෙදෙනා අතර දෙමුහුන් අභිජනනය (cross breeding) ඇති විය හැකිය. යුරෝපයේ හා ඕස්ට්‍රේලියාවේ ඇල්පකාවුන් බෝ කරන්නට ගත් තැත සාර්ථක නොවීය.

ඇල්පකා මාමලියා (බ.) වර්ගයෙහි ආටියොඩක්ටිලා (බ.) ගෝත්‍රයෙහි ටිලොපොඩා කුලයට අයත්ය.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇල්පකා&oldid=12012" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි