"ඕලුමුවා" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(මුන්ටියාකුස් මලබාරිකුස් - Muntiacus malabaricus Wroughton). සාමාන...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
 
11 පේළිය: 11 පේළිය:
 
ඕලු මුවාගේ මාංසය කැමට සුදුසුය. ඕලුමුවා බොහෝ විට හීලෑ කරනු ලැබේ. උගේ ජීවිත කාලය අවුරුදු 8ක් පමණ වේ.
 
ඕලු මුවාගේ මාංසය කැමට සුදුසුය. ඕලුමුවා බොහෝ විට හීලෑ කරනු ලැබේ. උගේ ජීවිත කාලය අවුරුදු 8ක් පමණ වේ.
  
−
ඕලුමුවා [[මමාලියා]] (බ.) වර්ගයෙහි [[ආටියොඩක්ටීලා]] (බ.) ගෝත්‍රයෙහි කෙර්විඩේ (Cervidae) කුලයට අයත්ය.
+
ඕලුමුවා [[මමාලියා]] (බ.) වර්ගයෙහි [[ආටියොඩක්ටිලා]] (බ.) ගෝත්‍රයෙහි කෙර්විඩේ (Cervidae) කුලයට අයත්ය.
  
 
(සංස්කරණය: 1974)
 
(සංස්කරණය: 1974)

09:17, 11 නොවැම්බර් 2026 වන විට නවතම සංශෝධනය

(මුන්ටියාකුස් මලබාරිකුස් - Muntiacus malabaricus Wroughton). සාමාන්‍යයෙන් අඟල් 20ක් පමණ උස් වූ දුඹුරු පැහැති කුඩා මුවෙකි. ඕලුමුවා ලංකාවේ ද දකුණු ඉන්දියාවේ ද වාසය කරයි. ලංකාවේ මුහුදු වෙරළට ආසන්න ප්‍රදේශයේ සිට අඩි 5,000ක් පමණ උස කඳුකර ප්‍රදේශය දක්වා ඌ දක්නට ලැබේ. වියළි ප්‍රදේශයේ ඇතැම් පළාත්වල ඌ බහුලය.

ඕලුමුවාගේ තට්ටම් උරහිසට වඩා උස්ය. උගේ කන් පටුය; කෙටිය. කකුල් ද කෙටිය. පාදයක පා ඇඟිලි සතර බැගින් තිබේ. උගේ දිව ඉතා දිගය. එය දිගු කොට මුහුණ සෑම තැන ම ලෙවකන්නට පුළුවන. පිරිමි සතාට දිග වෘන්ත සහිත අං දලුවක් තිබේ. අං දලුව වෙනුවට මුව දෙනට ඇත්තේ කුඩා අස්ථිමය නෙරීම් දෙකකි. මේවා කූරු වැනි රළු කේශරවලින් වැසී ඇත. ඕලු මුවාගේ ශරීරය සෑම තැන ම වාගේ කෙටි කේශරවලින් වැසී ඇත. කන්වල පමණක් කේශර නැත.

ඕලුමුවා නිශාචර සතකු සේ සැලකිය හැකිය. මිනිසුන්ට ඌ සාමාන්‍යයෙන් දක්නට ලැබෙන්නේ උදෑසන කාලයේ දී හෝ සවස් කාලයේ දී පමණි. මේ වේලාවන්හි දී ඌ ආහාර සොයමින් කැළෑවේ පාරවල් අද්දර ගමන් කරයි. තණකොළ හා වෙනත් පැළෑටිවල ළපටි දළු උගේ ප්‍රධාන ආහාරය වේ. ජීවත්වන ස්ථානයෙන් වැඩිදුරට ඌ ගමන් කරන්නේ නැත. සාමාන්‍යයෙන් ඕලු මුවා රංචු වශයෙන් දක්නට නොලැබේ. පිරිමි සතාත් ගෑනු සතාත් එකට ගැවසෙති. ඕලුමුවාට ශීඝ්‍රයෙන් දුවන්නට පුළුවන.

යම්කිසි අනතුරක් ඇතැයි දැන ගත් විට හෝ ප්‍රජනන කාලය තුළ දී හෝ ඕලුමුවෝ හඬක් පතුරුවති. මේ හඬ බල්ලන් බුරන හඬට සමානය. එබැවින් ඉංග්‍රීසි භාෂාවෙන් මේ මුවාට barking deer (බුරන මුවා) යයි කියනු ලැබේ.

පිරිමි මුවා මුව දෙනට වඩා තරමක් ලොකුය. උගේ ශරීරයේ පාට ද වඩා දීප්තිමත්ය. තන පුඩු යුගල දෙකක් මුව දෙනට ඇත. ඈට වරකට එක් පැටවකු හෝ පැටව් දෙදෙනකු හෝ ලැබෙන්නට පුළුවන.

ඕලු මුවාගේ මාංසය කැමට සුදුසුය. ඕලුමුවා බොහෝ විට හීලෑ කරනු ලැබේ. උගේ ජීවිත කාලය අවුරුදු 8ක් පමණ වේ.

ඕලුමුවා මමාලියා (බ.) වර්ගයෙහි ආටියොඩක්ටිලා (බ.) ගෝත්‍රයෙහි කෙර්විඩේ (Cervidae) කුලයට අයත්ය.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඕලුමුවා&oldid=12078" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි