"අංගම්මන විහාරය" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
(නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්) | |||
1 පේළිය: | 1 පේළිය: | ||
− | සබරගමු පළාතේ බටුගෙදර නම් ග්රාමයෙහි කළු ගඟ අසබඩ පිහිටි පැරණි ගල් විහාරයෙකි. කීර්ති ශ්රී රාජසිංහ රජුගේ නියමයෙන් සපරගමු දිශාව භාරව සිටි [[අංගම්මන අදිකාරම්]] (බ.) විසින් කරවන ලද හෙයින් මෙය | + | සබරගමු පළාතේ බටුගෙදර නම් ග්රාමයෙහි කළු ගඟ අසබඩ පිහිටි පැරණි ගල් විහාරයෙකි. කීර්ති ශ්රී රාජසිංහ රජුගේ නියමයෙන් සපරගමු දිශාව භාරව සිටි [[අංගම්මන අදිකාරම්]] (බ.) විසින් කරවන ලද හෙයින් මෙය 'අංගම්මන විහාරය' යනුවෙන් හැඳින්විණ. අදිකාරම්තුමා විසින් විහාරයට පූජා කළ ගම්වරාදිය ගැන සඳහන් තුඩපතක් මෑතක දී සොයාගෙන තිබේ. මේ හැර මීගස්තැන්නේ (දුම්බර මහනිලමේ) පිළිමතලව්වේ යන අදිකාරම්වරුන් විසින් විහාරයට පුදන ලද කුඹුරු ගැන සඳහන් තුඩපත් තුනක් ද ඇත. ඇහැළේපොළ අදිකාරම්තුමා මෙම ස්ථානයෙහි අභිනවයෙන් ගොඩනැඟිලි තනා පූජෝත්සවයක් ද පැවැත්වී ය. මෙම පුණ්යකර්මය වර්ණනා කෙරෙමින් අක්මීමන සිරිධම්ම ස්ථවිරපාදයන් විසින් රචනා කරන ලද පාලි ප්රබන්ධයෙක් ද ඇත. |
− | [[ප්රවර්ගය:අ]] | + | (සංස්කරණය:1963) |
+ | |||
+ | [[ප්රවර්ගය: අ]] |
13:58, 20 ඔක්තෝබර් 2023 වන විට නවතම සංශෝධනය
සබරගමු පළාතේ බටුගෙදර නම් ග්රාමයෙහි කළු ගඟ අසබඩ පිහිටි පැරණි ගල් විහාරයෙකි. කීර්ති ශ්රී රාජසිංහ රජුගේ නියමයෙන් සපරගමු දිශාව භාරව සිටි අංගම්මන අදිකාරම් (බ.) විසින් කරවන ලද හෙයින් මෙය 'අංගම්මන විහාරය' යනුවෙන් හැඳින්විණ. අදිකාරම්තුමා විසින් විහාරයට පූජා කළ ගම්වරාදිය ගැන සඳහන් තුඩපතක් මෑතක දී සොයාගෙන තිබේ. මේ හැර මීගස්තැන්නේ (දුම්බර මහනිලමේ) පිළිමතලව්වේ යන අදිකාරම්වරුන් විසින් විහාරයට පුදන ලද කුඹුරු ගැන සඳහන් තුඩපත් තුනක් ද ඇත. ඇහැළේපොළ අදිකාරම්තුමා මෙම ස්ථානයෙහි අභිනවයෙන් ගොඩනැඟිලි තනා පූජෝත්සවයක් ද පැවැත්වී ය. මෙම පුණ්යකර්මය වර්ණනා කෙරෙමින් අක්මීමන සිරිධම්ම ස්ථවිරපාදයන් විසින් රචනා කරන ලද පාලි ප්රබන්ධයෙක් ද ඇත.
(සංස්කරණය:1963)