|
|
(නොපෙන්වන එම පරිශීලකයා මගින් අතරමැදි සංස්කරණ 2ක්) |
1 පේළිය: |
1 පේළිය: |
| ඉන්දියන් සාගරයේ වයඹ දිග කොටස වූ අරාබි මුහුද නැගෙනහිරින් ඉන්දියාවටත්,උතුරෙන් බලුකිස්ථානයට සහ දකුණු පර්සියාවටත්, බටහිරින් අරාබියටත් මැදි වී පිහිටියේය. උත්තරාක්ෂාංශ 10°-15° දී අරාබි මුහුද ඉන්දියානු මහා සාගරයට සම්බන්ධ වේ. බටහිරින් අරාබි වෙරළේ සිට නැගෙනහිරින් ඉන්දියානු වෙරළ දක්වා වැඩිම පළල සැතැපුම් 1,500ක් පමණ වේ. අරාබි මුහුදෙහි අඩි 13,000 සිට 16,500 දක්වා ගැඹුරු වූ තැන් ද සොයාගෙන ඇත. අරාබි මුහුදේ සිට අසල භූමිභාග තුළට නෙරාගොස් ඇති මුහුදු ඛණ්ඩ කීපයක් වෙයි. වයඹ දිගට පර්සියානු වරායෙන් කෙළවර වන ඕමන් බොක්කත්, නිරිත දිගට බාබ් - එල් - මණ්ඩෙබ් සමුද්‍ර සන්ධිය ඔස්සේ රතුමුහුදට සම්බන්ධව ඇති ඒඩන් බොක්කත් ඉන් ප්‍රධානය. ඉන්දියානු වෙරළෙහි ඇති කච් සහ කැම්බේ වරායවල් ද අරාබි මුහුදෙහි ශාඛාය. සින්ධු ගඟ අරාබි මුහුදට වැටෙන ප්‍රධාන ගංගාවයි. ඉන්දියාවේ නර්මදා සහ තප්තියන ගංගාවෝ ද අරාබි මුහුදට වැටෙත්. සොකෝත්‍රා සහ ලකදිව් අරාබි මුහුදෙහි පිහිටි ප්‍රධාන දූපත්ය. | | ඉන්දියන් සාගරයේ වයඹ දිග කොටස වූ අරාබි මුහුද නැගෙනහිරින් ඉන්දියාවටත්,උතුරෙන් බලුකිස්ථානයට සහ දකුණු පර්සියාවටත්, බටහිරින් අරාබියටත් මැදි වී පිහිටියේය. උත්තරාක්ෂාංශ 10°-15° දී අරාබි මුහුද ඉන්දියානු මහා සාගරයට සම්බන්ධ වේ. බටහිරින් අරාබි වෙරළේ සිට නැගෙනහිරින් ඉන්දියානු වෙරළ දක්වා වැඩිම පළල සැතැපුම් 1,500ක් පමණ වේ. අරාබි මුහුදෙහි අඩි 13,000 සිට 16,500 දක්වා ගැඹුරු වූ තැන් ද සොයාගෙන ඇත. අරාබි මුහුදේ සිට අසල භූමිභාග තුළට නෙරාගොස් ඇති මුහුදු ඛණ්ඩ කීපයක් වෙයි. වයඹ දිගට පර්සියානු වරායෙන් කෙළවර වන ඕමන් බොක්කත්, නිරිත දිගට බාබ් - එල් - මණ්ඩෙබ් සමුද්‍ර සන්ධිය ඔස්සේ රතුමුහුදට සම්බන්ධව ඇති ඒඩන් බොක්කත් ඉන් ප්‍රධානය. ඉන්දියානු වෙරළෙහි ඇති කච් සහ කැම්බේ වරායවල් ද අරාබි මුහුදෙහි ශාඛාය. සින්ධු ගඟ අරාබි මුහුදට වැටෙන ප්‍රධාන ගංගාවයි. ඉන්දියාවේ නර්මදා සහ තප්තියන ගංගාවෝ ද අරාබි මුහුදට වැටෙත්. සොකෝත්‍රා සහ ලකදිව් අරාබි මුහුදෙහි පිහිටි ප්‍රධාන දූපත්ය. |
| | | |
− | දකුණු ආසියාවේ දේශගුණය කෙරෙහි බලපාන වාසුළි කුණාටු බොහොමයක් උපදින්නේ අරාබි මුහුදේය. මැයි,ජූනි සහ ජූලි යන මාස වාසුළි උපදින ප්‍රධාන කාලයයි. මේ නිසා ලංකාවට ද ඉතා තද වැසි ලැබෙන අවස්ථා ඇත. ඈතඅතීතයේ පටන්ම අරාබි මුහුදෙහි පැවතුණු වෙරළාසන්න නාවික ගමනාගමනය පිළිබඳ තොරතුරු ග්‍රීක සාහිත්‍යයෙහි සඳහන් වෙයි. නියාර්කස් නමැත්තකු මහා ඇලෙක්සැන්ඩර්ගේ හමුදාවක් රැගෙන ඉන්දියාවේ සිට උතුරු අරාබි මුහුද හරහා දකුණු පර්සියාවට යාත්‍රා කළ බවත්, මෝසම් සුළං ගැන පළමුවෙන් ම සොයා ගැනීමේ ගෞරවය ලබා ඇති හිපාලුස් නමැත්තකු අරාබියේ සිට, අරාබි මුහුද හරහා ඉන්දියාවට ගිය බවත් ඉතිහාස ගත වී ඇත. ආදියෙහි පටන් ම නාවික සහ වාණිජ කටයුතු වලට සම්බන්ධ වූ වැදගත් වරායවල් කීපයක් ම අරාබි මුහුදේ ඇත. ඒඩන්,බස්රා, බොම්බාය සහ කරච්චිය එයින් ඉතා ම වැදගත් ඒවාය. ([[ඉන්දියන් සාගරය]] ද බ.) | + | දකුණු ආසියාවේ දේශගුණය කෙරෙහි බලපාන වාසුළි කුණාටු බොහොමයක් උපදින්නේ අරාබි මුහුදේය. මැයි, ජූනි සහ ජූලි යන මාස වාසුළි උපදින ප්‍රධාන කාලයයි. මේ නිසා ලංකාවට ද ඉතා තද වැසි ලැබෙන අවස්ථා ඇත. |
| | | |
− | '''අරාබි - ලංකා සබඳකම්.'''
| + | ඈතඅතීතයේ පටන්ම අරාබි මුහුදෙහි පැවතුණු වෙරළාසන්න නාවික ගමනාගමනය පිළිබඳ තොරතුරු ග්‍රීක සාහිත්‍යයෙහි සඳහන් වෙයි. නියාර්කස් නමැත්තකු මහා ඇලෙක්සැන්ඩර්ගේ හමුදාවක් රැගෙන ඉන්දියාවේ සිට උතුරු අරාබි මුහුද හරහා දකුණු පර්සියාවට යාත්‍රා කළ බවත්, මෝසම් සුළං ගැන පළමුවෙන් ම සොයා ගැනීමේ ගෞරවය ලබා ඇති හිපාලුස් නමැත්තකු අරාබියේ සිට, අරාබි මුහුද හරහා ඉන්දියාවට ගිය බවත් ඉතිහාස ගත වී ඇත. ආදියෙහි පටන් ම නාවික සහ වාණිජ කටයුතු වලට සම්බන්ධ වූ වැදගත් වරායවල් කීපයක් ම අරාබි මුහුදේ ඇත. ඒඩන්, බස්රා, බොම්බාය සහ කරච්චිය එයින් ඉතා ම වැදගත් ඒවාය. ([[ඉන්දියන් සාගරය]] ද බ.) |
− | අරාබියත් ලංකාවත් අතර පැවැති සබඳකම් වෙන් වෙන් කාල පරිච්ඡේද තුනකට බෙදා ලිය හැකිය.එනම්: (1)ආදිම යුගයේ සිට හත්වැනි සියවසේ දී ඉස්ලාම් ආගමේ උදාවීම තෙක්, (2)හත්වැනි සියවසේ සිට 1505 දී පෘතුගීසීන්ගේ පැමිණීම තෙක් හා (3) 1505 සිට වර්තමානය තෙක් දැයි යනුවෙනි
| |
− | | |
− | '''අරාබි වෙළෙන්දෝ:'''
| |
− | රතු මුහුද, පර්සියන් බොක්ක හා අරාබි මුහුද පමණක් නොව ඉන්දියන් සාගරය ද තරණය කළ අරාබි නැවියෝ පර්සියාවේත් ඉන්දියාවේ හා ලංකාවේත් මුහුදු බඩ පළාත්වල කුඩා ජනාවාස පිහිටුවා ගත්හ. ක්‍රි.පූ. 310 පමණේ දී ඔව්හු ලංකාව හරහා මැඩගස්කරයත් සුමාත්‍රාවත් සමග වෙහෙළඳාමෙහි යෙදි සිටියහ.මලබාරයේ වෙරළාසන්න පෙදෙස්වල හා ලංකාවෙහි විසූ අරාබිවරුන්ගේ සංඛ්‍යාව කොතරම් විශාල වීද යත් ඔවුන් මුහුදු බඩ අධිපතීන් ලෙස සැලකිය හැකි තත්වයක හුන් බව ප්ලිනි (ක්‍රි.ව. 23–79) දක්වයි. ටොලමි (ක්‍රි.ව. 150 පමණ) ලංකාව පිළිබඳ තොරතුරු අරාබි නාවිකයන්ගෙන් දැනගන්නට ඇතැයි ඔහු දක්වන කරුණු වලට අනුව අපට සිතාගත හැකිය. අරාබි ජාතිකයන් දකුණු ආසියාවෙහිත් අග්නිදිග ආසියාවෙහිත් කළ වෙළහෙළඳාම් ගැන ක්‍රි.ව. හයවැනි සියවසේ දී කොස්මස් නමැති දේශගවේෂකයා දැන සිටියේය. මෙපරිදි ලංකාවත් අරාබියත් අතර සබඳකම් ඉතිහාසාරම්භයේ පටන්ම පැවත ආ බව අපට පෙනේ. ජාත්‍යන්තර මංකඩක (මාර්ග සන්ධිස්ථානයක) පිහිටි ලංකාව අරාබීන් හා චීනුන් වැනි සමුද්‍රයායි ජාතීන්ගේ සංගමස්ථානයක් වශයෙන් වැදගත් තැනක් ගත්තේය. එබැවින් වෙළඳ හා සංස්කෘතික ගනුදෙනු පැවැත්වීමෙහි ලා ඉන්දියන් සාගරයෙහි මධ්‍යස්ථානය වූයේ ලංකාව යයි සැලැකිය හැකිය. දකුණු අරාබියෙහි හා ලංකාවෙහි ක්‍රමවත් ලෙස පුරාවිද්‍යාත්මක කැණීම් කළහොත් මේ සංස්කෘතික සම්බන්ධතා පිළිබඳ ඉතිහාසයෙහි වැදගත් පරිච්ඡේදයක් උදාවනු නොඅනුමානය.
| |
− | | |
− | ක්‍රි.ව. හත්වැනි සියවසේ දී ඉස්ලාම් ආගම පහළවීම ලෝක ඉතිහාසයේ සඳහන් විස්මයාවහ සිද්ධීන් අතුරින් එකකි. පර්සියානු හා රෝම අධිරාජ්‍යයන් හරහා සුළි හුළඟක් මෙන් පැතිර ගිය මුස්ලිම් අරාබිවරු අයිබීරියානු අර්ධද්වීපයේ සිට චීනයේ නැගෙනහිර දේශසීමාව තෙක් තම ආධිපත්‍යය පැතිරවූහ. මධ්‍යධරණී මුහුද අරාබි වැවක් බවට පෙරැළිණ. ආසියාවේ හා අප්‍රිකාවේ සමුද්‍රාධිපත්‍යය නිරවශේෂයෙන් අරාබින් සතු විය. මේ හේතු කොටගෙන වෙළඳ කටයුතු ශීඝ්‍රව දියුණු වී ගියේය; ලංකාවත් අරාබියත් අතර පැවැති සංස්කෘතික බැම්ම තහවුරු විය. ඇෆ්ඝන් හා පර්සියානු මුස්ලිම්වරුන් භාරත දේශය අභිභවනයකිරීමට ශත වර්ෂ ගණනකටත් පෙර, ලංකාවේ පදිංචිව සිටි අරාබි ජනයා කිසිදු අවහිරයක් නොමැතිව ස්වකීය සමාජ සිරිත් විරිත් පිළිපැදීමත් ආගමික නිදහස භුක්ති විඳීමත් හාත්පසින් ම ලංකාවට ගෞරව එළවන කරුණකි.
| |
− | | |
− | පසුකලෙක-එනම් 1505 දී සිදුවුණු පරිදි, වෙළඳ නැව් පසු පස්සේ යුද්ධ නැව් පැමිණීමක් අරාබීන් සම්බන්ධයෙන් නොසිදු විය. වෙළෙඳ ගනුදෙනුවල දී තමන් සාධාරණ ලෙස ක්‍රියා කළ සැටිත් තමන් සමඟ ආශ්‍රයට වැටුණවුන් ද එය ආදර්ශ කොට ගත් සැටිත් අරාබි නැවියෝ පවසති. වෙළඳාම මිනිසා පිළිබඳ නියම උරගල බවත් ඔහුගේ ධර්මිෂ්ඨ භාවය හා ශ්‍රද්ධාමහිමය ප්‍රකට වනුයේ වෙළඳ ගනුදෙනුවල දී බවත් කාලිප් උමාර් (633–644) සඳහන් කරයි.
| |
− | | |
− | "ඉන්දියාවේ අසිරි" (ක්‍රි.ව. 953) නමින් ග්‍රන්ථයක් ලියූ ඉබ්න් ෂාරියාර් ලංකාවත් අරාබියත් අතර වූ සංස්කෘතික සම්බන්ධතා ගැන මෙසේ සඳහන් කොට තිබේ: "ඉස්ලාම් ධර්මය ගැන ලක්වැසි ජනතාවට දැනගැනීමට ලැබුණු විට ඔව්හු එහි ආදි කර්තෘවරයා වෙතින්ම එය අසා දැනගනු වස් ඊට සුදුසු පුද්ගලයකු තෝරාගෙන අරාබියට යැවූහ. විශාල දුර කතරක් ගෙවා මෙදීනාවට ( මැඩිනවට) ගිය එම දූතයාට මහමත්තුමා මිය ගොස්, අබුබකර්තුමාගේ කාලිප් පදවියත් කෙළවර වී උමාර්තුමා කාලිප් පදවිය දරන බව දැනගන්නට ලැබිණි. දූතයා කාලිප්වරයා හමු වී ඔහුගෙන් මහමත්තුමා ගැන දතයුතු සියල්ල අසා දැනගත්තේය.එහෙත් ඔහු පෙරළා එද්දී මකරාන් (බලුකිස්ථාන්) වෙරළේ දී මරුමුවට පත් විය. ඔහු කැටුව ගිය ඉන්දියානු සේවකයා පෙරළා ලංකාවට පැමිණියේය. මොහු දිවයින්වාසීනට මහමත්තුමාගේ චාම් උදාර ජීවිතය ගැන කියා දී නව ආගම පිළිබඳ කරුණු සැකැවින් පහදා දුන්නේය. ලක්වැසියන් විසින් මුස්ලිම්වරුන් ආදරයෙන් පිළිගැනීමට පටන් ගන්නා ලද්දේ බොහෝකොට ම මේ දූතයා සැලකළ තොරතුරු හා ඉන් ඇති වූ සුහද හැඟීම් නිසාය." 16 වැනි සියවසෙහි විසූ ෆපරිෂ්නා නම් ඉතිහාසඥයා විසින් ද මෙබඳු ම විස්තරයක් දක්වා තිබේ. අරාබියත් ලංකාවත් අතර සම්බන්ධය මෙදීනාහි දැහැමි කාලිප්වරුන්ගේ කාලයේ (ක්‍රි.ව. 632–660) සිට ම පැවැත එන බව ඔහු ඉඳුරාම පවසයි. "ෆපුතුන් අල්-බුල්ද්‍රන්" (අදී ඉස්ලාම් ජයග්‍රණ)නමි ග්‍රන්ථයේ කතුවර අල්-බලාධුරි නම් ඉතිහාසඥයා, 715 දී දමස්කස්හි උමය්යාද්ගේ කාලිප් රාජ්‍යයට සින්ධු දේශය යා කිරීමට ප්‍රතිරාජයා වූ හජ්ජාජ් විසින් මුහම්මද් බින්කාසිම් සෙනෙවියාට අණ කරනු ලැබූ කරුණ විස්තර කරමින් මෙසේ කියයි: "රත්නද්වීපයේ (ලංකාවේ) රජතුමා හජ්ජාජ්ගේ හොඳ හිත දිනා ගනු පිණිස තම රටේ උපන් මුස්ලිම් ස්ත්‍රීන් කීප දෙනකුන් ඔහු වෙත යැවීය... මෙම දිවයින රත්නද්වීපය නමින් හැඳින්වෙන්නේ එහි ස්ත්‍රීන්ගේ මුඛ ශෝභාව නිමිති කොටගෙනය.” මෙහි සඳහන් රත්නද්වීපයේ රජු මානවම්ම රජු විය හැකිය.
| |
− |
| |
− | අටවැනි සියවසේ මුල භාගයේ දී දමස්කස්හි කාලිප්වරයා වූ අබ්දුල් මාලික් බින් මෙර්වාන් විසින් හාෂිම් පරපුරේ බොහෝ දෙනා නැගෙනහිර දෙසට පලවා හරින ලද බව කියති. මොවුනතුරෙන් ඇතැමෙක් ඉන්දියාවේ බටහිර වෙරළ ප්‍රදේශයට ද ඉන්දුනීසියාවට හා ලංකාවට ද පැමිණ ස්ථිර වශයෙන් පදිංචි වූහ. ලංකාවේ පරම්පරාගතව පැවත එන විශ්වාසය නම් අරාබිවරුන් මුලින් ම ලංකාවේ පදිංචි වුයේ දැනට බේරුවල නමින් දන්නා ප්‍රදේශයෙහි බවයි. එහෙත් බේරුවල අරාබි ජනාවාසයක්ව තිබුණේ නම්, ගාල්ලේ (අල්බාලි) සිට කොළඹ (කලාන්බු) දක්වා මුහුදුබඩ මාර්ගයේ ගමන් කළ මහා දේශ සංචාරක ඉබ්න් බතූතා වැන්නකුට එය නොපෙනීයතැයි සිතීම උගහට හෙයින් යථෝක්ත විශ්වාසය එතරම් ඇදහිය හැක්කක් නොවේ.
| |
− | | |
− | '''ලංකාව හැඳින්වූ නම්:'''
| |
− | ලංකාවේ බහුතර ජාතිය වූ සිංහලයන් සියබසින් තම රටට කී "ලංකා" යන නාමයෙන් අරාබිවරුන් එය නොදැන සිටීම පුදුමයට කරුණෙකි. "ලංකා" යන නාමය භාවිත කළ එකම මුස්ලිම් ලේඛකයා අල්-බිරූනි (? -1055) ය. ඔහු ද ඒ නම යෙදුවේ ලංකාවේ එක්තරා මධ්‍යගත ස්ථානයක් හැඳින්වීමට එක් වරක් පමණකි. "සරන් දීප්" යන නම හැරුණු විට "තබර්ණ" යන නම ද දහතුන් වැනි සියවසේ ලියන ලද "හුදුද් අල්-ආලම්" නම් පොතේ කර්තෘවරයා විසින් යොදා තිබේ. අරාබි ලේඛකයන් සාමාන්‍යයෙන් ලංකාව හඳුන්වා ඇත්තේ. "සරන්දීප්" සහ "සයිලාන්" යන නමිවලිනි. "සයිලාන්" යන්නෙන් ඔවුන් මුළු දිවයින ම හැඳින්වූ අතර සරන්දීප් යන්නෙන් අදහස් කරන ලද්දේ "රුහුන් (රුහුණ) කන්දෙහි පිහිටි ආදම්ගේ කූටය"යි. ඇතැම්විට සරන්දීප් යන්නෙන් දිවයිනත් සමනළ කන්දත් යන දෙක ම අදහස් කෙරිණි. "සරන්දීප්" යන්න සංස්කෘත "ස්වර්ණ ද්වීප" යන්නෙන් බිඳී ආ වචනයක් බව ද ලංකාව "ස්වර්ණ හර්ම" (ස්වර්ණ භූමි) යනුවෙන් හැඳින් වුණු බව ද අල්-බිරුනි සඳහන් කරයි. දකුණු ඉන්දියානු මන්නාරම් වරායට ව්‍යවහාර කළ "සලාභම්" යන නාමය අල්-බිරූනි විසින් සඳහන් කොට තිබුණු "ස්වර්ණ භර්ම" (සරන් භූම) යන්නෙහි විකෘතියක් විය හැකිය. "සරන්දීප්" යන්නෙහි හින්දි රූපය "සන්කල් දීප්" බව ද එම ලේඛකයා දක්වයි. අද පවා බිහාරයෙහි හා උත්තර ප්‍රදේශයෙහි ගම්බද ජනයා විසින් ලංකාව "සන්ගල් දීප්" යනුවෙන් හදුන්වනු ලැබෙි. දහහතරවැනි සියවසේ දී අඛුල්ෆිදා ලංකාව හැඳින්වුයේ "සන්ක දීප්" නාමයෙනි. එය ඉන්දියානු වචනයක් බව ද හේ කියයි. තවද යාකුත් (1175 -1290) නමි භූගෝල විද්‍යාඥයා "සරන්දීප්" යන්න හින්දියෙන් "සයිලාන් දීප්" යනුවන් ව්‍යවහාර වූ බව පවසයි. ලංකාව "සහිලාන්" නමින් හැඳින් වූ එක ම අරාබි ලේඛකයා ඉබන් ෂාහ්රියාර්ය.
| |
− | | |
− | අරාබිවරුන් ලංකාවේ වර්ග ප්‍රමාණය අතිශයෝක්තියෙන් සලකන ලදී. පෞරාණික හින්දූන් ලංකාව සම්බන්ධයෙන් දැරූ මතය නිසා ඇති වූමේ හැඟීම මධ්‍යතන යුගය මුළුල්ලෙහිම පැවැත්තේ ය. සුලයිමාන්, මසූදි (?–956 පමණේ ද), ඉබ්න් බතූතා, ඉබ්න් මාජිද් යන දේශාටකයන් පමණක් යථෝක්ත අතිශයෝක්තියට වහල් නුවූයේ ඔවුන් ලංකාව ගැන ඉතා හොඳින් දැන සිටි නිසාය. සුලයිමාන් හා මසූදි දෙවරක් ම ලංකාවට පැමිණියහ. 1499 දී නැගෙනහිර අප්‍රිකානු වෙරළේ සිට කැලිකට් දක්වා යාත්‍රා කිරීමට වස්කෝ ද ගාමාට මහ පෙන්වු‚"මුහුදු සිංහයා" යන විරුදාවලි ලත් ඉබ්න් මාජිද් මිනිසකුට ලංකාව වටා දස දිනකින් පමණ පයින් යා හැකි ඛව පවසා තිබේ. ඉන්දියාවේ දකුණු කෙළවර, නිකොබාර් දූපත හා ලකදිව් දූපත් යන මේවා සම්බන්ධයෙන් ලංකාවේ භූගෝලීය පිහිටීම කවරක් ද යන්න අරාබි යාත්‍රිකයෝ හොඳින් දැන සිටියහ.
| |
− | | |
− | '''ශ්‍රී පාදය:'''
| |
− | ඉතිහාසඥයෙක් වේවා, භූගෝල විද්‍යාඥයෙක් වේවා, වෙළෙඳක් වේවා, දේශාටකයෙක් වේවා, කවර අරාබි ජාතිකයාගේ සිත තුළ නොමැකෙන ලෙස ඇඳී ගිය කරුණක් නම් "ආදම්ගේ කූටය" (ශ්‍රී පාදස්ථානය) මහත් භක්ති ප්‍රණාමයෙන් සලකනු ලැබීමයි. පාරාදීසයෙන් නෙරපනු ලැබූ ආදම් මේ කූටයට අවුත් ශත වර්ෂයක් මුළුල්ලෙහි හැඬු බවත් ඔහුගේ තොරක් නැති කදුළු ධාරාවන් හේතුකොට ගෙන හාත්පස මිටියාවත්හි සුවඳැති පැළෑටි පැළ වූ බවත් ඔවුහු විශ්වාස කළහ. ලොව බොහෝ මුස්ලිම්වරු අද පවා මෙය විශ්වාස කරති. දහහතරවැනි සියවසේ දී ඉබන් බතුතා "අයිරි ශකර්වති" (ආර්ය චක්‍රවර්ති) රජුගේ විශිෂ්ට අමුත්තකු වශයෙන් "බත්තාල" (පුත්තලම?) නම් ස්ථානයෙහි ගත කළ දින තුන ඇතුළත දී රජු ඔහුට නොයෙක් අගනා මුතු මැණික් පෙන්වා "මේ මුතු ඔබටය; ලජ්ජා වන්න එපා; ඔබ ආශා කරන ඕනෑ දෙයක් මගෙන් ඉල්ලන්න පුළුවන්" යයි කී විට ඔහු පිළිතුරු දෙමින් "මම මෙහි ගොඩ බට තැන් පටන් ආදම්ගේ ශ්‍රී පාදය වෙත යෑමට විනා අන් කිසිවකට ආශා
| |
− | | |
− | අරාබි ලේඛකයන් විසින් ලංකාව කෙතරම් උසස් කොට සලකන ලද ද යන්න "සරන්දීප්" හෝ "සයිලාන්" ගැන ඔවුන් සඳහන් කරන හැම විට ම මොනවට පෙනී යයි. ලංකාව කෙරෙහි ඔවුන් දැක්වූ ස්නේහාන්විතභාවය ඔවුන්ගේ වාර්තාවන්හි පිළිබිඹු වේ. යාකුත් නම් භූගෝල ශාස්ත්‍රඥයා ඈත රටක විසූ එක්තරා අරාබි කවියකු ලංකාව ගැන ලියූ කවි පදයක් දක්වා තිබේ. එහි අර්ථයමෙසේයි: "මාගේ නිෂ්ටාව වන සරන්දීප් හා එක්වීම දිගු කලක පටන් මා තුළ පවත්නා පරමාභිලාෂය බව අල්ලා දන්නා සේක." නව වැනි සියවසේ ප්‍රථම භාගයේ දී වෙළඳාම සඳහා මේ දිවයිනට පැමිණි සුලයිමාන්ගේ සිට 1345දී ලක්දිව මුහුදු බඩ පෙදෙස්වල හා අභ්‍යන්තර පෙදෙස්වල සංචාරය කළ ඉබ්න් බතුතා දක්වා වූ ඉතිහාසකරුවන් විශාල සංඛ්‍යාවක් ලංකාව ගැන ස්වකීය හැඟීම් අරාබි බසින් පළ කොට ඇත. මේ පුරාණ සංචාරකයන් හැමදෙනාම පාහේ සරන්දීප් හෙවත් අල්-රුහුන් කන්ද (සමනළ කන්ද) ලෝකයෙහි උසම කන්දය, නැතහොත් උස ම කඳු අතුරෙන් එකකැයි අදහස් කොට තිබීම සැලකිය යුතු කරුණකි. කූටය මත නිරන්තරයෙන් දක්නට ඇතැයි අල්-ඉද්රිසි, යාකුත් ආදි භූගෝල ශාස්ත්‍රඥයන් විසින් විස්තර කළ ස්ථිර ආලෝකය ආදම්ගේ ශ්‍රී පාදය හා සම්බන්ධ වූවක් හැටියට සාමාන්‍යයෙන් සැළකිණ. මේ ප්‍රවෘත්තිය ආශ්‍රිත ආගමික වූද අතිමානුෂික වූද හැඟීම අල්-බිරූනි තමාගේ විචාර පූර්වක දර්ශනය මගින් ඉවත් කෙළේය. මේ ආලෝක අන්තරීක්ෂයෙහි ඇතිවන අතිමානුෂික ආලෝකයක් හා කිසිදු සම්බන්ධයක් නැති බවත් එය ප්‍රදීපාගාරයක ප්‍රයෝජනය ගෙන දෙමින්, නිරතුරුව දැල්වෙමින් එළිය පතුරුවන සාමාන්‍ය ගින්නක් බවත් හේ කියයි.
| |
− | | |
− | එකොළොස් වැනි සියවසෙහි මැද භාගයෙහි වූ ලක්දිව නගර අතුරෙන් "දිවයිනේ සුප්‍රකට සමුද්‍ර සන්ධියෙක පිහිටියා වූ ද ගලාබස්නා ජලයට හසු වූ රතු කැට ගොඩ ගැසෙන්නා වූ ද" "නගර්" නම් නුවරක් ගැන අල්-බිරූනි වෙසෙසින් සඳහන් කර තිබේ. ලංකාවේ නැව්තොට වශයෙන් ඔහු පෙන්වා දී ඇත්තේ "බුරාසාන්" ජනයා විසින් "මද්ර් පතාන්" නමින් දන්නා ලද "මන්දරි බතන්" ය. ඊට ශත වර්ෂයකට පසු අල්-ඉද්රිසි විසින් තම ලංකා සිතියමෙහි නගර දහහතරක් සඳහන් කොට තිබේ. මුළුමනින්ම අරාබි භාෂා ස්වරූපය ගන්වා ඇති ඒ නම් මෙසේය: 1. මර්ඛායා (මන්තායි?) 2. අඝනා අරිප්පු?) 3 ෆොරොස්ඛුරි 4.අඛ්ද්ෂි 5.මාඛවුලුන් 6. හාමිරි 7. ඛලමාෂි 8. සන්දුරා (හලාවත) 9. සන්දූනා 10.තිබ්රි 11. මරුන (පොතුවිල්?) 12. බ්රැන්ෂ්ලි 13. අසර්නි 14. කන්බලි.
| |
− | ඉබ්න් බතූතා, අල්-බිරූනි ආදීහු නූතන උගතුන් විසින් මේ නම් හඳුනා ගැනීමට ප්‍රයත්න දරා ඇත. යාකුත්, අල්-ඛස්විනි හා සිරාජ්ගේ අබු සයිද් වැන්නවුන් මෙන් නොව ඉබ්න් බතුතා ලංකාවේ බොහෝ නගර හා ගම් ඇතැයි සඳහන් කිරීමෙන් පමණක් නොනැවතී තමා ලංකාවේ සංචාරය කළ කාලයෙහි හොඳින් දැන සිටි නගරවල හා ගම්වල නම් ලියා තැබීමට සැලැකිලිමත් විය. ඔහු ලංකාවේ නොයෙක් ගුහා, විල්, පොකුණු ආදියෙහි නම් සඳහන් කළා පමණක් නොව නගර අටක් ගැන විස්තර ද සැපයීය; ගම් සතරක් ගැන ද සඳහන් කෙළේය. ඉබ්න් බතුතා තමා ගිය ස්ථාන පිළිබඳව අලංකාර විස්තර සැපැයීමෙන් ඔහු ලාංකික දේ ගැන දැක්වූ උනන්දුව පැහැදිලි වේ. "හූදුද් අල්-ආලම්" (ලෝකයේ ප්‍රදේශ) නම් ග්‍රන්ථයේ නිර්නාමික කර්තෘවරයා විසින් රජතුමා වාසය කළ කුඩා නුවරක් වූ "අශ්ර්" ගැන සඳහන් කොට තිබේ. "හින්දුස්ථානය" අතට පිහිටා ඇති කෙළවරෙහි වූ මුවස් නම් නගරයක්" ගැන ද ඔහු පවසයි. දිවයිනේ නිෂ්පාදන ද්‍රව්‍ය සියල්ලක්ම ඒ නගරයට ගෙන ගොස් එතැනින් ලෝකයේ අනෙක් නගරවලට යවන බවද කියයි.
| |
− | | |
− | සුලයිමාන් අල්-මහ්රි (16 වැනි ශත වර්ෂයේ මුල් භාගය) යම් යම් ස්ථානවල අක්ෂාංශීය පිහිටීම සම්බන්ධයෙන් ලංකාවේ නැගෙනහිර වෙරළෙහි පිහිටි "අයිතම්" සහ බටහිර වෙරළෙහි පිහිටි "තුටනම්" යන නගර දෙකක් සඳහන් කරයි.
| |
− | | |
− | ඉහත සඳහන් කළාක් මෙන් ලංකාද්වීපය අරාබිවරුන් විසින් නම් කරන ලද්දේ "රතුකැට දිවයින" යනුවෙනි. ලංකාවේ සියලු ම ස්ත්‍රීන් වර්ණවත් රතු කැටවලින් සෑදු මාල පලන් බවත් ඔවුන් ඒවා වළලු හා නූපුර වෙනුවට ද භාවිත කළ බවත් රජුගේ වහල් මෙහෙකාරියන් රතුකැට ජාලයක් තනා ඔවුන්ගේ හිස මත පලන් බවත් ඉබන් බතූතා සඳහන් කොට තිබේ. කුනකාර් හි (කුරුණෑගල) දී රජුගේ ශ්වේත හස්තියකුගේ කුම්භස්ථලය "එක එකක් කිකිළි බිත්තරයකටත් වඩා විශාල" මැණික් හතකින් සරසා තිබෙනු ඔහු දුටුවේය. එපමණක් නොව මෙම දේශ සංචාරකයා බත්තාලෙහි (පුත්තලමෙහි) විසූ අයිරිශකර්වති (ආර්ය්‍ය චක්‍රවර්ති) රජුගේ මාළිගයෙහි රතුකැටවලින් කළ, "අගිල් තෙල් පිරි අල්ලක් තරම් විශාල වූ" පාත්‍රයක් දැක මවිතයට පත් වූයේය. ලංකාවේ රජවරුන් ඉස්තරම් රතු කැට පිටරට යැවීමට අවසර නුදුන් බව අරාබි ලේඛකයන්ගේ වාර්තාවලින් පෙනේ. දහ වැනි සියවසේ අවසාන විසිපස් වසර තුළ දී, නොහොත් එකොළොස් වැනි සියවසේ ප්‍රථම භාගයේ දී, මැණික් පිළිබඳව ලියූ තම ශ්‍රෙෂ්ඨ කෘතියෙන් "ලංකාවේ රජතුමා දෙළුම්පාට රතුකැට (රුම්මානි) තමාට තබා ගෙන ඉතිරිවා වෙළෙඳුනට දෙන බැවින් මේ දවස්වල රතුකැට හිඟ වී ඇතැයි ද ඉස්තරම් වර්ගවල මැණික් පිටරට යැවීමට අවසර නොදෙතැයි ද මෙවක මැණික් වෙළෙඳුන් අවලාද කියති"යි අල්-බිරූනි දෝෂාරෝපණයක් කරයි. ශතවර්ෂ තුනකට පසුව අල්-බිරූනිගේ වාර්තාව ඉබ්න් බතූතා අනුමත කරන්නේ මෙසේය: "පනම් සියය බැගින් වටිනාකම ඇති මැණික් (රතුකැට) රජුගේ ප්‍රයෝජනය සඳහා වෙන් කිරීම ඔවුන්ගේ සිරිති. රජතුමා ඒවා මිල දී ගනී. වටිනාකමින් අඩු ඒවාට අයිතිකරුවනට කැමැත්තක් කළ හැකි වේ. පනම් සියයක්, වටිනාකමින් රන් දිනාර් හයකට සමානය. "විදේශීය රජුන් වෙත අගනා මැණික් යැවීමට ලංකාවේ රජවරු මැළි නොවූහ. ලංකාවේ රජු ඉතා හොඳ වර්ගයේ රතු කැටයක් බයිසන්ටයින් අධිරාජයාට යැවූ බව අල්-බිරූනි අසා තිබුණේය. මේ රතු කැටය කුරුසියක් මෙන් බැබළුණු බැවින් අධිරාජයාගේ ඔටුන්නෙහි ඔබ්බන ලදී. කීර්තිධර හාරුන් අල්-රෂිද් (රා.ස. 786–809) ලංකාවේ මැණික් ගැන මහත් සැලකිල්ලක් දැක්විය. හේ සිය මැණික් වෙළෙන්දා වූ අල්-සබ්බාහ්, එනම් අල්-කින්දිගේ සීයා, මැණික් මිල දී ගනු වස් ලංකාවේ රජු වෙත එවීය. රජතුමා ඔහු හෘදයාංගම ලෙස පිළිගෙන තමා අගේ කොට සැලැකූ අපූර්ව මැණික් තොගය ඔහුට පෙන්වීය. මැණික් පරීක්ෂා කළ අල්-සබ්බාහ් ඉන් එකකින් නික්මුණු අතිශය දීප්තිය දැක වශීකෘත විය. හේ ගිනිමෙන් දිලිසෙන රතු කැටයක් අතට ගත්තේය. එවැන්නක් ලෝකයෙහි රාජවංශිකයන් අතර ඔහු දැක නොතිබිණි. එහෙයින් හේ මවිතයට පත් විය. "ඔබ මීට පෙර මෙවැනි රතු කැටයක් දැක තිබේදැ"යි රජ ඇසීය. "සත්තකින් ම නැතැ"යි හේ පිළිතුරු දුන්නේය. එවිට රජතෙමේ තම මැණික් වෙළෙන්දන් කැඳවා ඔවුන් හාරුන් රජුගේ වෙළඳ දූතයාට හඳුන්වා දුන්නේය. ඉක්බිතිව මැණික් පිළිබඳ කාර්මික අංශය සම්බන්ධයෙන් ඔවුන් අතර සාකච්ඡාවක් පැවැත්විණි. රජතුමා ද ඊට සහභාගි විය. රජතුමා අමුත්තා කෙරෙහි අතිශයින් පැහැදී මැණික් ගැන ඔහුට තුබුණු මහත් දැනුම අගය කිරීමේ සලකුණක් වශයෙන් ඔහු මුව මැණික්වලින් පුරවන ලෙස අණ කෙළේය. ඔහුට ගරු කිරීම් වශයෙන් සළුවක් ද ප්‍රදානය කොට ඔහුගේ මුල් ඉල්ලීමට එකඟ විය. මේ ඓතිහාසික සිද්ධිය ද බැග්ඩෑඩ් රාජසභාවත් ලංකාවත් අතර පැවැති සම්බන්ධය පිළිබිඹු කරයි. අරාබි නිසොල්ලාසය නිසා විශ්ව කීර්තියට පත් රජතුමා 786 සිට 809 දක්වා රාජ්‍යය කළ බව අප දන්නා බැවින් මේ බැග්ඩෑඩ් වෙළඳ දූතයා පිළිගන්නා ලද්දේ දෙවෙනි මිහිඳු (779–797) රජු හෝ පළමුවැනි උදය (797–801) රජු විසිනැයි පිළිගැනීමට පිළිවන.
| |
− |
| |
− | '''මුතු මැණික් හා වෘක්ෂලතාදිය:'''
| |
− | අටවැනි සිය වසේ සිට දහහතර වැනි සියවස දක්වා වූ අරාබි ලේඛකයන් සඳහන් කරන පරිදි ලංකාව එහි ඛනිජ ද්‍රව්‍ය සම්බන්ධයෙන්, විශේෂයෙන් රතුකැට, නිල්කැට සහ කුරුවින්ද සම්බන්ධයෙන්, ප්‍රසිද්ධියක් ඉසිලීය. ලංකාවේ පළිඟු (අරාබි බසින් බිල්ලවුර් හෙවත් බල්ලුර්) ගැන ද ඔව්හු සඳහන් කළහ. අල්-කින්දිගේ සටහන්වලින් කරුණු උපුටා දක්වමින් අල්-බිරූනි ලංකාවේ පළිඟුවල උසස් තත්වය ගැන විස්තර කරයි. ලංකාවේ මුතු ද ලංකාවත් බටහිර පිහිටි ඉස්ලාම් රටවලුත් අතර ප්‍රධාන වෙළෙඳ ද්‍රව්‍යයක් විය. අල්-බිරූනිගේ තක්සේරුවට අනුව ලංකාව ලෝකයේ මුතු කිමිදීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් ඉසිලූ පර්සියන් බොක්ක, කැස්පියන් මුහුද, නැගෙනහිර අප්‍රිකානු වෙරළ වැනි ස්ථාන අතුරෙන් මුල් තැන ගනී. අල්-කින්දිගේ කාලයේ දී ලංකාවේ මුතු කිමිදීම කෙරුණේ අවුරුදු දහහතරෙන් දහහතරටය. මුතු බෙල්ලන් ප්‍රමාණවත් පරිදි වැඩෙනු සඳහා අවුරුදු දහහතරක් ම එම කර්මාන්තය නවතා ඊළඟ අවුරුදු දහහතර තුළ මුතු කිමිදෙන්නන් වැඩෙහි යෙදෙන බව ද සෑහෙන පමණට නොමේරූ බෙල්ලන් ආපසු මූදට දමන බව ද ඔහු කියයි. අල්-කින්දී මෙසේ ද කියා තිබේ. "සරන්දීප්ති මුතු අතර එකට ඇලුණු කුඩා මුතු ඇට රාශියක් මෙන් පෙනෙන ඉරි තැළී ගිය මුතු වර්ගයක් ද ඇතැම්විට දක්නට ලැබේ. දිවයිනෙහි තවත් මුතු වර්ගයක සුද මඳක් රතුපැහැ ගැන්වී ඇති හෙයින් ඒවා 'වර්දි' (රෝස පැහැති) යන නමින් හැඳින්වේ". ගිජු ලිහිණියන්ගේ උපකාරයෙන් ලංකාවේ මිටියාවත්වලින් දියමන්ති ලබා ගත් සැටි දැක්වෙන කථාව මසුදි තම "විශ්ව ඉතිහාසය" නමැති ග්‍රන්ථයෙහි දක්වයි. එහි දැක්වෙන හැටියට සතුන්ගේ මස්කුට්ටි සර්පයන්ගෙන් ගහන වූ එම මිටියාවත්වල දමනු ලැබේ. ගිජු ලිහිණියෝ දියමන්ති කෑලි ඇලුණු මස්කුට්ටි උන් ගොදුරුගන්නා ස්ථානවලට රැගෙන යති. ඉන්පසු මිනිස්සු ඒ තැන්වලට ගොස් මස්කුට්ටිවලින් දියමන්ති උගුළා ගනිති. අරාබි නිසොල්ලාසයේ යාත්‍රික සින්ඛැඞිගේ වික්‍රම කථාවල මේ කතාපුවත උපුටා ගෙන ඇති බවක් පෙනේ. මසූදිට කලින් සිටි ලේඛකයන් විසින් ද ලංකාවේ දියමන්ති ගැන සඳහන් කොට තිබේ. ලංකාවේ දියමන්ති, මුදු වල ඔබ්බන ගල්වල සියුම් කැටයම් කැපීම සඳහා භාවිත කළ බව අල්-ඉද්රිසි කියයි. දස වැනි ශතවර්ෂයේ අවසාන සමයේ දී ලංකාවේ දියමන්ති මධ්‍ය ආසියාවේ ප්‍රසිද්ධියක් ඉසිලූ බවට "ලෝකයේ ප්‍රදේශ" නමැති ග්‍රන්ථයේ නිර්නාමික ලේඛකයා ද ඔහුගේ සමකාලිකයකු වූ අල්-බිරූනි ද සාක්ෂ්‍ය දරති. ලංකාවේ දියමන්ති ගොඩබිමින් ලබාගන්නා ද්‍රව්‍යයක් බව යාකුත් ද සඳහන් කරයි. අල්-බිරූනි හැරුණු විට අන් කිසිදු අරාබි ලේඛකයකු විසින් යකඩ ලංකාවේ ඛනිජ ද්‍රව්‍යයක් වශයෙන් සඳහන් කොට නැත. අල්-බිරූනි ලංකාවේ සෑදූ කඩු මුස්ලිම් රටවල ප්‍රසිද්ධියක් ලබා තිබුණු බව දක්වමින්, ඔප දමන්නකුගේ අතේ ලෙල දෙමින් තිබුණු සරන්දීප් කඩුවක් ගැන වර්ණනා කළ පැරැණි කවියකුගේ කවි පදයක් ගෙනහැර දක්වයි. අල්-බිරූනි සරන්දීප් යන වචනයත් "රත්නද්විප" යන ඵහි සංස්කෘත රූපයත් ගැන සඳහන් කරන නමුදු රත්රන් ලංකාවේ ඛනිජ ද්‍රව්‍ය අතුරෙහි ලා නොදැක්වීම පුදුමයට කරුණකි. වෘක්ෂලතාදිය හා ඉන් ලබා ගන්නා ද්‍රව්‍ය අතුරෙහි වී, කෙසෙල්, පොල්, කරාබුනැටි, ගම්මිරිස්, කුරුඳු, සුවඳ පැළෑටිවර්ග, අගිල්, කරදමුංගු, සාදික්කා සහ අනික් කුළුබඩු ද පත සහ උණ ද සම්බන්ධයෙන් නොයෙක් ලේඛකයන් සඳහන් කොට තිබේ. ඉබ්න් බුර්ද්‍රද් බෙහ්, ඉද්රිසි සහ "හූදුද් අල්-අලාම්" ග්‍රන්ථයේ කතුවරයා වැනි සමහර ලේඛකයෝ මලබාරයෙන් සහල් ගෙන්වන ලද බවක් ද කියති. එම ආයාතයන්ගේ ප්‍රමාණය වර්තමානයෙහි ආයාතයන්ගේ ප්‍රමාණයට බෙහෙවින් සමාන විය.අල්-ජාහිශ්ගේ කාලයේ දී බැග්ඩෑඩ්හි ප්‍රකට කියමනක් විය. එනම්, "යම් ඉන්ද්‍රජාලිකයකුට සරන්දීප්හි අලුත් ගම්මිරිස් මවන්නට නොහැකි නම් ඔහු සිය කාර්‍ය්‍යයෙහි ලා දක්ෂයකු ලෙස සැලැකිය නොහැකිය" යන්නය. මෙයින් නිසැකව ම පෙනී යනුයේ ලංකාවේ කුළුබඩු පිටරටවලට බෙහෙවින් අවශ්‍යව තිබුණු බවයි. ලංකාවෙන් සිරාfප් නැව් තොටට යැවූ කිතුල් පැණි ගැන අල්-ඉස්තබ්රි ඉහළින් වර්ණනා කරයි. මේ පැණි ඉතා ප්‍රකට අර්රජාන් (පර්සියානු නගරයක්) රටඉඳි පැණිවලටත් වඩා හොඳ බව හේ කියයි. ලංකාවේ වැවෙන පැළෑටිවර්ග ලෝකයාට අත්‍යන්තයෙන් අවශ්‍ය යයි කියන අල්-බිරූනි මුස්ලිම් රටවලට ඒවායේ ඇති වැදගත්කම වෙසෙසින් පෙන්වා දෙයි. ලංකාවේ නානා වර්ගවල පැළෑටි ඇති බවත් සමහර පැළෑටි අතිශයින් දුර්ලභ ඒවා බවත් යාකුත් පවසයි. ලංකාව දුර්ලභ පැළෑටිවලින් ගහන වූ සමෘද්ධි සම්පන්න දිවයිනකැයි අල්-ඛශ්වීනි කියයි. විසිතුරු පටපිළීවලට කියන අරාබි නම නිසා එක් කලෙක ලංකාව පටපිළී වෙළෙඳ මධ්‍යස්ථානයක්ව පැවැති බව හෝ මෙහි පටපිළී නිෂ්පාදනය කළ බව හෝ සිතා ගත හැකිය. ඒ නම "දිබාජ්" (මෙය විදේශිය පොදු නාමපද අරාබි බසින් හැඳින්වීමේ දී අගට එකතු වන "ජ්" ප්‍රත්‍යය සහිත "ද්වීප" ශබ්දය විය හැකිය.) යන්නයි. මුල් අරාබි ලේඛකයන් විසින් ලංකාව "උම් අල්-දිබජාන්" (දූපත් මාතාව) වශයෙන් සලකන ලද බැවින් "දිබාජ්" යනු ලංකාවේ ද්‍රව්‍යයක් යයි පිළිගැනීමට ඉඩ තිබේ. මේ කරුණ නිවැරැදි නම් ලංකාවේ පටපිළී ඉතිහාසය මහමත්තුමාගේ කාලය තෙක් ඈතට ගෙන ගිය හැකිය. එතුමාගේ අභාවයට (632) බොහෝ කලකට පෙර මෙම වචනය එතුමා ව්‍යවහාර කළ බව සඳහන්ව ඇති හෙයිනි. ලංකාවෙන් ගෙන ගිය භාණ්ඩ අතුරෙහි පටපිළී ද එක් ද්‍රව්‍යයක් වී යයි අල්-ඉද්රිසි දක්වයි. විදේශිකයන්ගේ පාණ්ඩිත්‍යය අවංක ගෞරවයෙන් සැලකීමත් මුල් ආශ්‍රය අමතක නොකිරීමත් අරාබි සභ්‍යත්වයේ කැපී පෙනෙන ගුණාංගයකි. අටවැනි සියවසේ දී අරාබි ජාතිකයන් ග්‍රීසියෙන් ණයට ගත් වෛද්‍ය ක්‍රමය තවමත් එහි මුල් නාමය වූ "ග්‍රීක" යන අර්ථය ඇති "යුනානි" නාමයෙන්ම හැඳින්වෙයි. චීනයෙන් ගෙන ගිය චීන සේද ගැන කිවයුත්තේ ද එබන්දක් මැයි. එබැවින් ලංකාවේ විසිතුරු පටපිළීවලට භාවිත වූ "දිබාජ්" යන්නෙන් ඒවායෙහි සම්භවස්ථානය සිහිපත් කිරීම පුදුමයට කරුණක් නොවේ. හේ පවසයි.
| |
− |
| |
− | '''එකල ජීවන තත්ත්වය:'''
| |
− | අට වැනි සියවසෙහි අවසාන භාගයේ සිට ක්‍රි.ව. 1345 දක්වා වූ කාල පරිච්ඡේදය තුළ වරින් වර ලංකාවට පැමිණි අරාබි සංචාරකයන්ගේ වාර්තාවලින් එකල ලක් වැසියන් සමෘද්ධිමත් ජීවිතයක් ගත කළ බව නිගමනය කළ හැකිය. එකල දේශීය කලාවන්ගේ මහත් උද්දීප්තියක් පැවැත්තේය. ආගම ධර්මය රටවැස්සන්ගේ ජීවිතය කෙරෙහි තදින් බල පෑ බවත් දේශීය ජනතාව අතරෙහි මෙන් ම විදේශිකයන් අතරෙහි ද තම තමන්ට අභිමත ආගමක් ඇදහීමේ සම්පුර්ණ නිදහසක් පැවැති බවත් මේ සංචාරකයන් වටහා ගෙන තිබුණේය. කලින් කල පැවැත්වුණු බෞද්ධ සාකච්ඡා හා සම්මේලන ගැන සිරාෆ්හි අබු සෙයිද් ඇතුළු අරාබි ලේඛකයෝ ප්‍රශංසා මුඛයෙන් සඳහන් කළහ. ක්‍රි.ව. 1345 පමණේ දී ඉබ්න් බතූතා "වෙළෙඳ ජනයා වාසය කළ, මුහුදු බඩ පිහිටි විශාල 'දිනාවර්'" (දෙවුන්දර) නමැති නගරයකට ගිය අවස්ථාවෙහි "දහසක් පමණ බ්‍රාහ්මණයන් හා යෝගීන් ද ප්‍රතිමාව අබියස රෑ මුළුල්ලෙහි ගී ගයමින් නැටූ පන්සියයක් පමණ හින්දු දැරියන්ද විසූ විශාල කෝවිලක්" දැක තිබේ. "එම නගරය ද එහි ආදායම් ද ප්‍රතිමාවට කැප කොට ඇත. කෝවිලෙහි වාසය කරන්නන් මෙන් ම පිටතින් එහි පැමිණෙන්නෝ ද ඉන් නඩත්තු වෙති. රනින් නිම කරන ලද්දක් වූ පිළිමය මිනිසකු තරම් විශාලය. ඇස් දෙක වෙනුවට විශාල රතුකැට දෙකක් විය. රාත්‍රි කාලයේ දී ඒවා ලන්තෑරුම් දෙකක් මෙන් බැබැළුණ බව මට අසන්නට ලැබිණැයි"යි හේ පවසයි.
| |
− |
| |
− | දසවැනි ශතවර්ෂයේ අවසාන භාගයේ දී රජවරුන්, රදළවරුන් සහ ධනවතුන් දිවයින ඇතුළත ගමන් ගත් සැටි ඉබ්න් ෂාහ්රියාර්ගේ සටහන්වලින් දැක්වේ. ඔවුන් දෝලාවලින් ගමන් කිරීමට කැමැත්තක් දැක්වූ බව පෙනේ. තවද හේ මෙසේ පවසයි: "මේ වංසක්කාරයෝ බුලත් සැපීමට පුරුදුව සිටියහ. බුලත් ගෙන යන ලද්දේ රත්රන් හෙප්පුවලය. දෝලා ඇතුළෙහි පඩික්කම් ද රැගෙන යන ලදි." එම කතුවරයා අහිගුණ්ඨිකයන් ගැන ද සඳහන් කරයි. නවවැනි සියවසේ පසු භාගයේ දී අබු සයිද් ලියා ඇති සටහන්වලින් ලක්වැසියන්ගේ මිත්‍රලීලාව නිසා වශීකෘත වූ අරාබි වෙළෙන්දන් බොහෝ දෙනකු ලංකාවෙහි ස්ථිර වශයෙන් පදිංචි වී සිටි බව සිතා ගත හැකිය. මුස්ලිම්වරුන්ට ලක්වැසියන් විසින් දක්වන ලද සැලකිල්ල ගැන ඉබ්න් බතූතා ද සඳහන් කරයි. "[[ෂේක් අබු අබ්දුල්ලා බින් කාපීප්]] (බ.) පූජකවරයාගේ කාලයේ පටන් අන්‍ය ලබ්ධිකයෝ මුස්ලිම්වරුන්ට ගරු කරති. ඔවුන් තම නිවෙස්වලට වැද්ද ගනිති. ඔවුන් හා එකට ආහාර ගනිති. තම භාර්යාවන් හා දු දරුවන් සමඟ පවා ආශ්‍රයට ඉඩ හරිත්". කාපීප් ෂේක්වරයා ලංකාවට පැමිණියේ ක්‍රි.ව. 929 දීය. ඉබ්න් බතූතා දක්වන පරිදි ඔහු "උණ ගංගාව" නමින් ප්‍රකට ගඟ අසබඩ ප්‍රදේශයක ටික කලක් වාසය කළ අතර සිසිර ඍතුවේ දී විවේක ගැනීම සඳහා කඳුකරයක පිහිටි“ අත්කලන්ජ්” නම් ස්ථානයට යෑම ඔහුගේ පුරුද්ද විය. මේ ෂේක්වරයා මුස්ලිම් සාන්තුවරයන් අතර සුප්‍රකට කෙනකු බව අල්-හුඡ්විරි විසින් (එකොළොස් වැනි සියවසේ මැද දී) සුපිවාදය පිළිබඳ සම්භාවනීය ග්‍රන්ථයක් වූ "කෂ්ෆ් අල්-මහ්ජුබ්" (ගුප්ත කරුණු එළිදරව් කිරීම) නමැති තම කෘතියෙහි සඳහන් කොට තිබීමෙන් පෙනේ. ඉබ්න් බතූතා ඉන්දියාවට යන අතර මඟදි ෂිරාද්හි දී මෙම ෂේක්වරයාගේ සොහොන බැලීමට ගියේය. කොළඹ කෞතුකාගාරයෙහි ඇති, ක්‍රි.ව. 948 වර්ෂය දරන ශිලාලිපියක ආධාරයෙන් ඔහුගේ සොහොන ලංකාවෙහි වී යයි සැමුවල් ලී දක්වා ඇති නමුත් එය වැරදි නිගමනයකි. එම ශිලා ලිපියෙන් කියැවෙන්නේ අබු බබායා ගැනය. ඉබ්න් බතූතා පවසන පරිදි ආදම්ගේ කූටයට මඟ පෙන්වූයේ යටකී කාපීප්ය.
| |
− | | |
− | '''දේශපාලන තත්ත්වය:''' නව වැනි සියවසේ මුල් භාගයේදීත් දහවැනි සියවසේ මුල් හරියේදීත් ලංකාව තනි දේශපාලන ආධිපත්‍යයකට යටත් නොවූ බව සුලයිමාන් විසිනුත් මසූදි විසිනුත් පෙන්වා දී තිබේ. ඔවුන් රජවරුන් දෙදෙනකු ගැන සඳහන් කොට ඇත. දසවැනි ශතවර්ෂයෙහි දෙවැනි භාගයට අයත් අල්-මක්දිසි ද තෙළෙස් වැනි ශතවර්ෂයෙහි දෙවෙනි දශකයට අයත් යාකුත් ද නිරතුරුව ම ඔවුනොවුන් හා සටන් වැදෙමින් සිටි රජවරුන් තිදෙනකුගේ පාලනය ගැන සඳහන් කරති. නවවැනි සියවසේ ආරමිභයේ දි කාම්බෝජයේ ඛිමේර් අධිරාජ්‍යයෙහි අවුරුදු දෙකක් ගත කළ අබු අබ්දුල්ලා මුහම්මද් බින් ඉස්හාක් නමැත්තා අල්-බුහ්ල් (දෙවෙනි දප්පුල 815–31) නම් රජකු ගැන පවසයි. ඛිමේර් අධිරාජයා මෙන් නොව ඔහු අරාබියෙන් මිදියුෂ ගෙන්වා ගෙන පානය කළ බවත් ඛිමේර් අධිරාජයා අනාචාරයෙහි හැසිරීමත් මිදියුෂ පානය කිරීමත් යන දෙකම තහනම් කළ බවත් හේ කියයි. ඉබ්න් ඉස්හාක්ගේ මේ වාර්තාව පසු කාලයෙහි භූගෝල ශාස්ත්‍රඥයන් විසින් මඳක් වෙනස් කොට ඉදිරිපත් කොට ඇති බව පෙනේ. අල්-ඉද්රිසි මෙසේ පවසයි: " සරන්දීප්හි රජතුමා සඳහා ඉරාකයෙන් සහ ෆාර්ස් රටෙන් (පර්සියාවෙන්) මිදියුෂ ගෙන්වනු ලැබේ.රජතුමා ඒවා මිල දී ගෙන තම රටේ දී විකුණයි. තෙමේ ද පානය කරයි. එහෙත් අනාචාරය නීතිවිරෝධි නොහොබනා ක්‍රියාවක් ලෙස සලකයි". ක්‍රි.ව. 1154 පමණේ දි අල්-ඉද්රිසි "අඝනා නගරයෙහි වාසය කරන" ලංකාවේ රජු (පළමුවැනි පරාක්‍රමබාහු?) ගැන කරුණු දක්වයි. රජතුමා ධාර්මික වූ රාජෝපායයන්හි ප්‍රවීණ වූ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් පරික්ෂාකාරී වූ කෙනෙකුන් බවත් එතුමාට අමාත්‍යවරුන් දහසය දෙනකු සිටි බවත් හේ පවසයි. ඔහු දක්වන පරිදි මේ අමාත්‍යවරුන්ගෙන් සතර දෙනෙක් ක්‍රිස්තු භක්තිකයෝය. සතර දෙනෙක් මුස්ලිම්වරුය. සතර දෙනෙක් යුදෙව්වරුය. විවිධ ආගම් ඇදහීමටත් ඒවා පතුරුවාලීමටත් රජතුමා ඉඩ පහසුකම් සලසා දුන්නේය.
| |
− | | |
− | තවද මුස්ලිම්වරුන් හැරුණු විට යුදෙව්වරුන් හා ක්‍රිස්තු භක්තිකයන් වැනි සුළු පිරිස් ද ලංකාවෙහි විසූ බව පෙනේ. යුදෙව්වරුන් වෙළහෙළඳාමෙහි යෙදී සිටිනු අබු සයිද් විසින් ද දක්නා ලදි. එහෙයින් අල්-ඉද්රිසි ඉදිරිපත් කළ තොරතුරු පුදුම එළවන සුලු නොවේ. හත්වැනි සියවසේ දී අරාබිවරුන්ගේ නැඟීමට බොහෝ කලකට ඉහත දී දකුණු ඉන්දියාවෙහි බටහිර වෙරළේ නෙස්ටෝරියන් නිකායට අයත් ක්‍රිස්තියානි ජනාවාසයන් වූ බව ප්‍රකට කරුණකි. එම ක්‍රිස්තු භක්තිකයන් වරින් වර ලංකාවට සංක්‍රමණය වූයෙන් කල්යාමේ දී ඔවුන් ද සංඛ්‍යාවෙන් ස්වල්ප වුවත් වැදගත් පිරිසක්ව සිටි බව පෙනේ.
| |
− | ලංකාවත් පර්සියාවේ කොස්රෝස් අනුෂිර්වාන් I රජුත් (ක්‍රි.ව. 531–79) අතර පැවැති සම්බන්ධකම් ගැන සඳහන් කරන අල්-බිරූනි ලංකාවේ රජු එතුමාට තෑගි බෝග යැවූ බව කියයි. අටවැනි සියවසේ පසු භාගයේ දී ලංකාවේ රජතුමා විසින් කීර්තිධර භාරුන් අල්-රෂීද්ගේ වෙළඳ දූතයා සමාදරයෙන් පිළිගන්නා ලද බව යට දැක්විණ. බැග්ඩෑඩ් කාලිfප්වරුන් සමඟ වූ මේ සම්බන්ධය එතැන් සිට ශතවර්ෂ ගණනක් ම පවතින්නට ඇත. "ලංකාවේ පාලකයා මිසරයේ මම්ලුක් රජු වූ මන්සුර් සයිfප් අල්-දින් බලාවුන් (1279–90) වෙත ලිපියක් රැගත් දූත පිරිසක් යැවීය". ([[භුවනෙකබාහු I]] බ.)
| |
− | ගෙවල් තුළ කෙරෙන ක්‍රීඩා අතුරෙන් දාදු කෙළිය ගැන සමහර සංචාරකයන් සඳහන් කොට ඇත. කුකුළන් කෙටවීම ප්‍රියතම විනෝද ක්‍රියාවක් වූ බව පෙනේ. සුදු කෙළීම ද එසේමය.
| |
− | ලංකාව සම්බන්ධයෙන් අරාබිවරුන්ගේ දැනීමත් ග්‍රීක්වරුන්‍ගේ හා රෝමවරුන්ගේ දැනීමත් සසඳා බලන කල අරාබිවරුන් වඩා විචක්ෂණ භාවයක් පෙන්වා ඇති බව සිතීමට කරුණු තිබේ.ලංකාව ගැන අරාබිවරුන් විස්තර
| |
− | | |
− | ඇතැම් අරාබි වෛද්‍යවරුන් ලක් ජනතාවගේ හා ලක් රජවරුන්ගේ අනුග්‍රහය ලද බව සත්‍ය කරුණකි. මෙයින් ලංකාවේ වෛද්‍යවරුන් වෙදකම නොදත්බවක් අදහස් නොකෙරේ. "ගුලිස් තාන්" හෙවත් "රෝස උයන" නමැති ග්‍රන්ථයේ අමරණීය කතුවරයා විසින් ලාංකික අක්ෂි වෛද්‍යවරුන්ගේ සාමර්ථ්‍යය ගැන සඳහන් කොට ඇත.
| |
− | | |
− | අරාබි වෙළෙන්දෝ ලංකාවේ පමණක් නොව, දකුණු සහ අග්නිදිග ආසියාවේත් වෙළෙඳ නායකයෝ වූහ. අරාබිවරුන්ගේ නැගගෙන ආ බලය, ඉස්ලාම් ධර්මයේත් අරාබිවරුන්ගේත් තදබල සතුරන් බවට පත් පෘතුගීසින් විසින් සුණු විසුණු කර දමන ලදි. ඔවුන් ලංකාවේ මුස්ලිම්වරුන්ට ඉඩකඩම් ගැනීම තහනම් කළ බවත් ප්‍රසිද්ධියේ ආගමික කටයුතුවල යෙදීම පවා වළකාලීමට උත්සාහ දැරූ බවත් ඉතිහාසගත කරුණකි. මෙය සිදු වූයේ සුළු ජාතිකයන්ගේ ආගම් හා ඔවුන්ගේ සිවිල් අයිතිවාසිකම් පරම්පරාගතව ආරක්ෂා කළ රටකදීය. කන්ද උඩරට බෞද්ධ රජවරුන් මුස්ලිම්වරුන්ට ආරක්ෂාව සලසා දුන් සැටිත් ඔවුන්ට උපකාර කළ සැටිත් රොබට් නොක්ස් විස්තර කරයි. මීරා ලෙබ්බේ නම් ශ්‍රෙෂ්ඨ මුස්ලිම් අමාත්‍යවරයකු පස්වැනි විජයබාහු රජුගේ රාජ සභාවෙහි සිටි බව ප්‍රකටය. ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශය පාළු කළ නව ආක්‍රමණිකයෝ සාමකාමී ලෙස සමෘද්ධිමත් රැකියාවන්හි යෙදී සිටි මුස්ලිම්වරුන් වහලුන්බවට පත්කළහ. කොළඹ නගරය ඉංග්‍රීසීන් සතු වන තුරු ම යොන් වීදියේත් අලුත් යොන් වීදියේත් හැරුණු විට අන් කිසි ම පෙදෙසක දේපළක් මරක්කල මිනිසකුට අයිතිකර ගත නොහැකි විය. මුස්ලිමි ජාතිකයකුට හෝ හින්දු භක්තිකයකුට ඉඩකඩම් මිලට ගත නොහැකි වන සේ නීතියක් (1664) පෘතුගීසීන්ගෙන් පසුව ආධිපත්‍යයට පැමිණි ඕලන්ද ජාතිකයන් විසින් පනවන ලදි.
| |
− | | |
− | යටත් විජිත පාලන සමයෙහි බෙහෙවින් පිරිහී ගොස් තුබුණු අරාබි-ලංකා සම්බන්ධකම් ලංකාව නිදහස ලැබූ තැන් පටන් උභය ජාතීන්ගේ අන්‍යෝන්‍ය යහපත උදෙසා පුනරුත්ථානයට පත්වෙමින් පවතී.
| |
− | [[අබුසෙයිද්]], [[අල්බිරූනි]], [[ඉද්‍රිසි]], [[ඉබන් බුර්දාහ්]], [[ඉබ්න් බතූතා]], [[බලාධූරි]], [[මසූදි]], [[සුලයිමාන්]] යන ලිපි ද බලන්න. | |
− | | |
− | කර්තෘ:[[ඇස්.ඒ. ඉමාම්]]
| |
− | | |
− | [[ප්‍රවර්ගය: අ]]
| |
ඉන්දියන් සාගරයේ වයඹ දිග කොටස වූ අරාබි මුහුද නැගෙනහිරින් ඉන්දියාවටත්,උතුරෙන් බලුකිස්ථානයට සහ දකුණු පර්සියාවටත්, බටහිරින් අරාබියටත් මැදි වී පිහිටියේය. උත්තරාක්ෂාංශ 10°-15° දී අරාබි මුහුද ඉන්දියානු මහා සාගරයට සම්බන්ධ වේ. බටහිරින් අරාබි වෙරළේ සිට නැගෙනහිරින් ඉන්දියානු වෙරළ දක්වා වැඩිම පළල සැතැපුම් 1,500ක් පමණ වේ. අරාබි මුහුදෙහි අඩි 13,000 සිට 16,500 දක්වා ගැඹුරු වූ තැන් ද සොයාගෙන ඇත. අරාබි මුහුදේ සිට අසල භූමිභාග තුළට නෙරාගොස් ඇති මුහුදු ඛණ්ඩ කීපයක් වෙයි. වයඹ දිගට පර්සියානු වරායෙන් කෙළවර වන ඕමන් බොක්කත්, නිරිත දිගට බාබ් - එල් - මණ්ඩෙබ් සමුද්‍ර සන්ධිය ඔස්සේ රතුමුහුදට සම්බන්ධව ඇති ඒඩන් බොක්කත් ඉන් ප්‍රධානය. ඉන්දියානු වෙරළෙහි ඇති කච් සහ කැම්බේ වරායවල් ද අරාබි මුහුදෙහි ශාඛාය. සින්ධු ගඟ අරාබි මුහුදට වැටෙන ප්‍රධාන ගංගාවයි. ඉන්දියාවේ නර්මදා සහ තප්තියන ගංගාවෝ ද අරාබි මුහුදට වැටෙත්. සොකෝත්‍රා සහ ලකදිව් අරාබි මුහුදෙහි පිහිටි ප්‍රධාන දූපත්ය.
දකුණු ආසියාවේ දේශගුණය කෙරෙහි බලපාන වාසුළි කුණාටු බොහොමයක් උපදින්නේ අරාබි මුහුදේය. මැයි, ජූනි සහ ජූලි යන මාස වාසුළි උපදින ප්‍රධාන කාලයයි. මේ නිසා ලංකාවට ද ඉතා තද වැසි ලැබෙන අවස්ථා ඇත.
ඈතඅතීතයේ පටන්ම අරාබි මුහුදෙහි පැවතුණු වෙරළාසන්න නාවික ගමනාගමනය පිළිබඳ තොරතුරු ග්‍රීක සාහිත්‍යයෙහි සඳහන් වෙයි. නියාර්කස් නමැත්තකු මහා ඇලෙක්සැන්ඩර්ගේ හමුදාවක් රැගෙන ඉන්දියාවේ සිට උතුරු අරාබි මුහුද හරහා දකුණු පර්සියාවට යාත්‍රා කළ බවත්, මෝසම් සුළං ගැන පළමුවෙන් ම සොයා ගැනීමේ ගෞරවය ලබා ඇති හිපාලුස් නමැත්තකු අරාබියේ සිට, අරාබි මුහුද හරහා ඉන්දියාවට ගිය බවත් ඉතිහාස ගත වී ඇත. ආදියෙහි පටන් ම නාවික සහ වාණිජ කටයුතු වලට සම්බන්ධ වූ වැදගත් වරායවල් කීපයක් ම අරාබි මුහුදේ ඇත. ඒඩන්, බස්රා, බොම්බාය සහ කරච්චිය එයින් ඉතා ම වැදගත් ඒවාය. (ඉන්දියන් සාගරය ද බ.)