"අලාටාවු" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('සමාජවාදී සෝවියට් සංගමයේ කසාක් සහ කිර්සිස් සම...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්)
1 පේළිය: 1 පේළිය:
සමාජවාදී සෝවියට් සංගමයේ කසාක් සහ කිර්සිස් සමූහාණ්ඩු ප්‍රදේශවල ද මහජන චීනයෙහි සිංකියෑං ප්‍රදේශයෙහි ද ඇති තියන් ෂාන් කඳුවැටියට අයත් උස් කඳුපන්තියකි. ටෙර්ස්කි, කුංගේ-ට්‍රාන්ස් ඊලි, ඇලෙක්සැන්ඩර් සහ සුංගේරියානු අලාටාවු යන වැටිවලින් මේ කඳුපන්තිය සමන්විතය. මේ සියල්ලම පාහේ ඉසික් විල වටා පිහිටා තිබේ. පළමු කඳුවැටි තුනෙහි සාමාන්‍ය උස අඩි 6,000–7,000ක් පමණ වෙයි. මෙහි ටල්ගාර් ශිඛරය අඩි 14,990ක් උසය. උතුරෙන් පිහිටි සුංගේරියානු වැටියේ සාමාන්‍ය උස අඩි 6,250ක් වුව ද අඩි 11,000ක් උස් වූ ශිඛරයක් ද එහි වෙයි. වැඩි වශයෙන් ග්රැනිට් පාෂාණවලින් යුත් මුළු අලාටාවු කඳු පන්තියෙහි ඉතාම උස් ශිඛරය මුහුදු මට්ටමෙන් අඩි 22,800ක් පමණ උස ඛාන්ටෙග්‍රීය.
+
සමාජවාදී සෝවියට් සමූහාණ්ඩු සංගමයේ කසාක් සහ කිර්ඝිස් සමූහාණ්ඩු ප්‍රදේශවල ද මහජන චීනයෙහි සිංකියෑං ප්‍රදේශයෙහි ද ඇති තියන් ෂාන් කඳුවැටියට අයත් උස් කඳුපන්තියකි. ටෙර්ස්කේ, කුංගේ-ට්‍රාන්ස් ඊලි, ඇලෙක්සැන්ඩර් සහ සුංගේරියානු අලාටාවු යන වැටිවලින් මේ කඳුපන්තිය සමන්විතය. මේ සියල්ල ම පාහේ ඉසික් විල වටා පිහිටා තිබේ. පළමු කඳුවැටි තුනෙහි සාමාන්‍ය උස අඩි 6,000–7,000ක් පමණ වෙයි. මෙහි ටල්ගාර් ශිඛරය අඩි 14,990ක් උසය. උතුරෙන් පිහිටි සුංගේරියානු වැටියේ සාමාන්‍ය උස අඩි 6,250ක් වුව ද අඩි 11,000ක් උස් වූ ශිඛරයක් ද එහි වෙයි. වැඩි වශයෙන් ග්රැනිට් පාෂාණවලින් යුත් මුළු අලාටාවු කඳු පන්තියෙහි ඉතාම උස් ශිඛරය මුහුදු මට්ටමෙන් අඩි 22,800ක් පමණ උස ඛාන්ටෙංග්‍රීය.
  
(සංස්කරණය: 1965)
 
(සංස්කරණය: 1965)

16:23, 21 ජනවාරි 2025 වන විට නවතම සංශෝධනය

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අලාටාවු&oldid=7076" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි