"ඔක්සයිඩ" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
1 පේළිය: 1 පේළිය:
−
(Oxides). ඔක්සිජන් හා වෙනත් මූලද්‍රව්‍යයන් සංයෝජනය වීමෙන් සෑදෙන ද්ව්‍යංගී සංයෝගවලට (binary compounds) ඔක්සයිඩ යන නාමය සාමාන්‍යයෙන් භාවිත වේ (නි. [[ගොනුව:5-434-2.jpg|35px]][[ගොනුව:5-434-3.jpg|80px]]). ලෝහමය මූලද්‍රව්‍ය එකකට වැඩි සංඛ්‍යාවක් සමග ඔක්සිජන් සංයෝජනය වී සෑදෙන සංයෝගයකටත් ඔක්සයිඩය යයි කියනු ලැබේ. මේ ආකාරයෙන් බොහෝ ඛනිජ වර්ග ද්විත්ව ඔක්සයිඩ හෝ බහු-ඔක්සයිඩ හෝ වේ (නි. ක්රෝමයිට් FeCr204, මැග්නීසියො පෙරයිට් MgFe2O4). කාබනික ඛණ්ඩකයක් සමග ඔක්සිජන් සංයෝජනය වී ඔක්සයිඩයක් සෑදෙන්නට පුළුවන. (නි. එතිලීන් ඔක්සයිඩ් C2H4O4). පෘථිවි ජලගෝලයෙහි (hydrosphere) ද ශිලාගෝලයෙහි (lithosphere) ද බොහෝ ඔක්සයිඩ තිබේ. හයිඩ්රජන්වල ඔක්සයිඩයක් වූ ජලයෙන් ජලගෝලය ප්‍රධාන වශයෙන් ම සමන්විතය. සරල ඔක්සයිඩ (නි. හෙමටයිට් Fe2 O3, බෝක්සයිට් Al2 03.2H2O) හෝ සංකීර්ණ ඔක්සයිඩ (නි. ස්පිනල් MgAl2 04 , හිර්සිනයිට් Fe Al2 O4) වූ බොහෝ ඛනිජ වර්ග ශිලාගෝලයෙහි දක්නට ලැබේ. පාංශුවලින් කොටසක් සෑදී ඇත්තේ ඔක්සයිඩවලිනි (නි. සිලිකා SiO2). සිලිකා වූකලි පෘථිවි කබොල්ලේ බෙහෙවින් තිබෙන සංයෝගයකි. ඇතැම් සතුන්ගේ හා ශාකයන්ගේ පටකවලත් එය දක්නට ලැබේ.  
+
(Oxides). ඔක්සිජන් හා වෙනත් මූලද්‍රව්‍යයන් සංයෝජනය වීමෙන් සෑදෙන ද්ව්‍යංගී සංයෝගවලට (binary compounds) ඔක්සයිඩ යන නාමය සාමාන්‍යයෙන් භාවිත වේ (නි. [[ගොනුව:5-434-2.jpg|35px]][[ගොනුව:5-434-3.jpg|100px]]). ලෝහමය මූලද්‍රව්‍ය එකකට වැඩි සංඛ්‍යාවක් සමග ඔක්සිජන් සංයෝජනය වී සෑදෙන සංයෝගයකටත් ඔක්සයිඩය යයි කියනු ලැබේ. මේ ආකාරයෙන් බොහෝ ඛනිජ වර්ග ද්විත්ව ඔක්සයිඩ හෝ බහු-ඔක්සයිඩ හෝ වේ (නි. ක්රෝමයිට් FeCr204, මැග්නීසියො පෙරයිට් MgFe2O4). කාබනික ඛණ්ඩකයක් සමග ඔක්සිජන් සංයෝජනය වී ඔක්සයිඩයක් සෑදෙන්නට පුළුවන. (නි. එතිලීන් ඔක්සයිඩ් C2H4O4). පෘථිවි ජලගෝලයෙහි (hydrosphere) ද ශිලාගෝලයෙහි (lithosphere) ද බොහෝ ඔක්සයිඩ තිබේ. හයිඩ්රජන්වල ඔක්සයිඩයක් වූ ජලයෙන් ජලගෝලය ප්‍රධාන වශයෙන් ම සමන්විතය. සරල ඔක්සයිඩ (නි. හෙමටයිට් Fe2 O3, බෝක්සයිට් Al2 03.2H2O) හෝ සංකීර්ණ ඔක්සයිඩ (නි. ස්පිනල් MgAl2 04 , හිර්සිනයිට් Fe Al2 O4) වූ බොහෝ ඛනිජ වර්ග ශිලාගෝලයෙහි දක්නට ලැබේ. පාංශුවලින් කොටසක් සෑදී ඇත්තේ ඔක්සයිඩවලිනි (නි. සිලිකා SiO2). සිලිකා වූකලි පෘථිවි කබොල්ලේ බෙහෙවින් තිබෙන සංයෝගයකි. ඇතැම් සතුන්ගේ හා ශාකයන්ගේ පටකවලත් එය දක්නට ලැබේ.  
  
 
නිෂ්ක්‍රිය වායු හැර අනික් මූල ද්‍රව්‍ය සියල්ල ම කිසියම් ක්‍රමයකින් හෝ ඔක්සයිඩ සාදයි. බොහෝ ඔක්සයිඩ සෑදෙන්නේ ඔක්සිජන් කෙළින් ම මූලද්‍රව්‍යයන් සමඟ, විශේෂයෙන් ඉහළ උෂ්ණත්වයන්හි දී, සංයෝජනය වීමෙනි (නි. 2Mg+02=2MgO). ඔක්සිජන් අඩංගු ඇතැම් සංයෝග රත් කිරීමෙන් ද ඔක්සයිඩ සාදාගත හැකිය.  
 
නිෂ්ක්‍රිය වායු හැර අනික් මූල ද්‍රව්‍ය සියල්ල ම කිසියම් ක්‍රමයකින් හෝ ඔක්සයිඩ සාදයි. බොහෝ ඔක්සයිඩ සෑදෙන්නේ ඔක්සිජන් කෙළින් ම මූලද්‍රව්‍යයන් සමඟ, විශේෂයෙන් ඉහළ උෂ්ණත්වයන්හි දී, සංයෝජනය වීමෙනි (නි. 2Mg+02=2MgO). ඔක්සිජන් අඩංගු ඇතැම් සංයෝග රත් කිරීමෙන් ද ඔක්සයිඩ සාදාගත හැකිය.  

09:07, 14 ඔක්තෝබර් 2026 තෙක් සංශෝධනය

(Oxides). ඔක්සිජන් හා වෙනත් මූලද්‍රව්‍යයන් සංයෝජනය වීමෙන් සෑදෙන ද්ව්‍යංගී සංයෝගවලට (binary compounds) ඔක්සයිඩ යන නාමය සාමාන්‍යයෙන් භාවිත වේ (නි. 5-434-2.jpg5-434-3.jpg). ලෝහමය මූලද්‍රව්‍ය එකකට වැඩි සංඛ්‍යාවක් සමග ඔක්සිජන් සංයෝජනය වී සෑදෙන සංයෝගයකටත් ඔක්සයිඩය යයි කියනු ලැබේ. මේ ආකාරයෙන් බොහෝ ඛනිජ වර්ග ද්විත්ව ඔක්සයිඩ හෝ බහු-ඔක්සයිඩ හෝ වේ (නි. ක්රෝමයිට් FeCr204, මැග්නීසියො පෙරයිට් MgFe2O4). කාබනික ඛණ්ඩකයක් සමග ඔක්සිජන් සංයෝජනය වී ඔක්සයිඩයක් සෑදෙන්නට පුළුවන. (නි. එතිලීන් ඔක්සයිඩ් C2H4O4). පෘථිවි ජලගෝලයෙහි (hydrosphere) ද ශිලාගෝලයෙහි (lithosphere) ද බොහෝ ඔක්සයිඩ තිබේ. හයිඩ්රජන්වල ඔක්සයිඩයක් වූ ජලයෙන් ජලගෝලය ප්‍රධාන වශයෙන් ම සමන්විතය. සරල ඔක්සයිඩ (නි. හෙමටයිට් Fe2 O3, බෝක්සයිට් Al2 03.2H2O) හෝ සංකීර්ණ ඔක්සයිඩ (නි. ස්පිනල් MgAl2 04 , හිර්සිනයිට් Fe Al2 O4) වූ බොහෝ ඛනිජ වර්ග ශිලාගෝලයෙහි දක්නට ලැබේ. පාංශුවලින් කොටසක් සෑදී ඇත්තේ ඔක්සයිඩවලිනි (නි. සිලිකා SiO2). සිලිකා වූකලි පෘථිවි කබොල්ලේ බෙහෙවින් තිබෙන සංයෝගයකි. ඇතැම් සතුන්ගේ හා ශාකයන්ගේ පටකවලත් එය දක්නට ලැබේ.

නිෂ්ක්‍රිය වායු හැර අනික් මූල ද්‍රව්‍ය සියල්ල ම කිසියම් ක්‍රමයකින් හෝ ඔක්සයිඩ සාදයි. බොහෝ ඔක්සයිඩ සෑදෙන්නේ ඔක්සිජන් කෙළින් ම මූලද්‍රව්‍යයන් සමඟ, විශේෂයෙන් ඉහළ උෂ්ණත්වයන්හි දී, සංයෝජනය වීමෙනි (නි. 2Mg+02=2MgO). ඔක්සිජන් අඩංගු ඇතැම් සංයෝග රත් කිරීමෙන් ද ඔක්සයිඩ සාදාගත හැකිය. 2 Pb (NO2)2 =2 PbO + 4NO2 + 02 Cu (OH)2 =CuO + H2 0. රන් හා ප්ලැටිනම් වැනි උච්ච ලෝහ ඉහළ උෂ්ණත්වයන්හි දී පවා ඔක්සිජන් සමග කෙළින් ම සංයෝජනය නොවේ. එවැනි ලෝහවල ඔක්සයිඩ සාදාගත හැක්කේ ඒවායේ ලවණවලිනි. සංකීර්ණ ද්‍රව්‍යයන්ගේ දහනයෙන් ද ඔක්සයිඩ ලබාගත හැකිය (නි. CH4+202=C02+2H 20). මෙහි දී මීතේන් සාදන මූල ද්‍රව්‍ය දෙක ම ඒවායේ ඔක්සයිඩ බවට පරිවර්තනය වේ. ඔක්සිජන් අඩංගු ද්‍රව්‍යයන් සම්බන්ධ වන වෙනත් ප්‍රතික්‍රියාවලින් ද ඔක්සයිඩ ලබාගත හැකිය. 2H 2 S0 4 + C=280 2 + CO 2 + 2H 2 0. 4HNO2 , + C=C0 2 + 4N02 + 2H2 0. බොහෝ මූලද්‍රව්‍යවලින් ඔක්සයිඩ කිහිපයක් සෑදේ. යකඩවලින් 3ක් සෑදේ: Fe0, Fe2 O3 , Fe2 O4. නයිට්රජන්වලින් 5ක් ලැබේ: N2 0, NO, N2 03, NO2, (N2 04), N 2O3 ආවර්තිතා චක්‍රය (බ.) දෙස බැලුවහොත් අපට පෙනෙන්නේ I කාණ්ඩයේ ඔක්සයිඩවල ආකාරය M 20 බව ද II කාණ්ඩයේ MO බව ද III කාණ්ඩයේ M 203 බව ද IV කාණ්ඩයේ MO2 බව ද යනාදි වශයෙනි. මැග්නීසියම් ඔක්සයිඩය (MgO) වැනි දර්ශීය ලෝහමය ඔක්සයිඩයක් එහි සංඝටක පරමාණුවලින් සෑදීම මෙසේ විස්තර කළ හැකිය. මෙය සෑදීමේ දී එක් එක් මැග්නීසියම් පරමාණුවක් ඔක්සිජන් පරමාණුවකට ඉලෙක්ට්‍රෝන දෙකක් දෙයි. මෙයින් ඇති වන ප්‍රතිඵලය නම් ද්විත්ව ධන ආරෝපණයක් සහිත මැග්නීසියම් අයනයක් (Mg++) ද ද්විත්ව ඍණ ආරෝපණයක් සහිත ඔක්සිජන් අයනයක් (0) ද සෑදීමය. මෙලෙස සෑදුණු අයන දෙක අතර ආකර්ෂණයක් ඇති වී MgO සෑදේ. Mg – 2e- = Mg++

 0 + 2e- =0--

Mg++ +0-- = Mg++0-- හෙවත් Mg0. සාමාන්‍යයෙන් අලෝහවල ඔක්සයිඩ වාෂ්පශීල සංයෝග වේ. මේවායේ සංඝටක පරමාණු සහසංයුජ (covalent) බන්ධනවලින් එකට අල්ලා ගෙන තිබේ. මේ ඔක්සයිඩ සෑදීමේ දී එක පරමාණුවකින් අනික් පරමාණුවකට ඉලෙක්ට්‍රෝන නොදෙයි. C0, සෑදීමේ දී සංයෝජනය වන C පරමාණු හා O පරමාණු ඒවා අතර ඉලෙක්ට්‍රෝන හවුලේ බෙදා ගනිමින් සංයෝජනය වූ පරමාණුවලට පොදු වන ඉලෙක්ට්‍රෝන යුගල සාදයි.

ඔක්සයිඩවල භෞතික ගුණ විවිධය. සාමාන්‍ය උෂ්ණත්වයන්හි දී බොහෝ ඔක්සයිඩ ඝන ද්‍රව්‍යයි. ස්වල්පයක් වායුයි. ඔක්සයිඩවල විශිෂ්ට ගුරුත්ව ද ද්‍රවාංක ද තාපාංක ද බෙහෙවින් වෙනස්ය. බොහෝ ලෝහමය ඔක්සයිඩ ඔක්සිහරණය කළ විට ලෝහය සෑදේ. නි. PbO+C=Pb+ CO. මේ ක්‍රමයෙන් යකඩ, ඊයම් හා සින්ක් ඒවායේ ඔක්සයිඩවලින් නිස්සාරණය කරගනු ලැබේ. නි. Fe 2O3+3C=2Fe+3C0. මේ අවස්ථාවල දී යොදනු ලබන පොදු ඔක්සිහාරකය කෝක් (කාබන්) වේ. ජලයත් සමඟ ඔක්සයිඩ ක්‍රියා කිරීම ඒවායේ වැදගත් රසායනික ගුණයකි. පොටෑසියම්, සෝඩියම් හා කැල්සියම් වැනි ඉතා ක්‍රියාකාරී ලෝහවල ඔක්සයිඩ ජලය සමඟ ප්‍රතික්‍රියා කොට ක්ෂාර නමැති භස්ම සාදයි. නි. Na2 0+H2 0=2NaOH. කොපර් ඔක්සයිඩ් (CuO) හා මැග්නීසියම් ඔක්සයිඩ් (MgO) වැනි අනික් ලෝහමය ඔක්සයිඩ ජලය සමඟ ප්‍රතික්‍රියා නොකරයි. ඒවා අම්ල සමඟ ප්‍රතික්‍රියා කොට ලවණ සාදයි. CuO + 2HC1=CuCl2 + H2 0. Mg 0 + H 2S04= MgSO4 + H 20 කාබන් ඩයොක්සයිඩ් හා සල්පර් ට්රයොක්සයිඩ් වැනි අලෝහවල ඔක්සයිඩ ජලයේ ද්‍රවණය වීමෙන් අම්ල සෑදේ. C02 + H2 O=H2 CO3 SO3 +H2 O= H2 SO4 වෙනස්වනසුලු සංයුජතා ඇති වැනේඩියම් වැනි ලෝහවල ඔක්සයිඩ සමඟ ලෝහමය ඔක්සයිඩ මිශ්‍ර කොටගත් මිශ්‍රණ උත්ප්‍රේරක වශයෙන් ඉතා වැදගත් වේ (උත්ප්‍රේරණය බ.)

ප්‍රධාන වර්ග 8කට ඔක්සයිඩ වර්ග කළ හැකිය: (1) ආම්ලික ඔක්සයිඩ, (2) භාස්මික ඔක්සයිඩ, (3) උදාසීන ඔක්සයිඩ, (4) උභයගුණී ඔක්සයිඩ, (5) සබ්ඔක්සයිඩ, (6) පෙරොක්සයිඩ හා ඩයොක්සයිඩ ඇතුළත් උච්ච ඔක්සයිඩ, (7) මිශ්‍ර හෙවත් සංයුක්ත ඔක්සයිඩ, (8) සංකීර්ණ ඔක්සයිඩ යනුවෙනි.

ආම්ලික ඔක්සයිඩ

මේවා භස්ම සමඟ ක්‍රියාකොට ලවණ සාදයි. 2NaOH + C02=Na2 C02 + H2 0. බොහෝ ආම්ලික ඔක්සයිඩ ජලය සමඟ ප්‍රතික්‍රියා කොට අම්ල සාදයි. P2 O2 + H2 0=2HPO2 නයිට්රජන්, කාබන්, සල්පර් හා පොස්පරස් වැනි අලෝහවල ඔක්සයිඩ මේ වර්ගයට අයත්ය. අලෝහයකින් ඔක්සයිඩ ශ්‍රේණියක් සෑදේ නම් ඔක්සයිඩවල තිබෙන ඔක්සිජන් ප්‍රමාණය වැඩි වන විට ඒවායේ ආම්ලිකත්වය ද වැඩි වේ. නි. S03 වල ආම්ලිකත්වය S02 වල ආම්ලිකත්වයට වඩා වැඩිය. එමෙන් ම N2 03 වල ආම්ලිකත්වය N02 වල ආම්ලිකත්වයට වඩා වැඩිය.

භාස්මික ඔක්සයිඩ

මේවා සියල්ල ම අම්ල සමග හෝ ආම්ලික ඔක්සයිඩ් සමඟ හෝ ක්‍රියා කොට ලවණ සාදයි. MgO + H2 S04 =Mg S04 + H2 0. භාස්මික ඔක්සයිඩ ලෝහවලින් ලැබේ.

උභයගුණී ඔක්සයිඩ

ආම්ලික ඔක්සයිඩ හා භාස්මික ඔක්සයිඩ දෙවර්ගයේ ම ගුණ මේ ඔක්සයිඩවලට ඇත. භස්ම සමඟ ඒවා ආම්ලික ඔක්සයිඩ සේ ක්‍රියා කරයි. අම්ල සමඟ ඒවා හාස්මික ඔක්සයිඩ සේ ක්‍රියා කරයි. Zn0 + 2HCl=ZnCl2 + H2 0. Zn0 + 2NaOH=Na2, Zn0 2 + H2 0. A12,02, ද උභයගුණී ඔක්සයිඩයකි.

උදාසීන ඔක්සයිඩ

අම්ල හෝ භස්ම සෑදීමට මේවා ජලය සමඟ සංයෝජනය නොවේ. මේ ඔක්සයිඩ ප්‍රතික්‍රියා කොට ලවණ නොසාදයි. නි . C0; N2 0

සබ්ඔක්සයිඩ

සාමාන්‍ය ස්ථායී ඔක්සයිඩයක තිබෙන ඔක්සිජන් ප්‍රමාණයට වඩා මේවායේ ඔක්සිජන් ප්‍රමාණය අඩුය. නි. කාබන් සබ්ඔක්සයිඩ් C2 02 ) හා ලෙඩ් සබ්ඔක්සයිඩ් (Pb2,O). ඊයම් හා ලෙඩ් මොනොක්සයිඩයේ මිශ්‍රණයක් වශයෙන් ලෙඩ් සබ්ඔක්සයිඩය දැන් සලකනු ලැබේ.

උච්ච ඔක්සයිඩ

දර්ශීය ඔක්සයිඩයකට වඩා පෙරොක්සයිඩයක හෝ ඩයොක්සයිඩයක ඔක්සිජන් තිබේ. තනුක අම්ල සමඟ පෙරොක්සයිඩයක් ප්‍රතික්‍රියා කරන විට හයිඩ්රජන් පෙරොක්සයිඩ් ලැබේ. Ba02 + H2 S04 = Ba SO4, + H2 02 පෙරොක්සයිඩයක ඔක්සිජන් පරමාණු —0–0— වින්‍යාසය සාදමින් එකට සම්බන්ධ වී තිබේ.

Pb O2 හා Mn02 ඩයොක්සයිඩ වශයෙන් හැඳින්වේ. මේවායේ අණුක ව්‍යූහය සැබෑ පෙරොක්සයිඩයක අණුක ව්‍යූහයට සමාන නොවේ. මේවා තනුක අම්ල සමග ප්‍රතික්‍රියා කිරීමෙන් H2,02 , නොලැබේ. මේවා ප්‍රබල ඔක්සිකාරකයෝය. සාන්ද්‍ර HC1 සමඟ මේවා ප්‍රතික්‍රියා කළ විට ක්ලෝරීන් සෑදේ. Mn02 + 4HC1=Mn Cl2, + C12, + 2H2 ,0.

මිශ්‍ර ඔක්සයිඩ

Pb3 ,04 , Fe3 04 හා Mn304, මිශ්‍ර ඔක්සයිඩවලට නිදසුනි. ඔක්සයිඩ දෙකක සංයෝග වශයෙන් මේවා ක්‍රියා කරයි. Pb304 (රෙඩ් ලෙඩ්) ක්‍රියා කරන්නේ 2Pb O හා Pb02 වල සංයෝගයක් වශයෙනි. රෙඩ් ලෙඩ් නයිට්රික් අම්ලය සමඟ ක්‍රියා කළ විට ලෙඩ් නයිට්රේට් හා ලෙඩ් ඩයොක්සයිඩ් සෑදේ.

Pb3, O4+4HNO3 = 2Pb (NO3)2+Pb O2+2H 20.

මේ ඔක්සයිඩ හා සංකීර්ණ ඔක්සයිඩ අතර ඇතැම් සමානකම් ඇත.

සංකීර්ණ ඔක්සයිඩ

Fe A12 04 , හා Zu Al204 සංකීර්ණ ඔක්සයිඩවලට නිදසුන් සේ සැලකිය හැකිය. මේවා ඔක්සිජන් අයන හා ධන ලෝහමය අයන සාදන සමූහවලින් සමන්විතය.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඔක්සයිඩ&oldid=11852" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි