"අඞ්ගුලිමාල චෛත්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
('අංගුලිමාල තෙරුන් රහත් වූ තැන ආදාහන කළ තැන තුබූ...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
10:32, 1 ජූනි 2023 තෙක් සංශෝධනය
අංගුලිමාල තෙරුන් රහත් වූ තැන ආදාහන කළ තැන තුබූ චෛත්‍ය දෙකක් පාහියන් සිය ගමන් විස්තරයෙහි සඳහන් කර තිබේ. අංගුලිමාලයන් මිථ්‍යාමතය අත්හළ තැන කළ ස්තූපයක් ගැන හියුං සාං ද සඳහන් කරයි. සැවැත් නුවර පුරාවිද්‍යා කටයුතුවල යෙදුණු ජනරාල් කනිංහැම්, ආචාර්ය්ය හෝයි ආදිහු අංගුලිමාල ස්තූපය පිහිටි තැන වශයෙන් හඳුන්වන තැන් කීපයකි. පක්කකුඨටි නම් විශාල ගොඩනැගිල්ල අංගුලිමාල ස්තූපය යයි කනිංහැම් කල්පනා කළේය. ඊට මඳක් දුරින් පිහිටි නටබුන් චෛත්‍යයක් අංගුලිමාල ස්තූපය විය හැකි යැයි හෝයි මහතා අදහස් කරයි.
(සංස්කරණය:1963)